පුළුස්සපු සුදුළූණු ගෙඩියක් සතියකට වතාවක් ආහාරයට ගැනීමට හේතු 17 ක්

health tips

Allium sativum lin යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන සුදුලූනු රසෝන කුලයට අයත් දිගු ඉතිහාසයක් දරන කුළුබඩුවකි. එනම් සුදුලූනු වල ඉතිහාසය සුර අසුර යුද්ධය දක්වා දිවයන්නක්වේ. එනම් සුදුලූනු හා ගෙතුනු කතා බොහොමයක් පවතී. එනම් සුර අසුර යුද්ධයේදී රාහු අසුරිඳු විසින් අමෘතය පානය කළ අතර එවිට විෂ්ණු රාහුගේ ගෙල සිඳ දැමීය. එවිට ගෙලෙන් වැටුනු අමෘතයෙන් සුදුළූණු හටගත් බව එක් විශ්වාසයකි. එමෙන්මඉන්ද්‍ර දේවියට දරුවකු බලාපොරොත්තුවෙන් අමෘතය පෙවූ අවස්ථාවේ ඇය ඒවා ඔක්කාරය කිරීමෙන් එම ස්ථානයේ සුදුළූණු හටගත් බව තවත් එක් ස විශ්වාසයකි. 

මේ ආකාරයෙන් සුදුලූනු හා ගෙතුනු රසවත් කතාවන් ඉතිහාසයේ සඳහන් වේ. එමෙන්ම ඊජිප්තු වැසියන් බලගතු ද්‍රව්‍යයක් ලෙසද සුදුළූණු භාවිතා කර තිබේ. මීට අමතරව ක්‍රිස්තු පූර්ව 3000 දී පමණ  බැබිලෝනියානුවන් විසින් ඖෂධයක් ලෙස සුදුළූණු භාවිතා කර ඇති බවට සාක්ෂි හමුවේ. එනම් ඔවුන් අවුරුදු සීයක් ජීවත් වීමට හේතු වී ඇත්තේ සුදුලූනු ආහාරයට ගැනීම බව සඳහන් වේ. සුදුලූනු ආහාරයට ගන්නා විට අමුවෙන් ආහාරයට නොගත යුතුය. එනම් ආහාර පිසින විට හෝ පුළුස්සා ආහාරයට ගත යුතුය.  එසේ ආහාරයට ගැනීමෙන් දේහගත රෝග බොහොමයක් සුව කර ගත හැකිය. 

සුදුලූනු වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ රාශියකි. ප්‍රොටීන්,විටමින්,කැල්සියම්,පොටෑසියම්,කාබෝහයිඩ්‍රේට් මෙන්ම වාෂ්පශීලී තෙල් ද ඒ අතර ප්‍රධානවේ. මේ නිසා සුදුලූනු ආහාරයට ගැනීමෙන් බොහෝ රෝග සුව කර ගත හැකිය. 

මල බද්ධය සඳහා ඔසුවක් වේ.බොහෝ දෙනෙකු මලබද්ධය, අර්ශස් වැනි රෝග තත්ත්වයන් නිසා පීඩාවට පත්ව සිටී. මෙම රෝග සමනය කර ගැනීමට ඖෂධයක් ලෙස සුදුලූනු ආහාරයට ගත හැකිය. එනම් සුදුලූනු ආහාර පිසින විට එක් කර ගැනීමෙන් එම රෝගය හා එම රෝගය නිසා ඇතිවන රෝග සංකූලතා ද සමනය කර ගත හැකිය. 

කොලෙස්ටරෝල් පාලනය කිරීමට හේතුවේ.රුධිරගත අහිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම නිසා බොහෝ දෙනෙකු නොයෙක් රෝග තත්වයන්ට ගොදුරුවී සිටී. එනම් එවැනි රෝග ඇතිවීම වලක්වා ගැනීමට මෙන්ම කොලෙස්ටරෝල් පාලනය කර ගැනීමට ඖෂධයක් ලෙස දිනකට  සුදුලූනු බික් තුනක් පමණ ආහාරයට ගැනීම යෝග්‍ය වේ. 

හදවතට හිතකර වේ.හෘද රෝග ඇතිවීම වලක්වා ගැනීමට සුදුලූනු ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් සුදුලූනු වල අඩංගු පොටෑසියම් මගින් රුධිර නාල හැකිලීම වළක්වා රුධිර නාල විස්තාරණය කර ක්‍රමවත්ව හෘදයට රුධිරය සැපයීම සිදුකරයි. එනම් මෙමගින් අධිරුධිර පීඩනය ඇතිවීම පාලනය වේ. එමෙන්ම හෘද රෝග ඇතිවීම ද වලක්වා ගත හැකිය.  එනම් ආහාර පිසින විට සුදුලූනු එක් කර ගැනීම මෙන්ම සුදුලූනු සහ උළුහාල් යන දෙවර්ගයම ආහාරයට ගැනීම මේ සඳහා වඩාත් යෝග්‍ය වේ. 

ආහාර රුචිය වැඩි කිරීමට හේතුවේ. බොහෝ දෙනෙකුට පවතින ආහාර අරුචිය ඇති වීම වළක්වා ආහාර රුචිය වැඩි කරගැනීමට සුදුලූනු ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් සුදුලූනු ආහාරයට ගැනීමෙන් ආහාර ජීර්ණය ක්‍රමවත් කරගත හැකිය. එමෙන්ම දිරවීමට අපහසු ආහාර  පිසින විට සුදුලූනු එක්කර ගැනීමෙන් දිරවීම පහසු කරගත හැකිය. මේ සඳහා සුදුලුනු ආහාර පිසින විට එක් කර ගැනීමට අමතරව සුදුළූණු තම්බා පානය කිරීම හා සුදුලූනු පුළුස්සා ආහාරයට ගැනීම යෝග්‍ය වේ. 

දියවැඩියාව පාලනය කරන ඖෂධයක් වේ. රුධිර ගත සීනි මට්ටම ඉහල යාම හෙවත් දියවැඩියාව ඇති වීම පාලනය කර ගැනීමට සුදුලූනු ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් මේ සඳහා සුදුලූනු බික් කිහිපයක් මී පැණිවල බහා තබා ආහාරයට ගැනීම යෝග්‍ය වේ. 

ආමාශ රෝග සමනය කිරීමට හේතුවේ. ඈත අතීතයේ සිටම ආමාශගත රෝග එනම් බඩ පිපුම ,ආහාර නොදිරවීම ආදී ගැටලු සමනය කර ගැනීම සඳහා සුදුලූනු ආහාරයට ගෙන තිබේ.  එනම් සුදුලූනු වල ලුණු රස හැරුණු කොට අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ සියල්ලක්ම අඩංගුවේ. එනම්  උදරගත රෝග සියල්ලම සමනය කිරීමට සුදුලූනු ඖෂධයක් ලෙස යොදා ගත හැකිය. මීට අමතරව 

  • ගර්භාෂය උත්තේජනය කිරීමට 
  • පිළිකා මර්දනය කිරීමට 
  • ලිංගික බෙලහීනතාවය සමනය කිරීමට 
  • බැක්ටීරියා දිලීර ආසාදන ඇතිවීම වැළැක්වීමට 
  • පණු රෝග සුව කිරීමට 
  • බැක්ටීරියා හා දිලීර නාශනය කිරීමට 
  • ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීමට 
  • උණ සුව කිරීමට 
  • පෙණහලු ආශ්‍රිත රෝග සුව කිරීමට 
  • හිසකෙස් වර්ධනය කිරීමට 

මේ ආදී රෝග සමනය කිරීමට සුදුලූනු ආහාර පිසින විට,තම්බා හෝ පුළුස්සා ආහාරයට ගැනීම ගුණදායකය