පිළිකා වළකන කළුදුරු ගුණ 7 ක්

health tips

ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ඖෂධ සකස් කිරීම සදහා භාවිත කරනු ලබන ද්‍රව්‍යයක් ලෙස කළුදුරු හදුනා ගත හැකිය. ඓතිහාසික වශයෙන් බෝහෝ වැදගත්කමක් කළු දුරු වලට හිමිව තිබේ. එනම් කළුදුරු බෝහෝමයක් රෝග සදහා ඖෂධයක් ලෙස යොදා ගනු ලැබේ.

  • හිසරදය
  • දත් කැක්කුම
  • සෙම
  • ඇදුම
  • ආතරයිටීස්
  • බඩවැල් පණුවන් සදහා
  • ඇදුම
  • අධි රුධිර පීඩනය
  • දියවැඩියාව ආදිය සදහා ප්‍රතිකාර කිරීමේදී කළුදුරු භාවිත කරනු ලැබේ .

කළු දුරු බීජවල ඖෂධීය ගුණ භාවිතය

ශ්වසන රෝග ,ඇදුම ආදී රෝගී තත්වයන් සුවපත් කරයි.ඇදුම, දිගුකාලීනව පවතින කැස්ස සහ වෙනත් ආසාත්මිකතාවයන් සදහා කළු දුරුතෙල් ප්‍රත්‍යක්ෂ ඖෂධයක් බව නූතන වෛද්‍ය විද්‍යාවේදී පිළිගනු ලැබේ. කළුදුරු ඖෂධයේ පවතින Thymoqinone යන ක්‍රියාකාරී සංයෝගය ඇදුම රෝගය සදහා දෙනු රසායනික ඖෂධ වලට වඩා කියාකාරී ඖෂධයක් වන බව එහිදී තහවුරු වී තිබේ. කළුදුරු තේ පානයක් ලෙස සකස් කිරීම, කළුදුරු හුමාලය ආශ්වාස කිරීම ඇදුම රෝගීන් සදහා ඉමහත් සහනයක් ගෙන දෙනු ලබයි .

ගර්භණී කාන්තාවන්ට දරු ප්‍රසූතියෙන් පසු හා දරු ප්‍රශූතියට පෙරදී ලබා දිය හැකි ඖෂධයක් වේ.ගර්භණී සමයේදී “T- cells ” වල ස්ථිතිය සහ ක්‍රියාකාරිත්වය වර්ධනය සදහා කළුදුරුවල ඇති Thymoqinone යන කියාකාරී සංයෝගය උපකාරී වේ .එසේම දරු ප්‍රසූතියෙන් පසු මව්කිරි ලබා දීමේදී ඇති වන විවිධ ගැටලු සදහා ද සහනය ගෙන දෙන ඖෂධයක් ලෙස මෙය හදුනා ගත හැකිය .

පිළිකා සදහා භාවිත කරනු ලබන ඖෂධයක් වේ.කළුදුරුවල අන්තර්ගත වන Thymoqinone යන කියාකාරී සංයෝගය බැක්ටීරියා නාශකයක් මෙන්ම පිළිකා නාශකයක් වේ.පිළිකා සෛල ශරීරය පුරා ව්‍යාප්ත වීම වළක්වනු ලැබේ.පිළිකා රෝගියකුට මුල් අවස්ථාවන්හි අවශ්‍ය වන කීමෝ තෙරපියෙහි අවශ්‍යතාවය කළුදුරු තෙල් භාවිතයෙන් දුරු කර ගත හැකිය.

  1. ලියුකේමියා රෝගය
  2. මහා බඩවැල්වල ඇතිවන පිළිකාව
  3. පියයුරු පිළිකාව
  4. මුඛ පිළිකාව
  5. මොළයේ පිළිකා ආදී පිළිකා රෝගී තත්වයන් රැසක් සුවපත් කිරීමට මෙම ඖෂධය උපකාරී වේ.

විකිරණ ප්‍රතිකාරවලදී මොළය ආරක්ෂා කර දෙයි .පිළිකා සුවපත් කිරීම සදහා කරනු ලබන විකිරණ ප්‍රතිකාරවලින් මොළයට හානි සිදුවන අතර එම හානි වළක්වා ගැනීමට කළුදුරු තෙල් භාවිතය උපකාරී වේ .

අධික කොලෙස්ටරෝල් හා අධික රුධිර පීඩනය පාලනය කරනු ලබයි .ශරීරයේ අන්තර්ගත අහිතකර LDL කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරන අතර හිතකර LDH කොලෙස්ටෙරෝල් මට්ටම නිසි අයුරින් පවත්වා ගැනීමට උපකාරී වේ .එමගින් හදවත් රෝග ,ආඝාතය වැනි රෝග වලින් ආරක්ෂා වීමට ද හැකියාව ලැබේ .අධි රුධිර පීඩනය ඇති අයෙක් කළුදුරු යුෂ මිලිග්රැම් 100-200 පමණ දිනකට දෙවරක් බැගින් දිනපතා ආහාරයට ගැනීමෙන් මාස දෙකක් පමණ කාලයක් තුළ දී සුවපත් භාවය ලබා ගත හැකිය.

දියවැඩියාව සුවපත් කරන ඔසුවක් වේ .දියවැඩියා ස්වරූප දෙකෙහි පසුවන පුද්ගලයන්ට ,දියවැඩියා රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයන්ට කළුදුරු තෙල් භාවිත කිරීමෙන් ශරීරයේ ඉන්සියුලින් අගය නියමාකාරයෙන් පවත්වා ගෙන යාමට උපකාරී වේ. එය අක්මා බඩවැල්වල ,අක්මා සෛලවල ග්ලුකෝස් සන්වේදීතාව උද්වීපනය කර ශරීරයට වැඩි වශයෙන් අවශෝෂණය වීම අඩු කර ගැනීමට හැකියාව ලැබේ.

කළුදුරු ඖෂධයක් ලෙස භාවිත කීරීමේදී සැළකිය යුතු කරුණු .

  • ගර්භණී සමයේදී සුළු වශයෙන් කළුදුරු ආහාරයට ගැනීමට මතක තබා ගත යුතුය. විශාල වශයෙන් ආහාරයට ගැනීම අනාරක්ෂිත තත්වයන් ඇති කිරීමට හේතුවේ.
  • කළු බීජ තෙල් කෙටි කාලීනව සහ නිර්දේශිත ප්‍රමාණයන්ගෙන් ගන්නා විට ආරක්ෂිතවේ.
  • කළුදුරු භාවිත කිරීමේදී කළුදුරු ලේ කැටි ගැසීම ප්‍රමාද කරවන ලේ ගැලීමේ අවදානම වැඩි කරයි. එබැවින් කළුදුරු මගින් ලේ ගැලීමේ ආබාධ වැඩි කරන බව අප මතක තබා ගත යුතුය.
  • ශල්‍යකර්ම වලදී ලේ ගැලීම් සිදු වන නිසා ශල්‍යකර්මය සිදු කිරීමට පෙර ඖෂධයක් වශයෙන් කළුදුරු භාවිත කරන්නේ නම් එය සති දෙකකට පෙර නැවැත්විය යුතුය.