කුෂ්මාණ්ඩ, ස්වේත පුෂ්ප, පීත පුෂ්ප, මහාඵල ආදී සංස්කෘත භාෂාවෙන් හැඳින්වෙන අළු පුහුල් යනු ආයුර්වේදය තුළ බහුලව භාවිතා කරනු ලබන ඖෂධයක්වේ. ඊට අමතරව ව්‍යාංජනයක් ලෙස සකස් කර ආහාරයට ගැනීමෙන් යකඩ ඌණතාවය සම්පූර්ණ කර ගත හැකිය. ඊට අමතරව
- විටමින් B1 B2 B3 B5 B6
- විටමින් C
- ප්‍රෝටීන
- ශක්තිය
- කාබෝහයිඩ්‍රේට්
- කැල්සියම්
- මැංගනීස්
- පොස්පරස්
- සෝඩියම්
- සිංක්
- යකඩ
- මැග්නීසියම්
- කෙඳි
- මේදය

ආදිවූ ආදී වූ පෝෂ්‍ය පදාර්ථ රැසක් අලු පුහුල් වල අඩංගු වේ. මේ නිසාම අලුත්ම ආහාරයට ගැනීමෙන් රෝග ගණනාවක් සුව කරගත හැකිය.
එළවළුවක් ලෙස පමණක් නොව රසකැවිලි වශයෙන් පුහුල් දෝසි සැකසීමටත්, රසම් වර්ග සැකසීමටත්, සුප් වර්ග සැකසීමටත්, ශාන්තිකර්ම කටයුතු වලදීත්, ඖෂධ වශයෙනුත් අලුපුහුල් භාවිතා කිරීම සිදු වේ.
ඒකීය ඖෂධයක් වන අලු පුහුල් වල දඬු, ගෙඩි, මුල්, ඇට, කොළ, ඇටනිස්සාරය කිරීමෙන් ලබා ගන්නා තෙල් ද පුහුල් ගෙඩියේ ලෙල්ල වේළා අනිතර් දුමෙන් පුලුස්සා ගත් අළු ද ඖෂධීය ගුණයෙන් අනූන වේ.
ආයුර්වේදය තුළ ඖෂධ සඳහා අලු පුහුල් භාවිතා කරන විට ළපටි අළු පුහුල් භාවිතයට නොගනී. ඒ සඳහා පැසුණු අළු පුහුල් ගෙඩියක් ගෙන ලණුවකින් හෝ පොල් කොළ භාවිතයෙන් සකසා ගන්නා ආවරණයකින් වසරක් පමණ එල්ලා තැබීමෙන් පසු ප්‍රතිකාර සඳහා යොදා ගැනීම වඩාත් ගුණදායකවේ.එනම් අළු පුහුල් දඬු,ගෙඩි, මුල්, ඇට, කොළ,අළු ඖෂධ ලෙස භාවිතා කිරීමෙන් බොහෝ රෝග සමනය කර ගත හැකිය.
අලු පුහුල් වල ඖෂධීය ගුණ
ආමාශයේ තුවාල සුව සඳහා -අළු පුහුල් දඬු කලං 12 ක් ගෙන කෂාය සකස් කර ගිතෙල් සහ සීනි මිශ්‍ර කර පානය කිරීම මෙන්ම දළු කොළ ව්‍යංජනයක් ලෙස සකසා ආහාරයට ගැනීම යෝග්‍යය වේ.
සම පැහැපත් කිරීම සඳහා-සම පැහැපත් කර ගැනීම සඳහා අළු පුහුල් ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් අළු පුහුල් ආහාරයට ගැනීමෙන් සමෙහි විජලනය වළක්වා සම සජලීයව තබා ගත හැකිය. ඊට අමතරව බාහිරව ආලේප කිරීමෙන් සම පිරිසිදු කර ගැනීමටත් හිරු කිරනින් සම ආරක්ෂා කර ගැනීමටත් හැකියාව ලැබේ. මේ නිසා බොහෝ රූපලාවන්‍ය නිෂ්පාදන වල ද අලු පුහුල් අඩංගු කර තිබේ.
ගෑස්ට්‍රයිටීස් රෝගය සඳහා-අළු පුහුල් තරමක කැබලි සිටින ආකාරයට කපා තම්බාගෙන හකුරු සමග ආහාරයට ගැනීමෙන් ආම්ලිකතාවය පාලනය කර ගත හැකිය.

පණු රෝග සඳහා-අලුපුහුල් ඇට හොඳින් වියළා කුඩුකර එදිනෙදා පිසින ආහාරවලට තුනපහ මෙන් එක් කිරීමෙන් හා එම කුඩු වලට එළඟි තෙල් හා සීනි මිශ්‍ර කර ආහාරයට ගැනීමෙන් පණු රෝග සමනය කර ගත හැකිය.
ශරීරයේ ඇතිවන දාහය සමනය කිරීම සඳහා-ශරීරයේ පවතින උෂ්ණාධික භාවය නිසා මුඛයේ ඇතිවන තුවාල මෙන්ම ආමාශගත තුවාල, ගුද මාර්ගයේ ඇතිවන තුවාල සුවපත් කිරීමට පුහුල් මද ඉස්ම පානය කිරීම යෝග්‍ය වේ.
විෂාදය සමනය කිරීම සඳහා-මානසික රෝගයක් වන විෂාදය සමනය කිරීම සඳහා අලු පුහුල් ව්‍යාංජනයක් ලෙස සකස් කර ආහාරයට ගැනීම යෝග්‍ය වේ.
ශරීරගත විෂ ඉවත් කිරීම සඳහා-ශරීරගත විෂ ඉවත් කර ගැනීම සඳහා අළු පුහුල් ඖෂධයක් ලෙස ඈත අතීතයේ සිටම භාවිතා කර තිබේ. මේ සඳහා පුහුල් දඬු කලං 12 ක් දමා සකසන කෂාය පානය කිරීම යෝග්‍ය වේ.
මදසරු බව දුරු කිරීම සඳහා අලු පුහුල් යුෂ නිතර නිතර පානය කිරීමෙන් ලිංගික කටයුතු සාර්ථකව කර ගැනීමටත්, පුරුෂ ශක්තිය වඩවා ගැනීමටත් හැකියාව ලැබේ.
බරවා රෝගීන් සඳහා බරවා රෝගයෙන් පෙළෙන්නන්ට අළු පුහුල් දළු සහ කොළ අමු කහ සහ වියළි ඉඟුරු කුඩු දමා මිශ්‍ර කර හොඳින් අඹරා ආලේප කිරීමෙන් එම රෝගය නිසා ඇතිවන ඉදිමුම් සමනය කර ගත හැකිය. විශේෂයෙන්ම බරවා රෝගයට නිසි ප්‍රතිකාර නොකිරීමෙන් ඇතිවන සම කළු වීම ද මෙමගින් සමනය කර ගත හැකිය.
ශරීරයේ ඇතිවන ඉදිමුම් සඳහා-අමුකොළ හෝ ඵලය අමු කහ සමඟ මිශ්‍ර කර ආලේප කිරීමෙන් ශරීරයේ ඇතිවන ඉදමුම් වේදනා සමනය කර ගත හැකිය.
මුත්‍ර රෝග සඳහා-මුත්‍රාකාරක ගුණයෙන් යුතු අළු පුහුල් වකුගඩුවල ගල් දියකරයි. එනම් වකුගඩුවල රැඳෙන සෝඩියම්, පොටෑසියම් සහ ක්ලෝරයිඩ් සංඝටකයන් ඉවත් කර වකුගඩු පිරිසිදු කිරීමට ද අළු පුහුල් ආහාරයක් ලෙස මෙන්ම ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය.
කොලෙස්ටරෝල් පාලනය කිරීම සඳහා ශරීරගත අහිතකර කොලෙස්ටරෝල් පාලනයට කරපිංචා, සුදුලූනු, පුහුල් දලු එක්කර සකස් කර ගන්නා සලාදය ආහාරයට ගැනීම යෝග්‍ය වේ.මේ ආදී වූ බොහෝ රෝග සුවකර ගැනීම සඳහා අළු පුහුල් ඖෂධයක් ලෙස ආහාරයක් ලෙස භාවිතා කළ හැකිය.