ලෝක ජනගහනයෙන් මිලියන 150 ක් පමණ පීඩා විඳින ඇදුම රෝගය යනු ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයකි. එනම් මෙම රෝග තත්ත්වය වයස් භේදයකින් තොරව බාල මහළු සියලු දෙනාටම පාහේ ඇතිවිය හැකිය. නමුදු කරනලද වෛද්‍ය පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ කුඩා ළමුන්ට හා කාන්තාවන්ට මෙම රෝගය ඇතිවීමේ වැඩි අවදානමක් ඇති බවයි. කෙසේ නමුදු ගැහැණු පිරිමි භේදයකින් තොරව මෙම රෝගයට ගොදුරු වූවන් ඕනෑ තරම් දැක ගත හැකිය. එනම් අප ගනු ලබන වාතය හරහා විෂබීජ කුණු දූවිලි, දුම් .. ආදී නොයෙක් අපද්‍රව්‍ය ස්වාසනාලිකා තුළින් පෙනහලුවලට ඇතුළු වීම මගින් මෙම රෝග තත්ත්වය ඇතිවේ. එමෙන්ම සෙම්ප්‍රතිශ්‍යාව නැවත නැවත ඇතිවීමෙන් ද ඇදුම රෝගය ඇතිවිය හැකිය.
ඊට අමතරව ඇදුම රෝගය ඇතිවීමට බලපාන හේතු රාශියකි.

- දේශගුණික වෙනස්කම්
- ශීත ජලය ස්නානය කිරීම
- ශීත හා රළු ආහාර බහුලව භාවිතා කිරීම
- පෝෂණ ඌණතා
- රාත්‍රි නිදිවැරීම හා දවල් කාලයේ නිදා ගැනීම.
- ජානමය හේතු
- මළ මුත්‍රා පිට නොකර දරා සිටීම
- කැරපොත්තගේ මළ, මකුළු දැල්, බල්ලන් , පූසන්ගේ ලොම් ශ්වසන පද්ධතියට ඇතුලු වීම.මේ ආදී හේතු මත ඇදුම රෝගය ඇතිවිය හැකිය.
ඇදුම රෝගය ඇති විටක එය ඇදුම රෝගයදැයි හඳුනාගත හැකි රෝග ලක්ෂණ කිහිපයකි.
- හුස්ම ගන්නාවිට ශබ්දයක් ඇතිවීම.
- උගුරේ සෙම පැටලීම
- පපුවේ තද ගතිය
- නිතර නිතර කිවිසුම් යාම.
- හතිය
- හුස්ම ගැනීමේ අපහසුතාව
මෙම රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඇත්නම් වෛද්‍යවරයෙකු මුණ ගැසී ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් සුදුසුවේ. වෛද්‍ය ප්‍රතිකාර වලට අමතරව මෙම රෝගය සුව කිරීම සඳහා තමන් විසින් ම ක්‍රියාත්මක විය යුතුය. එනම් පළමුව තම ආහාර රටාව හා ජීවන රටාව රෝගය සුව කර ගැනීමට උපකාරී වන අයුරින් වෙනස් කර ගත යුතුය.
ඇදුම රෝගය පාලනය කිරීම සඳහා කළ හැකි ආයුර්වේද ප්‍රතිකාර

01.අමු ඉඟුරු ග්‍රෑම් 15, සුදුළූණු බික් තුනක් ගෙන හොඳින් තළා උණුසුම් වතුර වීදුරුවකට දමා සීනි රහිතව හෝ සීනි සහිතව මද උණුසුමින් පානය කිරීමෙන් ඇදුම රෝගය හේතුවෙන් ඇතිවන ස්වාසනාල හා පෙනහළු වල පවතින ගර්ත පිරිසිදු කර ගත හැකිය. එනම් ඉන් හුස්ම ගැනීම පහසු කරනු ලැබේ.
02.පාවට්ටා ගසේ පංචාංගය ගෙන සුදුළූණු , අමුඉඟුරු, සමග කොටා කඩ පිම්මේ තම්බා යුෂ ගෙන තල තෙල් සමඟ මිශ්‍රකර පපුවේ ආලේප කර පහතට සම්බාහනය කරන්න.
03.වැල්මී ග්‍රෑම්100,අරළු ග්‍රෑම්100,සූකිරි ග්‍රෑම්100 යන ඖෂධ කුඩු කර උණුසුම් වතුර වීදුරුවකට හැන්ද බැගින් දමා විනාඩි දෙකක් පමණ වසා තබා මද උණුසුමින් උදෑසන හිස් බඩට දවස් 21 පමණ පානය කිරීමෙන් ඇදුම රෝගය සමනය කර ගත හැකිය.
04. උණුසුම් වතුර වීදුරුවකට කුරුඳු කුඩු තේ හැන්දක් දමා විනාඩි දෙකක් පමණ වසා තබා ඊට මී පැණි හැන්දක් මිශ්‍ර කර මද උණුසුමින් පානය කිරීමෙන් හුස්ම ගැනීම පහසු කර ගත හැකිය.
මීට අමතරව උෂ්ණ අධික ආහාර හා ශීත අධික ආහාර භාවිතා කිරීමෙන් වැලකිය යුතුය. එමෙන්ම නිදි මැරීම, සීතල වතුරෙන් ස්නානය කිරීම ,ඇල් වතුර පානය කිරීම නොකළ යුතුය. උණුසුම් වතුර නිතර පානය කිරීමට පුරුදු විය යුතුය. එනම් මෙමගින් පහසුවෙන් ඇදුම රෝගය සමනය කරගත හැකිය.