මුත්‍රා රෝග වයස් භේදයක් නැතුව ඕනෑම කෙනෙක්ට ඇතිවෙන තරමක් පීඩාකාරී සහ බරපතල රෝග තත්ත්වයක්. මුත්‍රා මාර්ගයෙන් ලේ පිටවීම, මුත්‍රා දැවිල්ල, මුත්‍රා මාර්ගයෙන් සැරව යාම, මුත්‍රා පිට කිරීම අපහසුවීම අධිකව මුත්‍රා පිටවීම, නිතරම මුත්‍රා පිටවීම ආදිය වගේම මුත්‍රා ගල් හෙවත් අශ්මරි කියන්නේ මුල් අවදියේදීම ප්‍රතිකාර ලබාගෙන සුවකරගත යුතු රෝග තත්ත්වයක්. මේ මුත්‍රා ගල් ඇතිවීම සහ එය අපේ දේහයට ඇති කරන බලපෑම පිළිබඳව අපි හැමෝම දැන සිටීම වැදගත්. නමුත් මේ අශ්මරි තත්ත්වය මුත්‍රාශයේ පමණක් හට නොගන්නා නිසා ඒ පිළිබඳවත් අපි අවධානයට ලක් කළ යුතු වෙනවා.
සාමාන්‍යයෙන් අපේ ශරීරයේ ඕනෑම ස්ථානයක අස්ථි භවනයක් ඇති වන්නට හැකියාව තියෙනවා. ශරීරයෙන් බැහැරවිය යුතු ද්‍රව්‍ය ශරීරයෙන් නිසිපරිදි බැහැර නොවී කාලයක් පැවතීම නිසා මෙවැනි ආකාරයේ ගල් ඇතිවීම සිදු වෙනවා. වකුගඩු කියන්නේ අපේ ශරීරයේ ක්‍රියාත්මක වෙන පෙරනයක්. දේහයේ අපද්‍රව්‍ය පෙරා ඉවත් කරන කාර්ය වකුගඩු මගින් සිදු වෙද්දි ඒවා බැහැරට යවනු ලබන්නේ මුත්‍රා වශයෙන්. අපේ වැරදි පුරුදු නිසා මුත්‍රා සාන්ද්‍ර වීම මත වකුගඩුවේ සිට මුත්‍රා මර්ගයේ කුඩා කැටිති ඇතිවීම සිදු වෙනවා. සාමාන්‍යයෙන් මේ කැටිති මුත්‍රා සමඟ ගසාගෙන ගියත් විශාල කැටිති වකුගඩුවේ ඉතිරි වීම සිදු වෙනවා.මේ කැටති කාලයක් සමඟ ක්‍රමයෙන් එකතු වී විශාල වී ගල් ඇතිවී මුත්‍ර මාර්ගය අවහිර වීම සිදු වෙනවා. මේ ආකාරයේ අශ්මරී අපේ දේහයේ විවිධ ස්ථානවල වර්ධනය වන්නට පුළුවන්.
ඛේට ග්‍රන්ථි, අග්න්‍යාශය, පිත්තාශය, මුත්‍රාශය, මුත්‍ර ප්‍රණාල, ශුක්‍ර ප්‍රණාල වකුගඩු ආදියේ වගේම වෙනත් ඕනම ස්ථානයක මෙවැනි අස්ථි භවනයක් සිදු වෙන්නට පුළුවන්. මේ රෝග තත්ත්වය ඇතිවෙන්නට බලපාන විවිධ හේතු අතරේ මූලිකම හේතුව වෙන්නේ සිරුරේ අධික ලෙස කැල්සියම් තැන්පත්වීම. නමුත් මේ ආකාරයට කැල්සියම් පමණක් නෙවෙයි කොලෙස්ටරෝල් පිත්ත ලවණ ආදී දේවල් පිත්තාශය ආශ්‍රිතවත් වර්ධනය වන්නට පුළුවන්.
අශ්මරී ඇති වෙන්නට බලපාන හේතු

- ජානමය සාධක
- අධික මහන්සිය
- අධිකව දේහයේ කැල්සියම් තැන්පත්වීම
- අඩුවෙන් ජලය පානය
- කිවුල් ජලය පානය
- අම්ල සහිත ආහාර අධිකව ගැනීම ,අධික මිරිස් සහිත ආහාර අධිකව ගැනීම සහ උෂ්ණාධික ආහාර අධිකව ලබා ගැනීම ආදිය නිසා රුධියේ අපද්‍රව්‍ය කොටස් වර්ධනය වීම.
- දිගු කාලීන භාවිතා කරන ඖෂධ තැන්පත්වීම
- බඩවැල් සහ වකුගඩු ආශ්‍රිත රෝග
- ඔක්සලේට් බහුල ආහාර වර්ග අධික පරිභෝජනය (රාබු, පිපිඤ්ඤා, තේ, කැකිරි, අනෝදා, ආටා පිටි, රතු සහල් ,තේ, රතු පැහැ මෑ, සෝයා, රතු අල, බණ්ඩක්කා, රාබු, මුරුංගා , නෙලුම් අල, කෙසෙල් මුව , නිවිති, මුරුංගා කොළ, පාස්ලි, දෙලුම් ,අලි පේර, කජු, ආමන්ඩ්, චොක්ලට්)
- මානසික ආතතිය
රෝග ලක්ෂණ
පිත්තාශය ආශ්‍රිත අශ්මරී තත්ත්වයකදී බොහෝවිට බොහෝවිට රෝග ලක්ෂණ ඇති වෙන්නේ නැහැ.පිත්තාශයේ යම් යම් කර්තව්‍යයන්ට යම් අවහිරතාවයක් සිදු වුණොත් පමණක් රෝග ලක්ෂණ මතුවෙනවා.
- අධික තෙල් ආහාර ගන්නා විට අමිල පිත්තය වැඩිවීමක් දැනීම.
- හදිසියේ උදරයේ ඉහළ පෙදෙසෙන් ඇතිවන වේදනාව.පසුව එය පපුවේ පහළ පෙදෙස හා පිට දෙසට විහිදී යාම.
- උදරයේ දකුණු පැත්තේ වේදනාව පිටකොන්ද ප්‍රදේශය දක්වා විහිදී යාම.
මේ වේදනාවන් පැය 1-5 පමණ කාලයක් වගේම මිනිත්තු කිහිපයක් පමණක් පවතින්නට පුළුවන්. වේදනාව දිගටම පවතිනවා. වැසිකිලි යාමෙන් හෝ එය සමනය වෙන්නේ නැහැ.ඇතැම්විට රාත්‍රියේ නින්දේදී වුවත් ඇතිවිය හැකි මේ දරුණු වේදනාව මේදමය ආහාර ගැනීමෙන් වැඩි වෙනවා.
දකුණු අතේ සහ උරහිස ප්‍රදේශයේ වේදනාව ඇතැම් විට පිත්තාශය තුළ ඇතිවන ගල් පිත්ත නාලය ඔස්සේ පහළ බඩවැල දක්වා ගමන් කරනු ලබන අතර එසේ පැමිණෙන නිසා පිත්ත නාලය අවහිර වුණොත් සීතලවීම, වමනය, වෙව්ලීම, හෘද ස්පන්දනය වේගවත් වීම, ආහාර අරුචිය, සම කැසීම පිත් උගුරට ඒම ආදී තත්ත්වයන්.
ඛේට ග්‍රන්ථි ආශ්‍රිත අශ්මරී තත්ත්වයදී එය හඳුනා ගත හැකි ලක්ෂණ කිහිපයක් හට ගන්නවා.
- ලුණු ඇඹුල් මිශ්‍ර ආහාරයක් ගත්විට කම්මුල් ආශ්‍රිතව අධික වේදනාවක් ඇතිවීම.
- ඛේට ග්‍රන්ථි ඉදිමීම
මුත්‍රාශය ආශ්‍රිත අශ්මරී තත්ත්වයකදී පහත ලක්ෂණ හට ගනු ලබනවා.

අතිශය වේදනාකාරී බඩේ කැක්කුම මේ වේදනාව යටිබඩ දෙසට විහිදී යමින් විටින් විට ඇතිවන තදබල වේදනාවක්. මුත්‍ර ගමන අඩාල වීමෙන් වකුගඩු තුළ ඇතිවන පීඩනයෙන් වකුගඩුවේ ආවරණ ඇදීමකට ලක්වී වේදනාව ඇති කරනවා.
- පිටකොන්ද දෙපස වේදනාව
- මුත්‍ර දැවිල්ල
- නිතර මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය ඇතිවීම
- මුත්‍රා සමඟ ලේ පිටවීම
- මුත්‍රා පිට කිරීමේදී වේදනාවක් ඇතිවීම
- දුර්ගන්ධයක් සහිතව මුත්‍රා පිටවීම
අශ්මරි කොටස් මුත්‍රා ප්‍රණාල දිගේ පහළට ඇදී එන අවස්ථාවකදී පුරුෂයෙකුට වෘෂණ කෝෂවල වේදනාවක් ඇතිවෙන්නට පුළුවන්.
මෙවැනි රෝග ලක්ෂණ ඇතිවිටෙක වහාම වෛද්‍ය ප්‍රතිකාර කරා යොමුවිය යුතු වෙනවා. බටහිර වෛද්‍ය ක්‍රමයේ දී ඖෂධ මගින් දියකර හැරීම වගේම සැත්කම් මගින් ඒ ගල් ඉවත් කිරීමත් සිදුකරනු ලබනවා. මේ රෝගය සඳහා ආයුර්වේදය තුළත් සාර්ථික ප්‍රතිකර්ම පවතිනවා. කොහොමනමුත් මේ රෝග තත්ත්වය සුව වුණත් නැවත ඇතිවීමේ හැකියාව පවතින නිසාවෙන් ඉන්පසුවත් ඔබ ඔබගේ ආහාර විහරණ සහ චර්යා රටාව ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා.
ඒ සඳහා
එදිනෙදා වැඩ කටයුතු කඩිසරව හා ක්‍රියාශීලීව සිදු කිරීම. එමගින් ශරීරයේ පරිවෘත්තීය වේගවත් වීම තුළින් දේහයේ අපවෘත්තියත් වේගවත්ව සිදු වෙනවා. එමගින් සිරුරෙන් බැහැරවිය යුතු කොටස් තැන්පත්වීම වළකනු ලබනවා.
- පිරිසිදු ජලය හොඳින් පානය
- අම්ල සහිත ආහාර සහ කාබනීකෘත බීම වර්ග භාවිතයෙන් වැළකීම
වැදගත්.
මේ අශ්මරී රෝගයෙන් ආරක්ෂා වීම සඳහා අපි ගත කරන ජීවන රටාව යහපත්ව සකසා ගැනීම ඉතාම වැදගත්. එය අශ්මරි රෝගයෙන් වැළකීම සඳහා වගේම අනෙකුත් රෝගවලින් වැළකී සිටින්නත් අපේ චර්යා රටාව සහ ආහාර රටාව ඉතාම වැදගත්.