ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ වැඩි වශයෙන් දක්නට ලැබෙන රසවත්ව සකසා ආහාරයට ගත හැකි පලා වර්ගයක් ලෙස අඟුණ කොළ හැදින්විය හැක. එනම් කිරිඅඟුණ හා තිත්ත අඟුණ ලෙස අගුණ කොළ ප්‍රභේද දෙකකි. ශ්‍රී ලංකාවේ පමණක් නොව චීනය,ඔස්ට්‍රේලියාව වැනි රටවල ද බහුලව ඇති අඟුණ වැලක් ලෙස වැඩෙන අතර අඟුණ වැලෙහි ඇතිවන කරල් තුල බීජ හට ගනී. බීජ මගින් ශාක ව්‍යාප්තිය සිදුවේ.
ඉහත සඳහන් කළ කිරි අඟුණ සහ තිත්ත අඟුණ යන දෙවර්ගයම රසයෙන් හා ගුණයෙන් එකිනෙකට සමාන වේ. අඟුණ කොළ මැල්ලුමක් හා සලාදයක් වශයෙන් ද සකසා ගත හැකි අතර අඟුණ කරල් ව්‍යාංජනයක් ලෙස සැකසිය හැක. එමෙන්ම අතීතයේ අත් බෙහෙත් සෑදීමට ද අඟුණකොළ සහ කරල් භාවිතා කර තිබේ. මෙහි පෝෂපදාර්ථ බහුලවන අතර පොස්පරස්, යකඩ, කැල්සියම්, විටමින් ඒ, විටමින් සී තන්තු ආදී පෝෂපදාර්ථ ඒ අතරින් කිහිපයක්වේ.
අඟුණ කොළ ඖෂධීය ලෙස වැදගත් වෙන ආකාරයන් බොහෝය.

ඇදුමට කැස්සට යෝග්‍ය වේ.ඇදුම හා කැස්ස වැනි රෝග වලට කිරිඅඟුණ දළු, පාවට්ටා දළු ,ඔලිඳ දළු සමව ගෙන අමු ඉගුරු කැබැල්ලක් දමා වන්ඩුවේ හුමාලය භාවිතයෙන් තම්බා ලබාගන්නා යුෂ වලට මී පැණි මිශ්‍රකර තේ හැන්දක් බැගින් පානය කිරීමට යෝග්‍ය වේ.
මල බද්ධය සඳහා ගුණදායක වේ.අඟුණකොළ වල තන්තු බහුලව අඩංගු වීම නිසා මල බද්ධය සමනය කරගත හැකිය. ගර්භණී සමයේ ඇති වන මලබද්ධය සමනය කර ගැනීමට අගුණ කොළ ආහාරයට ගැනීම වඩාත් සුදුසුවේ. එමෙන්ම අගුණ කොළ දරු ප්‍රසූතියෙන් පසු මව් කිරි එරීම වර්ධනයට ද උපකාරී වෙයි. මෙමගින් දරුවාගේ බොහොමයක් රෝග සමනය කෙරේ. පණු රෝග, අතීසාරය වැනි රෝග හා උදරගත රෝග සමනය කිරීමට අගුණ කොළ ගුණදායක ඖෂධයකි.
බලු විෂ නැසීමට යොදා ගනී.බල්ලන් සපා කෑ විට විට කිරි අඟුණ කොළ, අමු කහ කැබැල්ලක්, තුඹ කරවිල අලයක් සමග කොටා එහි යුෂ ගෙන රත් කර සපා කෑ ස්ථානයේ ආලේප කිරීම සුදුසුය.
සර්ප දෂ්ටනයට යෝග්‍ය වේ.සර්ප දෂ්ට කිරීම් වලදී කිරි අඟුණ මුල් දෙහි ඇඹුලෙන් අඹරා ආලේප කිරීම යෝග්‍ය වේ.මේ ආකාරයට සත්ව විෂ සඳහා ද අඟුණ භාවිතා කළ හැක.
රක්තහීනතාවය සමනය කිරීමට දායක වේ.රක්තහීනතාව සමනයට කිරීමට අඟුණකොළ වල අඩංගු යකඩ වැඩි දායකත්වයක් සපයනු ලැබේ. එනම් ඉන් රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය වැඩිකර රක්තහීනතාවය සමනය කිරීම සිදුකරනු ලැබේ.
කැඩුම් බිඳුම් වෙදකමට යොදා ගනී.එමෙන්ම අස්ථි වලටද අඟුණ කොළ මගින් ඇත්තේ විශාල දායකත්වයකි. ශරිරයේ කැඩුම් බිඳුම් හා ඉදිමුම සුව කිරීමට අගුණ කොළ, පැපොල් කොළ,සමඟ පොල් මිශ්‍ර කර කොටා ලබාගත් යුෂ වලට පල්මානික්කම්,වද, අසමෝදගම්,කහ,කළුදුරු සම ප්‍රමාණයෙන් ගෙන කුඩු කර දමා මද පවනේ වේලා ලබාගන්නා තෙල් මගින් සම්භාහනය කිරීම සිදුකරනු ලැබේ.

ලිංගික දුර්වලතා සමනය කිරීමට උපකාරී වේ.ලිංගික ශක්තිය වර්ධනය කිරීම මගින් ලිංගික උද්ධීපනය වැඩ කිරීමට, ලිංගික බෙලහීනතාවය නැති කිරීම මගින් දරු ඵල ලබා ගැනීමට අඟුණ කොළ ආහාරයට ගැනීම ගුණදායකවේ. මීට අමතරව
- ඇමීබා වෛරසය සමනයට
- දද, කුෂ්ඨ වැනි සමේ රෝග
- ඇදුම වැනි පෙණහලු ආශ්‍රිත රෝග
- ශරීර ඉදිමුම්
- අක්ෂි රෝග සමනයට මේ ආදී වූ රෝග සමනය කිරීමට අඟුණ කොළ ආහාරයට ගැනීම යෝග්‍ය වේ.
එනම් ආහාර රුචිය වැඩි කරන සලාද ආකාරයට අඟුණ කොළ සම්බෝලයක් සකස් කර ගත හැකිය. එනම් මේ සඳහා අඟුණකොළ මිටක්, ලුණු ස්වල්පයක්, අමු මිරිස් කරල් දෙකක් තුනක් හා උම්බලකඩ ස්වල්පයක් ,ගම්මිරිස් කුඩු ස්වල්පයක් හා පෝල් ස්වල්පයක් ,දෙහි යුෂ ප්‍රමාණවත් ලෙස අවශ්‍ය වේ.එනම් අඟුණකොළයෙහි නටුව කඩා සෝදා පොඩි නොවන සේ සිහින්ව ලියලා ගත යුතුය. පත්‍ර පොඩි නොවීමෙන් තිත්ත රසය අවම කරගත හැකිය. ඉන් පසු සිහින්ව ලියාගත් අඟුණ කොළ වලට කුඩාවට කපාගත් අමු මිරිස්, ලූණු සහ පොල් ,උම්බලකඩ ගම්මිරිස් කුඩු රස පදමට ලුණු ස්වල්පයක් ද එක්කර දෙහි දමා සියල්ල හොඳින් මිශ්‍ර කර සකස් කර ආහාරයට එක් කර ගත හැකිය. කෘතිම ඖෂධ භාවිතා කරන විට අගුණ කොළ ආහාරයට ගැනීමෙන් වලකින්න.