ඇදුම හැදෙන්න බලපාන ප්‍රධාන හේතු 16 ක්

health tips

ගෑනු පිරිමි භේදයකින් තොරව වයස් භේදයකින් තොරව සෑම දෙනෙකුටම පාහේ ඇතිවන ඇදුම රෝගය වර්තමානය වන විට ලෝක ජනගහනයෙන් මිලියන 150 කට පමණ ඇති බව නවතම දත්ත මගින් අනාවරණය වී තිබේ.එනම් ස්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ඇදුම රෝගය ඇතිවන්නෙ ආස්වාස කිරීමේදී වාතය හරහා විෂබීජ කුණු දූවිලි, දුම් වැනි නොයෙක් අපද්‍රව්‍ය ස්වාසනාලිකා තුළින් පෙනහලුවලට ඇතුළු වීම හේතුවෙනි.එමෙන්ම ඇදුම රෝගය ඇතිවීමට වෙනත් හේතූන් ද බලපානු ලැබේ.

  • දේශගුණය
  • ජානමය හේතු
  • සෙම්ප්‍රතිශ්‍යාව දිගින් දිගටම පැවතීම
  • ශීත ජලය ස්නානය කිරීම හා පානය කිරීම. ශීත හා රළු ආහාර භාවිතය.
  • දූවිලි සහ දුම් නිතර ආඝ්‍රාණය
  • කැරපොත්තගේ මළ, මකුළු දැල්, බල්ලන්ගේ සහ පූසන්ගේ ලොම් ශ්වසන පද්ධතියට ඇතුලු වීම.
  • මළ මුත්‍රා පිට නොකර වැඩි කාලයක් දරා සිටීම.
  • පෝෂණ ඌණතා  ඇතිවීම.
  • මල් රේණු ආඝ්‍රාණය කිරීම.
  • රාත්‍රි නිදිවැරීම හා දවල් කාලයේ නිදා ගැනීම.
  • ඇදුම රෝගය ඇති වීමට ඉහත දැක්වූ හේතූ බලපානු ලබයි.
  • ඇදුම රෝගයේ රෝග ලක්ෂණ
  • ඕනෑම රෝගයක් හඳුනා ගැනීමට ප්‍රථමව එහි රෝග ලක්ෂණ හඳුනාගෙන  ප්‍රතිකාර වෙත යොමු වීම වඩාත් සුදුසුවේ.
  • හතිය ඇතිවීම සහ හුස්ම ගැනීමට අපහසු වීම.
  • පපුවේ තද ගතිය සහ හුස්ම ගන්නාවිට ශබ්දයක් ඇතිවීම.
  • උගුරේ සෙම පැටලීම සහ නිතර නිතර කිවිසුම් යාම.ආදිය ඇදුම රෝගයේ රෝග ලක්ෂණ ලෙස හඳුනාගත හැකිය.

ඇදුමට ආයුර්වේද ප්‍රතිකාර

ඉඟුරුඅමු ඉඟුරු ග්‍රෑම් 15, සුදුළූණු බික් තුනක් ගෙන හොඳින් තළා උණුසුම් වතුර වීදුරුවකට දමා සීනි රහිතව හෝ සීනි සහිතව මද උණුසුමින් පානය කිරීම.

පාවට්ටා ගසේ පංචාංගය ගෙන  සුදුළූණු , අමුඉඟුරු, සමග කොටා කඩ පිම්මේ තම්බා යුෂ ගෙන තල තෙල් සමඟ මිශ්‍රකර පපුවේ ආලේප කර පහලට සම්බාහනය කිරීම.

අරළු ග්‍රෑම්100,වැල්මී ග්‍රෑම්100, සූකිරි ග්‍රෑම්100 යන ඖෂධ කුඩු කර ඉන් තේ හැන්දක් පමණ ගෙන උණුසුම් වතුර වීදුරුවකට දමා විනාඩි දෙකක් පමණ වසා තබා මද උණුසුමින් උදෑසන හිස් බඩට දවස් 21 පමණ පානය කිරීම.

කුරුඳු උණුසුම් වතුර වීදුරුවකට කුරුඳු කුඩු තේ හැන්දක් දමා විනාඩි දෙකක් පමණ වසා තබා ඊට මී පැණි හැන්දක් මිශ්‍ර කර මද උණුසුමින් පානය කිරීම

ඇදුම රෝගීන්ට නුසුදුසු ආහාර

  • ශීතකළ බීම, අයිස්ක්‍රීම් , සහ තල,උඳු,කෙකටිය. නෙළුම් ආදී ජලාශි‍්‍රත අල වර්ග කොස්, දෙල්, කිරි අල,ඇඹුල් සහිත එළවළු හා පලතුරු,හරක් මස්, ඌරු මස්, බල මාළු, හුරුල්ලන්, ඉස්සන්, දැල්ලන් ,බල කරවල,  පොකිරිස්සන් අළුකෙසෙල්, අලු පුහුල්, නිවිති, සාරණ, තැඹිලි කුරුම්බා කිරිපිටි ලබු, නිවිති, බණ්ඩක්කා, පුහුල්, තක්කාලි පාන්, බනිස්, රොටී වැනි පිටි ආශි‍්‍රත ආහාර
  • ඇදුම රෝගීන්ට සුදුසු ආහාර නිවුඩු හාලේ බත්,කුරක්කන් රොටී, එළකිරි , තළන බටු,මුකුණුවැන්න , ගොටුකොළ , කොහිල අල ,බෝංචි, කැරට්, පරිප්පු, කඩල, එළබටු, වැටකොලු, පතෝල,හාල්මැස්සන්, කුඩා මාළු, තෝර මාළු,ගොටුකොළ, කිරිඅඟුණ දළු මැල්ලම්, තැම්බූ හාලේ බත්, උක් දඬු, බාර්ලි, ඉඟුරු දැමූ තේ.සුවඳැල් කෙසෙල්, සීනි කෙසෙල්, රට ඉඳි,දෙළුම්, හීන් නරාං, දොඩම් මිදි නෙල්ලි පලතුරු මීට අමතරව මානසික ආතතියෙන් මිදීම.උණු වතුර පානය වාෂ්ප දුම ඇල්ලීම එසේම විවිධ කෂාය වර්ග, ගුලි, පැණි වර්ග පානය කිරීම.තෙල් වර්ග ආලේප කිරීම.