පරිප්පු උයනකොට මේ කොළ ටිකක් එකතු කරන්න කවදාවත් මල බද්ධය හැදෙන්නේ නෑ

health tips

පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු පලා වර්ගයක් ලෙස තම්පලා හැඳින්විය හැකිය. එනම් ඈත අතීතයේ සිටම තම්පලා පලා මැල්ලුමක් ව්‍යංජනයක් ලෙස ආහාරයට ගෙන තිබේ. තම්පලා වල ශරීරයට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ. ජලය,පොස්පරස්, කැල්සියම්,  යකඩ,ප්‍රෝටීන්,විටමින්A, C,  B, E, තයමින්, රයිබොප්ලෙවින්, ඇමයිනෝඅම්ල, කැරොටීන් පොටෑසියම් අම්ල,කාබෝහයිඩ්‍රේට්, මයසීන්,මේදය, ශක්තිය ආදී බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් තම්පලා වල අඩංගු වේ. එනම් මෙම පෝෂ්‍ය පදාර්ථ එක් එක් තම්පලා වර්ග වලට අනුව වෙනස්වේ. එනම් තම්පලා ප්‍රභේද කිහිපයකි. 

  • රණ තම්පලා 
  • වලු තම්පලා 
  • කටු කූර තම්පලා 
  • කූර තම්පලා 
  • රතු කටු කූර තම්පලා 
  • සුදු තම්පලා ආදී වශයෙන් තම්පලා ප්‍රභේද රැසකි. 

ඉන් සුදු තම්පලා කූර තම්පලා යන වර්ග වල  පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය වෙනස්වේ. එමෙන්ම කූර තම්පලා වර්ගය වැඩි වශයෙන් ආහාරයට ගන්නා අතර දකුණු ඇමෙරිකාව හෝ මෙක්සිකෝව මෙහි නිජබිම ලෙස සලකයි.  

තම්පලා මැල්ලුමක් ලෙස ආහාරයට ගත හැකිවා මෙන්ම පරිප්පු වැනි ආහාර පිසීමේදී ද ව්‍යංජනයක් ලෙස ද තම්පලා ආහාරයට ගත හැකිය. තම්පලා ශ්‍රී ලංකාවේ පමණක් නොව චීනය තායිවානය ආදී රටවල ද  බහුලව වගා කරනු ලැබේ. ශීත ගුණයෙන් හා පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් අඩංගු තම්පලා ආහාරයට ගැනීමෙන් ශරීර ගත බොහෝ රෝග සුව කර ගත හැකිය. 

  • ඇස් පෙනීම වර්ධනය කිරීමට 
  • පිළිකා ඇතිවීම පාලනය කිරීමට 
  • අස්ථි ශක්තිමත් කිරීමට 
  • රක්තහීනතාවයට 
  • මල බද්ධය සමනය කිරීමට 
  • දියවැඩියාව සුව කිරීමට 
  • කොලෙස්ටරෝල් පාලනය කිරීමට 
  • මළමුත්‍රා පිටකිරීම පහසුකර වීමට 
  • හිසකෙස් වර්ධනය කිරීමට 
  • ඔසප්වේදනාව සමනය කිරීමට 
  • ගර්භණී මව්වරුන්ට  
  • රුධිර පීඩනය සමනය කිරීමට 
  • නහර ගැට ගැසීම සමනය කිරීමට 
  • හෘද රෝග ඇතිවීම සමනය කිරීමට 
  • මේ ආදී වූ බොහෝ රෝග සමනය කිරීමට තම්පලා ආහාරයට ගැනීම යෝග්‍ය වේ. 

මල බද්ධය සමනය කරන ඔසුවක් වේ.වයස් භේදයකින් තොරව නිතර ඇතිවන බඩ වේලීම හෙවත් මලපහ පිට කිරීමට අපහසු වීමේ රෝග තත්ත්වය සමනය කිරීම සඳහා තම්පලා නිතර ආහාරයට ගැනීම ගුණදායකය. එනම් තම්පලා වල අඩංගු තන්තු සහ ජලය මගින් බඩ වේලීම වළක්වා මල බද්ධය සමනය කිරීම සිදු කරයි. 

පිළිකා ඇතිවීම වළක්වනු ලබයි. පිළිකා ඇතිවීම වළක්වා ගැනීමට ආහාරයට ගැනීමට සුදුසු පලා වර්ගයක් ලෙස තම්පලා හැඳින්විය හැකිය. එනම් තම්පලා ආහාරයට ගැනීමෙන් මහ බඩවැල ආශ්‍රිතව පිළිකා ඇතිවීම වළක්වා ගත හැකිය. එනම් තම්පලා වල අඩංගු තන්තු ආහාර හොඳින් ජීර්ණය කිරීම සහ ආහාර ජීර්ණ පද්ධතියේ අඩංගු විෂ ඉවත් කිරීම සිදුකරයි. එනම් මේ නිසා තම්පලා ආහාරයට ගැනීමෙන් පිළිකා ඇතිවීමේ අවදානම අවම කරගත හැකිය. 

මුත්‍ර පිරිසිදු කාරයක්වේ.මුත්‍ර පිරිසිදු කිරීමට තම්පලා ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් තම්පලා වල අඩංගු ජලය මුත්‍රා පිරිසිදු කිරීම සිදුකරන අතර දහඩිය පිට කිරීමටද හේතුවේ. 

රක්තහීනතාවයට ගුණ දෙන ඖෂධීය පලාවකි. රුධිර ගත හිමොග්ලොබින් නිෂ්පාදනය අවම වීම හේතුවෙන් රක්තහීනතාවය ඇති වනු ලැබේ. එනම් මෙම රෝගය ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුව වන්නේ ශරීරයට අවශ්‍ය යකඩ අවම වීමයි. තම්පලා වල වැඩි යකඩ ප්‍රමාණයක් අඩංගුවේ. මේ නිසා තම්පලා ආහාරයට ගැනීමෙන් රුධිර ගත හිමොග්ලොබින් නිෂ්පාදනය වැඩිකර ගත හැකිය. එනම් ඉන් රක්තහීනතාවය සමනය වීම සිදුවේ. 

හිසකෙස් නීරෝගී කිරීම සඳහා උපකාරී වේ.හිසකෙස් ගැලවී යාම, හිසකෙස් කැඩී යාම වලක්වා හිසකෙස් නීරෝගී කිරීමට තම්පලා ආහාරයට ගැනීම ගුණදායකය. එනම් තම්පලා වල අඩංගු කැල්සියම්, විටමින් ඒ, ඇමයිනෝ අම්ල ආදී පෝෂ්‍ය පදාර්ථ හිසකෙස් නීරෝගී කිරීම සඳහා හේතුවේ. 

ඔසප්වේදනාව සුව කිරීමට හේතුවේ.ඔසප් වේදනාව සුව කර ගැනීමට තම්පලා ආහාරයට ගත හැකිය. එනම් තම්පලා වල අඩංගු යකඩ ආදී පෝෂ්‍ය පදාර්ථ රුධිරය වර්ධනය කර අක්‍රමවත් ඔසප් චක්‍රය ක්‍රමවත් කරයි. එනම් ඉන් ඇතිවන වේදනාවන්ද සමනය කිරීම සිදුකරයි. 

අස්ථි හා දත් ශක්තිමත් කිරිම සදහා හේතුවේ. වයස්ගතවීමත් සමඟ හෝ විටමින් ඌනතා මත ඇතිවන අස්ථි හා දන්ත රෝගී තත්වයන් ඇති  වීම වළක්වා ගැනීමට හා ඇති වූ රෝග තත්ත්වයන් සුව කර ගැනීමට තම්පලා ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් තම්පලා වල අස්ථි හා දත් ශක්තිමත් කිරීමට උපයෝගී වන විටමින් D ,කැල්සියම් වැනි පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් අඩංගු වේ. මේ නිසා එවැනි රෝග ඇති වීම වළක්වා ගැනීමට තම්පලා නිතර ආහාරයට ගැනීම යෝග්‍ය වේ. 

දියවැඩියාව ඇතිවීම පාලනය කරනු ලැබේ.නිදන්ගත රෝගයක් වන දියවැඩියාව ඇතිවීම පාලනය කර ගැනීම සඳහා තම්පලා ආහාර වලට එකතු කර ගැනීම යෝග්‍ය වේ. එනම් තම්පලා වල අඩංගු තන්තු රුධිරගත සීනි මට්ටම පාලනය කිරීම සිදු කරයි. මේ ආදී වූ රෝග සමනය කිරීමට තම්පලා පලා මැල්ලුමක් ලෙස, ව්‍යංජනයක් ලෙස සකස් කර ආහාරයට ගත හැකිය.