Liliaceae කුලයට අයත් Alo Indica නමැති උද්භිත නාමයෙන් හඳුන්වන කෝමාරිකා යනු ඈත අතීතයේ සිටම රෝග ගණනාවක් සුව කිරීම සඳහා භාවිතා කළ ඖෂධීය ශාකයකි. කොමාරිකා ශාකයේ නිජබිම උතුරු අප්‍රිකාව වන අතර අරාබියේ කාන්තාර ප්‍රදේශවල මෙන්ම ශ්‍රි ලංකාවේ යාපනය, කල්පිටිය, මන්නාරම සහ කන්කසන්තුරේ ආදී ඕනෑම ප්‍රදේශයක කොමාරිකා පහසුවෙන් වගා කළ හැකිය. බහුලව කාන්තා රෝගවලට මෙය ඹෟෂධයක් ලෙස භාවිතා කරන බැවින් කුමාරි,ගෘහ කන්‍යා,කන්‍යා,සෘතු කුමාරි,කුමාරිකා වැනි ස්ත්‍රී නම් වලින් හඳුන්වනු ලබයි.
අඩියක්,අඩි දෙකක් පමණ උසට පදුරක් ලෙස වැඩෙන කෝමාරිකා ශාකයේ පත්‍ර මාංසල ස්වාභාවයකින් යුතු වේ. ශාක කඳ කෙටි වන අතර පත්‍ර කඳ පාමුල ගොනු වී තිබේ. කඳ මඳක් දික් වූ විට පත්‍ර පිහිටීම තරමක් ඈත් විය හැකිය. එම පත්‍ර දිගැටි පත්‍ර වන අතර පත්‍රවල තියුණු නොවන කටු දැකගත හැකිය. වියළි කාලය තුළ හටගන්නා නාලාකාර මල් තැඹිලි පැහැයෙන් යුක්ත වේ. ශාකයේ පවතින මොටි මගින් ව්‍යාප්තිය සිදු කරගත හැකිය.
එනම් රසෝත කුලයට අයත් ශාකයක් වන කෝමාරිකා වර්ග කිහිපයක් හඳුනාගත හැකිය. නමුත් ඖෂධ සඳහා යොදා ගනු ලබන්නේ කොළ පැහැති සුදු ලප සහිත පළල් මාංසල පත්‍ර සහිත කෝමාරිකා වර්ගය යි.
මෙම පත්‍ර ඖෂධයක් ලෙස මෙන්ම ආහාරයක් ලෙසද භාවිතා කළ හැකිය. වර්තමානය වන විට සුවඳ විලවුන් වර්ග, ක්‍රීම් වර්ග හා ඖෂධ වර්ග නිෂ්පාදනය කිරීම සඳහා කෝමාරිකා ශාකය බහුලව භාවිතා කරනු ලැබේ.
කොමාරිකා ඖෂධයක් ලෙස භාවිතා කිරීමෙන් බොහෝ රෝග සමනය කර ගත හැකිය.

- අක්මාවේ ක්‍රියාකාරීත්වය වැඩි කර අක්මාව ආරක්ෂා කරයි.
- වා, පිත්, සෙම් කිපීම නිසා ඇතිවන රෝග සමනය කරයි.
- ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්ත නිසා තරුණ බව ආරක්ෂා කරයි.
- වයසට යෑම නිසා ඇතිවන සමේ එල්ලා වැටීම් ළප කැලැල් සමනය කරයි.
- මූත්‍රා දැවිල්ල සුවපත් කරයි.
- අම්ල පිත්ත රෝගය සමනය කරයි.
- පෝෂණ ඌණතා සම්පූර්ණ කරයි.
- මලබද්ධය සුව කරයි.
- කාන්තාවන්ගේ ගර්භාශගත රෝග සමනය කරයි.
- ගර්භාශ ගත උෂ්ණත්වය දුරු කර ගර්භාෂය සිසිල් කරයි.
- ආර්තව වේදනා සමනය කරයි.
- සම පැහැපත් කරයි.
- හිසකෙස් වර්ධනය කරයි.
- මුඛ රෝග සමනය කරයි.
- හෘද රෝග ඇතිවීම වළක්වයි.
- අධිරුධිර පීඩනය ඇතිවීම වළක්වයි
- දියවැඩියාව පාලනය කරයි.
කෝමාරිකා ඖෂධීය ගුණ භාවිතය.
මුඛරෝග සදහා මුඛයේ ඇතිවන උෂ්ණ බිබිලි, තොල් පැළීම මෙන්ම විදුරුමස් රෝග දන්ත රෝග සුවකර ගැනීම සඳහා කෝමාරිකා යුෂ භාවිතා කළ හැකිය. එනම් කොමාරිකා වල පවතින ප්‍රතිබැක්ටීරියා විනාශ කිරීමේ ගුණය සියලු මුඛ රෝග සමනය කර මුඛ සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීමට උපකාරී වේ.
සමේ ලප කැළැල් සමනය කරයි. කෝමාරිකා මද වැස්ලීන් සමඟ මිශ්‍ර කර ආලේප කිරීමෙන් ලප කැළැල් සුව වේ.
ආහාර ජීර්ණය ක්‍රමවත් කරයි.ආහාර ජීර්ණය ක්‍රමවත් කර ගැනීම සඳහා කෝමාරිකා ආහාරයට ගැනීම යෝග්‍ය වේ. මේ සඳහා කෝමාරිකා මදය සූරා ආහාරයට ගන්නේ නම් එමගින් ආහාර ජීර්ණය ක්‍රමවත් කර ගත හැකිය. එනම් කොමාරිකා වල අඩංගු තන්තු සහ ජලය ආහාර හොඳින් ජීර්ණය කර ආහාර ජීර්ණය නොවීම හේතුවෙන් ඇතිවන මලබද්ධය ආම්ලිකතාවය සමනය කර ගත හැකිය.
ශරීර බර අඩුකරයි.බොහෝ දෙනකු පීඩාවට පත්කරන ශරීර බර පාලනය කර ගැනීම සඳහා කෝමාරිකා භාවිතා කළ හැකිය. එනම් කෝමාරිකා ආහාරයට ගැනීමෙන් ශරීර පරිවෘත්තීය ක්‍රියාවලිය ක්‍රමවත් වී මේදය දහනය වීම සිදුවේ. එනම් ඉන් උත්සාහයකින් තොරවම ශරීර බර පාලනය කර ගත හැකිය.
ශරීරගත විෂ ඉවත් කරයි.ශරීරයේ තැන්පත් වූ විෂ ඉවත් කර ගැනීම සඳහා කෝමාරිකා භාවිතා කළ හැකිය. එනම් කොමාරිකා වල අඩංගු ප්‍රතිඔක්සිකාරක ශරීරයේ පවතින මුක්ත ඛණ්ඩ විනාශ කර ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර පිළිකා වැනි රෝග තත්ත්වයන් ඇති වීම වළක්වනු ලබයි.
හිසකෙස් නීරෝගී කරයි.හිසකෙස් නීරෝගි කර ගැනීම සඳහා කෝමාරිකා හිසෙහි ආලේප කිරීම යෝග්‍ය වේ. එනම් මෙමගින් හිස්හොරි ඇතිවීම හිසකෙස් කැඩීයාම හිසකෙස් වල දුරු වර්ණය මෙන්ම හිසකෙස් වල වියළි ගතිය දුරු කර හිසකෙස් නීරෝගි කර ගත හැකිය.
අක්ෂි රෝග සමනය කරයි.ඇස් දැවිල්ල, කබ ගැලීම ආදී ඇස් රෝග සඳහා අරළු කුඩු, සූකිරි, මීපැණි, කෝමාරිකා මද, සමව ගෙන හොඳින් මිශ්ර කර ඇස් මත ටික වේලාවක් ආලේප කර තැබීම.

කොලෙස්ට්‍රෝල් අඩු කරයි.කොලෙස්ට්‍රෝල් පාලනය කර ගැනීම සඳහා කෝමාරිකා භාවිතා කිරීම යෝග්‍ය වේ. එනම් කෝමාරිකා වල අඩංගු ස්ටිරියෝල් මගින් අහිතකර කොලෙස්ට්‍රෝල් මට්ටම පාලනය කිරීම සිදුකරයි.
දියවැඩියාව අඩු කිරීමට හේතුවේ.මාස කිහිපයක් කෝමාරිකා යුෂ පානය කිරීමෙන් රුධිරගත සීනි මට්ටම පාලනය කර ගත හැකිය.
සම පැහැපත් කරයි.සමෙහි පවතින කුරුලෑ ලප කැළැල් පිළිස්සුම් අඳුරු පැහැයෙන් සමනය කරගෙන සම පැහැපත් කර ගැනීමට කෝමාරිකා භාවිතා කිරීම වඩාත් සුදුසු වේ. එනම් කෝමාරිකා පත්‍රවලින් ලබා ගන්නා යුෂ වල 99% ජලය සහ 1% ක් අත්‍යාවශ්‍ය විටමින් හා ඛනිජ ලවණ අඩංගු වේ. මේ නිසා සමට වඩාත් හිතකර වේ. ආහාරයක් ලෙස ගැනීමට අමතරව බාහිරව සහ මත මෙම යුෂ ගල්වා සම්බාහනය කිරීමෙන් සමෙහි පවතින කුරුලෑ ,ලප කැළැල් අඳුරු පැහැ ඉවත් කර සම පැහැපත් කර ගත හැකිය. එමෙන්ම සමෙහි විජලනය දුරු කර සම සජලීයව තබා ගත හැකිය.
මේ ආදී වූ බොහෝ රෝග සමනය කිරීම සඳහා ඖෂධයක් ලෙස කොමාරිකා භාවිතා කළ හැකිය.