අක්මාවේ තැන්පත් වෙන අහිතකර මේදය පැය 24 න් ඉවත් කරන යකිනාරං සතු ගුණ 10 ක්

health tips

මීටර් 2 ක් පමණ උසට අතු බෙදී වැඩෙන පැඟිරි සහිත කුඩා දේශීය ශාකයක් ලෙස යකිනාරං ශාකය හඳුනාගත හැකිය.  ශාක කඳෙහි සහ අතුවල කටු ඇති අතර ළපටි පත්‍ර ලා කොළ පැහැයෙන් ද මේරූ පත්‍ර තද කොළ පැහැයෙන් යුක්ත වේ. පුෂ්ප මංජරියේ හටගන්නා මල් සුදු පැහැති මල් වේ.  මාංසල බදිරියක් වූ ඵලයෙහි ඵලාවරණය පැඟිරිසහිත වේ. එහි බීජ කිහිපයක් අඩංගුවන අතර එම බීජ මගින් හා ශාකයේ මුල් මගින් ශාකයේ ව්‍යප්තිය සිදු කර ගත හැකිය. 

ආයුර්වේදය තුල රෝග රැසක් සමනය කිරීමට ඈත අතීතයේ සිටම යකිනාරං ශාකයේ ගෙඩි, කොළ, මුල්,පොතු භාවිතා කර තිබේ. ඖෂධීය ගුණයෙන් අනූන යකිනාරං ශාකය Rutaceae කුලයට අයත් වේ. 

අක්මා රෝගය සඳහා යකිනාරං කොළ  කොටා ලබා ගන්නා යුෂ මගින් සකස් කරන කැඳ පානය භාවිතා කිරීමෙන් අක්මා රෝග ඇති වීම වළක්වා ගෙන අක්මාවේ නීරෝගී භාවය වැඩි කර ගත හැකිය.ඊට අමතරව සෙංගමාලය,ෆැට්ලීවර් වැනි රෝගද සමනය කර ගත හැකිය. 

සෙම්ප්‍රතිශාව සඳහා යකිනාරං කොළ තම්බා එම වාෂ්ප ආග්‍රහණය කිරීමෙන්  සෙම්ප්‍රතිශ්‍යාව සුව කර ගත හැකිය. ඊට අමතරව යකිනාරං කොළ  කොටා ලබා ගන්නා යුෂ  මඟින් සකස් කරන කැඳ පානය භාවිතා කිරීමෙන්  ද සෙම්ප්‍රතිශ්‍යාව  සුව  කර ගත හැකිය.

පණු දදවලට යකිනාරං කොළ ප්‍රලේපය පීඩාකාරී පණු දද සමනය කිරීමට උපකාරී වේ. මේ ආදී වූ අත් බෙහෙත් බොහොමයක් සඳහා යකිනාරං කොළ මුල් පොතු ගෙඩි භාවිතා කරනු ලැබේ ඊට අමතරව ආහාර පිසීමේදී ඒවායෙහි රසය වැඩි කිරීම සඳහා යකිනාරම් ගෙඩි වල ඇඹුල් රසය භාවිතා කරයි. 

සන්ධි ඉදමුම් සඳහා යකිනාරං තෙල් ආලේප කිරීමෙන් ආතරයිටීස් වැනි රෝග නිසා ඇතිවන සන්ධි ඉදමුම් වේදනා සමනය කර ගත හැකිය. ඊට අමතරව පක්ෂඝාත රෝගය සඳහාද යකිනාරං තෙල් භාවිතා කළ හැකිය. 

උණ සමනය කිරීම සඳහා යකිනාරං කොල තම්බා  නැගෙන වාෂ්ප ආග්‍රහණය කිරීමෙන් උණ වේදනා ගෙන දෙන හිසරදය සමනය කර ගත හැකිය. 

කොලෙස්ටරෝල් පාලනය කිරීම සඳහා යකිනාරං කැඳ සකස් කර පානය කිරීම මගින්  කොලෙස්ට්‍රොල් පාලනය කරගත හැකිය.   මේ සඳහා කරපිංචා හීන්බෝවිටියා සමඟ මාරුවෙන් මාරුවට යකිනාරං කැඳ සකස් කර පානය කිරීම වඩාත් සුදුසුවේ. කැඳ සකස් කරනවිට දිය කිරි භාවිතා කිරීම වඩාත් සුදුසුවේ.

අර්දිත රෝගය සඳහා යකිනාරං කොළ අඹරා එම ප්‍රලේපය මුහුණ මත ආලේප කිරීමෙන් එම රෝගය සුවපත් කර ගත හැකිය. 

උදරගත අජීර්ණය සඳහා යකිනාරං  ශාකය කොටා යුෂ ගෙන ගිනියම් කළ යකඩයක්  ඔබා මී පැණි මුසුකර ලබා දීමෙන් උදරගත අජීර්ණය සමනය කර ගත හැකිය. 

චර්ම රෝග සඳහා යකිනාරං කොළ තම්බා එම වතුරෙන්  දද, කුෂ්ඨ ආදී සම මත ඇතිවන තුවාල සුව කිරීම යෝග්‍ය වේ. ඊට අමතරව සමෙහි ඇතිවන කැසීම්, දැවිල්ල ආදී නොයෙකුත් අසාත්මිකතාවයන් ද ඉන් සුව කර ගත හැකිය.

මීමැසි ,බඹර විෂ සඳහා යකිනාරං මුල් දෙහි ඇඹුලෙන් ගලගා දෂ්ට කළ මුඛයේ ආලේප කිරීමෙන් එම විෂ ඉවත් කර ගත හැකිය. ඊට අමතරව පැසුනු ගෙඩි  පානයක් ලෙස සකස් කර භාවිතා කිරීමෙන් බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කර ගත හැකිය. එමෙන්ම බලි තොවිල් ආදී ගුප්ත විද්‍යා කටයුතු සඳහා ද යකිනාරං ශාකය යොදා ගනී. මේ ආදී වශයෙන් බහුවිධ කාර්යයන් සිදුකිරීම සඳහා ඖෂධීය ශාකයක් වූ යකිනාරං ශාකය භාවිතා කළ හැකිය.