පිළිකාව ඇතුළු රෝග රැසකට විසඳුම් දෙන දිවමය අහු යුෂ පානය ගැන ඔබ නොදත් දේ   

health tips

කහ පැහැයට හුරු සුදු පැහැති පොත්තක් සහිත මීටර් 09 ක් පමණ උසට වැඩෙන කුඩා දේශීය ශාකයක් වන අහු ශාකය “අච්චුක” යන නමින් හඳුන්වනු ලබයි. එනම් පත්‍ර දිලිසෙන සුළු වන අතර සම්මුඛ පිහිටයි. එනම් ඉලිප්සාකාර පත්‍රයක් දිගින් සෙන්ටි මීටර් විස්සක් සහ පළලින් සෙන්ටිමීටර් 12ක් පමණ වේ. පුෂ්ප මංජරියේ හට ගන්නා මල් සුදු පැහැති පෙති පහකින් හෝ හයකින් යුක්ත මල් වේ. ඵලය මාංසල සංයුක්ත කොළ පැහැති ඵලයක් වේ. එනම් ඉදුණු ඵලය ලා කොළ හෝ කහ පැහැයක් ගනු ලබයි. 

ආයුර්වේදය  ඖෂධයක් ලෙස භාවිතා කරන අහු ශාකය  වර්තමානය වන විට විදේස් රටවලද ඖෂධයක් ලෙස යොදා ගනු ලැබේ. 

බොහෝ දෙනෙකු අහු වල පවතින දුර්ගන්ධයට අකැමැති හෙයින් ආහාරයට ගැනීමට අකමැති වුවද අහුවල අඩංගු ඖෂධීය ගුණ දන්නෝ මෙම ගෙඩි යුෂ පානයක් ලෙස සකස් කර භාවිතා කරයි. එනම් අහු යොදාගෙන කරන ලද පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ ඒවායෙහි මිනිස් සිරුරට හිතකර පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු වන බවයි.

විටමින් A  B 1, B 2, B 3,B 5, B 6 ,B12,E

පොටෑසියම් ,කැල්සියම්,පැන්ටොතනික් අම්ලය

ඇස්කෝර්බික් අම්ලය, ප්‍රතිඔක්සිකාරක, ප්‍රතිබැක්ටීරියා, ප්‍රති-දිලීර ආදී ඖෂධීය ගුණයන් ද අඩංගු  අඩංගු වේ. 

එනම් අහු ගෙඩි වල පමණක් නොව මුල් ,කොළ නැටි වලද මෙම පෝෂ්‍ය පදාර්ථ අඩංගු වේ.  

අහු ගෙඩි පානය 

හොඳින් ඉදුනු අහු ගෙඩි කිහිපයක් ගෙන සෝදා පිරිසිදු කර කුඩා කැබැලි වලට කපා ගෙන එයට 

ග්‍රේට් කර ගත් ඉඟුරු කැබැල්ලක් එක් කර සියල්ල බ්ලෙන්ඩරයට දමා හොඳින් අඹරා ගෙන යුෂ වෙන් කර  රසය වැඩි කර ගැනීමට මී පැණි, පලතුරු යුෂ,සීනි එක් කර ශීතකරණය තුළ තබා පානය කරන්න.

අහු වල ඖෂධීය ගුණ 

පිළිකා මර්දනය කරයි.

කරන ලද නවතම පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ අහු ගෙඩි ආහාරයට ගැනීමෙන් හෝ යුෂ පානයක් ලෙස සකස් කර භාවිතා කිරීමෙන් පිළිකා ඇතිවීම වළක්වා ගත හැකි බවයි. එනම් අහු ගෙඩි වල අඩංගු  ප්‍රතිඔක්සිකාරක සහ  ප්‍රතිදේහජනක අක්මා පිළිකා, පෙනහළු පිළිකා වකුගඩු පිළිකා ඇති වීම වළක්වනු ලැබේ.

හෘද රෝග ඇතිවීම වළක්වයි.

හෘද රෝග ඇතිවීම වළක්වා ගැනීමට අහු යුෂ පානය භාවිතා කිරීම යෝග්‍ය වේ. එනම් අහුවල අඩංගු පෝෂ්‍ය පදාර්ථ මාංශපේෂි ලිහිල් කර රුධිර ගමනාගමනය ක්‍රමවත් කර හෘද රෝග ඇතිවීමට හේතුවන අධිරුධිර පීඩනය ඇතිවීම වළක්වනු ලැබේ. එනම් මේ නිසා හෘද රෝගීන්ට අහු යුෂ පානය භාවිතා කිරීම යෝග්‍ය වේ.

රක්ත වාතය සමනය කරයි. 

බොහෝ දෙනකු පීඩාවට පත්වන රක්ත වාතය සමනය කිරීම සඳහා අහුගෙඩි ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් අහු යුෂ පානයක් ලෙස සකස් කර භාවිතා කිරීමෙන් රක්තවාතය මෙන්ම රක්ත වාතය නිසා ඇතිවන රෝග සංකූලතා ද සමනය කර ගත හැකිය. 

මාංශ පේශි වේදනාව සමනය කරයි.

මාංශ පේශිවල ඇතිවන වේදනාවන් සමනය කිරීම සඳහා අහු යුෂ පානය භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වේ. එනම් අහු යුෂ පානයක් ලෙස භාවිතා කිරීම මගින් අහු ගෙඩි වල පවතින විසබීජ නාශක මාංශපේෂි වල  ඇතිවන වේදනාව, කැක්කුම සමනය කිරීම සිදුකරයි.

අක්මා රෝග  සමනය කරයි.

අහු ගෙඩි යුෂ පානය සකස් කර භාවිතා කිරීමෙන් අක්මාවේ විෂ තැන්පත් වීම හා අක්මාවේ ඇතිවන ප්‍රදාහ  තත්ත්වයන් වළක්වා ගත හැකිය. එනම් එම යුෂ පානය කිරීම මගින් අක්මාව නීරෝගීව තබා ගත හැකිය.

දියවැඩියාව පාලනය කරයි.

දෙවන වර්ගයේ දියවැඩියාව ඇති වීම වළක්වා ගැනීමට අහු යුෂ පානය භාවිතා කිරීම යෝග්‍ය වේ. එනම් අහුවල අඩංගු ග්ලයිකෝසිලේටඩ් හීමොග්ලොබින්, සෙරුම් ට්‍රයිග්ලිසරයිඩ සහ අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් පාලනය කරයි. එමෙන්ම අහු යුෂ ඉන්සියුලින් සංවේදීතාව වැඩි කිරීමට සහ ග්ලූකෝස් ප්‍රමාණය වැඩි කිරීම සිදුකරයි. මේ නිසා දියවැඩියාව ඇති නොවේ.

ප්‍රතිශක්තිකරණය ඉහළ නංවයි.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව පවත්වා ගැනීමෙන් නීරෝගී දිවියක් ගත කළ හැකිය. එනම් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවා ගැනීමට අහු යුෂ පානය භාවිතා කිරීම වඩාත් සුදුසු වේ. එනම් ඒවායෙහි අඩංගු පොලිසැකරයිඩ සුදු රුධිරාණුවල ක්‍රියාකාරීත්වය වැඩි කර ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ආසාදන හා වෙනත් බෝවන රෝග ඇති වීම වළක්වනු ලබයි. 

කොලෙස්ටරෝල් පාලනය කරයි.

බොහෝ රෝගයන්ට අත වනන කොලොස්ට්‍රෝල් පාලනය කර ගැනීම සඳහා අහු යුෂ පානය භාවිතා කිරීම ගුණදායකය. එනම් අහු යුෂ පානය කිරීම මගින් ශරීරයේ HDL හෙවත් යහපත් කොලෙස්ටරෝල් මට්ටම වැඩි කර

අහිතකර කොලෙස්ටරෝල් මට්ටම 

හා හෝමොසිස්ටීන් මට්ටම අඩු කර ගත හැකිය. 

මීට අමතරව 

ආතරයිටීස් රෝග සංකූලතා සඳහා 

උදරගත රෝග සුව කිරීම සඳහා 

ස්නායු ආබාධ ඇතිවීම වැළැක්වීම සඳහා 

ශරීර දාහය සමනය කිරීම සඳහා 

මතක  ශක්තිය වර්ධනය කිරීම සඳහා 

අහු යුෂ පානය භාවිතා කිරීම යෝග්‍ය වේ. 

කෙතරම් ඖෂධීය ගුණ අඩංගු වුවද නිදන්ගත රෝග පවතින විට අහු යුෂ පානය භාවිතා කරන්නේ නම් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. එමෙන්ම අහු මාත්‍රාව ඉක්මවා භාවිතා කිරීම මඟින් ද නොයෙක් ආසාත්මිකතාවයන් ඇතිවිය හැකිය.

ඔක්කාරය

වකුගඩු රෝග ඇති විය හැකිය.

හෘද ආතරයිමියා 

මේ නිසා භාවිතා කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කිරීම වඩාත් සුදුසු වේ