සෙ.මි 70 ක් පමණ අතු බෙදෙමින් වර්ධනය වන වාර්ෂික ශාකයක් වන අසමෝදගම් ශාකය ඖෂධීය ගුණයෙන් අනූන ශාකයක් වේ. ශාක පත්‍ර ත්‍රී පක්ෂවත් හෝ ඒක- ද්වී පක්ෂවත් පත්‍රය. එම පත්‍ර ඒකාන්තරව පිහිටා ඇති අතර පත්‍රවලින් ඊටම ආවේණික සුවඳක් වහනය වේ.සුදු පැහැති මල් පුෂ්ප මඤ්ජරී හටගන්නා අතර ඵලය දුඹුරු පැහැති වේ ඵලයේ අඩංගු වන බීජ සුවඳින් යුතු වන අතර ඒවායෙහි තයිමෝල් නම් රසායනිකය අඩංගු නිස්සාරකයක් ලබා ගනු ලැබේ.ඊට අමතරව අසමෝදගම් කොළ ආහාර පිසින විට හෝ සලාදයක් ලෙස සකස් කර ආහාරයට ගත හැකිය.
අසමෝදගම් කොළ සම්බෝලය පළමුව අසමෝදගම් කොළ අවශ්‍ය ප්‍රමාණයට ගෙන ලුණු වතුරින් සෝදා සිහින්ව ලියලා ගන්න.අමු මිරිස්, රතු ලූණු තක්කාලි ද සිහින්ව ලියලා එයට උම්බලකඩ පොල් ස්වල්පයක් එක් කර ලියලා ගත් අසමෝදගම් කොළ ටික දමා කවලවම් කර රස පදමට ලුණු සහ දෙහි එක් කර අසමෝදගම් සලාදය සකසා ගන්න.මේ ආකාරයට රසවත් සම්බෝලයක් ලෙස හෝ ඖෂධයක් ලෙස භාවිතා කිරීමෙන් බොහෝ රෝග සමනය කර ගත හැකිය.
අසමෝදගම් ශාකයේ ඖෂධීය ගුණ භාවිතය.

චර්ම රෝග සඳහා අසමෝදගම් ඇට නිස්සාරණය කිරීමෙන් ලබා ගන්නා තයිමෝල් නම් රසායනිකය සහිත තෙල් උණුසුම් ජලයට මුසුකොට එමගින් තුවාල, දද හා කුශ්ට සේදීමෙන් සුවය සලසා ගත හැකිය. එමෙන්ම තුවාල වල පවතින විෂබීජ ඉවත් කර ගැනීමට ද මෙම ඖෂධය උපකාරී වේ.
විෂ නැසීම සඳහා ගෝණුස්සන්, පත්තෑයන්, මී මැස්සන්, බඹරුන් හා දෙඹරුන් දශ්ට කළවිට අසමෝදගම් ඇට, තෙල් හෝ චූර්ණය දශ්ට කළ මුඛයේ ආලේප කිරීමෙන් එම විෂ ඉවත් කර ගත හැකිය.
වේදනා සහ ඉදිමුම් සඳහා අසමෝදගම් ඇට අඹරා එම චාර්ණය හෝ අසමෝදගම් තෙල් ඉදිමුම් හා වේදනාව පවතින ස්ථානවල ආලේප කිරීම මගින් සුවය සලසා ගත හැකිය. ඊට අමතරව ස්ථානික වේදනාවන් සඳහා අසමෝදගම් චූර්ණය හෝ අසමෝදගම් ඇට පොල් කිරෙන් අඹරා ආලේප කිරීම යෝග්‍යය වේ.
ශ්වසන රෝග සඳහා වියළි අසමෝදගම් ඇට කුඩුකර හුලං නොවදින සේ අසුරා දිනකට දෙවරක් උදේ හා සවස තේ හැන්ද බැගින් මී පැණි සමග ආහාරයට ගැනීම මෙන්ම අසමෝදගම් ඇට පුළුස්සා එම දුම් ඇල්ලීමෙන් හතිය, ඇදුම, කැස්ස හා පීනස
ශ්වසන රෝග සමනය කර ගත හැකිය.
මේදය දහනය කිරීම සඳහා අසමෝදගම් ඇට තේ හැන්දක් හා මින්චි කොල තුනක් උණු වතුර එකකට දමා විනාඩි කිහිපයක් තිබෙන්නට හැර පෙරා ඊට දෙහි ඇඹුල් බිංදු කිහිපයක් මිශ්‍ර කර පානය කිරීම මගින් සිරුරේ අනවශ්‍ය මේදය දහනය කර ගත හැකිය.
දහඩිය දුගඳ සඳහා අසමෝදගම් ඇට ඇල් දියෙන් අඹරා ශරීරයේ ආලේප කර මද වේලාවක් තබා සෝදා හැරීමෙන් දහඩිය ඇති කර දහඩිය නිසා ඇතිවන දුගඳ දුරු කර ගත හැකිය.

ආමාශගත රෝග සඳහා අසමෝදගම් ඇට කබලේ බැද උණු වතුරට දමා එම ජලය පානය කිරීම මෙන්ම අසමෝදගම් හා ඉගුරු තම්බා පානය කිරීම මගින් ආමාශගත රෝග සමනය කර ගත හැකිය. ඊට අමතරව
අසමෝදගම් ස්ප්‍රීත්තුව ආමාශගත රෝග සමනය කිරීමට භාවිතා කරනු ලැබේ.
අසමෝදගම් අගුණ වන අවස්ථා
- කිරිදෙන මව්වරුන්ට
- ගර්භණී කාන්තාවන්ට
- ගෑස්ට්‍රයිටීස් රෝගීන්ට
අසමෝදගම් ආහාරයට ගැනීම යෝග්‍ය නොවේ.
ඕනෑම ප්‍රදේශයක පහසුවෙන් වගා කරගත හැකි අසමෝදගම් සලාද සකස් කරනවිට හෝ වෙනත් ආහාර පිසින විට භාවිතා කිරීමෙන් එහි රසය ගුණය වැඩි කර ගත හැකිය.