Smusa sapienpum විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන අලුකෙසෙල් යනු කෙසෙල් වර්ග අතර ඖෂධීය ගුණ ඇති කෙසෙල් වර්ගයකි. නමුත් අනෙක් කෙසෙල් වර්ග වලට වඩා අලු කෙසෙල් සුවිශේෂී වන්නේ මෙය වැඩි වශයෙන් එළවළුවක් ලෙස ආහාරයට එක් කර ගැනීමයි. එනම් අලු කෙසෙල් ඉදවා ආහාරයට ගනු ලබන්නේ ඉතා අල්ප වශයෙනි. එනම් අලුකෙසෙල් බොහෝ රෝග සමනය කිරීමට උපකාරීවේ. එනම් අලුකෙසෙල් වල ශරීරයට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ. එනම් තන්තු, කැලරි, විටමින් මැග්නීසියම්, ෆෝලේට්, කැල්සියම් යකඩ වැඩි ප්‍රමාණයක් අඩංගුවේ. වර්තමානය වන විට අලු කෙසෙල් ව්‍යංජනයක්, සලාදයක්,ඩෙවල් එකක් ලෙස සකස් කර ආහාරයට ගත හැකිය. නමුත් තවත් පිරිසක් අලු කෙසෙල් පිරිමි පුද්ගලයින්ට ආහාරයට ගැනීමට සුදුසු නොවන බව පවසයි. එය වැරදි මතයක් බව වර්තමානය වන විට වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරු වී තිබේ.
අලු කෙසෙල් වල ඖෂධීය භාවිතය

මුත්‍ර රෝග වලට සුවය සලසයි.මුත්‍රාශයේ හෝ පිත්තාශය තුළ ගල් ඇති වීම හේතුවෙන් බොහෝ දෙනෙකු පීඩාවට පත්ව තිබේ. එනම් එම ගල් දිය කර හැරීම සඳහා අලු කෙසෙල් ආහාරයට ගැනීම වඩාත් සුදුසු වේ. එනම් අළුකෙසෙල් ආහාරයට ගැනීමෙන් එහි අඩංගු වූ ගුණයන් ගල් දිය කර හැරීම සිදු කරනු ලැබේ.
ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සුව කරයි. බොහෝ දෙනකුට ස්වසන පද්ධතිය ආශ්‍රිතව රෝග පීඩා ඇති වනු ලැබේ. එනම් සෙම්ප්‍රතිශ්‍යාව, ඇදුම ,කැස්ස, උගුරේ ආසාදන ආදී රෝග තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීමට මෙන්ම ඇති වූ රෝග තත්ත්වයන් සුව කර ගැනීමට අලු කෙසෙල් ව්‍යාංජනයක් ලෙස සකස් කර ආහාරයට එක්කර ගැනීම ගුණදායකය.
මලබද්ධය අර්ශස් සමනය කරයි. වයස් භේදයකින් තොරව වර්තමානය වන විට ලොකු කුඩා සෑම දෙනාටම පාහේ පවතින රෝග තත්ත්වයක් ලෙස මල බද්ධය හෙවත් බඩ වේලීමේ රෝග තත්ත්වය හඳුනාගත හැකිය. එනම් මල බද්ධය සමනය කිරීම සඳහා අලු කෙසෙල් ව්‍යංජනයක් ලෙස සකස් කර භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වේ. එනම් ඉන් අලු කෙසෙල් වල අඩංගු තන්තු ආහාර හොඳින් ජීර්ණය කර මළ පහ පිට කිරීම පහසු කරවයි. මීට අමතරව මල බද්ධය උත්සන්න වීමෙන් ඇතිවූ අර්ශස් රෝගීන්ට ද අලු කෙසෙල් ගුණදායක ආහාරයකි.
සම නීරෝගී කරයි.සමෙහි ඇතිවන කැසීම් තුවාල, ලප කැළැල් හා අසාත්මිකතා සුවකර ගැනීම සඳහා අලු කෙසෙල් ව්‍යාංජනයක් ලෙස ආහාරයට ගැනීම වඩාත් සුදුසුවේ.

උදරගත රෝග සුව කරයි. උදරය ආශ්‍රිතව ඇතිවන දැවිල්ල, වේදනාව, බඩ පුරවා දැමීම, බඩේ අජීර්ණ තත්ත්වයන් සහ පණු රෝග සමනය කිරීමට අලු කෙසෙල් ආහාරයට එක්කර ගැනීම වඩාත් සුදුසු වේ. එනම් අලු කෙසෙල් ව්‍යාංජනයක් ලෙස සකස් කර ආහාරයට ගැනීමෙන් එම රෝග තත්ත්වයන් සුව කරගත හැකිය.
රක්තහීනතාවය සමනය කරයි.බොහෝ දෙනෙකුට පවතින රක්තහීනතාවය හෙවත් රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය අවම වීම සමනය කරගෙන රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය වැඩිකර ගැනීමට අලු කෙසෙල් ව්‍යංජනය සකස් කර ආහාරයට ගැනීම වඩාත් සුදුසු වේ. එනම් අළු කෙසෙල් වල අඩංගු යකඩ රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය වැඩිකර රක්තහීනතාවය ඇතිවීම සමනය කරනු ලැබේ.
ආහාර රුචිය වර්ධනය කරයි.අළුකෙසෙල් ආහාරයට එක්කර ගැනීමෙන් ආහාර අරුචිය දුරුකර ආහාර රුචිය වර්ධනය කරගත හැකිය. එනම් උණ රෝගයෙන් පෙළෙන පුද්ගලයින්ට ආහාර රුචිය ඇති කිරීම සඳහා අලු කෙසෙල් ව්‍යංජනය සකසා දීම මගින් ඔවුන්ගේ ආහාර රුචිය වැඩිකරගත හැකිය. එනම් අළු කෙසෙල්වල අඩංගු තන්තු ආහාර හොඳින් ජීර්ණය කිරීමත් ආමාෂ ගත විෂ ඉවත් කිරීමත් සිදු කරන නිසා නැවත බඩගිනි ඇතිවීම සිදු වනු ලැබේ.
දේහ ගත කොලෙස්ට්‍රෝල් පාලනය කරයි.බොහෝ දෙනකු වර්තමානය වන විට දේහ ගත කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම නිසා විවිධ රෝග වලට ගොදුරු වී තිබේ. දේහ ගත කොලොස්ට්‍රෝල් අවම කර ගැනීමට ආහාර වට්ටෝරුවට එකතු කරගත යුතු ආහාරයක් ලෙස අලු කෙසෙල් හැඳින්විය හැකිය. එනම් අළුකෙසෙල් ආහාරයට ගැනීමෙන් ශරීරයේ පවතින කොලෙස්ට්‍රොල් දිය කර හැරිය හැකිය. එනම් අලු කෙසෙල් ව්‍යාංජනයක් ලෙස සකස් කර ආහාරයට ගැනීම මේ සඳහා වඩාත් සුදුසුවේ.

ආහාර ජීර්ණය ක්‍රමවත් කරයි.බොහෝ දෙනෙකුට පවතින ආහාර ජීරණය නොවීමේ ගැටලුව සමනය කිරීම සඳහා එළවළුවක් ලෙස අළුකෙසෙල් ආහාරයට එක් කර ගැනීම යෝග්‍ය වේ. එනම් අළු කෙසෙල් වල අඩංගු තන්තු ආහාර හොඳින් ජීර්ණය කර ආහාර ජීර්ණ පද්ධතියේ පවතින විෂ තත්වයන් ඉවත් කිරීමටද හේතු වේ. එනම් මේ සඳහා අලු කෙසෙල් ව්‍යංජනය වඩාත් සුදුසු වේ.
මීට අමතරව
- කන ආශ්‍රිතව ඇතිවන වේදනා සුව කිරීමට
- දියවැඩියා රෝගීන්ට
- හෘද රෝගීන්ට
- ආර්තව වේදනාවන් සමනය කිරීමට
- මතක ශක්තිය වර්ධනය කිරීමට
- ප්‍රතිශක්තිකරණය ශක්තිමත් කර ගැනීමට
- ස්නායූ පද්ධතියේ ක්‍රියාකාරිත්වයට
- ශරීර විජලනය වැළැක්වීමට
මේ ආදී වූ රෝග රැසකට අලුකෙසෙල් ආහාරයට ගැනීම යෝග්‍ය වේ. නමුදු වකුගඩු රෝගීන්ට ,මුඛය අවට සුළු ඉදමුම් තුවාල පවතින විට ,වමනය, ඔක්කාරය ඇති විටක, අසාත්මිකතාවයන් ඇති විටෙක, සුනඛයන් සපා කෑ විට අළුකෙසෙල් ආහාරයට එක්කර ගැනීම සුදුසු නොවේ. මෙම රෝග නොමැති පුද්ගලයින් වුවද අලු කෙසෙල් නිතර ආහාරයට නොගැනීමට වග බලා ගත යුතුය.