ඇදුම රෝගය වැළඳුණු පුද්ගලයකුගෙන් දැකගත හැකි රෝග ලක්ෂණ 7 ක්

health tips

ඇදුම රෝගය යනු රාත්‍රී කාලයේ දී උත්සන්න වන ස්වාස රෝගයන්ගෙන් එකකි. මෙම රෝගය පවතින පුද්ගලයින් හුස්ම ඉහල පහල හෙලනු ලබන්නේ දැඩි අයාසයකිනි. කුඩා දරුවන්ට, වයසක අයට සහ කාන්තාවන්ට මෙම රෝගය වැළඳීමේ වැඩි ප්‍රවනතාවක් පවතී. මෙම රෝගය කොතරම් බෙහෙත් කළ ද නිට්ටාවටම සුව කළ නොහැක.

ඇදුම රෝගය ඇති වන්නේ බාහිර හෝ අභ්‍යන්තර උත්තේජකයක් නිසාවෙන් ඇතිවන ස්වාසනාලිකා වල අධික්‍රියාකාරිත්වය හේතුකොටගෙනය. මෙහිදී හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවේ.ඇදුම රෝගයේ ප්‍රභේදයන් කිහිපයක් පවතී.

  • ස්වාස නාල ආශ්‍රිතව ඇතිවන ඇදුම රෝගය
  • ළමා කාලයේ ඇතිවන ඇදුම රෝගය
  • වැඩිහිටි කාලයේ ඇතිවන ඇදුම රෝගය
  • ආසාත්මිකතා නිසාවෙන් ඇතිවන ඇදුම රෝගය (බල්ලන්, පූසන් වැනි ලෝම සහිත සතුන් නිසා ඇති වේ.)
  • ආසාත්මිකතා නො වන ඇදුම රෝගය (වායු උද්දීපක අලු, සිගරට් දුම්, සිසිල් වාතය, වායු දූශක අංශු, සුවඳ විලවුන් සහ සුවඳකාරක නිසා ඇති වේ.)
  • රැකියා ආශ්‍රිත ඇදුම රෝගය (රැකියා ස්ථානවල පවතින ඩයි, රසායනික ද්‍රව්‍ය, දුමාරය, දූවිලි අංශු ආදිය මගින් ඇති වේ.)
  • aspirin භාවිතයෙන් ඇතිවන ඇදුම රෝගය
  • ව්‍යායාම සිදු කිරීම නිසා ඇතිවන ඇදුම රෝගය
  • වියලි කැස්ස නිසා ඇතිවන ඇදුම රෝගය
  • රාත්‍රීගත ඇදුම රෝගය ආදී වශයෙන් ඇදුම රෝගයේ විවිධ ප්‍රභේදයන් පෙන්වා දිය හැකිය.

ඇදුම රෝගය ඇතිවීම සඳහා නිශ්චිත එක් හේතුවක් පමණක් බලනොපාන අතර ඒ සඳහා හේතු සාධක කිහිපයක් වුවද බලපෑ හැකිය.

  • ප්‍රවේණිගතව මෙම රෝගය ඇතිවේ.
  • වෛරස් ආසාදන වලට ගොදුරු වූ පුද්ගලයින්ට මෙම රෝගය වැලඳේ.
  • සීත, රලු හා බර ගුණයෙන් යුක්ත ආහාර පාන නිතර පරිභෝජනය කිරීම.
  • විෂ දුම් වර්ග සහ දූවිලි ආඝ්‍රණය සඳහා නිතර නිතර නිරාවරණය වීම.
  • වැඩි වේලාවක් අධික හිරු රශ්මියට නිරාවරණය වීම නිසාවෙන් ඇතිවන විඩාව.
  • අධික බර ඉසිලීම.
  • පෝෂණ ඌනතාවයන්ගෙන් පෙළීම.
  • මල මුත්‍රා පිටවීම දරා සිටීම.
  • බල්ලන් පූසන් වැනි ලෝම සහිත සුරතල් සතුන් නිසාවෙන් මෙම රෝගය ඇතිවේ.
  • ශීතකරණයේ තබා ආහාරපාන රත් කර ආහාරයට ගැනීම.
  • රාත්‍රියේදී ස්නානය කිරීම.
  • සෙම්ප්‍රතික්ෂාව වැනි රෝගවලින් නිතරම  පෙළීම
  • වැනි හේතු සාධක ඇදුම රෝගය ඇතිවීම සඳහා බලපානු ලබයි.

ඇදුම රෝගය වැළඳුණු පුද්ගලයකුගෙන් දැකගත හැකි රෝග ලක්ෂණ

How to Tell the Difference Between Flu, COVID-19, Cold and Allergies in  Kids | Children's Healthcare of Atlanta
  • නිතර නිතර කිවිසුම් යාම.
  • උගුරේ සෙම පැටලෙන ස්වභාවයකින් යුක්ත වීම.
  • කැස්ස ඇතිවීම.
  • නොසන්සුන්තාවයෙන් යුක්ත වීම.
  • හුස්ම ගැනීමේ අපහසුතා.
  • හුස්ම ගන්නා විට ශබ්දයක් ඇති වීම.
  • හුස්ම හිරවීමේ ගතියක් පැවතීම සහ පපුවේ තද ගතිය.යනාදී රෝග ලක්ෂණ ඇදුම රෝගයෙන් පීඩා විඳින පුද්ගලයකුගෙන් දැකගත හැකිය.

මෙවැනි රෝගීන් ඇදුම රෝගය පාලනය කර ගැනීම සඳහා කළ යුතු ක්‍රියාකාරකම් රැසකි. ඒවා වන්නේ,

  • ප්‍රතිකාර ගැනීම සඳහා පළපුරුදු හා සුදුසු වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගැනීම සහ එම උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක කිරීම.
  • කොට්ට උර, ඇඳ ඇතිරිලි, ඇඳුම් පැළඳුම් ආදී වශයෙන් පරිභෝජනය කරන සියලුම සියළුම උපාංග දූවිලි වලින් තොරව පිරිසිදුව තබා ගැනීම.
  • සෙම් කෝප වන ආහාරපානවලින් වැළකී සිටීම.
  • අලුයම අවදි වීමෙන් සහ රාත්‍රී නිදි වැරීමෙන් වැළකී සිටීම.
  • සීතලට, පින්නට සහ මීදුමට නිරාවරණය නොවීම.
  • ශීතකරන ලද ආහාරපාන භාවිතයෙන් වැළකී සිටීම.
  • සනිපාරක්ෂක කටයුතු සඳහා උණු වතුර පමණක් භාවිතා කිරීම සහ රෝගය උත්සන්න නොවේ නම් සතියකට දින දෙකක් පමණ හිරු රශ්මිය හොඳින් ඇති අවස්ථාවන්වලදී ස්නානය කිරීම.
  • ජලයේ ගිලී නෑමෙන් වැළකී සිටීම.
  • රාත්‍රී ආහාරය වේලාසනින් ලබා ගැනීම සහ ඒ සඳහා සැහැල්ලු ආහාරයක් භාවිත කිරීම.
  • ප්‍රධාන ආහාර වේල් පමණක් ලබා ගැනීම.ආදී වශයෙන් කටයුතු කිරීම හරහා ඇදුම රෝගය වළක්වා ගත හැකිය.

ඇදුම රෝගය සදහා සුදුසු ආහාර පාන මෙන්ම නුසුදුසු ආහාර පාන ද පවතී. ඒ අනුව සුදුසු ආහාරපාන වන්නේ බෝංචි, කැරට්, පරිප්පු, කඩල, එලබටු, වැටකොළු, පතෝල, හාල්මැස්සන්, කුඩා මාළු, තෝර මාලු, ගොටුකොළ, කිරි අගුන කොල, තැම්බූ හාල් බත්, සීනි, තෙල්, මිදී, රට ඉඳි, උක්දඬු, බාර්ලි, මෝල්ට් කිරි වර්ග, ඉඟුරු මිශ්‍රිත තේ ආදිය සුදුසු ආහාර පාන වේ.

ඇදුම රෝගය සඳහා නුසුදුසු ආහාර පාන ද පවතී. ඒවා වන්නේ, කොස්, දෙල්, කිරි අල, අන්නාසි, තක්කාලි, පාන් පිටි වලින් සැකසූ කෑම වර්ග, අළු කෙසෙල්, තියඹරා, අළු පුහුල්, තැඹිලි, කුරුම්බා, ගෙඳ පලා, සාරණ, නිවිති, ඌරු මස්, හරක් මස් හා කුරුල්ලො වැනි ආහාර පාන මෙම රෝගය සඳහා නුසුදුසු වේ.

ඇදුම රෝගය සඳහා කළ හැකි ප්‍රතිකාර කම කීපයකි. ඒවා වන්නේ,

  • වාෂ්ප දුම් ඇල්ලීම.
  • උණු වතුර පානය කිරීම.
  • වෛද්‍ය උපදෙස් මත ඉන්හෙලර් හෝ ගිලින පෙති භාවිත කිරීම.
  • බටු තෙල් හා කෝලසෙලෙස්මා තෙල් උගුර සහ පපුවේ ආලේප කිරීම.
  • කටුවැල් බටු, ඉඟුරු, කොත්තමල්ලි, එලබටු මුල් සහ දේවදාර තැම්බූ ජලය දිනකට දෙතුන් වරක් පානය කිරීම.

ආදී ප්‍රතිකාර ක්‍රම වලට යොමු වීමෙන් මෙම රෝගය පාලනය කරගත හැකිය. මෙය මාරාන්තික රෝගයක් නොවුවත් එදිනෙදා දෛනික වැඩ කටයුතු සඳහා පවා පීඩාකාරී ලෙස බාධා ගෙනදෙන රෝගී තත්ත්වයකි. එබැවින් රෝග සඳහා හේතු පාදක වන කරුණු කාරණා පාලනය කරගනිමින් සුදුසු ප්‍රතිකාර ක්‍රම වෙත යොමුවීම ඇදුම රෝගය සුවපත් කර ගැනීම සඳහා වඩාත් යෝග්‍ය වේ.