විවහාවී පළමු රැය ගතකිරීමට පෙර එදා මුතුන් මිත්තන් පානය කල වැල් පෙනෙල කැඳ සතු ගුණ 20 ක්

health tips

ඖෂධ වර්ග අතර විශ්ව ආකර්ෂණය දිනාගත් ඖෂධීය වැල් විශේෂයක් ලෙස වැල් පෙනෙල හඳුනාගත හැකිය. එනම් ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක දැකගත හැකි වැල්පෙනල කඩතොලු හැඩැති සම්මුඛ පත්‍ර දරන ආධාරක මත හොඳින් වැඩෙන වැල් විශේෂයකි. එමෙන්ම හටගන්නා මල් ඉතා කුඩා වන අතර ඵලය පිරවූ බැලුමක හැඩයෙන් යුතු වේ. එනම් ඵලය පුපුරා ගිය ගිය විට එහි ඇති බීජ මගින් ප්‍රචාරණය සිදුවේ. 

වැල් පෙනෙල බොහෝ රෝග සමනය කිරීමට භාවිතා කරන බැවින් එය විශ්ව ආකර්ෂණයට ලක්වූ ශාකයක් බව සෘෂිවරුන් සඳහන් කර තිබේ. එමෙන්ම ජෝතිෂ්‍යය වේදීන් සඳහන් කරන්නේ වැල්පෙනල ශාකය දැකීමෙන් හෝ ස්පර්ශ කිරීමෙන් සිකුරු ග්‍රහයාගේ අපල දුරුකර ගත හැකි බවයි. 

කෙසේ නමුත් වැල් පෙනෙල කැඳ පානයක් ලෙස,සම්බෝලයක් ලෙස සකස් කර භාවිතා කළ හැකිය. එනම් වැල් පෙනෙල වල ශරීරයට හිතකර රසායනික සංයෝග රැසක් අඩංගු වේ. වැල්පෙනෙල ශාකයේ අඩංගු රසායනික සංයෝග. Saponin, Quebrachitol and an alkaloida glucoside, resins යන ආදී රසායනික ඒ අතර ප්‍රධාන වේ. මේ නිසා වැල් පෙනෙල සම්බෝලයක් ලෙස හෝ කැඳ පානයක් ලෙස සකස් කර භාවිතා කිරීමෙන් බොහෝ රෝග සුව කර ගත හැකිය. 

වැල් පෙනල කැඳ පානය සකස් කර ගත හැකි ආකාරය. 

අවශ්‍ය ද්‍රව්‍ය 

  • සෝදා පිරිසිදු කර ගත්  වැල් පෙනල කොළ මිටක්
  • වතුර කෝප්ප එකක්
  • කැකුළු සහල් මිටක්
  • ලුණු
  • පොල් කිරි 

පෙනෙල කොළ වලට වතුර ස්වල්පයක් එක් කර හොඳින් කොටා යුෂ වෙන් කර ගන්න. කැකුළු සහල් සෝදා සාමාන්‍ය බතක් ලෙස පිස ගන්න. ඉන් පසුව එයට මිරිකා ගත් පොල් කිරි සහ පෙනෙල කොළ යුෂ රස පදමට ලුණු එක් කර උතුරන විට ලිපෙන් බා මදක් නිවුණු පසු හකුරු සමඟ පානය කරන්න. මෙහි තිත්ත රසය මදක් හෝ අඩු කර ගැනීමට තිබ්බටු කොළ, ගොටුකොළ, මුගුණුවැන්න යොදා ගත හැකිය. මෙසේ කැඳ පානයක් ලෙස සකස් කර භාවිතා කිරීමෙන් බොහෝ රෝග සුව කර ගත හැකිය. එනම් 

  • සම පැහැපත් කිරීමට 
  • චර්ම රෝගයන්ට 
  • මුත්‍රා රෝගයන්ට 
  • පක්ෂගාත රෝගයට 
  • රක්තාතීසාරය සඳහා 
  • ශුක්‍ර ධාතු වැඩීමට 
  • හිසකෙස් වර්ධනය කිරීමට 
  • පණු රෝග සමනයට 
  • උදර වේදනාවට 
  • මලබද්ධය 
  • කාන්තා රෝග 
  • අර්ශස් රෝගය 
  • ආමවාත  සහ සන්ධි ප්‍රදාහයන්ට 
  • සර්ප විෂට, මී විෂට  
  • මාන්දමට 
  • ආදී රෝගයන්ට වැල්පෙනෙල ශාකය ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. 

වැල්පෙනෙල ශාකයේ ඖෂධීය භාවිතය 

අර්ශස් සඳහා අර්ශස් සමනය කිරීමට වැල් පෙනල දලු, රතුලූනු, කොහිල දලු,යන සියල්ලෙන් සමව ගෙන කොටා ලබා ගත් යුෂ පානය කිරීම හෝ එම යුෂ වලින් කැද සකස් කර පානය කිරීම සිදුකරයි. 

අර්ශස් ගෙඩි සඳහා අර්ශස් ගෙඩි සුව කර ගැනීම සඳහා වැල්පෙනල ශාකය ම කොටා එඬරු තෙල් සමග මිශ්‍ර කර අර්ශස් ගෙඩිවල ආලේප කිරීම මගින් එම ගෙඩි සුව කර ගත හැකිය. 

සන්ධි ප්‍රදාහය සදහා සන්ධි ප්‍රදාහය සඳහා  වැල්පෙනෙල ඇට හා කොළ පිරිසුදු පොල්තෙල් සමඟ සිඳුවා එම ස්ථානවල ගැල්වීම යෝග්‍ය වේ. 

සන්ධි ඉදිමුම්, වේදනා සුව කිරීම සඳහා නොයෙක් අස්ථි හා සම්බන්ධ රෝග ඇති වූ විට එනම් ආතරයිටීස්, ඔස්ටියෝ පොරෝසිස් වැනි සන්ධි ආශ්‍රිතව ඇතිවන ඉදමුම්, වේදනා සඳහා වැල්පෙනෙල එඬරු තෙල් සමග අඹරා  සන්ධි ඉදමී ඇති ස්ථානවල ආලේප කිරීම මගින් එම රෝග සුවපත් කර ගත හැකිය. 

මී විෂ නැසීම සඳහා වැල්පෙනල , රතුලූනු, යුෂ සමග දෙහි ඇඹුල් මිශ්‍රකර පානය කිරීමෙන් මෙන්ම එම ස්ථානවල එම ප්‍රලේපය ආලේප කිරීමෙන් විෂ ඉවත්ව යාම සිදුවේ. 

හිසකෙස් වර්ධනය කිරීම සඳහා පෙනෙල කොළ මිටක් පමණ ගෙන රාත්‍රියේ වතුරේ දමා තබා එම දියෙන් ම අඹරා හිස ගල්වා පැයක් පමණ තබා ස්නානය කිරීමෙන් හිසකෙස් වර්ධනය කර ගත හැකිය. මෙවැනි රෝග සුව කර ගැනීමට වැල් පෙනෙල කැඳ පානයක් ලෙස, සම්බෝලයක් ලෙස, ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය.