හොයාගෙන හරි කෙකටිය ආහාරයට ගැනීමට හේතු 14 ක්

health tips

කශේරු යනුවෙන් ද හදුන්වන කෙකටිය ශාකය ජලාශ්‍රිත ප්‍රදේශයන්හි වැවෙන ඉතා වටිනා ඖෂධීය ගුණ වලින් සමන්විත ශාකයක් වේ. කෙකටිය ශාකය Aponogetonaceae නම් උද්භිද ශාක කුලයට අයත් ශාකයක් වේ. Aponogeton උද්භිද ශාක කුලයට අයත් ශාක කුලයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒවා පොදුවේ කෙකටිය යනුවෙන් හදුන්වනු ලබයි. එයින් ශාක විශේෂ හතරක්ම ලංකාවට ආවේණික මෙන්ම දුර්ලභ ඒවා වේ. කෙකටිය සෙන්ටිමීටර් 5ක් පමණ විෂ්කම්භයකින් යුක්ත පත්‍යණ්ඩාභ අලයකින් සමන්විත ජලජ ශාකයකි. මෙම ලිපියේදී විස්තර කරන කෙකටිය ශාක විශේෂයේ අලය විශාල ලෙස වර්ධනය වන අතර දුර්ලභ තර්ජනයට ලක්ව ඇති පැළෑටියක් වේ. මේවායේ පත්‍ර දාරය තරංගී හෝ රැලි සහිත වේ. මේවායේ පත්‍ර බෝහෝමයක් ජලය තුළ ගිලී පවතී. කුඩා මල් සහිත අලංකාර පුෂ්ප මංජරියක් මෙම ශාකයේ හටගන්නා අතර එය සෙන්ටිමීටර් 13ක් පමණ දිගකින් යුක්ත වන අතර අක්ෂය සෙන්ටිමීටර් 75ක් පමණ දිගට වර්ධනය වේ. මෙම කුඩා පුෂ්ප සුදු රෝස හෝ ළා දම් පැහැයෙන් යුක්ත වේ. කෙකටිය අල ව්‍යංජනයක් ලෙස මෙන්ම තම්බා පොල් සමග ද ආහාරයට ගනු ලබයි. එය ශරීර ශක්තිය වර්ධනය කරන ආහාර යකි. කෙකටිය මල් ද කිරි සහ තෙල් යොදා රසවත් ලෙස ප්‍රනීත ව්‍යංජනයක් සකසා ගනී. කෙකටිය මිනිසාට හටගන්නා බෝහෝමයක් රෝග සුවපත් කිරීම සදහා භාවිත කරන වටිනා ඖෂධීය ශාකයක් වේ. 

කෙකටිය ශාකයේ ඖෂධීය ගුණ භාවිතයෙන් සුවපත් කර ගන්නා රෝග බෝහෝමයක් රෝග සදහා ප්‍රතිකාර කිරීමේදී කෙකටිය ශාකයේ අල සහ මල් ඖෂධ ලෙස භාවිත කරනු ලැබේ. 

  • අතීසාරය සදහා 
  • ග්‍රහණිය සදහා 
  • අක්ෂි රෝග සදහා 
  • සෝම රෝග සදහා 
  • ප්‍රමේහය සදහා 
  • වමනය සදහා 
  • ශරීර දුර්වලතා සදහා 
  • විසර්ප සදහා 
  • විසූචිකා සදහා 
  • ජර්දි සදහා 
  • රක්ත අතීසාරය සදහා 
  • රක්ත අර්ශස් සදහා 
  • ප්‍රදර රෝග සදහා 

කෙකටිය ශාකයේ ඖෂධීය ගුණ 

  • 1. ඇසට ගුණදායක ඔසුවක් වේ.
  • 2. වණවල ඉදිමුම් සමනය කරයි.
  • 3. ශුක්‍ර වර්ධනය කරයි.
  • 4. ආහාර රුචිය වර්ධනය කරයි.
  • 5. හදවත බලගන්වයි.
  • 6. මව්කිරි වර්ධනය කිරීම සදහා උපකාරී වේ.
  • 7. දාහය සංසිදුවයි.
  • 8. වමනය ඇතිවීම වළක්වයි.යනාදී වශයෙන් බෝහෝමයක් ඖෂධීය ගුණයන්ගෙන් කෙකටිය සමන්විත වේ. 

කෙකටිය ශාකය භාවිතයෙන් සකසන අත්බෙහෙත් 

  • වමනය සදහා.කෙකටිය අල තම්බා ගත් ජලය මී පැණි සහ වී පොරි සමග කලවම් කොට පානය කිරීමෙන් වමනය සමනය කරනු ලබයි. 
  • අතීසාරය සදහා.කෙකටිය අල තැම්බූ ජලය හෝ කෂාය පානය කිරීම සදහා ලබා දෙනු ලබයි. 
  • විසර්ප සදහා. කෙකටිය ශාක අල ගිතෙලින් අඹරා ආලේප කරනු ලබයි. 
  • පිපාසය දුරලීම සදහා.මේ සදහා කෙකටිය මල් හෝ අල තම්බන ලද ජලය පානය කිරීම ගුණදායක වේ. 
  • ගැස්ට්‍රයිටිස් සදහා.කැද පිණිස පානය කිරීම සදහා ලබා දීම හෝ කෙකටිය සම්පුර්ණ ශාකයම තම්බා පානය කිරීම සදහා ලබා දීම ගුණදායක වේ. 
  • ගර්භණී මව්වරුන් සදහා.ගර්භය නිසි ලෙස ස්ථාන ගත වීම සදහා කෙකටිය අල බැද තම්බා ආහාරයට දෙනු ලබයි. 
  • ප්‍රමේහ රෝගීන් සදහා.මේ සදහා ආහාරයක් ලෙස අල හෝ මල් කිනම් හෝ ආකාරයකින් සකසා දෙනු ලබයි. 
  • දරු ප්‍රශූතියෙන් පසු ලේ වහනය වැළැක්වීම සදහා මෙන්ම මව්කිරි වර්ධනය කිරීම සදහා.කෙකටිය අල ,මල් කැද හෝ ව්‍යංජන ලෙස සකසා ආහාරයට දෙනු ලබයි. 
  • කහ උණ සදහා.කෙකටිය මල්වලින් කැද සකස් කර පානය කිරීම සදහා ලබා දෙනු ලබයි. 
  • අක්ෂි රෝග සදහා. කෙකටිය වැල්මී සමග අඹරා පුරවලියන් යොදනු ලබයි. 
  • කෙකටිය ආහාරයට ගැනීමෙන් පිත කෝප වී හටගන්නා ඇගපත දැවිල්ල , මූත්‍ර දැවිල්ල ,බඩේ දැවිල්ල ,මල මාර්ගයේ දැවිල්ල ආදී පීඩාකාරී රෝග තත්වයන් සමනය කරගෙන සහනයක් ලබා ගත හැකිය. 

මෙලෙස නොයෙකුත් රෝග සුවපත් කර ගැනීම සදහා ප්‍රතිකාර කිරීමේදී කෙකටිය අල සහ මල් බහුලව යොදා ගනී. කෙකටිය අල සහ මල් භාවිතයෙන් අපට රසවත් ප්‍රනීත ව්‍යංජන ද සකසා ගත හැකිය. මෙම වටිනා ඖෂධීය ශාකය දුර්ලභ තර්ජනයට ලක්ව ඇති ශාකයක් වන බැවින් ඒවා සුරකීම සදහා කටයුතු කිරීම අප සෑම දෙනාගේම වගකීමක් වේ. කෙකටිය බෝහෝමයක් රෝග නසන වටිනා ඖෂධීය ගුණයෙන් අනූන ශාකයක් වේ. මෙවැනි වටිනා ඔසු පැළෑටි පිළිබඳ දැනුවත් වී සිටීමද ඕනෑම පුද්ගලයෙකුට ඉතා වැදගත් ය