ආසාත්මිකතා එහෙමත් නැතිනම් ඇලර්ජි හේතුවෙන් ඇතැම් පිරිස් පීඩාවට පත්වේ. ආසාත්මිකතාවයක් යනු ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් බැක්ටීරියා,වෛරස,පරාග හෝ දුහුවිලි අංශු වගේ ආගන්තුක ද්‍රව්‍ය හෝ ආසාත්මිකකාරක වලට එරෙහිව දක්වන අධිප්‍රතික්‍රියාවක් වන අතර එය අසාත්මික නොවන වෙනත් පුද්ගලයින්ට බලපාන්නේ නැත. එනම් එය එම පුද්ගලයාගේ සිරුරේ පමණක් ඇතිවන තත්වයකි.
කාලෙන් කාලෙට ඇතිවිය හැකි (සෘතු වලදි) දිය පීනස (hay fever) හා එක්සිමා දද හා ඇදුම වගේ නිදන්ගත රෝග මතුකරවීමට ද ආසාත්මිකතා බලපෑ හැකියි.ඇතැම් පුද්ගලයින් තුළ මාරාන්තික ආසාත්මිකතා මතුවිය හැකි අතර එය වෛද්‍ය විද්‍යාවේදී anaphylaxis ලෙස හඳුන්වයි.ආහාර විෂවීම්, බෙහෙත් මත්ද්‍රව්‍ය ආසාත්මිකතා හෝ කෘමි දෂ්ඨ කිරීම් වැනි සිද්ධි ඊට බලපෑ හැකියි.ආසාත්මිකකාරකයේ ස්වභාවය හා බලපෑමට ලක්වූ ශරීර ප්‍රදේශය අනුව ආසාත්මිකතා ලක්ෂණ වෙනස්විය හැකියි.වඩාත් පොදු රෝග ලක්ෂණ වන්නේ කිවිසුම් පිටවීම, කැසිල්ල හෝ කැස්සයි. පරාග හෝ දුහුවිලි අංශු වගේ දෑ ආග්‍රහණය වීමෙන් නාසය බරවීම, උගුරේ හා නාසයේ කැසිල්ල ඇතිවීම, හතිය හා කැස්ස ඇතිවිය හැකියි.ඇසට ඇතුළුවීමෙන් ඇස කැසීම, කඳුළු ගැලීම, ඉදිමීම හා රතුවීම සිදුවිය හැකියි.සම බලපෑමට ලක්වීමේදී සමේ කුෂ්ඨ දැමීම,කැසිල්ල හෝ තුවාල බිබිලි ඇතිවීමට ඉඩ ඇත.ආහාර ආසාත්මිකතාවකදී නම් උදර පේශි පෙරළීම් කැක්කුම්,පාචනය, ඔක්කාරය හා වමනය ඇතිවේ. ඖෂධ විෂවීමකදී ද මෙවැනි ලක්ෂණ ඇතිවිය හැකියි.
මෙය ආයුර්වේදයේ සෙම මූලික ගැටලු තත්වයන් යටතට අයත් වේ.දුර්වල ආහාර ජීර්ණය,පෝෂක පරිවෘත්තියේ දුර්වලබව, පාරිසරික ආසාත්මිකකාරක වලට නිරාවරණය වීම ආදි සාධක බලපෑමින් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇතිවන ගැටලු ආබාධයක් ලෙස සැලකේ.ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අධිසංවේදීතාව හේතුවෙන් විවිධාකාරයේ ආසාත්මික රෝග ලක්ෂණ සිරුරේ මතුවේ.
ආසාත්මිකතා වලට ආයුර්වේදයේ ප්‍රතිකාර

‘පාචන’- ආහාර ජීර්ණය උත්තේජනය කිරීම සඳහා ගිතෙල් සමඟ මිශ්‍ර කර ඖෂධ වතුර ලබාදීමයි.
‘ස්නේහපන’-ආමාශ ආන්ත්‍රික මාර්ගය සමනය වීමට හා පෝෂණය වීම සඳහා ප්‍රතිකාරයක් ලෙස ඖෂධීය ගිතෙල් හෝ තෙල් පරිභෝජනයට ලබාදීමයි.ගිතෙල් සමඟ ත්‍රිකටු චූර්ණය ලබාදීම ආසාත්මිකතාවලට හොඳ ප්‍රතිකාරයකි.දින 3-7ක් දක්වා කල් පවතියි.මලපහ බැහැර වීම ක්‍රමවත් වීම,බහිස්‍රාවය වැඩිදියුණු වීම, ව්‍යාකූල බව දුරුවීම, ශරීර ශක්තිය වැඩිවීම වැනි ප්‍රතිලාභ හිමිවෙයි.
‘වමන’-සිරුරේ විෂ අපද්‍රව්‍ය හා සෙම් හා පිත් දෝෂ මුඛය හරහා බැහැර වීමට සැලැස්වීමයි. වමනය කරවීම හරහා රෝගියාගේ ආමාශය පවිත්‍ර වීම සිදුකරයි. සෙම් සොටු බුරුල් වී ඉවත්වී යයි.වාහිනි පැහැදිලි වෙයි.තිප්පිලි, කුකුරුමාන් සමඟ ලුණු කැට හ උණුසුම් වතුර ලබාදීම හරහා ආසාත්මිකතාවෙන් පෙළෙන රෝගියාගේ සිරුරේ අධික සෙම බැහැර වීමට ප්‍රතිකාර ලබාදෙයි. ස්නේහපන ප්‍රතිකාරයෙන් දිනකට පසුව මෙය සිදුකරයි (හොඳ නින්දකට පසු හෝ හොඳින් ආහාර ජීර්ණය වූවාට පසු හෝ හිරු උදාවට පසු).
ආසාත්මිකතාවලට ප්‍රතිකාර කරන ආයුර්වේදිය ඖෂධ
- ආඩතෝඩා– ශ්වසන, රුධිර සංසරණ, ස්නායු හා ආහාර ජීර්ණ පද්ධති ආශ්‍රිත ගැටලු හා රෝග සඳහා ලබාදෙන ප්‍රතිකාර වලදී ලෙස භාවිත වේ.කසාය,කුඩු, තැම්බුම්සාරය හෝ ආලේපනයක් ලෙස සකසා භාවිත කළ හැකියි. කැස්ස, බ්‍රොන්කයිටිස් හා සෙම ආශ්‍රිත ආසාත්මිකතා ලක්ෂණ පාලනයට ගුණදායිය.

- ඉඟුරු- ආහාර ජීර්ණය ප්‍රවර්ධනය කරයි; සෙම හරණය කරමින් සිරුර උත්තේජනය කරයි.සෙම රෝග වලට ප්‍රතිකාරයක් ලෙස ඉඟුරු මී පැණි සමඟ පරිභෝජනය කළ හැකියි.කසාය, පේස්ට් එකක් ලෙස හෝ ඉඟුරු යුෂ ලෙස ලබාගත හැකියි. වාත දෝෂ ආශ්‍රිත ආසාත්මිකතාවන්ට ඉඟු තේ ගුණදායකයි.
- කහ- ප්‍රතිප්‍රදාහක ගුණ මෙන්ම බැක්ටීරියානාශක ගුණ වලින් අනූන නිසා සිරුරට ගුණදායක ඖෂධයකි.ආසාත්මිකතාවකදි මතුවන අපහසුතා ලක්ෂණ සමනය කරයි.කර්කියුමින් වැනි සක්‍රීය සංඝටක අඩංගු නිසා ඇදුම රෝග ලක්ෂණ පාලනය කරයි.වායු මාර්ගයේ ප්‍රදාහය අඩුකරයි.
- වැල්මී- මෙම මුල් වල වමනය ඇතිකරන ගුණ අඩංගුය. සිරුර ප්‍රාණවත් කරන ඖෂධීය ගුණ ද ඇත.ශක්තිජනක ඖෂධයක් ද වේ.රුධිරය පිරිසිදු කරමින් ආමාශයේ හා පෙනහළු තුළ ඇති අධික සෙම ඉවත්කරවයි.කැස්ස, බ්‍රොන්කයිටිස්,ස්වරාලදාහය (‘උගුර බැරැන්ඩිවීම’) හා ආසාත්මිකතා ලක්ෂණයක් වන සෙම්ප්‍රතිශ්‍යාව සමනය කරයි. ආහාර ගැනීමෙන් පසු උණුසුම් වතුර සමඟ ලබාගැනීම ගුණදායිය.
- තිප්පිලි- නිර්වේදනික හා වාතහරණ ගුණාංග වලින් අනූන ඔසුවක් වන අතර කුඩු, තෙල් හෝ තැම්බුම්සාරය ලෙස ලබාගත හැකියි.කැස්ස, බ්‍රොන්කයිටිස් හා ආසාත්මිකතා තත්වයකදි මතුවන සෙම්ප්‍රතිශ්‍යා ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීමට ප්‍රයෝජනවත්ය.
- හෙන්දිරික්කා- කොළ වළ ඖෂධීය ගුණ බහුලයි.ආයුර්වේදයේදී මේවා බොහෝ රෝග වලට ප්‍රතිකාර කිරීමට භාවිත කෙරේ.යුෂ වතුර සමඟ මිශ්‍ර කර භාවිතයට ලබාදෙයි.ආසාත්මික චර්ම රෝග, ඇදුම හා වෙනත් ආසාත්මිකතා ලක්ෂණ වලට ප්‍රතිකාර කරයි.
- ‘සිතෝපලාදී චූර්ණය හා ත්‍රිකටු චූර්ණය ද ආයුර්වේදයේදි ආසාත්මිකතාවන්ට ලබාදෙන ප්‍රතිකාර අතර වේ.
- ඖෂධ භාවිතයට පෙර නිසි ආයුර්වේද වෛද්‍ය උපදෙස් ලබාගන්න.
තවත් උපදෙස් කිහිපයක්

- නැවුම් පලතුරු හා එළවළු පරිභෝජනය කරන්න.
- සීතල වතුර වෙනුවට උණුසුම් වතුර බොන්න. ඊට ලෙමන් යුෂ බිංදු කිහිපයක් එක්කිරීම වඩාත් ගුණදායිය.
- දහවල් කාලයේ බර ආහාර වේලක් ලබාගත්තද රාත්‍රියේදි සැහැල්ලු ආහාරයක් ලබාගැනීමට කටයුතු කරන්න.
- ඔබව පීඩාවට පත්කරන ආසාත්මිකකාරක හඳුනාගනිමින්, හැකිතාක් ඒවාට නිරාවරණය වීමෙන් වැළකී සිටීමට උත්සහ කිරීම වැදගත්ය.
- තිරිඟු හා කිරි නිෂ්පාදන පරිභෝජනයෙන් වළකින්න.