මීටර් 5 ක් පමණ උසට පඳුරක් ලෙස වැඩෙන ඇත්තෝර යනු රෝග රැසක් සමනය කිරීමට භාවිතා කරන තවත් එක් වටිනා ඖෂධීය ශාකයකි. එනම් Fabaceae කුලයට අයත් ඇත්තෝර ශාකයේ කඳ මත මද බූවක් දක්නට ඇති අතර පත්‍ර විශාල සංයුක්ත පත්‍රවේ. එනම් එම පත්‍ර ආයත සිට ප්‍රත්‍යණ්ඩාකාර ආයත හැඩයෙන් යුක්ත වේ. මල් කහ හෝ තැඹිලි පැහැති වන අතර පුෂ්ප මංජරියේ හටගනු ලැබේ. ඵලය සෙන්ටි මීටර් පහළොවක් පමණ වන කරලකි. එහි දුඹුරු පැහැති රොම්බසාකාර බීජ කිහිපයක් අඩංගුවේ.

එනම් ඇමරිකාව නිජභූමිය කරගත් ඇත්තෝර ශාකය ආයුර්වේදය තුල නොයෙක් රෝගයන් සමනය කිරීමට ඖෂධයක් ලෙස භාවිතා කරනු ලැබේ එනම් ඇත්තෝ ශාකයේ පත්‍ර සහ බීජ ඖෂධීය ගුණයෙන් අනූන වේ.
ඇත්තෝර ශාකයේ ඖෂධීය භාවිතයන්.
චර්ම රෝග සඳහා
සම පැහැපත් කිරීම සඳහා
පණු රෝග සඳහා
සෙම් රෝග සඳහා
වාත රෝග සඳහා
තුවාල සුව කිරීම සඳහා
අර්ශස් රෝගය සඳහා
මලබද්ධය සඳහා
සන්ධි වේදනා සඳහා
උදරාබාධ සඳහා
අක්මා රෝග සඳහා
ගණ්ඩමාලය සඳහා
ශරීරගත ඉදමුම් සඳහා
විෂබීජ නාශනය කිරීම සඳහා
මෙම රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ඇත්තෝර කොළ, බීජ බහුලව භාවිතා කරයි.
ඇත්තෝර ශාකයේ ඖෂධීය භාවිතය.
චර්ම රෝගයට
චර්ම රෝග සමනය කිරීමට ආයුර්වේදය තුළ ඇත්තෝර ඖෂධයක් ලෙස බහුලව භාවිතා කරයි. එනම් සමෙහි ඇතිවන දද ,කුෂ්ඨ, අළුහම් සුව කර ගැනීමට ඇත්තෝර බීජ ලේපය හා පත්‍ර ස්වරසය යොදා ගනී. එනම් ඇත්තෝර කොළ කොටා යුෂ ගෙන දද , කුෂ්ඨ මත ආලේප කිරීම. ඇත්තෝර කොළ මිටක් පමණ ගෙන කපා කැපු පැත්ත දද , කුෂ්ඨ මත ඇතිල්ලීම මෙම රෝග සදහා සිදු කළ හැකි ප්‍රතිකාරවේ.

ඊට අමතරව දද කුෂ්ඨ වල විෂබීජ ඉවත් කර ඉක්මනින් ඒවා සුව කර ගැනීමට ඇත්තෝර කොළ සහ අමු කහ තම්බා එම වතුරෙන් සේදීම යෝග්‍ය වේ.
අලුහම් වලට
ඈත අතීතයේ සිටම අලුහම් සුවකර ගැනීම සඳහා ඖෂධයක් ලෙස ඇත්තෝර කොළ භාවිතා කර තිබේ. එනම් මේ සඳහා ඇත්තෝර කොළ කොටා යුෂ ගෙන ඊට දෙහි ඇඹුල් කලවම් කර අව්වේ කකාරා අලුහම් ඇති ස්ථාන වල ආලේප කර පැයක් පමණ තබා සෝදා හැරීම යෝග්‍ය වේ.
පණු කැවිලි හා දද සඳහා
පීඩාකාරී පණුකැවිලි හා දද සුවපත් කර ගැනීම සඳහා ආයුර්වේදය තුළ ඖෂධයක් ලෙස ඇත්තෝර භාවිතා කරයි එනම් ඒ සඳහා ඇත්තෝර කොළ දෙහි ඇට මද, සුදුලූණු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා එම ස්ථානවල ආලේප කිරීම හෝ බැඳීම යෝග්‍ය වේ.
සමේ තුවාල සඳහා
සම මත ඇතිවන ඕනෑම තුවාලයක් සුව කර ගැනීම සඳහා ඖෂධයක් ලෙස ඇත්තෝර භාවිතා කළ හැකිය එනම් මේ සඳහා ඇත්තෝර ඇට කබලේ බැද කුඩුකර එම තුවාල මත ආලේප කිරීම යෝග්‍යය වේ.
මීමැසි හා බඹර විෂ නැසීම සඳහා
මී මැසි විෂ,බඹර විෂ නැසීමට ඇත්තෝර කොළ කොටා එම යුෂ පානය කිරීම හෝ දෂ්ටකළ මුඛයේ ආලේප කිරීම යෝග්‍යය වේ.
පණු රෝග සඳහා
පණු රෝග සමනය කිරීම සඳහා ගුණදායක ඖෂධයක් ලෙස ඇත්තෝර හැඳින්විය හැකිය. එනම් කිරි පණු රෝගය සඳහා ඇත්තෝර පලා මැල්ලුමක් ලෙස සකස් කර ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වේ. එනම් එමගින් මල මාර්ගය හරහා පණුවන් ඉවත් කරගත හැකිය.
දුගඳ සහිත වන සඳහා
දුර්ගන්ධය ඇති වන සුවපත් කිරීම සඳහා
එඬරු තෙලින් තම්බා ගත් ඇත්තෝර කොළ තබා බැඳීම යෝග්‍ය වේ.
මල බද්ධය සඳහා
මල පිටකිරීමට අපහසු වීම හෙවත් මල බද්ධය සමනය කිරීම සඳහා ඇත්තෝර කොළ මලවා ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් ඒවායෙහි අඩංගු විරේචන ගුණය මලපහ පිටකිරීම පහසු කරවනු ලබයි. ඊට අමතරව බඩවැල් වල විෂ ඉවත් කර ආමාශයේ පිළිකා ඇතිවීම ද වලක්වයි.
මේ ආදී වශයෙන් බොහෝ රෝග සමනය කිරීමට ඖෂධයක් ලෙස ඇත්තෝර ශාකය බොහෝ රටවල බහුලව භාවිතා කරයි ත්තෝර මැල්ලුමක් ලෙස සකස් කර භාවිතා කිරීමේදී මාත්‍රාව ඉක්මවා භාවිතා නොකළ යුතුය එනම් ඉන් විරේචනය ඇතිවිය හැකිය.