අක්කපාන කොළ සම්බෝලේ කෑවොත් බොහෝ දෙනෙක් වද විඳින රෝග රැසකට සුව 

health tips

මුත්‍ර දැවිල්ල ,මුත්‍රා අඩස්සිය, මුත්‍රා ගල්…. ආදී මූත්‍ර රෝග සමනය කිරීමට ආයුර්වේදය තුළ බහුලව භාවිතා කරන ඖෂධයක් ලෙස අක්කපාන හඳුනාගත හැකිය. සිංහලෙන් 

“පහණ බෙය” නමින් හඳුන්වන අක්කපාන සෘජු කඳක් සහිත මීටරයක් පමණ උසට වැඩෙන මාංසල බවින් යුතු ශාකයකි. පත්‍ර සරල මෙන්ම සංයුක්ත වේ. පත්‍ර දාරය දන්තූර හෝ සභංගවේ. පුෂ්ප මංජරියේ හටගන්නා මල් රතු පැහැති වන අතර ඵලය පටලමය වරාවකි. එනම් මෙම ශාකයේ විශේෂත්වය වනුයේ පත්‍ර මගින් ව්‍යාප්තිය සිදු වීමයි. 

Crassulaceae කුලයට අයත් අක්කපාන ශාකය විශේෂ කොට මුත්‍ර රෝග සමනය කිරීම සඳහා ඖෂධයක් ලෙස මෙන්ම තවත් බොහෝ රෝග සමනය කිරීම සඳහා ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. 

ආයුර්වේදයේ සඳහන් වන පරිදි අක්කපාන ගුණයෙන් ලඝු සහ රූක්ෂය. විපාකයෙන් මධුරය, වීර්යයෙන් ශීතය 

අක්කාපාන ශාකයේ  පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු වේ. 

කැල්සියම් සල්ෆේට් 

කැල්සියම් ඔක්සලේට්

පොටෑසියම් 

ඒ අතරින් කිහිපයකි. 

අක්කපාන කොළ සම්බෝලයක් ලෙස සකස්කර හෝ තම්බා පානයක් ලෙස භාවිතා කිරීමෙන් ශරීරයේ බොහෝ රෝග සුව කර ගත හැකිය. 

අතීසාරය සමනය කරයි

ඇස් යට අවපැහැ වීම් සුව කරයි.

බඩ පිපීම බඩ දැවිල්ල සුව කරයි.

හිසකෙස් නීරෝගී කරයි.

උගුර ආශ්‍රිත වේදනාවන් සමනය කරයි.

චර්ම රෝග සමනය කරයි.

අර්ශස් ගෙඩි සමනය කරයි.

ශරීරගත විෂ ඉවත් කරයි.

නහර ගැට ගැසීම සමනය කරයි.

ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සමනය කරයි

කොළරාව සමනය කරයි.

මල බද්ධය සමනය කරයි.

මානසික ආතතිය  සමනය කරයි.

අක්මා රෝග සමනය කරයි

ඇදුම රෝගය සමනය කරයි.

ලේ ගැලීම්   සමනය කරයි.

මුත්‍ර ගල් දියකර හරී

අම්ලපිත්තය සමනය කරයි.

ශරීරගත තැළුම් ඉදිමුම් සමනය කරයි.

පිලිස්සුම් සමනය කරයි.

වන සුව කරයි 

මෙවැනි රෝග ගණනාවකට සුවය සලසා දීම සඳහා ඖෂධයක් ලෙස අක්කපාන ශාකය භාවිතා කළ හැකිය.

අක්කපාන ශාකයේ අත් බෙහෙත් 

නහර ගැට ගැසීම සමනය කරයි.

බඳුනක් ලිප තබා රත් වෙන්නට හැර ඊට එළඟි තෙල් සහ අක්කපාන කොළ එක් කර රත් කර මද උණුසුම්න් නහර ගැට ගැසී ඇති ස්ථානවල ආලේප කර තැබීම හා සම්බාහනය කිරීම මගින්  නහර ගැට ගැසීම සමනය කර ගත හැකිය. 

මුත්‍ර රෝග සමනය කරයි.

අක්කපාන කොළ තම්බා පානය කිරීම, අක්කපාන කොළ සලාදයක් ලෙස සකස් කර ආහාරයට ගැනීම, අක්කපාන කොළ යුෂ පානය කිරීම මගින් මුත්‍ර ගල් දියකර හැර මුත්‍රා අඩස්සිය සුව කර ගත හැකිය. 

හිසකෙස් රෝග නීරෝගී කරයි.

අක්කපාන කොළ යුෂ සමග තල තෙල් මිශ්‍රකර ස්නානය කිරීමට පෙර හිසෙහි ගල්වා සම්බාහනය කර හිස සෝදා හැරීමෙන්

හිස්සොරි, හිසකෙස් ගැලවී යාම,කැඩී යාම වැනි හිසකෙස් සම්බන්ධ රෝග සුව කරගෙන හිසකෙස් නීරෝගී කර ගත හැකිය. 

අම්ල පිත්ත රෝගය සමනය කරයි.

අක්කපාන කොළ නටන උණු වතුරට දමා තම්බා පානය කිරීමෙන් ආම්ලික තාවය සහ බඩ දැවිල්ල සමනය කර ගත හැකිය. 

මානසික ආතතිය සමනය කරයි.

අක්කපාන දලු මිටක් ගෙන උණු වතුරට දමා නිවෙන්නට හැර එම වතුර පානය කිරීමෙන් මානසික ආතතිය පහව යයි. 

අක්මාව නීරෝගී කරයි.

අක්කපාන කොළ තම්බා එම වතුර පානය කිරීමෙන් අක්මාවේ තැන්පත් වූ විෂ ඉවත් කර අක්මාව නීරෝගී කර ගත හැකිය. 

තුවාල සුව කරයි.

අක්කපාන එළඟිතෙලින්  අඹරා තුවාල ඇති තැන් වල ආලේප කිරීම මගින් එම තුවාල 

සුව වේ. 

මව්වරුන්ගේ පියයුරු වේදනාව සමනය කරයි.

අක්කපාන කොළ මිටක් එඬරු තෙල් සමග හොඳින් අඹරා මඳක් රත්කර එම පියයුරු තැවීමෙන් මව්කිරි එරීම නිසා ඇතිවන පියයුරු තද වීම හා එම වේදනාවන් සුව කර ගත හැකිය.