විටමින් C, කැල්සියම් ,කාබෝහයිඩ්‍රේට් , ප්‍රෝටීන් ,පොස්පරස් , රයිබොප්ලෙමින් වැනි පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු කෝවක්කා යනු බොහෝ රෝග සමනය කරන ඖෂයකි.මැලේසියාව, ඉන්දියාව, තායිවානය, ශ්‍රී ලංකාව යන රටවල බහුලව දැකගත හැකි කෝවක්කා ගෙඩි ව්‍යාංජනයක් සලාදයක් පළතුරක් ලෙස ආහාරයට ගත හැකිය.
කෝවක්කා ප්‍රභේද දෙකක් හඳුනාගත හැකිය.
- ග්‍රාම්‍ය
- වන්‍ය
මේ අතුරින් ග්‍රාම්‍ය විශේෂය ආහාර සඳහා ද වන්‍ය විශේෂය ඖෂධ සඳහා ද භාවිතා කරන බව වෛද්‍ය පොත්පත්වල සඳහන් වේ. කෝවක්කා පත්‍රවල දාර සියුම් කටු වැනි කඩතොලු සහිත වන අතර සුදු පැහැති මල් හට ගනු ලැබේ. ඵලය කොළ පැහැති වන අතර ඉදුණු පසු තද රෝස පැහැයක් ගනු ලැබේ. එනම් කෝවක්කා ඖෂධ ලෙස හෝ ආහාර ලෙස භාවිතා කිරීමෙන් බොහෝ රෝග සමනය කර ගත හැකිය.
කෝවක්කාවල ඖෂධීය ගුණයන්

- දියවැඩියාව
- රක්තහීනතාවය
- මුඛ රෝග
- ලාඳුරු
- වණ
- උන
- ඇදුම
- මල බද්ධය
- පෝෂණ ඌනතා
- හන්දිපත් වේදනා
- අර්ශස්
- තුවාල
- ඉදිමුම්
- දද ,කුෂ්ඨ
- ආදී රෝග සඳහා මෙහි පංචාංගයම යොදා ගනී.
- කෝවක්කා ඖෂධීය භාවිතය
- කල් ගතවූ කැස්සට
කල් ගතවූ කැස්ස සමනය කිරීම සඳහා කෝවක්කා ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් කෝවක්කා කොළ මිටක් ගෙන බදුනකට දමා එයට ජලය පත අටක් මිශ්‍ර කර පත එකට සිඳුවා පත භාගය බැගින් දිනපතා උදේ සවස මීපැණි මිශ්‍ර කර පානය කිරීම මගින් කැස්ස සමනය කර ගත හැකිය.
අක්මා රෝගයන්ට කෝවක්කා ව්‍යංජනය සහ මැල්ලුම් ආහාරයට ගැනීමෙන් අක්මා රෝගය ඇති වීම වලක්වා ගත හැකිය.
දියවැඩියාව පාලනය කරයි.කෝවක්කා කොළ යුෂ දිනපතා පානය කිරීමෙන් සීනි මට්ටම පාලනය කර ගත හැකිය. නමුත් සීනි මට්ටම අඩු පුද්ගලයන් කෝවක්කා කොළ හෝ ගෙඩි ආහාරයට නොගත යුතුය.
සම පැහැපත් කරයි. කෝවක්කා ආහාරයට ගැනීම මගින් සම පැහැපත් කර ගත හැකිවේ. එනම් කෝවක්කා වල අඩංගු ප්‍රතිඔක්සිකාරක සමෙහි ඇතිවන අවපැහැය සමනය කර සම පැහැපත් කිරීමට ඉවහල්වේ.
මළබද්ධයට මලපහ පිට කිරීමට අපහසු වීම හෙවත් මලබද්ධය ඇතිවීම වළක්වා ගැනීම සඳහා කෝවක්කා මැල්ලුමක් ලෙස සකස් කර ආහාරයට ගැනීම වඩාත් සුදුසුවේ. එනම් කෝවක්කා කොල වල අඩංගු තන්තු ආහාර හොඳින් ජීර්ණය කර මලපහ පිට කිරීම පහසු කරවනු ලැබේ. මීට අමතරව මලබද්ධය අර්ශස් සමනයටකෝවක්කා ගෙඩි ආහාරයට ගැනීම ද ගුණදායකය.
හොරි දද කුෂ්ඨ රෝග සඳහා කෝවක්කා ගෙඩි වල හෝ පත්‍රවල යුෂ දිනකට දෙවතාව බැගින් සතියක් පමණ ආලේප කිරීම මගින් එම රෝග සුව වේ.

ලාදුරු සහ ස්වාස ප්‍රදාහ රෝගයට කෝවක්කා ගෙඩි සහ කොළ ඖෂධ ලෙස භාවිතා කරනු ලැබේ.
මුඛ දුර්ගන්ධයට කෝවක්කා කොළ යුෂ මගින් කට සේදීමෙන් දුර්ගන්ධය සමනය වේ.
ශරීර වේදනාවන් සඳහා බොහෝ දෙනෙකුට ශරීරගත වේදනා ඇති වන විට ඖෂධයක් ලෙස කෝවක්කා භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා කෝවක්කා මුල් සහ දඬු තළා ලබා ගන්නා යුෂ එම වේදනාවන් ඇති ස්ථානවල ආලේප කිරීම මේ සඳහා වඩාත් සුදුසුවේ.
තුවාල සුව කර ගැනීමට.තුවාල සුව කර ගැනීම සඳහා කෝවක්කා කොළවල යුෂ ආලේප කිරීම ගුණදායකය. යන ආදී බොහෝ රෝග සමනය කිරීමට ඖෂධයක් ලෙස කෝවක්කා ආහාරයට ගැනීම හා ඖෂධයක් ලෙස භාවිතා කිරීම ගුණදායකය.නමුත් දියවැඩියාව සඳහා ප්‍රතිකාර කරන විට වෛද්‍ය උපදෙස් මත භාවිතා කිරීම වඩාත් සුදුසු වේ.