වකුගඩු ගල් ඇතිවීම වළකන අළු කෙසෙල්

health tips

අවුරුදු කාලයට පිළියෙළ වෙන හත් මාළුවට නැතුවම බැරි අළු කෙසෙල් අපි වැඩිපුර ආහාරයට එකතු කර ගන්නේ ව්‍යංජනයක් ලෙස. ඒ හැරුණාම තෙම්පරාදුවට වගේම තෙලේ බැද ගැනීම,සලාද සමඟ මිශ්‍රකර , සුප් හෝ ඉස්ටු  ආදී ආහාර බොහොමයකට ඉතා රසවත්ව පිළියෙළ  කර ගන්නට ගෘහණියන් උනන්දුවක් දක්වනවා. අද බොහෝදේනා අළු කෙසෙල් ආහාරයට ගන්නට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. විශේෂයෙන්ම පිරිමි පාර්ශවය අළු කෙසෙල් ආහාරයට ගැනීම ප්‍රතික්ශේප කරනවා.ඒ  ලිංගික ශක්තිය හීන වීමට අළු කෙසෙල් බලපාන බවට පවතින මතය නිසාවෙන්.නමුත් තවමත් එවන් මත සත්‍ය බවට කිසිදු විද්‍යාත්මක පර්යේෂණයකින් සනාථ කරගෙන නැහැ. ඒ නිසා ඒවා මිත්‍යා  අදහස් ලෙස අපිට බහැර කරන්නට හැකියාව පවතිනවා.කොහොමනමුත් අඩු වියදමකින් ගුණ රැසක් ලබා ගන්නට හැකි ඒ ආහාරය ප්‍රතික්ශේප කිරීම නම් අනුවණකමක්.ඉතින් අපි බලමු මේ අළු කෙසෙල් අපේ ශරීර සෞඛ්‍යයට සිදුකරන බලපෑම මොනවගේ ද කියලා.

ශ්‍රී ලංකාවේ අපිට ඉතාමත් පහසුවෙන් සපයාගත හැකි අළු කෙසෙල් ආයුර්වේදය තුළ බහුලවම භාවිතා කර තියෙනවා. එහි සඳහන් වන ආකාරයට මේ අළු කෙසෙල් සතු ගුණයන් බොහොමයක්ම පවතිනවා.ඒ නිසාම විවිධ රෝගයන් සඳහා ඖෂධ සකස් කිරීමේදී  අළු කෙසෙල් බහුලව යොදා ගැනෙනවා.අළු කෙසෙල් පමණක් නෙවෙයි අළු කෙසෙල් බඩ හා කෙසෙල් මුව පවා ආහාරයට ගතහැකි පෝෂණ ගුණයෙන් ඉහළ ආහාරයක්. ඒ වගේම විවිධ ඖෂධ සකස් කිරීමකදී අළු කෙසෙල් අලයත් භාවිතයට ගනු ලබනවා.අළු කෙසෙල් අමුවෙන් නොයෙකුත් ආකාරයට රසවත්ව පිළියල කරගත හැකි අතර ඉදුණු අළු කෙසෙල්වල ඇත්තේ අනෙකුත් කෙසෙල් සතු පෝෂණ ගුණයන්මයි.

 අළු කෙසෙල් තන්තු බහුල ආහාරයක් වන අතර ප්‍රතිඔක්සිකාරයක ගුණයෙන් ද සමන්විතයි. ඒ හැරුණාම විටමින් C සහ යකඩ ද අඩංගු වෙනවා. අධික කැලරි ප්‍රමාණයක් සමන්විත අතර විටමින් A, K, කැල්සියම්, මැග්නීසියම්, ෆෝලෙට් ද අළු කෙසෙල්වල අන්තර්ගත පෝෂක අතර වෙනවා.

අළු කෙසෙල් ආහාරයට ගැනීමෙන් ශරීරයට ලැබෙන ප්‍රතිලාභ 

  • අමිල පිත්ත රෝගය සුව කරයි. විශේෂයෙන්ම ආමාශයේ ඇතිවන තුවාල සහ වණ ආදිය ඉතා ඉක්මනින් සුව කරන්නට අළු කෙසෙල්වලට අපූරු හැකියාවක් පවතිනවා.
  • ආහාර ජීර්ණය වැඩි දියුණු කරයි. 
  • අළු කෙසෙල් සතු විටමින් A මගින් තුවාල සුව කිරීමට සහය ලබාදෙයි. 
  • රුධිර පීඩනය නියාමනය කරයි. 
  • ඔස්ටියෝපොරෝසීස් රෝගය ඇතිවීම වළක්වයි. 
  • කුසගිනි වඩවයි. 
  • වාත රෝග නසාලයි. 
  • පණු රෝග දුරු කරයි. 
  • මලබද්ධය හා අර්ශස් රෝගයන් නසාලයි. 
  • ශක්තිය ලබාදෙයි. 
  • මාසික ඔසප්වීමේදී ඇතිවන අපහසුතා දුරු කරයි. 
  • මුත්‍රාශය ආශ්‍රිත ගැටළු සමනය කරයි. 
  • සිරුරේ ඇති අනවශ්‍ය මේද කොටස් ඉවත් කරයි. 
  • ඉන්සියුලින් හා කාබෝහයිඩ්රේට් පරිවෘත්තීය  නියාමනය කිරීමෙන් දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩුකරයි. 
  • ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය ක්‍රමවත් කරයි. 
  • නිරක්තිය වළක්වයි. 
  • නින්ද නොයාම මානසික පීඩනය අවම කිරීමට උපකාරී වෙයි. 
  • ඉරුවාරදය සමනය කරයි.
  • පිළිස්සුම් තුවාලවලදී ඇතිවන වේදනාව සමනයට උදව් කරයි.  
  • ශරීරයේ බර වැඩි කරගන්නට උපකාරී වෙයි.
  • මතක ශක්තිය වැඩි කරයි. 
  • ප්‍රජනන පද්ධතියේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි.  
  • ප්‍රතිශක්තිය වර්ධනය කරයි. 
  • අක්ෂි රෝගවලින් වළකයි. 
  • පිළිකා ඇතිවීම වළක්වයි.
  • සමේ පැහැය වර්ධනය කරයි. 
  • උදරය ආශ්‍රිත දැවිල්ල සුව කරයි. 
  • බඩ පුරවා දැමීම සමනය කරයි. 
  • මුත්‍රාශයේ හා පිත්තාශයේ ගල් ඇතිවීම වළකයි. 
  • අජීර්ණයන් සුව කරයි. 
  • සමේ රෝග සුවකරයි. 
  • ආසාත්මිකතා දුරලයි. 
  • හදවතේ ක්‍රියාකාරිත්වයට ඉතා සුදුසුයි. 
  • සිරුරේ ජල සමතුලිතතාවය ආරක්ෂා කරයි. 
  • මතක ශක්තිය වැඩි කරයි. 
  • ආහාර ජීර්ණ පද්ධතියේ විෂ කොටස් ඉවත් කරයි. 
  • සිරුරේ හෝර්මෝන හා  එන්සයිම යාමනය කරයි.
  • ශරීරය සිසිල්ව තබාගන්නට උපකාරී වෙයි.  
  • කාන්තාවන්ගේ සුදයාමේ රෝගය පාලනය කරයි. 
  • හිසකෙස් වර්ධනය කරයි. 

ඒ වගේම අළු කෙසෙල් සෙම්ප්‍රතිශ්‍යාවට , සර්ප විෂ නැසීමටත් උපකාරී වෙයි .ශරීරයේ යම් විශක් ඇතුල්ව ඇතිවිට ඒවා ඉවත් කරන්නට  ඖෂධ සකස් කිරීමේදීත් අළු කෙසෙල් භාවිතයට ගනු ලබනවා. (අත්තන විෂ, ඊයම් විෂ ).අළු කෙසෙල් කඳේ පතුරු වලින් ගත් යුෂවලින් පත 3 ක් පමණ පානයට ලබාදීම මගින් ශරීරයේ විෂ ඉවත් කරයි .  

සැලකිය යුතුයි 

  • අළු කෙසෙල් දිනපතා ආහාරයට නොගන්න.
  • වකුගඩු රෝගීන් අළු කෙසෙල් ගැනීමෙන් වළකින්න.
  • දිව, තොල් ආදී ඉදිමී කැසීම ආදී ආආත්මිකතා ඇතිවූයේ නම් ආහාරයට ගැනීම නතර කර වෛද්‍යවරයෙකු හමුවට යන්න.

අළු කෙසෙල් පෝෂණ ගුණයෙන් යුක්ත ආහාරයක් ලෙසත්, ඖෂධයක් ලෙසත් අපිට ලබාගත හැකි ප්‍රතිලාභ මෙතෙකැයි කියන්නට බැහැ.