අද ලොකු කුඩා භේදයකින් තොරව බොහෝදෙනෙක් පීඩා විදින රෝගී තත්ත්වයක් තමයි දියවැඩියාව කියන්නේ. ලෝකයේ වැඩිම පිරිසක් පීඩා විදින මේ රෝගය දරුණු තත්ත්වයට පත්වීමෙන් හෘදයාබාධ, වකුගඩු අක්‍රීයවීම්, අන්ධතාවය ඇතිවීම ඇතුළු ශරීරයේ සෑම පද්ධතියකටම සෑම ඉන්ද්‍රියකටම පාහේ හානිදායක තත්ත්වයන් ඇති කරනවා.දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග සෑම එකකටම බලපාන ප්‍රධානම හේතුවක් තමයි පාලනයකින් තොරව අපි ගන්නා ආහාර. මෙහිදී අපි අනුගමනය කරන වැරදි ර පුරුදු ඒ සඳහා බෙහෙවින් හේතු වෙනවා. රුධිරයේ සීනි මට්ටම වැඩිවන ආහාර වර්ග අධික ලෙස ලබා ගැනීමට අද බොහෝදෙනෙක් පෙළඹී සිටිනවා. එහි ප්‍රතිඵලයක් විදියට අද තරුණ තරුණියන් වගේම පොඩි දරුවන් පවා දියවැඩියාවේ ගොදුරු බවට පත්වෙලා. නමුත් එය රෝගයක් වුණත් ඉතාමත් හොඳින් පාලනය කර ගැනීම මගින් සාමාන්‍ය ලෙස ජීවත් වෙන්නට හැකියාව තියෙනවා. ඒ නිසා දියවැඩියාවට හේතුවන රුධිරයේ සීනි සාන්ද්‍රණය ඉතා ඉක්මනින් ඉහළ නංවන ආහාරවලින් වැළකීම ඉතා වැදගත්.

- පැණි රස ගැන්වූ බීම වර්ග දියවැඩියා රෝගය ඇතිවෙන්නට බෙහෙවින් හේතුවන ආහාරයක් වන මේවාට අද බොහෝදෙනෙක් ඇලුම් කරනවා.කාබෝහයිඩ්රේට් බහුල මේ බීම වර්ගවල කාබෝහයිඩ්රේට් සංයුතිය මුළුමනින්ම සීනි වර්ගවලින් පමණක් සමන්විත වීම මෙයට හේතු වී තියෙනවා.සෝඩා අවුන්ස 12 කින් (මිලි ලීටර් 354 ) කාබෝහයිඩ්රේට් ග්‍රෑම් 36 ක් ද, ලෙමනේට් අවුන්ස 12 කින් කාබෝහයිඩ්රේට් ග්‍රෑම් 38 ක් පමණ ද ශරීරයට එකතු වෙනවා. මේ බීම වර්ගවල අඩංගු වෙන ෆ්රුක්ටෝස් රුධිරගත සීනි මට්ටම පාලනය කරන්නට ශරීරයෙන් ස්වාභාවිකවම ශ්‍රාවය වන ඉන්සියුලින් හෝමෝනය ශ්‍රාවය වීම පවා අඩපණ කරනවා. ඒ නිසා රුධිරයේ සීනි මට්ටම දුර්වල වීමෙන් ඉතා පහසුවෙන් දියවැඩියාවේ ගොදුරක් බවට පත් වෙනවා.
- පාන්, පැස්ටා, සුදු කැකුළු බත් මේ ආහාර වර්ග බොහෝදෙනා ආහාරයට ගන්නට කැමති වුණත් එය දියවැඩියා රෝගය උත්සන්න කරන්නට හේතු වෙනවා. දියවැඩියාව ඉතා හොඳින්ම පාලනය කරගෙන ඇත්නම් ඉදහිට එවැනි ආහාර ගන්නට හැකියාව තිබුණත් රෝගය පාලනය කර නැත්නම් මේ ආහාර කෑමට ගැනීම දියවැඩියාව උත්සන්න කරන්නට හේතුවෙනවා.
- ට්‍රාන්ස් මේදය අඩංගු ආහාර ට්‍රාරන්ස් මේදය අඩංගු ආහාර වන්නේ මාගරින් වර්ග, බටර්, රට කජු, කිරි මගින් වෙන්කරගත් යොදය ආශ්‍රිත නිශ්පාදන හා ශීතකළ ආහාර වර්ග.දියවැඩියාව සඳහා මේ ට්‍රාන්ස් මේදය ඍජුවම බලපෑමක් එල්ලන් නොකළත් ඉන්සියුලින් ශ්‍රාවය අඩාල කරන්නටත් ශරීරයේ තැන්පත් කරන ලද මේද මට්ටම ඉහළ නංවන්නටත්, රුධිර නාල ක්‍රියාකාරිත්වය දුර්වල කරන්නටත් මේ ට්‍රාන්ස් මේදය බලපානවා.
- රසකළ කෝපි කෝපි ප්‍රබෝධමත්ව දවස ගත කරන්නටත් බොහෝ ලෙඩරෝගවලින් ආරක්ෂා වී සිටින්නටත් උපකාරී වෙන අපූරු පානයක්. නමුත් කැරමල් හෝ වැනිලා යොදා රසගන්වන ලද හෝ වෙනත් කෝපි ආශ්‍රිත නිෂ්පාදන වන කැපචිනෝ ආදී දේවල් ඉහළ සීනි සාන්ද්‍රණයක් සහිත නිසා දියවැඩියා රෝගීන්ට කොහෙත්වම සුදුසු වෙන්නේ නැහැ.
- පැණි වර්ග සුදු සීනි වගේම පැණි රස දේ බොහොමයකින්ම දියවැඩියා රෝගීන් පරෙස්සම් වන බව ප්‍රසිද්ධ කාරණයක්. නමුත් දුඹුරු සීනි සහ ස්වභාවික සීනි මගින් සකස් කරන පැණි වර්ග, කිතුල් පැණි හා පොල් පැණි ආදීය පවා දියවැඩියා රෝගියෙකුට සුදුසු වෙන්නේ නැහැ. මේ පැණි වර්ග බොහොමයකම අඩංගු සීනි වර්ග සුදු සීනි සාම්පලයකට වඩා බෙහෙවින් ඉහළයි. ඒ වගේම පැණි ආශ්‍රිත නිෂ්පාදන වන හකුරු වැනි ආහාර සීනි මට්ටම ඉහළ දැමීමට බෙහෙවින් හේතු වෙනවා. ඒ නිසා දියවැඩියා රෝගීන් දුඹුරු සීනි සහ පැණි වර්ග ආහාරයට ගැනීමේදී සැලකිලිමත් විය යුතුයි.

- පලතුරු රස ගැන්වූ යෝගට් සාමාන්‍ය යෝගට් දියවැඩියාව වැළදුණු රෝගියෙකුට ඉතාම සුදුසු ආහාරයක් වුණත් පලතුරු රස ගන්වන ලද යෝගට් දියවැඩියාවට අහිතකර වෙනවා. මේ රස ගැන්වූ යෝගට් හෝ මේද රහිත හෝ මේදය අවම කිරි භාවිතයෙන් සකසා රසකාරක යොදා නිපදවන අතර මේ රසකාරක යෙදූ යෝගට් තුළ කාබෝහයිඩ්රේට් සහ සීනි වර්ග බහුලව අඩංගු වෙනවා. ඒ නිසා මේවා දියවැඩියා රෝගියෙකුට කිසිසේත්ම හිතකර වෙන්නේ නැහැ.
- වියළන ලද පලතුරු නැවුම් පලතුරු අපේ ශරීරයට විටමින් සහ ඛනිජ ලවණ ලබාදෙනවා වගේම බොහෝ ලෙස රෝගවලින් අපිව ආරක්ෂා කරනවා. පලතුරු වියළීමේදී පලතුරුවල ඇති ජලය ඉවත් වන නිසා පලතුරුවල අඩංගු වෙන සීනි සාන්ද්‍රණය අතිශයින්ම ඉහළ යාමක් සිදු වෙනවා. ඒ නිසා ඉතා කුඩා වියළන ලද පලතුරු ප්‍රමාණයකින් වැඩි සීනි ප්‍රමාණයක් ශරීරයට එකතු වෙනවා. ඒ නිසා වියලන ලද පලතුරු ආහාරයට ගැනීම බොහෝදුරට සීමා කිරීම දියවැඩියාවෙන් ආරක්ෂා වෙන්නටත් එය හොඳින් පාලනය කරගන්නට උදව් වෙනවා.
- ඇසුරුම් කරන ලද ආහාර සහ කෙටි කෑම මේ ආහාර වර්ග සීමාවක් ඇතුව ගැනීම දියවැඩියාවට ගොදුරු නොවීමට උපකාරී වනවා වගේම දියවැඩියාවෙන් පෙළෙන අයෙකුට එය පාලනයටත් උදව් වෙනවා. ඉතින් රතු සහල් , කුරක්කන් පිටි, ආටා පිටි සහ උදු පිටිවලින් සකස් කරන ලද ආහාර මුංඇට, කඩල ආදී රනිල කුලයේ ශාකත්, කෝරා, නාඩු ආදී තම්බන ලද සහල් සහ පාරම්පරික සහල් වර්ගත් ආහාරයට ගැනීමෙන් රුධිරයේ සීනි මට්ටම යහපත්ව පවත්වා ගන්නට හැකියව ලැබෙනවා.