ශරීරයේ සියලුම විෂ කුබුක් පොතුවලින් ඉවත් කරන සත්කාර 2 ක්

health tips

මිනිසුන් විදියට අපේ මනස වගේම කයත් නොයෙකුත් කරුණු කාරණා නිසා අපවිත්‍ර වෙනවා. කේන්තිය, දුක, ක්‍රෝධය, අපේක්ෂාභංගත්වය කියන කාරණා නිසාවෙන් අපේ මනසේ විෂ ඇති වෙනවා. මානසිකව මේ අපවිත්‍ර වීමම බොහෝ ලෙඩරෝග තත්ත්වයන් කායිකව ඇති කරන්නටත් හේතුවක් වෙනවා. ඒ නිසා මේවා ඉවත් කරගන්නා එක තමයි කළ යුතු හොඳම දේ වෙන්නේ. මනසේ ඇති විෂ ඉවත් කර ගන්නට අපිට ආධ්‍යාත්මික සුවය තියෙනවා. අපි මානසිකව ඇතිවන පීඩාවන් නිසා වගේම අපි ආඝ්‍රාහණය කරන වාතයේ සිට අපි අපේ ශරීරයට ගන්නා සෑම දෙයකින්ම අපේ ශරීරයේ විෂ එකතු වෙනවා. අපේ ශරීරයේ විෂ ඉවත් කර ගන්නට විවිධ ඖෂධීය ක්‍රමවේදයන් පවතිනවා. ඉතින් ඔන්න අද අපි කතා කරන්නේ අපේ ශරීරයේ විෂ ඉවත් කර ගන්නට කළ හැකි සාර්ථකම පිළියමක් පිළිබඳව.

අපි මුලින් සඳහන් කළා වගේ අපි ලබා ගන්නා ආශ්වාස වාතයේ සිටම අපි භාවිතයට ගන්නා සියලුම ද්‍රව්‍ය සහ අනුභව කරන ආහාර ආදිය සියල්ලෙන්ම අපේ ශරීරය තුළ විෂ ගොඩනැගෙනවා. ඒ හැරුණාම අපේ ශරීරයට අවශ්‍ය  කරන පෝෂ්‍ය  පදාර්ථ නැතිවීමේ ප්‍රතිඵලයක් ලෙසත් ශරීරය තුළ විෂ ද්‍රව්‍ය ගොඩනැගෙනවා. මේ විෂ අපේ ශරීරයේ ඇති එක්තරා වැදගත්ම ඉන්ද්‍රියන් 3 ක් වන අක්මාව, වකුගඩු සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් විවිධ ආකාරවලින් හරණයට ලක් කරනු ලබනවා. සාමාන්‍යයෙන් අපි පිට කරන ප්‍රාශ්වාස වාතය, දහදිය මල මුත්‍රා  ඔසප්වීම ආදීය මගින් අපේ ශරීරයේ විෂ පිටකිරීම සිදු කරන්නේ ඉහත සඳහන් කළ ඒ ඉන්ද්‍රියන් සහ පද්ධතිය මගින්. නමුත් මේ ඉන්ද්‍රියවලට කාලයක් තිස්සේ ශරීරයේ විෂ ඉවත් කර ගන්නට නොහැකි වුණොත් අපිට විවිධාකාර ලෙඩරෝග කායික වගේම මානසිකවත් ඇති  වෙනවා.

ශරීර විෂවලින් පෙරී ඇතිවිට පහත  සඳහන් ලක්ෂණ දැක ගන්නට හැකියාව ලැබෙනවා.

  • මනස ව්‍යාකූල වීම 
  • දහවලට අධික නිදිමතක් ඇතිවීම  
  • යමක් සිතන්නට ක්‍රියාත්මක කරන්නට අපහසුවීම 
  • හිසේ බර ගතිය සහ නොපැහැදිලි බව 
  • මාංශපේශී හා සන්ධිවල වේදනාව 
  • මලපහ පිට කිරීමේ අපහසුතාවය 
  • සිරුරේ රතු පැහැ බිබිලි ඇතිවීම 
  • ස්නානය කළත් සිරුරෙන් දුගඳක් හැමීම 
  • බර අසාමන්‍ය  ලෙස වැඩිවීම 
  • රාත්‍රියට නින්ද නොයාම 
  • නියපොතු ඉරිතැලීම 
  • මුඛයෙන් දුගඳ හැමීම 
  • හිසකෙස් ගැලවී යාම 
  • අහේතුකව හිසරදය ඇතිවීම 

මෙවැනි ලක්ෂණ කිහිපයක් ඇතිවිටෙක එය නොසලකා හැරියහොත් එය ඔබේ සෞඛ්‍යයට බරපතල හානියක් ඇති කරන්නට පුළුවන්. ඒ නිසාවෙන් මේ විෂහරණය කරගත යුතු වෙනවා. මේ සඳහා ලබාගත හැකි ස්වභාවික පානයන් වර්ග පවතිනවා. ඒ හැරුණාම තමන් ගනු ලබන ආහාර පුරුදු ආදියත් වෙනස් කර ගනිමින් ව්‍යායාම්වල නිරතවීම මගින් මේ විෂහරණ කාර්ය සිදුකර ගන්නත් පුළුවන්. 

සිරුරේ විෂ ඉතා පහසුවෙන් ඉවත් කරන සුවිශේෂී ආහාර 

  • පොල් සාමාන්‍යයෙන් අපේ ශරීරයේ ගොඩනැගෙන විෂවලින් 60% ක් පමණ පොල් ආහාරයට ගන්නා නිසා සිරුරෙන් ඉවත්ව යනවා.
  • අළු පුහුල් 
  • පේර ගෙඩි හෝ කොළ 
  • අහු ගෙඩි 

මේ අතරේ ඉතා පහසුවෙන් ශරීරයේ ඇති විෂ යටි පතුල් දෙකෙන් ඉවත් කර ගන්නට හැකියාව පවතිනවා.

1. සත්කාරය මේ සඳහා අවශ්‍ය වෙනවා කුඹුක් ගසේ පොතු. කුඹුක් ගස ගැන හැමෝම වගේ අහලා ඇති.වකුගඩු රෝග අඩු කරන්නට ජනතාව ආරක්ෂා කර ගන්නට මේ වටිනා ශාකය සිදුකරන මෙහෙය ඉතාම වටිනවා.   

මේ විෂහරණ කටයුත්ත සඳහා කුඹුක් මුලේ පොත්ත වඩාත් ගුණදායක වෙනවා. නමුත් කඳේ පොත්තත් මේ සඳහා භාවිතා කරන්නට පුළුවන්. ඒ වගේම ලොකු මුලකින් ගන්නා පොත්තකට වඩා ඖෂධීය ගුණයෙන් ඉහළයි අලුත් මුලකින් ගන්නා පොත්ත.

මෙසේ ලබා ගන්නා කුඹුක් පොතු සහ කුඹුක් දළු කොට්ට පොල් (පරණ වුණු පොල් )සමඟ අඹරා ගත යුතුයි. ඉන්පසු වතුර පත 3 එකක් වන ආකාරයට සිදුවා ගත් වතුර ටික බේසමක් වගේ බඳුනට දමාගෙන එයට පාද දෙක (පාදයේ වළලුකර වැසෙන සේ ) විනාඩි 45 ක් පමණ බහාගෙන සිටින්න. එවිට පාදයට එකතු වෙලා ඇති විෂ එමගින් ඉවත් කර දමනවා. මෙය සාමාන්‍යයෙන් සතියක් පමණ සිදු කිරීම සුදුසු වෙනවා.

2. සත්කාරය මෙය සිදුකිරීමට පෙර හිසේ ඔබ භාවිතා කරන තෙල් වර්ගයක් ආලේප කර හොඳින්  සම්බාහනය කරන්න.

මී තෙල් මද රස්නයෙන් සමස්ත ශරීරයේම ආලේප කරන්න.ඉන්පසුව කරද පොතු,  නික පොතු, කුඹුක් පොතු,  මී පොතු සපයා ගන්න. මේ පොතු ගසෙන් ඉවත් කරන ආකාරය අනුව එහි ගුණය වෙනස් වෙනවා. විෂහරණය සඳහා පොතු ගැලවීමේදී ඉහළින් කපා පහලට ඇද ගැලවිය යුතු බවත් මතකයේ තබා ගන්න.

මේ පොතු සියල්ලම හොඳින් අඹරා දනහිසෙන් පහළ කොටසේ තලපයක් සේ ආලේප කරන්න. මේ සඳහා තල තෙල් භාවිතා කරන්න.පසුව එය 2 කින් පමණ පසුව තද ලුණු වතුරෙන් තෙමාගෙන යටි පතුලේ මී තෙල් ආලේප කරගන්න.ඉන්පසු ඒ සියල්ලම ඉවත් කර උදේ 10 ට පෙර ස්නානය කරන්න.

පසුව ඉප්සම් උණු හෝ නිවසේ ඇති ලුණු අඩු කෝප්පයක ප්‍රමාණයක් ගෙන ජලයේ දියකර පාද එහි විනාඩි 45 ක් පමණ පිරිමදිමින් තබා ගන්න. රාත්‍රී  න්න්දට යාමට පෙර අත්ලේ සහ පාදයේ තල තෙල් ආලේප කරන්න. පාදය යටින් කෙසෙල් කොළ දෙකක් තබා මේස් දෙකකින් පාදය ආවරණය කරගෙන නින්දට යන්න. මෙය වාර 8-10 ක් කිසීමෙන් සිරුරේ සියලුම විෂ ඉවත් කර ගන්නට පුළුවන්. 

ඉතින් අපේ හිසේ සිට පාදාන්තය දක්වා නිරන්තරයෙන් පිරී ඇති විෂ අපිව කායික වගේම මානසිකවත් මහත් පීඩාවට පත්වෙනවා. ඒ නිසා  ඒ විෂහරණය කර ගන්නට ඔබටත් මේ පිළියම් අත්හදා බලන්නට හැකියාව පවතිනවා ඔබේ නීරෝගීභාවය උදෙසා.