ශරීරය ලෙඩරෝග වලින් ආරක්ෂා කරවන්නේ අපේ සිරුරේ ආරක්ෂක යාන්ත්‍රණය වන ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින්ය.ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්ලව වීමෙන් සිදුවන්නේ සිරුර නොයෙකුත් ලෙඩ රෝග ආසාදන වලට ගොදුරුවීමේ අවදානම ඉහළ යාමයි.ශරීර සෞඛ්‍ය ආරක්ෂා කරගැනීමට වගේම සිරුරේ නීරෝගී පැවැත්ම සඳහා ප්‍රතිශක්තිකරණ පද්ධතිය වඩාත් ශක්තිමත් කරගැනීමට කටයුතු කිරීම ඉතා වැදගත්.ප්‍රතිශක්තිය දුර්වල පුද්ගලයින් නිතර නිතර ලෙඩ රෝග වලට ලක්වීමේ ප්‍රවණතාව වැඩිය.
ඔබේ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නීරෝගී මට්ටමක නොමැති බව පෙන්නුම් කරන අවදානම් සංඥා කිහිපයක් ගැනයි අද අප ඔබව දැනුවත් කරන්නේ.දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක රෝග ලක්ෂණ
- නිතර නිතර සෙම්ප්‍රතිශ්‍යා හා වසංගත උණ වැනි ආසාදන රෝග වලට ලක්වීමේ වැඩි ප්‍රවණතාව මෙය දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක ප්‍රධානතම ලක්ෂණයයි. සිරුර නැවත නැවත ආසාදන වලට ලක්වෙයි.දුර්වල ප්‍රතිශක්තියක් ඇති අයෙකු තුළ වර්ධනය වන ඇතැම් රෝග වඩාත් බරපතල විය හැකි අතර ප්‍රතිකාර කිරීමට පවා අපහසු විය හැකියි.
- රෝගකාරක විෂබීජ හා ආගන්තුක ද්‍රව්‍ය වලට එරෙහිව සටන් කිරීමට ශරීරයට ඇති හැකියාව ඉතාම අඩු නිසා ඒවාට පහසුවෙන්ම සිරුර ග්‍රහණයට ගත හැකියි.දුර්වල ප්‍රතිශක්තියක එති අය තුළ මෙනින්ජයිටිස්,බ්‍රොන්කයිටිස්, චර්ම ආසාදන වැනි තත්වයන් ඇතිවීමේ අවදානම වැඩිය.
- ශරීර අභ්‍යන්තර අවයව ආශ්‍රිත ප්‍රදාහය වැඩිවීම (පීඩාකාරී ඉදිමුම්)
- නිරක්තිය (ඇනීමියා) වැනි රුධිරය ආශ්‍රිත රෝගාබාධ හෝ විකෘති තත්වයන් වර්ධනය වීම
- ආහාර අරුචිය,පාචනය හෝ පීඩාකාරී බඩ පෙරළෙන ගතිය ඇතුළු ජීර්ණ මාර්ගයේ ආබාධ හටගැනීම
- දරුවන්ගේ වර්ධනය බාල වීම
ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන ආහාර පාන

නිවිති-නිවිති ස්මූති ලෙස හා හුමාලයේ තම්බා ආහාරයට ගත හැකියි.මෙය ඉතා ගුණදායි යකඩ වැනි පෝෂක බහුල ආහාරයකි.විටමින් C ද බහුල නිසා ප්‍රතිශක්තියට ඉතා හිතකරයි. නිතිපතා ආහාරයට සුදුසුයි.
සුදුලූනු-පුරුෂයින් සඳහා ඉතා ගුණදායී බව සඳහන්.මේවා ආහාරයට ගන්නා තරමට ප්‍රතිශක්තිය වැඩිවෙන බව පෙන්වාදෙයි.දිනපතා උදෑසන අමු සුදුලූනු බිකි 2ක් පරිභෝජනය කිරීමට පුරුදුවන්න.
ප්‍රෝටීන් බහුල ආහාර-බිත්තර ,මාලු,මේද අඩු ප්‍රෝටීන් බහුල මස් වර්ග ,ප්‍රෝටින් බහුල ධාන්‍ය, බෝංචි, දඹල ,සෝයා වැනි ආහාර මීට උදාහරණයි.ප්‍රෝටීන් බහුල ආහාර ප්‍රතිශක්තිය හා ශරීර ශක්තිය වැඩිකරවයි.
විටමින් D-උදෑසන කාලයේ හිරු එළියට සම නිරාවරණය වන විට අපේ සිරුරු තුළ ස්වභාවිකවම විටමින් D නිපදවෙයි.ශරීරයට ශක්තිය ලැබෙන කැල්සියම් වැනි පෝෂක සිරුරට හොඳින් උරාගැනීමට හැකිවන්නේ විටමින් D සිරුරට ලැබෙන විටයි.ප්‍රතිශක්තිය ශක්තිමත් වීමට විටමින් D ඉතා වැදගත් බව පෙන්වාදෙයි. දිනකට උදෑසන කාලයේ මිනිත්තු 7-8ක් පමණ හිරු එළියේ ගත කරන්න.ඊට අමතරව විටමින් D බහුල ආහාර පාන ඔබේ ආහාර වේලට එක්කරගන්න.
විටමින් C බහුල ආහාර ප්‍රතිශක්තිකරණ පද්ධතිය සඳහා අතිශයින්ම වැදගත් පෝෂකයක් ලෙස නම් දරන්නේ විටමින් C පෝෂකයි.ලෙමන්, දෙහි, දොඩම් වැනි පැඟිරි කුලයේ පලතුරු වල විටමින් C බහුලයි. පැපොල්,පේර,ස්ට්‍රෝබෙරි, අඹ,නෙල්ලි,තක්කාලි,බෙල්පෙපර් වැනි ආහාර වල ද විටමින් C හොඳින් අඩංගුයි.මේවා ඔබේ ආහාර වේලට එක්කරගන්න!
දිනපතා හොඳින් ජලය පානය කරන්න.දිනකට වතුර ලීටර් 2-3ක් පමණ පානය කිරීමට පුරුදු වීම හොඳ සෞඛ්‍ය පුරුද්දක් ලෙස නිර්දේශ කරයි. එය ශරීරයේ නීරෝගීබවට ඉවහල් වෙයි.