ඇදුම රෝගය නැත්තටම නැති කරගන්න 100%ක් සාර්ථක ක්‍රම 14 ක්

health tips

ලොකු කුඩා කා අතරත් බහුලවම දකින්නට ලැබෙන ලෙඩ රෝග අතරින් වැඩි දෙනෙක් පීඩා විඳින වඩාත් අපහසුතා ගෙන දෙන රෝගයක් තමයි ඇදුම රෝගය කියලා කියන්නේ .අතීතයේ වාසය කරපු ලාංකීය අපේ ජනතාවට වඩා අද අපි ගත කරන ජීවිතය බොහෝ  සෙයින් වෙනස්. ආහාරපාන, ඇඳුම් පැළඳුම්, චර්‍යා රටා , රැකියා කටයුතු ආදිය වගේම කර්මාන්තශාලා ශාලා බිහිවීම, පරිසර දූෂණය ආදිය හේතු කරගෙන එදාට වඩා නොයෙකුත් ලෙඩ රෝගවලට අපි ගොදුරු වෙමින් යනවා.

කාර්මීකරණයත් එක්ක ලාංකේය ජනතාව මුහුණ දීලා තියෙන ප්‍රධානම සෞඛ්‍ය ගැටලුවක් තමයි මේ ඇදුම රෝග තත්ත්වය.කෙනෙක්ගෙන් තවත් කෙනෙකුට බෝ වෙන්නේ නැතත් එය ඉතාම පීඩාකාරි  සහ බරපතළ සෞඛ්‍ය ගැටලු ඇති කරන්නට හේතු වන රෝග තත්ත්වයක්. ඒ නිසා ඒ පිළිබඳව වැඩි වශයෙන් අපි සැලකිලිමත් වෙන්නට ඕන. 

මේ  රෝගය ඇතිවීමට බලපාන හේතු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. මෙම රෝගයේ ස්වභාවයත්  පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධ හේතු අනුව වෙනස් වෙනවා. කොහොම වුණත් මේ රෝගය වැළදුනාම මෙය නිට්ටාවට සුවකර ගන්නට හැකියාවක් නැතත් යහපත් ආකාරයෙන් පාලනය කර ගන්නට අවශ්‍ය කරන කරුණු කාරණා පිළිබඳව අපි දැනුවත් වෙලා ඉන්න එක හරිම වැදගත්. ඒ නිසාවෙන් අපි අද ඔබට කියන්නට යන්නේ ඇදුම රෝගයෙන් පෙළෙන ඔබ දැනගත යුතු විශේෂ කරුණු කාරණා පිළිබඳව. 

මේ ඇදුම රෝගය ඇදීම, හතිය, හෙට්ටුවය, ඉලප්පුව, ඊලේ සහ ශ්වාසය ආදී විවිධ නම්වලින් හඳුන්වනවා. ඇදුම රෝගය ස්වසන පද්ධතියේ හටගන්නා අසාත්මිකතාවයක උපරිම අවස්ථාවක්. මේ රෝග තත්ත්වය ඇති වෙන්නට විවිධ හේතු බලපානවා.

 ඇදුම රෝගය වැළදීමට බලපාන හේතු 

  • ජානමය හේතු 
  • දේශගුණික වෙනස්වීම 
  • සීතල ආහාර ලබා ගැනීම 
  • රාත්‍රියේ ස්නානය 
  • නිතර නිතර ඇතිවන සෙම්ප්‍රතිශ්‍යාවට ප්‍රතිකාර නොගැනීම. 
  • පරිසර දූෂණය 
  • සුරතල් සතුන්ගේ, ටෙඩිබෙයාර් වගේ සෙල්ලම් බඩුවල ලොම් ශ්වසන පද්ධතියට ඇතුල් වීම 
  • දුවිලි දුම් 
  • දිගුකාලීන පීනස හා ගැස්ට්‍රයිටීස් 
  • කිහිප වරක් රත් කරමින් ආහාර ගැන ගන්නා ආහාර මලබද්ධය පණුරෝග උදරාබාධ 
  • ආහාර කල්තබා ගැනීමට යොදන රසකාරක හා වර්ණකාරක 

ඇදුම රෝගයේ රෝග ලක්ෂණ

  • රූං ශබ්දය සමඟ ඇතිවන හුස්ම ගැනීමේ අපහසුතාවය. 
  • සෙම සහිත කැස්ස හෝ වියළි කැස්ස  
  • කිවිසුම් යාම 
  • රාත්‍රී  කාලයේ නොකඩවා කැස්ස ඇතිවීම
  • නිතර නිතර දහඩිය දැමීම 
  • කන් අගුල් වැටීම
  • බඩ පුරවා දැමීම
  • නාසය සිරවීම
  • ඇස් යට කළු පැහැ ගැන්වීම 
  • උගුරේ සෙම පැටලීම 
  • කතා කිරීමේ අපහසුතාවයක් දැනීම 
  • වෙහෙස වී වැඩ කිරීම අපහසුවීම 
  • පපුවේ තද ගතිය  
  • හෘද ස්පන්දනය වේගවත් වීම 

ඇදුම රෝගියෙක් අනුගමනය කළ යුතු පිළිවෙත්

නුසුදුසු ආහාර ශීත කළ බීම, අයිස්ක්‍රීම්, තල, උඳු වගේම කෙකටිය, නෙළුම් ආදී ජලාශ්‍රිත අල වර්ග ආහාරයට ගැනීමෙන් වැළකීම සුදුසුයි. ඒ වගේම බල මාළු, බල කරවල, ඉස්සන්, නිවිති, බණ්ඩක්කා, පුහුල්, තක්කාලි ආදී ආහාර වර්ගත්  පාන්, බනිස්, රොටී  ආදී  පිටි ආශ්‍රිත ආහාර ගැනීමත්  මෙවැනි රෝගීන්ට සුදුසු නැහැ.

කොස්, දෙල්, කිරි අල, අන්නාසි, තියඹරා, අලු කෙසෙල්, තැඹිලි, කුරුම්බා, ගෙඳ පලා, හරක් මස්, ඌරු මස් බල මාළු, කුරුල්ලා ආදියත්  ඇදුම රෝගීන්ට සුදුසු නැහැ.

සුදුසු ආහාර  නිවුඩු සහලේ බත්, එළකිරි, තලන බටු, කුරක්කන් රොටී, මුගුණුවැන්න, ගොටුකොළ, කොහිල අල ගුණදායකයි. ඒ වගේම සුවඳැල් කෙසෙල්, සීනි කෙසෙල්, දෙළුම්, හීන් නාරං, දොඩම්, මිදි, නෙල්ලි ආදී ආහාර ඇදුම් රෝගියෙකුට ලබා ගත හැකි ආහාර වට්ටෝරුවට ඇතුළත්. ඒ වගේම බෝංචි, කැරට්, පරිප්පු, කඩල, එළබටු, වැටකොළු, පතෝල, හාල්මැස්සන්, කුඩා මාළු, තෝර මාළු, කිරිඅගුණ, මිදි, රට ඉදි, උක්දඬු, ඉඟුරු දමන ලද තේ මේ රෝගීන්ට හිතකරයි. 

  • ඇදුම රෝගයෙන් මිදීම සඳහා ස්වකීය  මානසිකත්වය සංසුන් කර ගැනීම මානසික  ගැටළුවලින් ඈත්වෙලා සිටීමත් අනිවාර්ය කාරණාවක් .
  • අලුයම අවදි වීමෙන් වැළකීම සහ රාත්‍රි නිදි මැරීමෙන් වළකින්න.
  • සීතල,පින්න සහ මීදුමෙන් ආරක්ෂා වෙන්න.
  • නිතර උණුවතුර භාවිතා කරන්න.
  • උදෑසනට හීල් බත්, සීතල කරන ලද ආහාර, එළකිරි සහ කිරිබත් ආදිය ගැනීමෙන් වළකින්න.
  • හොඳින් ඉර අව්ව ඇති අවස්ථාවේ උදේ 11- 12 ත් අතර වේලාවේදී ස්නානය කරන්න. ස්නානයට  අවශ්‍ය වතුර ප්‍රමාණය භාජනවලට දමා සිසිල් සෙවන ඇති ගහක් යට පැය කිහිපයක් තබා ස්නානය කිරීමත්  ඇදුම රෝගීන්ට වඩාත් හිතකරයි.
  • මෙවැනි රෝගීන් ජලයේ ගිලී නෑමට වඩා  භාජනයකින් හිසට ජලය වත්කරගෙන නෑම ඉතා සුදුසුයි.
  • ප්‍රධාන ආහාර වේල්වලට අමතරව වරින්වර ආහාර ගැනීම නුසුදුසුයි. රාත්‍රියට සැහැල්ලු ආහාරයක් හැකිතාක් වේලාසන ලබාගන්න.
  • නිතර උණු වතුර පානය කරන්න. වාෂ්ප දුම් ඇල්ලීම නිතර සිදු කරන්න. 
  • ඉඟුරු, කොත්තමල්ලි, කටුවැල්බටු, එළබටු මුල්, දේවදාර තම්බන ලද  වතුර  දවසකට දෙතුන් වරක් පානය කරන්න. 
  • ඇදුම රෝගීන්ට සුදුසුම ව්‍යායාමය වෙන්නේ පිහිනීම නිසා හැකිනම් එවැනි ක්‍රියාකාරකම්වල නිරත වෙන්න.

මේ ඇඳුම රෝගය හදිසි මාරක තත්ත්වයක් නොවුණත් ආයුෂ කෙටි කරන්නට ශරීරය වැහැරෙන්නට මෙය  මූලික හේතුවක් වෙනවා. දරුවන්ට නම් දරුවන්ගේ වර්ධනය බාල වෙන්නටත් මේ රෝගය හේතුවක්. ඒ නිසාඅ වරක් වැලඳුණු විට නැවත වැළඳීමේ ඉඩකඩ තියෙන මේ රෝගය සුළුවට ගත යුතු නොවන බවයි අපගේ අදහස.