Aristolochiaceae උද්භිද කුලයට අයත් සස්සඳ සෙන්ටිමීටර් 12 ක් පමණ දිගින් යුතුව ආධාරක ශාකයක් මත වැඩෙන වැල් විශේෂයකි. එනම් ශාක පත්‍ර ගත් විට රේඛීය ආයත හෝ ආයත ප්‍රත්‍යණ්ඩාකාර හැඩයක් ගනී. එම පත්‍ර ඒකාන්තරව පිහිටි පත්‍ර වේ. එමෙන්ම තාරාවෙකුගේ හැඩයෙන් යුක්ත පුෂ්ප කක්ෂීය පුෂ්ප මංජරියක හටගනු ලැබේ. ස්ඵෝඨිකාවක් වූ ඵලය කොටස් පහකට පැළෙන අතර එහි පියාපත් සහිත බීජ අඩංගුවේ. එනම් එම බීජ මගින් ශාක ව්‍යාප්තිය සිදුවේ.
සස්සඳ ශාකය හා ගෙතුනු කතා බොහොමයක් පවතී. එනම් ඈත අතීතයේ සිටම සර්පයන් පැමිණීම වැළැක්වීම සඳහා සස්සඳ ශාකයෙන් කොටසක් ළඟ තබාගෙන තිබේ. එනම් ඊශ්වර දෙවියන් තම මිතුරෙකුගේ නිවසට ගිය අවස්ථාවේ මිතුරා චාරිත්‍රානුකූලව අසුනක් පිළියෙල කර බුලත් හෙප්පුව පිළිගන්වන විට එහි තිබූ සස්සඳ කැබැල්ලෙන් සුවඳක් වහනය වී ඊශ්වරයන් ඉන බඳින නයි හවඩිය ඉවතට ඇදී ගිය බවත් එයින් ඊශ්වරයා ඇඳ සිටි සළුව ඉවත්වී එතැන් පටන් ඊශ්වරයන් නග්න වූ බවත් කියවේ. මෙය අතීත ජනප්‍රවාදයකි. කෙසේ නමුත් ඈත අතීතයේ සිටම සර්පයන් පලවා හැරීමට සස්සඳ ශාකය භාවිතා කරයි.
එමෙන්ම ආයුර්වේදය තුළ ප්‍රතිකාර කිරීම සඳහා වෙනත් සස්සඳ ප්‍රභේදයක් ද භාවිතා කරයි. එනම් එය “කීටමාරි” ලෙස හඳුන්වයි. එනම් මෙම ප්‍රභේදය ද එම කුලයටම අයත් වන අතර සස්සඳ ශාකය වෙනුවට ඖෂධ සඳහා යොදා ගත හැකිය.
සස්සඳ ශාකයේ ඖෂධීය භාවිතයන්

- මුත්‍රා අඩස්සිය සඳහා
- ළදරු දන්ත රෝග සඳහා
- වේදනාකාරී දරු ප්‍රසූතිය සඳහා
- කැස්ස, සෙමිප්‍රතිශ්‍යාව සඳහා
- උදරගත රෝග සමනය කිරීම සඳහා
- සර්ප විෂ නැසීම සඳහා
- බලු විෂ නැසීම සඳහා
- මී විෂ නැසීම සඳහා
- සන්ධිවාත රෝගයන් සමනය කිරීම සඳහා
- රුධිරය පිරිසිදු කිරීම සඳහා
- කෘමි රෝග සඳහා
- සූතිකා ඇතුළු උණ රෝග සඳහා
- කුසගිනි වැඩීම සඳහා
- චර්ම රෝග
- වණ නිසා ඇතිවන ඉදමුම් සඳහා
- ආමවාතය සඳහා
- හෘද දුර්වලතාවන් සඳහා
මෙවැනි රෝග ගණනාවක් සුව කර ගැනීම සඳහා සස්සඳ ශාකය ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් ආයුර්වේදය තුළ මේ සඳහා සස්සඳ ශාකයේ කොළ, මුල් වැඩි වශයෙන් යොදා ගනු ලැබේ.
ළදරු මළබද්ධය සඳහා කුඩා ළමුන්ට ඇතිවන මළ බද්ධය සමනය කිරීම සඳහා සස්සඳ කොළ අඹරා යටි බඩේ ආලේප කරයි.

සුදු කබර රෝගය සඳහා බොහෝ දෙනෙකු පීඩාවටට පත් වී ඇති සුදුකබර රෝගය සුව කිරීම සඳහා සස්සඳ මුල් කුඩුකර ආලේප කිරීම යෝග්‍යය වේ.
විසබීජ නසනු ලැබේ.ඈත අතීතයේ සිටම විෂබීජ නාශනය කිරීම සඳහා සස්සඳ භාවිතා කර තිබේ. එනම් මේ සඳහා සස්සඳ මුල් කැබැල්ලක් ළග තබා ගැනීම වඩාත් සුදුසුවේ.
දරු ප්‍රසූතියෙන් පසු ගර්භාෂය හැකිලීම වැලැක්වීම සඳහා සස්සඳ සහ තිප්පිලි මගින් ඖෂධ සකස් කර දෙනු ලැබේ.
උණට ,ආමවාතයට සන්ධි ඉදිමුමට සස්සඳ මුල් කුඩුකර ලබාදෙනු ලැබේ.
සර්ප විෂට,මී විෂට, ගෝනුසු විෂට මෙවැනි විෂ නැසීමට සස්සඳ මුල් මිරිස් සමඟ අඹරා කොළ යුෂ සමග පානය කිරීමට ලබා දීම සිදුකරයි.
නමුත් සස්සඳ ශාකය පිළිබඳව නොයෙක් මතවාද කිහිපයක් පවතී. එනම් මෙම ශාකයේ අඩංගුවන අරිස්ටෝලෝචික් අම්ලය වකුගඩු රෝග ඇතිවීමට හේතුවන බව බොහෝ දෙනාගේ මතයයි. එනම් ආයුර්වේදය තුළ කෂාය වර්ග හා ඖෂධ වර්ග සකස් කරන විට මේවායෙහි විෂ ඉවත් කර ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගනී. එනම් නවතම පරීක්ෂණ වලින් ද තහවුරු වී ඇත්තේ එසේ විෂ ඉවත් කර භාවිතා කිරීමෙන් වකුගඩු වලට කිසිදු බලපෑමක් ඇති නොවන බවයි.