මීට වසර ගණනාවකට පෙර ලෙඩ රෝග පිළිබඳව අද තරම් කතාබහට ලක්වුණේ නැහැ. එදා පැරණි ජනතාව ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවුණා. දීර්ඝායුෂ ලැබුවා.එදා ඔවුන් ඔවුන්ගේ නීරෝගිභාවය රැක ගන්නට ලබාගත යුතු ආහාර පිළිබඳව දැන සිටියා. වස විසෙන් තොර ආහාර ලබා ගත්තා. නමුත් අද බොහෝදෙනා ගත කරන තරගකාරී ජීවන රටාව, ගුණාත්මකබවින් තොර ආහාර අනුභවය ආදිය නිසා දවසින් දවස විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වන ප්‍රමාණය ඉහළ යමින් තියෙනවා. ඒ නිසා විවිධ රූපවාහිනියේ, ගුවන් විදුලියේ, පුවත්පත්වල හෝ සමාජ මාධ්‍යවල පවා ලෙඩ රෝග පිළිබඳව කතාබහට ලක් කෙරෙනවා. ඉතින් නීරෝගී ජාතියක් ගොඩනැගීමේ උදාර පර්මාර්ථය නිසාම අද අපි ඔබට නීරෝගී ජීවිතයක් උදෙසා වටිනා කියන මගපෙන්වීමක් කරන්නටයි මේ සූදානම් වෙන්නේ.
අද සමාජයේ බොහෝදෙනා පීඩා විදින රෝගවලින් සන්ධි ආශ්‍රිතව ඇතිවන රෝග පිළිබඳව අපිට නිතරම අසන්නට ලැබෙනවා. ඒ අතුරින් ආතරයිටීස් කියන රෝගී තත්ත්වය පිළිබඳව ඔබ අසා ඇති. ඇතැම්විට ඔබත් මේ රෝගයෙන් පෙලෙන අයෙක් වෙන්නට පුළුවන්. ආතරයිටීස් රෝගය වර්ග කිහිපයකටම බෙදී යනවා. නමුත් මුල්කාලීනව හඳුනා ගැනීම තුළින් මේ රෝගය ඉතාමත් හොඳින් සුව කර ගන්නට පුළුවන්. නමුත් මුළු ශරීරය පුරාම රුධියත් සමඟ බැදුණොත් එය සුව කරන්නට බැහැ. කළ හැක්කේ එය පාලනය කිරීම පමණයි. ඒ නිසා ආතරයිටීස් රෝගය මුලදීම හැදීගෙන එනවිටයි ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වන්නේ. ඒ නිසා ප්‍රධානම කාරණය වෙන්නේ ආතරයිටීස් රෝගය මුල් අවධියේදීම හඳුනා ගැනීම. නමුත් වසර කිහිපයක් ගතවුණාට පස්සේ යම් අයෙක් ආතරයිටීස් රෝගය නිට්ටාවටම සුව කරගන්නට උත්සාහ කිරීම නිසා ඇතැම්විට රෝගය පාලනය වීම නිසියාකාරයෙන් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා මේ රෝගය ඇඟිලි පුරුකක් පුරුකක් ගානේ ගමන් කරනවා. මුළු ශරීරය පුරාම ව්‍යාප්ත වෙනවා. ඒ වගේම මේ තත්ත්වයේදී යම් කෙනෙක් අධික ලෙස වේදනා නාශක ගන්නේ නම් එයත් ශරීර සෞඛ්‍යයට තර්ජනයක් ඇති කරනවා.
එක්තරා විදියකට මේ ආතරයිටීස් කියන්නේ කාටිලේජවල ඇතිවන ප්‍රතිශක්තිකරණයේ අඩුකමක්. කාටිලේජ අලුත් රුධිරය අරගෙන පරණ රුධිරය පිට කරනවා. අපේ ශරීරයේ අපි ගන්නා ආහාර ජලය, හුස්ම ආදී සියල්ලම නැවත පිට කරනවා වගේ කාටිලේජ මේ ක්‍රියාවලිය සිද්ධ කරනවා. අලුත් රුධිරයේ තියෙන ශක්තිය හීන වීම තුළ කාටිලේජවලට වෙනත් මාධ්‍යක් නැහැ ශක්තිමත්ව නැගී සිටින්නට. ඒ නිසා මේ රෝගයේදී රුධිරයටයි ප්‍රතිකාර කළ යුත්තේ. රුධිරය සකස් වෙන්නේ අපි ගන්නා ආහාර මගින්. ඒ නිසා මේ ආතරයිටීස් රෝගයෙන් වැළකීම ,රෝගය වැළදුණු අයෙකුගේ රෝගය පාලනය හෝ නිට්ටාවට සුව කිරීම ආදී තත්ත්වයන් සියල්ලම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වෙන්නේ ආහාර.
විශේෂයෙන්ම රුධිරයේ තියෙන උෂ්ණත්වය පාලනය කරගත යුතු වෙනවා. ඒ සඳහා උෂ්ණය පාලනය කරන ආහාර රටාවක යොමු විය යුතු වෙනවා. ඒ නිසා මේ රෝගය ඇති වීමේ ලක්ෂණ ඇති බව හැඟෙන්නේ නම් එවැනි උෂ්ණ ආහාරවලින් වැළකිය යුතු වෙනවා.එවැනි ආහාර කිහිපයක් තමයි පහතින් දක්වා ඇත්තේ.

- දෙල් -විශේෂයෙන් දෙල් කියන්නේ ශරීරයේ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයෙකුට විෂ ගෙඩියක් වගේ. ඉතා කුඩා දෙල් කෑල්ලක් ප්‍රමාණවත් වෙනවා පුද්ගලයෙකුගේ ශරීරයේ රුධිරයේ උෂ්ණත්වය ඉහළ නංවන්නට. දෙල් හැරුණාම තක්කාලි, අන්නාසි, මෑ කරල්, වම්බටු, අර්තාපල් මාළු මිරිස්, මිරිස් කොස් ඇට,සැමන්, ඉස්සෝ, දැල්ලෝ, කකුළුවෝ කියන්නෙත් මේ ආතරයිටීස් රෝගීන්ට නුසුදුසු ආහාර.
- තිරිඟු සහ ග්ලූටන්, කිරි හා කිරි ඉෂ්පාදන ආතරයිටීස් රෝගීන්ට නුසුදුසුයි.
- සූරියකාන්ත, කැනෝලා,ඉරිඟු සෝයා බෝංචි ආදී තෙල් වර්ග භාවිතයෙන් ඈත් කළ යුතුයි.
- දොඩම්, නාරං ඇතුළු පැගිරි වර්ගයේ පලතුරු ඇතැම් අයට ආතරයිටීස් රෝගය උත්සන්න කිරීමට හේතු වන නිසා ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.
- නිවිති, කංකුන්, කතුරු මුරුංගා ආදී දිරවීමට අපහසු ආහාර ගැනීම නුසුදුසුයි.
- සම්පූර්ණ පොත්ත සහිත ධාන්‍ය වැඩි වශයෙන් ආහාරයට ගැනීම
- මුහුදු මත්ස්‍යයින් වැඩි වශයෙන් ආහාරයට ගැනීම (ආතරයිටීස් රෝගය නිසා ඇතිවන අපහසුතාවලින් සහනයක් ලබා ගැනීමට උපකාරී වන ඔමේගා 3 හුරුල්ලන්, සැමන් අදී මුහුදු මසුන් තුළ බහුලව අඩංගු වෙනවා.)
- සෝඩියම් අඩංගු ආහාර පරිභෝජනය සීමා කිරීම
- පැකට් කරන ලද බේකරි ආහාර, සුදු බත් හා සෝඩා බීම වර්ග ගැනීම නුසුදුසුයි

- බටර්වලට ආදේශකයක් ලෙස භාවිතා කරන මාජරින් යොදා සකසන කේක්, කුකීස් ආදී ආහාර වර්ගවලින් වැළකීම සුදුසුයි.
- සොසේජස්, අයිස් ක්‍රීම්, සීනි සහිත පලතුරු බීම, පීට්සා ෆ්රෙන්ච් රයිස් ආදී ආහාරවලින් වැළකිය යුතුයි.
- ආතරයිටීස් රෝගීන්ට ඇල්දිය සුදුසු නැහැ. ඒ නිසා උණුදිය භාවිතා කළ යුතුයි. රාත්‍රියේදී ස්නානයෙන් වැළකීම
- නිවැරදි ව්‍යායාම්වල නිරතවිය යුතුයි.
- නමුත් රෝගීයාට ඇද විවේකය අත්‍යවශ්‍යයි. බොහෝ සේ ඇවිදීම වෙහෙසීම සුදුසු නොවෙයි.
- නිදිවැරීම හා නිරාහාරව සිටීමෙන් වැළකීම
- ඇවිදීමේදී සැරයටියක් වැනි යමක් භාවිතා කිරීම
- මස් අධික ලෙස ආහාරයට නොගැනීම
බොහෝදෙනා පීඩා විදින ආතරයිටීස් කියන්නේ වයසට සමඟ ඇතිවන රෝගයක් නොවෙයි. එය වයස අවුරුදු 20 30 අයටත් 20 ට අඩු අයටත් වැළදිය හැකි රෝගී තත්ත්වයක්. ඒ නිසා මේ රෝගය කලින් හඳුනා ගැනීමත් වෛද්‍ය උපදෙස් නිසි ලෙස පිළිපැදීමත් තුළින් සාර්ථකව පාලනය කළහැකි රෝගයක්.