බර අඩු කරගන්න වතුර වීදුරුවකට මේස හැන්දක් එකතු කර උදෑසන මේක පානය කරන්න

health tips

පොල්වලින් සකස් කර ගන්නා පොල් විනාකිරි වගේම ඇපල් භාවිතයෙන් සකස් කර ගන්නා විනාකිරි තමයි අපි  ඇපල් සයිඩර් විනාකිරි ලෙස භාවිතයට ගන්නේ. අද බොහෝදෙනෙක් තමන්ගේ රූපය ලස්සන කර ගන්නටත් , බර අඩුකර ගන්නටත් මේ ඇපල් සයිඩර් විනාකිරි භාවිතයට ගන්නවා. නමුත් මේ ඇපල් සයිඩර් විනාකිරි නිවැරදිව භාවිතා කළ යුතු ආකාරය පිළිබඳව බොහෝදෙනෙක්ට අඩු දැනුමක් තියෙන නිසා මේ ඇපල් සයිඩර් විනාකිරි පිළිබඳව ටිකක් ගැඹුරින් දැන ගන්නා එක හැමෝටම වැදගත් නේ. ඒ නිසාමයි අද අපි ඔබ සමඟ ඒ කරුණු කාරණා පිළිබඳව කතා කරන්නට කල්පනා කළේ.

අද කාන්තා බොහෝදෙනෙක් කුරුලෑ ලප කැලැල් හෝ වෙනත් අඳුරු පැහැ ලප හෝ ඉන්නන් ආදිය නිසා කනස්සල්ලට පත්වෙලා සිටිනවා. ඉතින් මේ වගේ ගැටළු බොහොමයකටම ඉතාම හොඳ පිළිතුරක් මේ  ඇපල් සයිඩර් විනාකිරි. නමුත් බාහිරින් භාවිතා කිරීම හැරුණාම  මෙය අභ්‍යන්තරයට ගත්තොත් අපේ  ශරීරයට වන බලපෑම ගැනයි අද අපි කතා කරන්නේ.

ඇපල් ගෙඩියේ යුෂයේ යීස්ට් දිලීරය වර්ධනය වීමට ඉඩහරිනවා. එයින් ඇපල් යුෂයේ මධ්‍යසාරය නිෂ්පාදනය වෙනවා. මේ ඇල්කොහොල් මත තවදුරටත් මේ ක්‍රියාවලියට විශේෂිත වුණු බැක්ටීරියා වර්ග යීස්ට් කියන දිලීරය වර්ධනය වීමට ඉඩ ලබාදීමෙන් අපිට ලැබෙන්නේ මේ ඇපල් සයිඩර් විනාකිරි. ඉතින් වෙළදපොලෙන් ලබා ගන්නට හැකියාව තියෙන මේ ඇපල් සයිඩර් විනාකිරි අද බොහෝදෙනෙක් නිර්දේශිත ප්‍රමාණවලින් සිය ආහාරවේලට එකතු කරගන්නට උනන්දු වෙනවා.

නමුත් ඒ ආකාරයට එදිනෙදා  ආහාරවේලට ඇපල් සයිඩර් විනාකිරි  එකතු කර ගැනීමෙන් අපේ ශරීරයට කිසිදු සැලකිය යුතු මට්ටමේ  පෝෂ්‍ය  කොටසක් අන්තර්ගත වෙන්නේ නැහැ. අපේ දේහයට ඕන  කරන විටමින් ප්‍රමාණයක්, ඛනිජ ලවණ ප්‍රමාණයක් හෝ වෙනත් පෝෂ්‍යදායි කොටසක් මෙහි අඩංගු වෙන්නේ නැහැ. මේ ඇපල් සයිඩර් විනාකිරිවල අන්තර්ගත එකම දේ වෙන්නේ විවිධ වර්ගයේ ඇසිඩ් වර්ග. ප්‍රධාන වශයෙන් ඇසිටික් ඇසිඩ්, සිට්ට්‍රීක් ඇසිඩ්, මැලික් ඇසිඩ්, ලැක්ටික් ඇසිඩ්, එතනොයික් ඇසිඩ්, ඇල්ෆා හයිඩ්රොක්සි ඇසිඩ් ආදිය මේවායේ අන්තර්ගත වෙනවා. ඒ අතුරින් වැඩි වශයෙන්ම අන්තර්ගත වෙන්නේ සිට්ට්‍රීක් ඇසිඩ්.ඒ නිසා මේ විනාකිරි ඇඹුල් රසයක් ගන්නවා.

ඇපල් සයිඩර් විනාකිරි ආහාරයට එකතු කර ගැනිමෙන් ඇතිවන බලපෑම් 

  • ආහාර ජීර්ණය පහසු කරනවා.මේ ඇපල් සයිඩර් විනාකිරි විවිධ ඇසිඩ් වර්ග කිහිපයක එකතුවක් නිසා එහි PH අගය ඉතාමත් පහළ මට්ටමක තමයි පවතින්නේ. මේ PH 3-3.5 ත් අතර අගයක් ගන්නවා.   අපේ දේහයේ ආමාශයේ අග්‍න්‍යාශයේ පැවතිය යුතු PH අගයත් මේ වගේ අඩු ආම්ලික PH අගයක්. ඒ නිසා මේ ඇපල් සයිඩර් විනාකිරි  එදිනෙදා ආහාරවේලට එකතු කර ගැනීමෙන් ආමාශයේ සහ අග්න්‍යාශයේ ඒ පැවතිය යුතු PH අගය පවත්වා ගන්නට උපකාරී වෙනවා. ඒ වගේම මේ විනාකිරි ආමාශයට ඇතුල් වුණාට පස්සේ ආහාර ජීර්ණය සඳහා ඕන කරන එන්සයිම ක්‍රියාකාරී කරවන්නට උදව් වෙනවා. එය ආහාර ජීර්ණය වේගවත් කරන්නට  දායක වෙනවා.
  • කුඩා අන්ත්‍රවල ජීවත් වන අහිතකර බැක්ටීරියා විනාශ කරනවා.
  • ඛනිජ ලවණ සහ විටමින් වර්ග අවශෝෂණය වැඩි කරනවා.කැල්සියම්, මැග්නීසියම්,  අයින් වගේ ඛනිජ ලවණත්, විටමින් K, විටමින්  D, විටමින් B12 ආදී විටමින් වර්ගත්  අපේ දේහයට අවශෝෂණය වැඩි කිරීමේ හැකියාව  මේ ඇපල් සයිඩර් විනාකිරිවලට පවතිනවා.
  • බඩ පිපීම සුව කරනවා.
  • දියවැඩියා රෝගීන්ට ගුණදායකයි. 
  • සිරුරේ බර පාලනය කරනවා. ඇපල් සයිඩර් විනාකිරි අපේ ආහාර රුචිය තරමක් අඩු කරනවා. ඒ නිසා අපි ආහාර ලබා ගන්නා වාර ගණන  ආහාර ලබා ගන්නා ප්‍රමාණය අඩු කරන නිසා බර අඩුකර ගන්නට උනන්දු  වෙන අයෙකුට ඉතාම වැදගත්. 
  • රුධිරයේ  සීනි මට්ටම අඩු කරනවා.
  • සිරුරට හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරනවා.
  • දේහයේ අනවශ්‍ය මේද තට්ටු දහනය කර මේදය තැන්පත්වීම අඩු කරනවා.

ඇපල් සයිඩර්  විනාකිරි ලබාගත යුතු නිවැරදි ප්‍රමාණය weight lost ප්ලෑන් එකක සිටින අයෙක් සඳහා සම්පූර්ණයෙන්ම weight lost සැලස්මක් අනුගමනය කරන අයෙක් තමන්ගේ ආහාර වේලට ඇපල් සයිඩර් විනාකිරි  එකතු කර ගන්නේ නම් එය මේස හැදි 1-2 අතර  ප්‍රමාණයක් ගැනීම සුදුසුයි. එනම් මිලිලීටර් 15 – 30 අතර  ප්‍රමාණයක් වතුර කෝප්ප 2 ක්  සමඟ මිශ්‍රකර උදෑසන පානය කරන්න.

බර අඩුකර ගන්නට ඇපල් සයිඩර් විනාකිරි පානය සකස් ගැනීම සඳහා 

  • ඇපල් සයිඩර් විනාකිරි
  •  ඉඟුරු
  • දෙහි 
  • කුරුඳු
  • කහ 
  • මී පැණි  අවශ්‍ය වෙනවා.

වතුර වීදුරුවක් (මිලි ලීටර් 147.87 ක් පමණ) ගෙන එයට  ඇපල් සයිඩර් විනාකිරි  මේස හැදි 1 ක ප්‍රමාණයක්  එකතු කරගෙන හොඳින් මිශ්‍රකර ගන්න.පසුව දෙහි යුෂ තේ හැන්දක්, තලාගත් කුඩා ඉඟුරු කැබැල්ලත් ආහාරයට ගන්නා කහ කුඩු ස්වල්පයක් කුරුඳු පොඩි කෑල්ලක් ද එකතු කරගෙන හොඳින් කලවම් කර ගන්න. පසුවම මී  පැණි තේ හැන්දක් එකතු කර හොඳින් කලවම් කර විනාඩි 30 ක් පමණ තබා පානය කරන්න. ඒ වගේම මේ පානය එකවර පානය නොකර දිනක් ඇතුළත වාර තුනකට පානය කරන්නත් මතක තබා ගන්න. මෙය උදේ, දහවල් රාත්‍රී  ආහාර ගැනීමට පැයකට පමණ පෙර ගැනීම වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා  ගන්නට හැකියාව ලැබෙනවා.

  • සාමාන්‍ය පුද්ගලයෙකු සඳහා ආහාර ජීර්ණය වැඩි කර ගන්නට බඩ පිපුම් තත්ත්වයක් සමනය කර ගන්නට ආදියට මෙය භාවිතා කරන්නේ නම් ඇපල් සයිඩර් විනාකිරි  තේ හැදි 1 ක් තේ හැදි 2 අතර ප්‍රමාණයක් ජලය කෝප්ප එකකට හෝ 2 ට මිශ්‍රකර පානය කළ යුතුයි.  මෙය  උදෑසන හෝ ආහාරවේලක් අතරතුරේදී වුණත්  පානය කරන්නට පුළුවන්. මෙය පානයේ දී අවශ්‍ය නම් එයට ලෙමන් යුෂ  තේ හැදි 2 ක්  හා ලුණු ස්වල්පයක්  ද එකතු  කරන්න. 

සැලකිය යුතුයි.උගුරේ සිට ආමාශය දක්වා තුවාල ඇත්නම්  හෝ අමිල පිත්ත රෝගයෙන් පීඩා විදින අයෙක් නම් මේ ඇපල් සයිඩර් විනාකිරි භාවිතයට ගැනීමෙන් වළකින්න.