හිසකෙස් හැලීයාම, හිසකෙස් තුනීවීම, ඉස් හොරි ඇතිවීම,අග පැළීම,හිසකෙස් හානිවී තිබීම ආදි නොයෙකුත් ගැටලු ඇතිවීම ඔබේ කෙස්කලඹේ ආකර්ෂණීය බව අඩුකරවයි.මෙවැනි ගැටලු වලට පිළියම් විදියට භාවිත කළ හැකි අමුද්‍රව්‍ය දෙකකින් සකස් කරගත හැකි ස්වභාවික හිසකෙස් සත්කාර ක්‍රම 10ක් ගැනයි අද අපි ඔබට කියන්නට සූදානම.
වියළී ගිය ගැට සහිත කෙස්කලඹකට-ගිතෙල් හෝ ෂියා බටර් මේස හැඳි 1ක් බඳුනකට දමන්න. මෙම අමුද්‍රව්‍ය වල ඇති ගුණයෙන් හිසකෙස් වල තෙතම්නය වැඩිවේ.එමෙන්ම කෙස්ගස් වලට හොඳ දීප්තියක් මෙන්ම මෘදු සුමුදු ගතියක් ද ලැබේ.එයටම නැවුම් කෝමාරිකා ජෙල් හෝ මද මේස හැඳි 2ක් එක්කරන්න.කෝමාරිකා මඟින් හිස්කබලේ මැරුණු සෛල අළුත්වැඩියාවට කරයි.හිසකෙස් මත ස්වභාවික කන්ඩිෂනර් සත්කාරයක් මෙන් රැඳෙයි.මෙය හිස් කබලේ හා හිසකෙස් වල හොඳින් ආලේප කර මිනිත්තු 30ක් පමණ තිබෙන්නට හරින්න. පසුව මෘදු ෂැම්පු වර්ගයක් යොදා හිස සෝදාගන්න.
හිස්කබලේ සම ගැඹුරින් පිරිසිදු කරන සත්කාරයක් දුඹුරු සීනි මේස හැඳි 1ක් බඳුනකට දමන්න.සීනි මඟින් සම ස්ක්‍රබ් කර ගැඹුරින් පිරිසිදු කරයි. සමේ මැරුණු සෛල ඇතුළු කුණු දුහුවිලි ආදිය ද ඉවත්වේ.ඊටම ඔලිව් තෙල් මේස හැඳි 2ක් දමා මිශ්‍ර කරන්න. ඔලිව් තෙල් හිසකෙස් වලට හොඳම තෙල් වර්ගයකි.හිසකෙස් කළු කරයි. හිසකෙස් වලට පෝෂණය හා තෙතමනය ද සලසයි.හිසකෙස් වර්ධනය වේගවත් කරයි. මිශ්‍රණය හිස්කබලේ ගල්වා ඇඟිලි තුඬු වලින් මෘදුව සම්බාහනය කරන්න.පසුව හිස සෝදන්න. මේ ක්‍රමය මාසයකට එක්වරක් බැගින් අනුගමනය කරන්න.

හිසකෙස් ශක්තිමත් වීමට-පිසගත් බත් මේස හැඳි 1ක් බඳුනකට එක්කරන්න.බ්ත් මඟින් හිසකෙස් මෘදු සුමුදු කර ඊට හොඳ දීප්තියක් ලබාදේ.පැහැන්නට තැබූ සහල් පෙඟවූ වතුර හෝ බත් කැඳ මේස හැඳි 2-3ක් ඊට එක්කර බ්ලෙන්ඩරයට දමා මිශ්‍ර කරගන්න.මෙම සත්කාරය හිසකෙස් ශක්තිමත් කරනවා පමණක් නොව හිසකෙස් දිගුව වර්ධනය කරගැනීමට ද සහය වේ. මෙම මිශ්‍රණය හිස්කබලේ සහ හිසකෙස් වල හොඳින් ආලේප කර, පැයක් පමණ තබා, හිස සෝදන්න.
ඉස් හොරි , හිස්කබලේ වියළි බව හා කසනසුලු ගතිය දුරලන සත්කාරයක්ඉඟුරු කැබැල්ලක් ගෙන පොතු ඉවත් කර ග්‍රේට් කරගන්න.රෙදි කැබැල්ලකට ඒවා ගෙන යුෂ මිරිකා වෙන්කරගන්න. ඉඟුරු යුෂ වලින් මේස හැඳි 1ක් පමණ මේ සඳහා අවශ්‍යයයි. ඉඟුරු යුෂ මඟින් හිස්කබලේ ඉස් හොරි තත්වය අඩුකර වියළි බව හා කසන ගතිය දුරුකරයි.ඊට කොහොඹ තෙල් මේස හැඳි 1ක් ද එක්කරන්න. කොහොඹ තෙල් හිස්කබලට තෙතමනය හා හොඳ ආරක්ෂාවක් සලසයි.හිස්කබලේ ගැටලු වලට ප්‍රතිකාරයක් ද වේ.නීරෝගි හිසකෙස් වර්ධනය වීම උත්තේජනය කරයි. මෙම අමුද්‍රව්‍ය එකට මිශ්‍ර කර,,හිස්කබලේ ආලේප කරන්න. ඇඟිලි තුඬු වලින් මිනිත්තු 5ක් පමණ සම්බාහනය කරන්න. පසුව, මිනිත්තු 30ක් පමණ තිබෙන්නට හැර හිස සෝදන්න.
කෙස්කලඹට වඩාත් ගැඹුරු කන්ඩිෂනර් සත්කාරයක් වදමල් වියළා කුඩු කරගන්න. ඉන් මේස හැඳි 1ක් පමණ බඳුනකට එක්කරන්න. නැතිනම් මේ සඳහා නැවුම් වදමල් 2ක් පමණ ද භාවිත කළ හැකියි.වදමල් හිසකෙස් වර්ධනයට ඉතා හිතකරයි.හිසකෙස් නීරෝගී කරයි. අකලට හිසකෙස් කලු වීම හා හිසකෙස් හැලීයාම වළකයි.ඊට යෝගට් හෝ මුදවපු කිරි වලින් මේස හැඳි 2ක් දමන්න. මේවායේ ඇති කිරි පෝෂණය හිසකෙස් මත ස්වභාවික කන්ඩිෂනර් සත්කාරයක් මෙන් ක්‍රියාකරයි.සියල්ල හොඳින් කළවම් කරන්න.හිස්කබලේ හා හිසකෙස් වල මුල සිට අග දක්වා ආලේප කර මිනිත්තු 30ක් පමණ තිබෙන්නට හරින්න. පසුව සල්ෆේට් රහිත මෘදු ෂැම්පු වර්ගයක් යොදා හිස සෝදන්න.
හිසකෙස් අලුත්වැඩියා කරවන සත්කාරයක්-නෙල්ලි කුඩු මේස හැඳි 1ක් බඳුනකට එක්කරන්න. නෙල්ලි හිසකෙස් වලට බොහෝ හොඳ ප්‍රතිලාභ ලබාදෙන ස්වභාවික අමුද්‍රව්‍යකි.හිසකෙස් වර්ධනය උත්තේජනය කරයි. හිසකෙස් වඩාත් ඝනකම් හා කළු කරයි.හිසකෙස් වැටීම පාලනය කරයි. කෙස් අග පැලීම් ද අවම කරයි.ඊට ලූනු තෙල් හෝ ලූනු යුෂ මේස හැඳි 1ක් දමා මිශ්‍ර කරන්න.ලූනු ද හිසකෙස් ආශ්‍රිත ගැටලු වලට බොහෝ හොඳ සත්කාරයකි.විශේෂයෙන්ම හිසකෙස් හැලීයාමට ප්‍රතිකාර කරයි.හිසකෙස් තුනී වීම වළකා ඒවා වඩාත් ඝනකම් කරවයි. මිශ්‍රණය වියළි හිස මත ගල්වන්න. මිනිත්තු 30ක් පමණ තබා සෝදා හරින්න. මේ සත්කාරය සතියකට වාර 1-2ක් පමණ කරන්න.
කෙස්කලඹේ මෘදු බව හා ස්වභාවික දීප්තිය වඩවන සත්කාරයක්-ඔලිව් තෙල් මේස හැඳි 1ක් බඳුනකට දමන්න. මේවා මඟින් හිස්කබලට අවශ්‍ය තෙතමනය ලබාදෙයි. හිස්කබලේ සම නීරෝගි කරයි.ඊට අමු මී පැණි මේස හැඳි 1ක් ද දමා මිශ්‍ර කරන්න.මී පැණි හිසකෙස් මෘදු කරයි. කෙස්කලඹේ මලානික බව දුරු කර, ස්වභාවික දීප්තිය වඩවයි.වියළි හිස්කබලේ හා හිසකෙස් මත හොඳින් මෙය තවරන්න. මිනිත්තු 30ක් පමණ තබා හිස සෝදා හරින්න. මෙය සතියකට එක් වරක් පමණ භාවිත කරන්න.
හිසකෙස් වල නීරෝගී බව වඩවන සත්කාරයක්-රෝස්මරි හෝ කීකිරිඳිය කුඩු වලින් මේස හැඳි 1ක් පමණ බඳුනකට දමන්න. මෙම අමුද්‍රව්‍ය හිසකෙස් වර්ධනය උත්තේජනය කරයි.හිසකෙස් හැලීයාම අවම කරයි.ඊට කෝමාරිකා මද හෝ ජෙල් මේස හැඳි 2ක් දමා මිශ්‍ර කරන්න. කෝමාරිකා හිසකෙස් ශක්තිමත් කරයි. හානි වූ ඒවා අලුත්වැඩියා කරවයි.මෙය හොඳින් මිශ්‍ර කර,හිසේ ගල්වා මිනිත්තු 30ක් පමණ තිබෙන්නට හැර පසුව සෝදා හරින්න.

හිස්කබලේ සම ගැඹුරින් පිරිසිදු කරමින් එහි රැඳී ඇති වස විස අපද්‍රව්‍ය ඉවත් කරන, හිසකෙස් වල අධික තෙල් ගතිය පාලනය කරන සත්කාරයක්-බෙන්ටොනයිට් මැටි හෝ මුල්තානි මිට්ටි නම් මැටි වලින් මේස හැඳි 1ක් බඳුනකට දමන්න. මේවා රූපලාවන්‍ය භාවිතයට යොදාගන්නා සුවිශේෂී මැටි වර්ගය. හීස්කබලේ සම ගැඹුරින් පිරිසිදු කර සමේ සිදුරු තුළ අවහිරතා අවම කරයි.සමේ හා හිසකෙස් වල ඇති තෙල් ගතිය උරාගනිමින් ඒවා ඉවත්කිරීම පහසු කරයි.ඊටම සකසාගත් ග්‍රීන් ටී වලින් මේස හැඳි 2ක් දමා මිශ්‍ර කරන්න. ග්‍රීන් ටී ශක්තිමත් හා නීරෝගි කෙස්ගස් වර්ධනය වීමට් ආධාර කරයි. මිශ්‍රණය කොටස් ලෙස බෙදාගත් හිස්කබලේ ගල්වා, මිනිත්තු 10-15ක් පමණ රැඳෙන්නට හරින්න. පසුව, ආලේපනය හොඳින් ඉවත්වන සේ සෝදා හරින්න.
හිසකෙස් හැලීයාම පාලනය කරගැනීමට ප්‍රතිකාර කරන සත්කාරයක්-කෝමාරිකා ජෙල් හෝ මද මේස හැඳි 1ක් බඳුනකට දමන්න.කෝමාරිකා හිසකෙස් නැවත වර්ධනය වීම වේගවත්ව සිදුවීමට අවශ්‍ය සහය ලබාදෙයි.ඊටම ලූනු යුෂ මේස හැඳි 1ක් මිශ්‍ර කරන්න.ලූනු යුෂ වල ඇති ඖෂධීය ගුණ හිස්කබල පෝෂණය කර සුවපත් කරයි.හිසකෙස් වැටීම නවතයි.හිසකෙස් දිගුව හා ඝනකම්ව වර්ධනය වීම ප්‍රවර්ධනය කරයි.මේවා එකට මිශ්‍ර කරගත් පසු හොඳින් හිස්කබලේ තවරන්න. මිනිත්තු 30ක් පමණ තබා සාමාන්‍ය පරිදි ෂැම්පු යොදා හිස සෝදන්න. සතියට වාර 1-2ක් පමණ කරන්න.