ඕනෑම කෙනෙක් ආකර්ෂණය කරගන්නට අපූරු හැකියාවක් අපේ සිනහවට තියෙනවා . ලස්සන සිනහවකට සුදෝ සුදු දත් දෙපළක් තියෙනවා නම් කොතරම් අපූරුද කියලා ඔයත් දන්නවා. ඉතින් සුදුවන් දත් දෙපළක් හිමි කර ගන්න එක අපි හැමෝගෙම හීනයක්ම .ඒත් විවිධ හේතු නිසා දත් අඳුරු බවට පත්වෙලා ඒවායේ දීප්තිමත් සුදු පැහැය නැති වෙලා යනවා. අපි ගන්නා ඇතැම් ආහාර දත්වල පිටත තට්ටුව වෙන එනැමලයේ පැල්ලම් ඇති කරන්නට හේතු වෙනවා .ඉතින් මේ විදිහට ඇතිවන දුර්වර්ණ වීම නිතිපතා පිරිසිදු කිරීම සහ සුදු කිරීම සඳහා වූ පිළියම්වලින් ඉවත් කරගන්නට පුළුවන්.
කහ දත් සුදු කර ගන්නට වෙළඳපලේ ඕනෑතරම් නිෂ්පාදන තියෙනවා නමුත් ඒවායේ විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා. දත්වලට හානිකර අමුද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන භාවිතා කරන්නෙ නැතුව ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරලා අවපැහැ වුණු දත් සුදු පැහැ ගන්නට අපූරු හැකියාවක් තියෙන බව ඔයා දන්නෙ නැතුව ඇති. අපි අද කතා කරන්නේ කහ දත් සුදු කර ගන්නට හැකි අපූරු සත්කාරයක් ගැන.
කහ දත් සුදු කරන සත්කාරය සාදාගන්නා හැටි

අවශ්‍ය දේවල්
සුදු ළූණු ගෙඩි දෙකක්-ළූණු කියන්නේ ඉතාම හොඳ විෂබීජ නාශක ගුණයක් සහ ප්‍රතිජීවක ගුණයක් තියෙන ආහාරයක්. මුඛය ආශ්‍රිතව ඇතිවන ආසාදනවලදී නිරන්තරයෙන්ම සුදුළූණු සහ ළූණු අපි භාවිතයට ගන්නවා. ඉතින් ගොඩක් ගුණදායක සුදුළූණු දත්වල මැලියම් ඉවත් කරගන්නට අපිට භාවිතා කරන්න පුළුවන්.
දෙහි යුෂ තේ හැඳි බාගයක් ස්වභාවිකව දත් සුදු කර ගැනීම සඳහා බේකින් සෝදා සමඟත් භාවිතයට ගන්නා දෙහි යුෂ දත්වල වේදනාවන් සහ ආසාදනයන් සුවපත් කර ගන්නටත් උපකාරී වෙනවා. නමුත් දෙහිවල අඩංගු වන ඇසිඩ් ස්වභාවය නිසා බොහෝ දන්ත වෛද්‍යවරුන් මේ ක්‍රමය අනුමත කරන්නේ නැහැ. ඒ නිසා දත්වල සංවේදීභාවය පිළිබඳව ඔබ සැලකිලිමත්මත් වෙන්න.
ලුණු තේ හැඳි බාගයක්-මුඛ රෝග සඳහා සහ සෙම් රෝග සඳහා නිතරම භාවිතයට ගන්නා දෙයක් තමයි ලුණු. ස්වභාවික විශබීජ නාශකයක් වන ලුණු දත්වල ඇතිවන වේදනාවන් දුරු කරගැනීමටත්, මුඛයේ ආසාදන තත්ත්ව නැති කරගන්නත් උදව් වෙනවා.
සාදා ගන්නා ආකාරය– මුලින්ම සුදු ළූණු ගෙඩිවල පොතු ඉවත් කරගෙන හොඳින් ග්‍රේට් කරගන්න. ඉන්පසු එයට ලුණු සහ දෙහි යුෂ ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසු ඔබ දත් පිරිසුදු කර ගැනීම සඳහා භාවිතා කරන දන්තාලේපයෙන් තේ හැන්දක පමණ ප්‍රමාණයක් එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. මේ මිශ්‍රණය භාවිතයෙන් රාත්‍රී නින්දට පෙර හෝ උදෑසනට විනාඩි කිහිපයක් හොඳින් දත් මදින්න. මෙය දවස් කිහිපයක් සිදු කිරීමෙන් දත්වල අවපැහැය ඉවත් කරගෙන සුදුවන් දත් දෙපලක් ලබාගන්න පුළුවන්.
මීට අමතරව දත්වල අවපැහැය නැති කරගත හැකි ක්‍රම
- පලතුරු සහ එළවළු අනුභව කරන්න. පලතුරු සහ එළවළු අඩංගු ආහාර වේලක් සමස්ත ශරීර සෞඛ්‍යයට ඉතාම වාසිදායකයි. දත් මැදීම සඳහා ආදේශකයක් නොවන හැපෙන සුළු අමු පලතුරු සහ එළවළු ආදිය හපන විට දත්වල ඇති මේ අවපැහැය අඩුවෙලා යනවා. විශේෂයෙන්ම ඒ වගේ පලතුරු අතරින් ස්ට්‍රෝබෙරි කියලා කියන්නේ දත් පැහැපත් කර ගන්නට බෙහෙවින්ම උදව් වන පලතුරක් .
- දත් පැල්ලම් ඇති වෙන්නට උපකාරී වන ආහාර පාන වර්ග සීමා කරන්න. වයස්ගත වෙද්දි දත්වල ඇති ස්වභාවික පැහැය වෙනස් වෙලා කහ පැහැයක් ගන්නවා. ඒ හැරුණාම කෝපි, රතු වයින්, සහ බෙරි වර්ග ආදිය වැඩි වශයෙන් ආහාරයට එකතු කර ගැනීමත් දත්වල අවපැහැවීම් ඇති වෙන්නට හේතුවෙනවා. ඒ නිසා එවැනි ආහාර ඒවා සීමා සහිතව ලබා ගැනීම වැදගත්.
- ආහාර අනුභවයෙන් විනාඩි 30 ට වත් පසුව දත් මදින්න.
- දුම්පානය සහ දුම්කොළ භාවිතයෙන් වළකින්න.
- සීනි පරිභෝජනය සීමා කරන්න. සීනි සහිත ආහාර අනුභව කරනවා නම් ඉක්මනින්ම දත් මදින්න.
- කැල්සියම් බහුල ආහාර වේලක් ලබාගන්න.
ඇතැම්විට දත් දුර්වර්ණ වෙන්නට හේතු වෙන්නේ එනැමළය ඛාදනය වීම සහ යටින් ඇති කහ පැහැති දත් කොටස නිරාවරණය වීම නිසා. ඒ නිසා දත්වල එනැමලය ශක්තිමත් කරන්නට ඕන කරන ආහාර ගැන උනන්දු වෙන්න. කිරි, චීස්, බ්‍රොකොලි, කැල්සියම් බහුල ආහාර දත් එනැමලය ඛාදනයෙන් ආරක්ෂා කරගන්නට උදව් වෙනවා.
විවිධ රසායන එකතු කරන ලද නිෂ්පාදන භාවිතා කරනවාට වඩා මුඛයේ ඇති බැක්ටීරියා විනාශ කරමින් දත් ශක්තිමත් කරන්නට, දත් දිරායාම වළක්වා ගන්නටත් උපකාරී වන මේ වගේ ස්වභාවික පිළියම් භාවිතා කිරීම දත්වලට ඉතාම හිතකරයි.