සර්පයින් පලවා හරින ඕනෑම සර්ප විෂක් නසන සස්සඳ ශාකයේ ගුණ 22ක්

health tips

ආධාරක ශාකයක් මත වැඩෙන දේශීය වැල් ශාකයක් වන සස්සඳ ආයුර්වේදය තුළ වැඩි වටිනාකමක් හිමිකරගත් ශාකයකි. එනම් මරාටි භාෂාවෙන් සප්සඳ යනුවෙන් හඳුන්වන සස්සඳ  ශාකයේ පත්‍ර රේඛීය- ආයත, ආයත- ප්‍රත්‍යන්ඩාකාර හැඩයෙන් යුතු පත්‍ර ඒකාන්තරව පිහිටා තිබේ. තාරාවෙකුගේ හැඩය ගත් මල් කක්ෂීය පුෂ්ප මංජරියේ හටගනු ලැබේ.

ඵලය කොටස් 5 කට පැළෙන ස්ඵෝටිකාවකි. එහි පියාපත් සහිත බීජ රාශියක් පිහිටා තිබේ.

මීට අමතරව මෙම උද්භිද කුලයටම Aristolochiaceae  අයත් තවත් දේශීය සස්සඳ විශේෂයක් පවතී. එය වෛද්‍ය මූලාශ්‍රවල කීටමාරි යනුවෙන් හඳුන්වනු ලබයි. එහි පත්‍ර සස්සඳ ශාක පත්‍ර වලට සාපේක්ෂව විශාල වේ. යම් අවස්ථාවක සස්සඳ සඳ ශාකය නොමැති විටෙක ඖෂධ සඳහා මෙම ශාකය භාවිතා කළ හැකිය.

Aristolochiaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයක් වන සස්සඳ ශාකයේ මුලෙන් කොටසක් ළග තබා ගැනීමෙන් සර්පයන්ගේ පැමිණීම නතර කළ හැකි බව පැරණි පොත් පත්වල සඳහන්වේ. 

සස්සඳ  ශාකයේ ඖෂධීය භාවිතය 

  • සර්ප විෂ සඳහා 
  • බලු විෂ සඳහා 
  • චර්ම රෝග සඳහා 
  • සන්ධිවාත රෝග සඳහා 
  • කැස්ස, සෙමිප්‍රතිශ්‍යාව සඳහා 
  • ළදරු දන්ත රෝග සඳහා 
  • මී විෂ සඳහා 
  • හෘද දුර්වලතාවන් සඳහා 
  • මුත්‍රා අඩස්සිය සඳහා 
  • සූතිකා ඇතුළු උණ රෝග සඳහා 
  • උදරගත රෝග සඳහා 
  • වණ නිසා ඇතිවන ඉදමුම සඳහා 
  • කෘමි රෝග සඳහා 
  • වේදනාකාරී දරු ප්‍රසූතිය සඳහා 
  • රුධිරය පිරිසිදු කිරීම සඳහා 
  • කුසගිනි වැඩීම සඳහා 
  • ආමවාතය සඳහා 
  • මේ ආදී රෝග රැසක් සුවපත් කිරීම සඳහා ආයුර්වේදය තුළ සස්සඳ ශාකයේ කොළ,මුල් ඖෂධ ලෙස භාවිතා කරනු ලැබේ.

විසබීජ නැසීම සඳහා සස්සඳ මුල් කැබැල්ලක් ළග තබා ගැනීමෙන් විෂබීජ නාශනය කර ගත හැකිය. 

උණ,ආමවාතය, සන්ධි ඉදිමුම සඳහා සස්සඳ මුල් කුඩුකර ප්‍රතිකාර කිරීමෙන් මෙම රෝග සමනය කර ගත හැකිය. 

සුදු කබර රෝගය සඳහා සස්සඳ මුල් කුඩුකර ආලේප කිරීමෙන් පීඩාකාරී රෝගයක් වන සුදුකබර රෝගය පාලනය කර ගත හැකිය. 

දරු ප්‍රසූතියෙන් පසු ගර්භාෂය හැකිලීම සඳහා ඈත අතීතයේ සිටම බොහෝ දෙනෙකු මේ සඳහා සස්සඳ සහ තිප්පිලි ඖෂධ ලෙස භාවිතා කරනු ලැබේ.

ළදරු මළබද්ධය සඳහා සස්සඳ කොළ අඹරා යටි බඩේ ආලේප කිරීමෙන් කුඩා දරුවන්ට  ඇතිවන මලබද්ධය සමනය කර ගත හැකිය. 

විෂ වර්ග සඳහා සස්සඳ මුල් මිරිස් සමඟ අඹරා කොළ යුෂ සමග පානය කිරීමෙන් සර්ප විෂ,මී විෂ,ගෝනුසු විෂ ඉවත් කර ගත හැකිය. 

මේ ආදී වූ බොහෝ රෝග සමනය කිරීමට ඖෂධයක් ලෙස සස්සඳ ශාකය භාවිතා කළ හැකිය.අද වන විට මෙම ශාකයේ අඩංගු ඖෂධීය ගුණ විවිධ කතා බහට ලක්ව තිබේ. එනම් මෙම ශාකයේ අඩංගුවන අරිස්ටෝලෝචික් අම්ලය වකුගඩු රෝග ඇතිවීමට හේතුවන බව බොහෝ දෙනෙකු සඳහන් කරයි. නමුත් සස්සඳ ශාකය යොදා ගෙන අතීතයේ සිටම ආයුර්වේදය තුළ කල්ක, කෂාය වර්ග සකස් කර තිබේ. එනම් ඖෂධ සදහා යොදා ගන්නා විට ශාකයේ විෂ ඉවත් කර භාවිතා කිරීම සිදු කිරීමෙන් මෙවැනි ගැටලු ඇති නොවේ. කෙසේ නමුත් ඖෂධ සඳහා භාවිතා කරන විට වෛද්‍ය උපදෙස් මත භාවිතා කිරීම වඩාත් සුදුසු වේ.