වර්තමානයේදී කාන්තාවන් බොහොමයක් අත්විදින ගැටළු අතර ප්‍රධාන ගැටළුවක් වෙන්නේ ඔසප්වීම පමාවීම. නිතරම ඔසප්වීම පමා වීම කාන්තාවන්ගේ ශරීරයේ හෝර්මෝන අසමතුලිත කරන්නටත් ඇතැම් භයානක රෝග සඳහාත් මූලික හේතුවක් වෙනවා. වෛද්‍ය විද්‍යාවේ දී ප්‍රමාද වූ ඔසප් වීම Amenorrhea ලෙසයි හඳුන්වන්නේ. ඔසප්වීම පමාවන විටකදී ශරීරයට දැනෙන අපහසුතා ඉතාම පීඩාකාරීයි. ඔසප්වීම ප්‍රමාදවීම නිසා පියයුරුවල වේදනාව, යටි බඩේ තද ගතියක් දැනීම, ඔක්කාරය, කම්මැලිකම ආදී තත්ත්වයන් ඇති වෙනවා. එදිනෙදා කටයුතු සිදු කර ගන්නට එයින් ඇති වන්නේ විශාල බලපෑමක්. කොහොමනමුත් ඔසප්වීම පමා වෙන්නට විවිධ හේතු බලපානවා. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නට පුළුවන්. ඉතින් ඇතැම්විට ඔබත් මේ ගැටළුව නිසා මහත් සේ පීඩාවට පත්ව සිටින අයෙක් වන්නට පුළුවන්.ඒ නිසාවෙන් අද අපි ඔබ සමඟ කතා කරන්න අක්‍රමවත් ඔසප් චක්‍රය යථා තත්ත්වයට පත් කර ගන්නට ගත යුතු ආහාර වර්ග කිහිපයක් පිළිබඳව.
ඔසප්වීම පමාවීම බොහෝවිට ගැටළුවක් වුණත් නීරෝගී අයෙකුට වුණත් ය යම් යම් හේතු නිසාවෙන් ඔසප්වීම පමා වෙන්නට පුළුවන්. එනම් ගර්භණී අවධියේදී සහ කිරිදෙන අවධියේදී මෙවැනි ගැටළු ඇති වෙන්නට පුළුවන්. ඒ හේතු හැරුණාම වයස අවුරුදු 45-50 වනවිට ආර්තවය නතර වීම දක්වා ඔසප්වීම විවිධ හේතු නිසාවෙන් පමාවන්නට පුළුවන්.
- අධික මානසික ආතතිය
- තද උණ තත්ත්වයකදී
- ශල්‍ය කර්මයකදී රුධිර වහනයක් සිදුවූ විට
- පදිංචිය සඳහා වෙනත් රටකට හෝ ප්‍රදේශයකට යාම
- වැඩිපුර ව්‍යායාම් කිරීම
- ආහාර ගැනීම අඩු කිරීම
- එදිනෙදා දින චර්යාව වෙනස්වීම
- උපත් පාලන පෙති භාවිතා කර එකවර නතර කළ විට
ඔසප් චක්‍රය යථා තත්ත්වයට පත් කර ගන්නට ගත යුතු ආහාර

- කුරුඳු-කුරුඳුවලින් යෝනියේ රුධිර ප්‍රවාහය උත්තේජනය කරන අතර අවශ්‍ය ඊස්ට්‍රජන් ප්‍රමාණය උත්පාදනය කරනවා. ඒ වගේම ඔසප් වේදනාව සඳහාත් ඉක්මන් සහනයක් ලබා දෙනවා. ඒ නිසා ආහාර පිළියෙල කිරීමේදී කුරුඳු එකතු කිරීම වගේම කිරි වීදුරුවකට කුරුඳු එකතු කර පානය කිරීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්.
- අන්නාසි අන්නාසිවල බ්‍රෝමලේන් එන්සයිම බහුලව ඇති නිසා එය නියමිත කාල පරිච්ඡේදය සඳහා ඉතා හොඳම ආහාරයක් වෙනවා. ඒ වගේම ගර්භාෂය මෘදු තත්ත්වයට පත් කරන්නටත් අන්නාසිවලට අපූරු හැකියාවක් පවතිනවා. එය ගර්භාෂයට පමණක් සීමා නොවී රතු සහ සුදු රුධිර සෛල උත්පාදනය කිරීමෙන් රුධිර සංසරණය වැඩි දියුණු කරනවා. ඔසප්වීමේදී රුධිරය කැටි ගැසීම ආදිය වළක්වනවා. ඒ අනුව ඔසප්වීම සම්බන්ධ අක්‍රමතාවයන් සමනයට අන්නාසි බෙහෙවින්ම හිතකර වෙනවා.
- පැපොල් පැපොල්වල අධික කැරොටීන් ප්‍රමාණයක් අන්තර්ගත වන අතර එය ඔසප් චක්‍රය සාමාන්‍යකරණය කිරීම සඳහා වගේම නියමිත කාල පරිච්ඡේදය පවත්වා ගෙන යන්නත් හොඳම ආහාරයක්. මෙය සිරුරේ ඊස්ට්‍රජන් මට්ටම නිසි ලෙස උත්තේජනය කරනවා. ඒ නිසා පැපොල් නිතරම ආහාරයට ගැනීම ගර්භාෂය නිසිපරිදි ක්‍රියා කිරීමට හේතුවෙනවා.
- ඉඟුරු ඉඟුරු සතු විටමින් C සහ මැග්නීසියම් අවිධිමත් ඔසප්වීමෙන් සහනයක් ලබා ගන්නට උපකාරී වෙනවා. මෙහිදී ඉඟුරු තේ සඳහා එකතු කර ගන්නට හැකි නම් ඉතා හොඳ ප්‍රතිඵල ලබා ගන්නට හැකියාව පවතිනවා. ශරීරයේ ස්වභාවික ඊස්ට්‍රජන් නිපදවීමට සහ ඔසප්වීමේ සාමාන්‍ය ක්‍රියාවලිය සාමාන්‍යකරණය කිරීමට ඉඟුරු බොහොම වැදගත් ඔසුවක්.
- කහ කහවලින් ගර්භාෂය වෙත රුධිරය ගලායාම පහසු කරවනවා.එය ඔසප්වීම ආරම්භවීමට වගේම ඔසප්වීමේදී ඇතිවන දැවිල්ල වළක්වා ගන්නත් උපකාරී වෙනවා. ඒ සඳහා උණුසුම් කිරි වීදුරුවකට කහ සහ මී පැණි එකතු කර පානය කරන්නට පුළුවන්.

- කෝපි අක්‍රමවත් ඔසප්වීම සහ ඔසප්වීමේදී ඇතිවන වේදනාව සමනය සඳහා කෝපි වඩා සුදුසුයි. කෝපිවල අඩංගු කැෆේන් මගින් ඊස්ට්‍රජන් මට්ටම නියාමනය කරන අතර යෝනි ප්‍රදේශයේ රුධිර ප්‍රවාහය වැඩිදියුණු කරනවා. මේ කාලපරිච්ඡේදයේදී රුධිර වාහිනී පටුවීමත් සීමා කරනවා.
- කැරම් බීජ කැරම් බීජ තම්බා ගත් වතුර වීදුරුවක් පානය කිරීම මගින් ඔසප් චක්‍රය ක්‍රමවත් ගන්නට හැකියාව ලැබෙනවා. විෂබීජනාශක ගුණයක් ඇති කැරම් බීජ ගර්භාෂය උත්තේජනය කරනවා. ඔසප්වීම සම්බන්ධයෙන් ගැටළු මෙයින් මගහරවා ගන්නට පුළුවන්.
- මිදි මිදියුෂ දිනපතාම වගේ පානය කිරීම වගේම මිදි නිතර ආහාරයට ගැනීම මගින් ඔසප් චක්‍රය විධිමත් වෙනවා. නමුත් අධික ලෙස මිදි ආහාරයට ගැනීම සුදුසු නැහැ. එවිට බඩ බුරුල් වී යාම ආදිය ඇති වන්නට පුළුවන්.
- පාස්ලි යුෂ නිතර පානය කිරීම
- මහදුරු තම්බා පානය
- කොත්තමල්ලි ඇට හෝ කොළ තැම්බූ ජලය දිනකට තුන් වරක් පානය
- කෝමාරිකා යුෂ පානය
- කැරට්
ඉහත සඳහන් ආකාරයට ඔසප්වීම පමාවූ විටක සහ අක්‍රමවත් වූ විට එය යථා තත්ත්වයට පත් කරගන්නට නිවෙස් පිළියම් සුදුසු වුණත් දීර්ඝකාලීනව ඔසප්වීම පමාවීමකදී නම් වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබ ගැනීම අනිවාර්ය වෙනවා. ඔසප්වීම පමාවීම හෝ ඔසප්වීම සිදු නොවීමත් අධික ලෙස රුධිරය වහනය වීමත් යන තත්ත්වයන් නීරෝගී ඔසප් චක්‍රයක ලක්ෂණ නොවෙයි. එවැනි තත්ත්වයන් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා නොගැනීම අනාගතයේදී දරුඵල ලබා ගැනීමට පවා බාධා වන නිසා ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.