සන්ධිවල අධික වේදනාව, සන්ධි දැවිල්ල හෝ කැසිල්ල නිසා ඔබත් පීඩා විදිනවා වන්නට පුළුවන්. ඒ නිසා අධික ලෙස කේන්තියාම වගේම මානසික වශයෙන් අසහනයකින් ඔබ පීඩා විදිනවා වන්නට පුළුවන්.මේ තත්ත්වය ඇති වෙන්නේ ඇයි. ඒ තත්ත්වය වළක්වා ගන්නට කළ හැකි දේ මොනවාද. ඉතින් අද අපිට ඔබ සමඟ කතා කරන්නට සූදානම් වන්නේ මේ කරුණු කාරණා පිළිබඳවයි.
රක්තවාතය පිළිබඳව ඔබ නොයෙකුත් දේවල් අසා ඇති. රක්තවාතය කියන්නේ ආතරයිටීස් රෝගයේ වේදනාකාරී ස්වරූපයක්.එය ශරීරයේ නොයෙක් කොටස්වල සහ සන්ධිවල වේදනාවන් ඇති කිරීමට සහ ඉදිමීමට හේතුවෙනවා. මේ රක්තවාතය මූලික වශයෙන් පාදයේ මහපට ඇඟිල්ල ආශ්‍රිතව හෝ අත්වල ඇඟිලිවල සිටයි ආරම්භ වෙන්නේ. නමුත් මැණික් කටුව ඇඟිලි , දණහිස වගේම විලුබ යන ස්ථානවලත් මේ රක්තවාත තත්ත්ව ඇතිවෙන්නට පුළුවන්.
රක්තවාතය ඇතිවෙන්නේ රුධිරයේ යූරික් අම්ලය වැඩිවීම නිසාවෙන්. පියුරීන් කියන සංයෝගය වැඩි ප්‍රමාණයක් අඩංගු ආහාර ශරීරය තුළ බිඳවැටීමෙන් මේ යූරික් අම්ලය නිපදවෙනවා.අපේ ශරීරයට මේ වැඩිපුර නිපදවෙන යූරික් අම්ලය ඉවත් කිරීමට නොහැකි වුණොත් ඒවා ස්ඵටික විදියට සන්ධි වටා තැන්පත්වීමෙන් මේ ආකාරයට දැඩි වේදනාවක් ඇති වෙනවා. මේ වේදනාව පැය 12 සිට දවස 10 ක් තරම් කාලයක් පවතින්නට පුළුවන්. රක්තවාතයට ප්‍රතිකාර කරනු ලබන්නේ මේ රුධිරයේ යූරික් අම්ලය අඩු කරන්නට ඖෂධ ලබාදීමෙන්.
රක්තවාතය ඇති වෙන්නට බලපාන හේතු

- සීනි සහිත බීම වර්ග
- රස කැවිලි
- පැස්ටා
- පාන්
- මස් මාළු
- මත්ද්‍රව්‍ය භාවිතය
- දුම්පානය
- උෂ්ණ ආහාර නිතර ගැනීම
- ක්‍රියාශීලී නොවන ජීවන රටාව
මේ ආහාරවල කාබෝහයිඩ්රේට් වගේම යූරික් අම්ලයත් වැඩි වශයෙන් අඩංගු වෙනවා. ඒ නිසා මේ රක්තවාත තත්ත්වය මගහරවා ගන්නට එයින් වැලකී සිටින්නට අපිට අපේ ආහාර සහ චර්‍යා රටාව වෙනස් කිරීමෙන් හැකියාව ලැබෙනවා.රක්තවාදය වැළදී ගෙන එන අයෙකුට වගේම ඒ තත්ත්වයෙන් පීඩා විදින අයෙකුටත් එයින් මිදෙන්නට මේ ආහාර අතිශයින්ම වැදගත් වෙනවා නිසැකයි.
රක්තවාතයෙන් වැළකීමට උපදෙස්
ජලය ආහාරයක් නොවුණත් ජීවය පවත්වා ගන්නට වගේම අතිශයින්ම වැදගත් දෙයක් තමයි ජලය. විශේෂයෙන්ම රක්තවාතයෙන් පෙළෙන අයෙක් නම් ශරීරයේ ජල අවශ්‍යතාවය නිසිපරිදි පවත්වා ගැනීම අතිශයින්ම වැදගත්. වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් දිනකට ජලය වීදුරු 6-8 ත් අතර ප්‍රමාණයක් පානය කළ යුතු බවයි. නමුත් රක්තවාතයෙන් පෙළෙන අයෙක් නම් ඔබේ ජලය වීදුරු ගණන් මේ ප්‍රමාණයට වඩා වැඩි කරගන්නට ඔබට සිදු වෙනවා. රක්තවාතය ඇති ඔබ දිනකට වතුර වීදුරු 16 ක් පමණ පානය කල යුතු වෙනවා. ජලය වැඩි වශයෙන් කිරීම රුධිරයේ ඇති යූරික් අම්ලය ඉවත් කර ගන්නටත් ශරීරය සිසිල් කර ගන්නටත් උපකාරී වෙනවා.
චෙරි ආහාරයට ගැනීම රක්තවාතය ඇතිවීම වළක්වා ගැනීමට ගත හැකි ආහාර අතර මූලික තැනක් චෙරිවලට හිමි වෙනවා.රුධිරයේ ඇති යූරික් අම්ල ප්‍රමාණය අඩු කර ගන්නට යූරීන් අඩු ආහාර ගැනීම ඉතා වැදගත්.ඒ සඳහා පලතුරු වැදගත් අතර එයිනුත් චෙරි වඩාත්ම සුදුසු පලතුරක් ලෙස දක්වන්නට පුළුවන්.දැවිල්ල ඇති කිරීමේ හැකියාව අඩු කරන්නටත් රුධිරයේ යූරික් අම්ලය අඩුවීමෙන් රක්තවාතය වැළදීම පවා අඩු කරන්නට චෙරිවලට අපූරු හැකියාවක් පවතිනවා. ඒ නිසා නිතරම චෙරි ආහාරයට එකතු කර ගන්නට මතක තබා ගන්න.
කෝපි කෝපි කියන්නේ මුළු ලෝකයේම ජනතාවගෙන් වැඩිදෙනෙක්ගේ ජනප්‍රිය පානයක්. කෝපි පානය මගින් රක්තවාත තත්ත්වයන් ඇතිවීම පාලනය කරගන්නට හැකිවිම කෝපි පානයෙන් ලබාගත හැකි එක් වාසියක්. මේ සඳහා දිනකට එක් කෝපි කෝප්පයක් හෝ පානය කිරීම වැදගත්. රුධිරයේ යූරික් අම්ල මට්ටම අඩු කරන්නට වගේම රක්තවාතය ඇතිවීමේ අවදානමත් එයින් අඩු කරන බවයි සඳහන් වන්නේ.
නැවුම් එළවලු රක්තවාත තත්ත්වයට ඕනෑම එළවලුවක් ගුණදායක වෙනවා. එළවලු මගින් රුධිරයේ යූරික් අම්ල මට්ටම ඉහළ නංවන්නේ නැති අතර එය රක්තවාත තත්ත්වයෙන් මිදෙන්නට උපකාරී වෙනවා.ඒ නිසා නිතරම නැවුම් එළවලු සලාදයක් ලෙස සකසා හෝ ආහාරයට ගැනීමෙන් රක්තවාතයෙන් වැළකී සිටින්නට පුළුවන්.
කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන ශීත කළ යෝගට් වගේම කිරි පැකට් ආදියේ රුධිරයේ අඩංගු යූරික් අම්ලය ඉවත් කළ හැකි සංඝටක අඩංගු වෙනවා. අඩු මේද සහිත කිරිවල අඩංගු වන ප්‍රෝටීනවලට ශරීරයේ ඇති යූරික් අම්ල මට්ටම් අඩු කරන්නට විශේෂ හැකියාවක් පවතිනවා.

පැගිරි කුලයේ පලතුරු දෙහි, දොඩම්, ස්ට්‍රෝබෙරි, අන්නාසි, මිදි ආදී විටමින් C බහුල මේ පලතුරුවලට රුධිරයේ යූරික් අම්ලය අඩු කරන්නට අපූරු හැකියාවක් පවතිනවා. විටමින් C මගින් ශරීරයේ නිපදවෙන වැඩිපුර යූරික් අම්ලය වකුගඩුවලින් ඉවත් කර රක්තවාතය ඇතිවීම වළක්වන්නට උපකාරී කරනවා.
රක්තවාතයෙන් පීඩා විදින අයට නුසුදුසු දේ
මධ්‍යසාර අධික ලෙස පියුරින් අඩංගු මධ්‍යසාර ලේවල යූරික් අම්ල මට්ටම ඉහළ නංවන්නට උපකාරී වෙනවා. මේ මධ්‍යසාර කාණ්ඩයට අයත් නොවන බීර පවා රක්තවාතයෙන් පීඩා විදින අයට සුදුසු නැහැ.
- සෝඩා
- අධික සීනි සහිත පලතුරු යුෂ
- රතු පැහැති මස්
- ගව මස්, බැටළු මස්, ඌරු මස් ආදියේ අධික ලෙස පියුරීන් අඩංගු වෙනවා.
- සැමන් , ටූනා,පොකිරිස්සන් ආදී මුහුදු ආහාර
රක්තවාතයෙන් වැළකී සිටින්නට වගේම එය පාලනය කරගන්නට ඔබේ ආහාර වේල ඉතා බුද්ධිමත්ව සකස් කරගන්න. ඒ වගේම නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීම මේ රෝගය පාලනය කර ගැනීමේදී අත්‍යවශ්‍ය වෙනවා.