සෑම නිවසකම ගෙවත්තේ තිබිය යුතු ඖෂධීය වටිනාකමින් ඉතා ඉහළ අගයක් ගන්නා ශාකයක් ලෙස කෝමාරිකා හදුනා ගත හැකිය. කෝමාරිකා රූපලාවණ්‍යය කටයුතු සදහා මෙන්ම ඖෂධ සදහා බහුලව භාවිත කරනු ලැබේ. ආර්ථිකමය වශයෙන් බෝහෝමයක් ප්‍රයෝජන ඇති සාමාන්‍ය පාංශු තත්වයන් මත වුවද කොමාරිකා වගා කළ හැකිය. ඇමරිකාව, ඉන්දියාව ,පාකිස්තානය ,ශ්‍රී ලංකාව වැනි උෂ්ණ කලාපයේ රටවල ඉතා හොඳින් වැවෙන කොමාරිකා නිවෙස් වල අලංකාරය සදහා ද වගා කරනු ලැබේ.
කුමාරි, ගෘහ කන්‍යා ,කුමාරිකා, ඍතු කුමාරි යන නම් වලින් ද කෝමරිකා හදුන්වනු ලබන කොමාරිකා වල මිනිස් ශරීරයට අවශ්‍ය ඇමයිනෝ අම්ල 22න් 20 ක්ම අඩංගුවේ. ප්‍රෝටීන් බහුලව පවතින මෙම ශාකය පිළිකා නාශකයක් ලෙස ද භාවිතා කළ හැකිය. කොමාරිකා වල විටමින් A ,විටමින් C,විටමින් E,
විටමින් D,Folic හා Niacin අම්ල ,කොපර් මැග්නීසියම්,කැල්සියම්,පොටෑසියම්,සින්ක්,යකඩ යනාදී බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් කෝමාරිකා වල අඩංගුවේ. මේ නිසා මස් මාංශ අනුභවයෙන් තොර පුද්ගලයන් සදහා ද ආහාරයක් ලෙස ද කෝමරිකා ආහාරයට ගැනීම ගුණදායකය.
කෝමාරිකා ශාකයේ ඖෂධීය ගුණ භාවිතය.

- ආහාර මාර්ගය හොඳින් පිරිසිදු කර කුසගිනි වඩවයි.උදෑසන හිස්බඩ කෝමාරිකා යුෂ ලුණු ස්වල්පයක් සමග මිශ්‍ර කර පානය කිරීම මගින් ආහාර මාර්ගය හොඳින් පිරිසිදු කරගෙන පණු රෝගයන් ද සුවපත් කර ගත හැකිය.
- ශරීරයේ සෛල ශක්තිමත් කරයි.කෝමාරිකා ආහාරයට ගැනීමෙන් රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය වැඩි වී ශරීරයේ සෛල ශක්තිමත් කර ගත හැකිය.
- පෙනහළුගත රෝග සදහා ඔසුවක් වේ .එනම් මේ සදහා අමුකහ කෝමාරිකා මද සමග හොඳින් අඹරා බෙල්ලේ සහ හිසෙහි ආලේප කිරීම යෝග්‍යය වේ.
- කල් පවතින කැස්ස සුවපත් කරයි.එනම් මේ සඳහා කෝමාරිකා මද තේ හැදි 1ක්, මී පැණි තේ හැදි එකක් වියළි ඉගුරු තේ හැදි කාලක් ,ගම්මිරිස් කුඩු තේ හැදි එකක් හොඳින් අඹරා මද වශයෙන් ආහාරයට ගැනීමෙන් කැස්ස සුව කර ගත හැකිය.
- හිසකෙස් වර්ධනය කරයි.ගොඩපර තම්බා ගත් වතුරට කෝමාරිකා මදය මිශ්‍ර කර හොඳින් හිසෙහි ආලේප කර මද වේලාවක් ගිය පසු සෝදා හැරීම මගින් හිසකෙස් වර්ධනය කර ගත හැකිය.
- සමෙහි පැහැය වර්ධනය කරයි .කෝමාරිකා යුෂ මුහුණේ ආලේප කර විනාඩි දහයක් පමණ ගත වූ පසු මද උණුසුම් ජලයෙන් සෝදා හැරීම මගින් සම පැහැපත් කර ගත හැකිය.
- සම රැලි වැටීම නවත්වයි.වයසට යාමේදී සම රැලි වැටීම සාමාන්‍ය දෙයක් වේ. එහෙත් කෝමාරිකා භාවිතයෙන් එය වළක්වා ගත හැකිය.
- කෝමාරිකා කෑල්ලක් ගෙන එය දෙකට පලා සාරය වැඩි කැබැල්ල මුහුණේ හොඳින් ආලේප කර විනාඩි විස්සක් පමණ තබා සෝදා හැරීම මගින් සම රැලි වැටීම වළකවා ගත හැකිය.
- ඇස් දැවිල්ල සුවපත් කරයි .අරළු කුඩු , සූකිරි ,මී පැණි , කෝමාරිකා මද සමාන ප්‍රමාණයන්ගෙන් ගෙන හොඳින් මිශ්‍ර කර පසුව ඇස් මත ටික වේලාවක් තබා සෝදා හැරීම මගින් ඇස් දැවිල්ල සමනය කර ගත හැකිය.
- සමේ ලප කැලැල් නැති කරයි.කෝමාරිකා මද වැස්ලීන් සමග මිශ්‍ර කර ආලේප කිරීමෙන් සමෙහි හටගන්නා ලප කැළැල් නැති කර ගත හැකිය.
- අම්ලපිත්ත රෝගය ( ගැස්ට්‍රයිටිස් ) සදහා ඔසුවක් වේ .ගෑස්ට්‍රයිටීස් සදහා කෝමාරිකා භාවිතයෙන් සකස් කර ගත හැකි අත් බෙහෙත් කිහිපයක්ම පවතී .

- මද උණුසුම් වතුර වීදුරුවක් ගෙන කෝමාරිකා යුෂ හැදි දෙකක් සහ මී පැණි හැදි දෙකක් හොඳින් මිශ්‍ර කර එය පානය කිරීම.
- මුරුංගා කොළ මිටක් පමණ ඇල් වතුරෙන් අඹරා මුදවපු කිරි හෝ යෝගට් කෝමාරිකා සමග මිශ්‍ර කර උදෑසන හිස්බඩ ආහාරයට ගැනීම.
- හා කෝමාරිකා මද කිහිපයක් දිනපතා උදෑසන ආහාරයට ගැනීමෙන් ද ගෑස්ට්‍රයිටීස් රෝගයට සුවයක් ලබා ගත හැකිය .
- කෝමාරිකා යුෂ ,පුහුල් මද ,මී පැණි එක් කර දිනපතා ගෑස්ට්‍රයිටීස් සුවපත් වන තෙක් ආහාරයට ගැනීමද වඩාත් සුදුසුවේ.
- සීරෝසිස් රෝගීන්ට ඔසුවක් වේ .මුං ඇට තම්බන ලද වතුරට කෝමාරිකා මද මිශ්‍ර කර පානය කරන්න .මෙහිදී මතක තබා ගත යුතු සුවිශේෂී කරුණක් වන්නේ මේ සදහා ලුණු මිශ්‍ර කිරීමෙන් වැළකී සිටීමයි.
- ආතරයිටීස් සදහා භාවිත කරනු ලැබේ .කෝමාරිකා මද ගිතෙල් සමග ආහාරයට ගැනීමෙන් මේ සදහා සහනයක් ලබා ගත හැකිය .
- විදුරුමස්වලින් ලේ ගැලීම නවතා දමයි .කෝමාරිකා යුෂ මේස හැදි දෙකක් ,මින්චි කොළ තුනක් ,බේකින් සෝඩා තේ හැදි එකහමාරක් ගෙන හොඳින් බ්ලෙන්ඩර් කර එම දියරය දිනපතා දත් මැදීම සදහා භාවිත කිරීම මගින් විදුරුමස්වලින් ලේ ගැලීම සමනය කරගත හැකිය.
- අලුතින් ඇතිවන තුවාල සුවපත් කරයි . තුවාලයක් අලුතින් ඇති වූ විට කෝමාරිකා කොළයක් ගෙන දෙකට පලා එක් පලුවක් තුවාලයෙන් තබා සිලි කොළයකින් ඔතන්න . තුවාල වූ ස්ථානයන්හි නැවත සෛල ඉක්මනින් වර්ධනය කර තුවාලය ඉක්මනින් සුවපත් කිරීමට කෝමාරිකා සතුව සුවිශේෂී ගුණයක් උපකාරීවේ.

- පිලිස්සුණු තුවාල සදහා ද කෝමාරිකා යුෂ ආලේප කරනු ලැබේ.කෝමාරිකා ඖෂධයක් ලෙස බහුලව භාවිත කරන්නා සේම රූපලාවණ්‍යය කටයුතු සදහා ද විශාල වශයෙන් භාවිත කරනු ලැබේ .
- කෝමාරිකා යනූ අතීතයේ සිටම රාජ කුමරියන් පවා තම සුන්දරත්වය පවත්වා ගෙන යාමට භාවිත කරන ලද ශාකයක්වේ. වර්තමානයේ ද කෝමාරිකා භාවිතයෙන් විවිධ රූපලාවණ්‍යය ද්‍රව්‍ය අපට සාදා ගත හැකිය .
- ක්ලෙන්සර් ,ස්ක්‍රබ් ,මොයිස්චරයිසර් ,ටෝනර් යනාදිය අපට සාදා ගැනීමට කෝමාරිකා භාවිත කළ හැකිය .
- ක්ලෙන්සර් : කෝමාරිකා යුෂ හා මී පැණි හොඳින් මිශ්‍ර කර මුහුණේ ආලේප කර ක්ලෙන්සර් කරන්න.
- මොයිස්චරයිසර් : අපගේ සම මොයිස්චරයිසර් කිරීම සදහා කෝමාරිකා යුෂ මුහුණේ ආලේප කර පැයක් පමණ තබා සෝදා හරින්න.යනාදී වශයෙන් විවිධ රූපලාවණ්‍යය ද්‍රව්‍ය ද අපට සාදා ගත හැකිය .මේ ආකාරයට ඉතා වටිනා ඖෂධයක් ලෙස කෝමාරිකා හදුනා ගත හැකිය.