පෝෂණීය ආහාර වේලක් ලබා ගන්නට නම් අනිවාර්යෙන්ම අපේ බත් පතේ පලා වර්ග අඩංගු වෙන්නට ඕන. නමුත් අද වෙද්දි බහුතරයක් දෙනා ආහාරයට එක්කර ගන්නේ එකම පලාවර්ග ටිකක් විතරයි. එදා අපේ ගැමියන් තමන්ගේ ගෙවත්තේ වගාකර ගෙන තිබුණු ඇතැම් පලා වර්ග අද අපේ ආහාරයට එකතු වෙන්නේ නැති තරම්. වස විස නැති ඉබේ හැදෙන මෙවැනි පලා වර්ග අපේ ශරීරයට කොතරම් ගුණදායක ද කියලා දැනගත්තොත් මේවා ආහාරයට ගන්නට නැවතත් අපි හැමෝම තුළ යම් පෙළඹවීමක් ඇති වේවි .ඉතින් ඒ නිසාවෙන් අපෙන් ඈත්වෙලා යන තවත් සුවිශේෂී ගුණ සහිත පලාවක් ගැන තමයි අද ඔයාව දැනුවත් කරන්නට යන්නේ.
ඒ තමයි තම්පලා. මේවා අද අපිට තරමක් දුර්ලභ පලා වර්ගයක් වුණාට එදා හැම ගෙදරකම වගේ මේ පලාවර්ගය වැරදුණේ නැහැ. පරිප්පු කොස් ඇට එකතු කර සාදන තම්පලා නියඹලාව එහෙමත් නැත්නම් තම්පලා ව්‍යංජනය, ළපටි කොළ දඬු එකතු කර සකස් කරන තම්පලා මැල්ලුමත් රසයෙන් වගේම ගුණයෙනුත් ඉතාම ඉහළයි. තම්පලා වර්ග කිහිපයක්ම හඳුනාගන්නට පුළුවන්.
- රතු තම්පලා
- කටු තම්පලා
- එළ තම්පලා
- කූර තම්පලා
- වලු තම්පලා

මේ තම්පලා වර්ගවල ඊටම ආවේණික වුණු විවිධ ගුණාංග තියෙනවා. නමුත් ඒ අතරින් රතු තම්පලා, කටු තම්පලා සහ කූර තම්පලාවල ඇති විශේෂ ගුණය වෙන්නේ රුධිරය පිරිසිදු කරන්නට ඇති හැකියාව. ඒ අතරෙනුත් රතු තම්පලාවලට මේ හැකියාව ඉතාම ඉහලින් තියෙන බව තමයි සදහන් වෙන්නේ.
විශේෂයෙන්ම කූර තම්පලාවල ශරීරයට නිෂ්පාදනය කරගත නොහැකි lysine කියන අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලය අඩංගු වෙනවා. මේ ඇමයිනෝ අම්ලය අපේ ශරීරයට කැල්සියම් අවශෝෂණය කිරීම වැඩි කරනවා. ඒ විතරක් නෙවෙයි ඇස්වල පෙනීමත් වැඩිකරනවා. මේ සෑම තම්පලා වර්ගයක්ම අපි ආහාරයට එකතු කර ගත්තොත් අපේ ශරීරයට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව පොදුවේ කතා කරමු.
මේ තම්පලාවල ප්‍රෝටීන්, මේදය සහ ශක්තිය අඩු වුණත් ක්ෂුද්‍ර පෝෂකවලින් ලැබෙන වාසිය ඉතාම ඉහළයි. විශේෂයෙන්ම මේවායේ විටමින් a, කැරොටීන්, තයමින්, රයිබොප්ලෙවින්, vitamin c, පොස්පරස්, යකඩ ආදී පෝෂක අන්තර්ගත වෙනවා වගේම මෙහි තන්තු බහුල වශයෙන්ම අඩංගු වන නිසා රෝගී තත්ත්වයන් බොහොමයකට ඉතාම ගුණදායකයි. මේතම්පලාවල අඩංගු වෙන කැල්සියම් ප්‍රමාණය කිරිවලින් ලැබෙන කැල්සියම්වලටත් වැඩිය දෙගුණයක් වන බව සඳහන් වෙනවා.
තම්පලා ආහාරයක් විදිහට විතරක් නෙවෙයි විවිධ රෝගී අවස්ථාවන්වලදී ඖෂධයක් විදිහටත් බහුලවම භාවිතයට ගැනෙනවා. නමුත් බොහෝ දෙනෙක් ඒ පිළිබඳව දැනුවත් නැති නිසා ඒවා අපි අතිරින් ගිලිහිලා යමින් තියෙනවා.
තම්පලා ආහාරයට ගැනීමෙන් ලැබෙන සුවිශේෂී වාසි
- ශරීරයේ ලේ පිරිසිදු වෙනවා.
- නිරක්තියට ගුණදායකයි.
- පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරනවා.
විශේෂයෙන්ම මහ බඩවැලේ ඇතිවන පිළිකා සහිත අයට ඉතාම ගුණදායකයි.
- ලේ අර්ශස් රෝගීන්ට ඉතාම ගුණදායකයි.
- ආහාර ජීර්ණය පහසු කරනවා.
- ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් පාලනය කරනවා.
- ගර්භණී කාන්තාවන්ට සහ වැඩිහිටියන්ට ඉතාම ගුණදායකයි.
- රුධිර පීඩනය අඩු කරනවා.
- කාන්තාවන්ගේ විවිධ රෝග සඳහා සුවය සලසනවා.
- මව්කිරි වර්ධනය කරනවා.
- මළබද්ධය දුරු කරනවා.
- රුධිරයේ සීනි මට්ටම යහපත්ව තියා ගන්නට උපකාරී වෙනවා.
- අස්ථි ශක්තිමත් කිරීමට සහ අස්ථි හොදින් වර්ධනයට දායක වෙනවා.
- විෂ ඉවත් කරන්නට උපකාරී වෙනවා.
- රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ සුවපත් කරනවා.
- ස්නායු පද්ධතිය නිරෝගී කරනවා.
- මාංශ පේශී වර්ධනය කරනවා.
- මොලය ආශ්‍රිත රෝගාබාධවලට ගුනදායකයි.
- අකලට හිසකෙස් ගැලවී යාම පාලනය කරනවා. විශේෂයෙන්ම පිරිමින්ගේ හිසකෙස් ගැලවී තට්ටය පෑදීමේ තත්ත්වය වලක්වනු ලබනවා.
- වයස්ගත වීමත් සමඟ ඇතිවන ඔස්ටියෝපොරෝසිස් රෝග තත්ත්වයන්වලින් ආරක්ෂාව සලසනවා.
- නහර ගැට ගැසීම හෙවත් වෙරිකෝස් තත්ත්වයන් සුවපත් කරන්නට දායක වෙනවා.
- හදවත් රෝග ඇතිවීම වළක්වනවා.
- සම පැහැපත් කරනවා.
- අක්මාවේ රෝගවලට ගුණදායකයි.
- මුත්‍රා පිරිසිදු කර මුත්‍රා පිටවීම් පහසු කරනවා.
තම්පලාවල ඖෂධීය භාවිතයන්

ශරීරයේ ඇතිවන අස්වාභාවික රුධිර වහනය, පාණ්ඩු රෝග, අධික ඔසප් වේදනාව, ඇග උණුකරවා යාම ආදී රෝග තත්ත්වයන් සඳහාමේ සඳහා රතු තම්පලා කොටා ලබාගත් යුෂවලට වැල්මී කුඩු/ සීනි මිශ්‍ර කර උදේ හවස පානයට ලබා ගන්න.
ශරීරය දැවිල්ල සදහා
- රතු තම්පලා යුෂ ගෙන ශරීරයේ ආලේප කරන්න.
- ශරීරයේ දැවිල්ල, ඇග උනුකරවා යාම සඳහා
- කූර තම්පලා ගස සහමුලින්ම ගෙන සුදු හඳුන් සමග තම්බා ගන්න. තම්බාගත් වතුරට සීනි මිශ්‍ර කර උදේ සවස පානයට ගන්න.
අධික ඔසප් වේදනාව සඳහා මේ සඳහා කූර තම්පලා ගස සහමුලින්ම ගෙන රතුලූනු මිටක් පමණ ලියා දමා තම්බා ඒ වතුර උදේ සවස පානයට ගන්න.
සැලකිලිමත් වෙන්න-මේ තම්පලා වර්ග අතුරින් කටු තම්පලා කිසිම අවස්ථාවක ආහාරයට ගැනීමට සුදුසු නැහැ. ඉතින් මේ තම්පලා බීජ මගින් ව්‍යාප්තිය වෙන වස විසෙන් තොරව වගා කරගන්නට හැකියාව තියෙන ගුණයෙන් ඉතා ඉහල පළා වර්ගයක් නිසා ඔබේ ගෙවත්තෙන් තම්පලා ගස් කිහිපයක් සිටුවා ගෙන සුවබර ජීවිතයක් ගත කරන්නට උනන්දු වෙන්න.