ඈත අතීතයේ සිටම වෛරස් ,උණ ,බැක්ටීරියා, වසංගත රෝග වලින් ආරක්ෂා වීම සඳහා ඖෂධයක් ලෙස පෙරුම්කායම් භාවිතා කර තිබේ. එනම් පෙරුම්කායම් වල බැක්ටීරියා විනාශ කිරීමේ ගුණය බොහෝ රෝග ඇතිවීම වැළැක්වීමට හේතු වේ. එනම් මීටර් 2 ක් පමණ උසට වැඩෙන මෙම ශාකය බහුවාර්ෂික පැළෑටියකි. මල් කොළ පැහැති වන අතර භූගත කඳෙන් වැගිරෙන ශ්‍රාවය වියලා ගැනීමෙන් පෙරුම්කායම් නිශ්පාදනය කරයි. එනම් පෙරුම්කායම් මුළු ශාකයම සැර සුගන්ධයකින් යුක්තවේ.
ඉන්දියාවේ බහුලව මෙම ශාකය වගා කරන අතර ශ්‍රී ලංකාවේ ඕනෑම ආයුර්වේද අලෙවි සැලකින් පෙරුම්කායම් මිලදී ගත හැකිය. ඈත අතීතයේ සිටම වසංගත රෝග වලින් ආරක්ෂා වීමට කුඩා දරුවන්ගේ පටන් තරුණ වැඩිහිටියන් යන සියලුම දෙනා පෙරුම්කායම් කැබැල්ලක් අතෙහි ගැට ගසා ගැනීම සිදුකරයි.
එනම් ඉන් එවැනි රෝග ඇතිවීම වලක්වා ගැනීමට හැකියාව ලැබී තිබේ. මීට අමතරව ආයුර්වේදය තුළ ඖෂධ සකස් කිරීම සඳහා මෙන්ම ආහාර පිසින විට කුළුබඩුවක් ලෙස ද පෙරුම්කායම් බහුලව භාවිතා කරයි.
එනම් පෙරුම්කායම් භාවිතා කරන විට පළමුව රත් කර කැබලිවලට කඩා ගත යුතුය. එමෙන්ම මේවායෙහි සැර සුගන්ධයක් අඩංගු වන බැවින් ගබඩා කිරීමේ දී අනෙකුත් කුළුබඩු සමඟ මිශ්‍ර නොකර තැබීම වඩාත් සුදුසුවේ. පෙරුම්කායම් ඖෂධයක් ලෙස භාවිතා කර බොහෝ රෝග සුව කර ගත හැකිය. එනම්

ආම්ලිකතාවය සුව කර ගත හැකිය. ආමාශයේ ඇතිවන අධික අම්ල තනුක බවට පත් කරන ස්වාභාවික ඖෂධයක් ලෙස පෙරුම්කායම් හඳුනාගත හැකිය. එනම් ඉන් බඩවැල්වල හා ආමාශගත රෝග සමනය කිරීම සිදු කරයි. මේ අනූව පෙරුම්කායම් ආමාශයික ආම්ලිකතාවය පාලනය කිරීම සඳහා යෝග්‍ය වේ.
පණු රෝග සුව කර ගත හැකිය.පණු රෝග සමනය කිරීම සඳහා ඈත අතීතයේ සිටම පෙරුම්කායම් ඖෂධයක් ලෙස භාවිතා කර තිබේ. එනම් එහි පවතින සැර සුඟන්ධය පණු රෝග සුව වීමට හේතුවේ. පණු රෝග ඇති විටක පෙරුම්කායම් ස්වල්පයක් උණුසුම් වතුර වීදුරුවකට දමා රාත්‍රි කාලයේ දී පානය කිරීම පණු රෝග සුව කර ගැනීමට හේතුවේ.
පිලිස්සුණු තුවාල සුව කරගත හැකිය. හදිසි අවස්ථාවක ඇතිවන පිළිස්සුම් සුවකර ගැනීම සඳහා පෙරුම්කායම් ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් පෙරුම්කායම් ස්වල්පයක් ගෙන තලපයක් සේ දියකර පිළිස්සුනු ස්ථානවල ආලේප කිරීම මගින් පිලිස්සුණු තුවාලවලට ඉක්මන් සුවය ලබා ගත හැකිය.
කෘමි සතුන් දෂ්ට කළ විට විෂ ඉවත් කර ගත හැකිය.මෙවැනි අවස්ථාවක පෙරුම්කායම් ස්වල්පයක් සහ සුදු ළූණු ගෙඩියක් අඹරා එම ස්ථානවල ආලේප කිරීම මගින් එම විෂ ඉවත් කර ඉදමුම්, වේදනා සුව කර ගත හැකිය.
සෙම්ප්‍රතිශ්‍යාව සුව කර ගත හැකිය. සෙම්ප්‍රතිශ්‍යාව ඇති වූ විටක සුව කර ගැනීම සඳහා පෙරුම්කායම් භාවිතා කළ හැකිය. එනම් සෙම්ප්‍රතිශ්‍යාව පවතින විට ඇතිවන හුස්ම ගැනීමේ අපහසුතා සුව කර ගැනීමට පෙරුම්කායම් අඩංගු කුඩා උරයක් රෝගියාගේ ගෙල වටා එල්ලීම සිදුකරන අතර ඉන් එම රෝග තත්ත්වයන් සමනය කර ගත හැකි බව යුරෝපානු වැසියන් පවසා තිබේ.
ආර්තව වේදනාවන් සුව කරගත හැකිය. ආර්තවය හේතුවෙන් බොහෝ කාන්තාවන් පීඩාවට පත්ව සිටී. එනම් එවැනි අවස්ථාවක වේදනාවන් සුවකර ගැනීමට හා ආර්තවය පහසු කරගැනීමට පෙරුම්කායම් භාවිතා කළ හැකිය. එනම් එළකිරි කෝප්පයකට දෙහි බින්දු කිහිපයක් හා පෙරුම්කායම් ස්වල්පයක්, උළුහාල් ස්වල්පයක්, ලුණු ස්වල්පයක් දමා මිශ්‍රකර පානයක් ලෙස සකසා භාවිතා කිරීම යෝග්‍ය වේ.

හිසරදය සමනය කර ගත හැකිය.නොයෙක් අවස්ථාවල ඇතිවන පීඩාකාරී හිසරදය සමනය කර ගැනීම සඳහා ඈත අතීතයේ සිටම පෙරුම්කායම් භාවිතා කර තිබේ. එනම් පෙරුම්කායම් රුධිර නාලගත දැවිල්ල අඩු කර හිසරදය සුව කරනු ලැබේ. මේ සඳහා උණුවතුර වීදුරුවකට පෙරුම්කායම් ස්වල්පයක් මිශ්‍ර කර මද රස්නයෙන් පානය කිරීම වඩාත් සුදුසුවේ. මීට අමතරව
- ආමාශගත රෝග සමනය කිරීම සඳහා
- පැපොල සරම්ප රෝග තත්වයන් බෝවීම වළක්වා ගැනීම සඳහා
- උපත් පාලනය කිරීම සඳහා
- අම්ල පිත්ත රෝගය සඳහා
- ආහාර ජීර්ණය පහසු කිරීම සඳහා
- අහාර රුචිය වැඩිකිරීම සඳහා
- ස්වසන රෝග සඳහා
- වෛරස් රෝග වලින් ආරක්ෂා වීම සඳහා
- ඖෂධයක් ලෙස පෙරුම්කායම් භාවිතා කළ හැකිය.
- එමෙන්ම ආහාර පිසීමේදී කායම් හොද්ද සකස් කිරීමට කහ සමඟ පෙරුම්කායම් භාවිතා කරයි. එමෙන්ම
- අච්චාරු වර්ග ,අඹ, පිපිඤ්ඤා වැනි සලාද ව්‍යංජන සකසන විට ද පෙරුම්කායම් යොදා ගනී.
- එනම්පැණි රස, තිත්ත රස, ලුණු රස යන ආදී රසයන්ගෙන් යුත් පෙරුම්කායම් ආහාරවලට ඉමිහිරි රසයක් සහ ඖෂධීය ගුණයන් එකතු කරනු ලැබේ.