මිනිස් ශරීරයේ වැදගත්ම සහ ප්‍රධානම ඉන්ද්‍රියන් අතුරින් හදවතට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයකි. එබැවින් හදවත නිරෝගීව පවත්වාගෙන යාමට සෑම පුද්ගලයකුම උනන්දු වේ.
ප්‍රධාන වශයෙන්ම හදවත හරහා සිදුවනු ලබන්නේ සමස්ත මිනිස් සිරුර පුරාම රුධිර සංසරණය නිසි පරිදි සිදු කිරීමයි. එසේ රුධිර සංසරණය නිසි පරිදි සිදු වන විට මිනිස් සිරුරේ ක්‍රියාකාරිත්වය ද ඉතා හොඳින් සිදුවේ. යම් හෙයකින් මෙම ක්‍රියාවලියට බාධාවක් ඇති වන්නේ නම් එමගින් පැහැදිලි වන්නේ හදවත නිරෝගී නොවන බවයි.
හොඳින් වැඩුණු පුද්ගලයකුගේ හදවතේ ස්වරූපය පිළිබඳ විමසා බැලීමේදී එය දකුණු අත මිට මෙලවූ පසු අතෙහි ප්‍රමාණයට සමාන වෙයි. එමෙන්ම හදවත ග්‍රෑම් 300ක් පමණ බරින් ද යුක්ත වේ.
හදවත මූලික කරගනිමින් ඇතිවන ප්‍රධානතම රෝගී තත්ත්වය වන්නේ හෘදයාබාධ වේ. විශේෂයෙන් ක්‍රමවත් හා ප්‍රමාණවත් පරිදි රුධිර සංසරණය සිදු නොවීම හා රුධිරය නොලැබීම නිසාවෙන් ඇතිවන හදවතේ වැඩි පීඩනය හෘදයාබාධ ඇතිවීමට ප්‍රධාන වශයෙන් ම බලපානු ලබයි. මෙසේ හදවතේ පීඩනය වැඩි වන විට හදවතේ පවතින මාංශ පේශීන් පවා තුවාල විය හැකිය. මෙම තත්ත්වය පුද්ගලයා මරණයට පවා පත් වන තත්ත්වයකි.යම් හෙයකින් පුද්ගලයකුගේ පුද්ගලයකුගේ හදවත ආශ්‍රිතව පවතින මාංශපේෂීන් තුවාල වී පවතින්නේ නම් එය නැවත නිසි පරිදි සුවපත් වීමට මාස දෙකක් පමණ ගත වේ. එහිදී රෝගියාට විවේකය යන්න අත්‍යාවශ්‍යයෙන්ම ලැබිය යුත්තකි.හෘදයාබාධයක් ඇතිවීම සඳහා නිශ්චිත වශයෙන් එක් හේතුවක් පමණක් බලනොපායි. ඒ සඳහා හේතු සාධක කිහිපයක්ම බලපෑ හැකි අතර ඉන් කිහිපයක් පහත පරිදි පෙන්වා දිය හැකිය.

- කොලෙස්ට්‍රෝල්, දියවැඩියාව හා අධි රුධිර පීඩනය වැනි නිදන්ගත රෝගවලින් දීර්ඝ කාලයක් තිස්සේ පීඩා විඳීම.
- කාය වර්ධනය කර ගැනීම සඳහා සිදු කරන විවිධ ක්‍රියාකාරකම්.
- නිතර නිතර මානසික පීඩනය, ආතතිය කණස්සල්ලෙන් පසුවීම.
- දීර්ඝ කාලයක තිස්සේ මත්පැන්, මත්ද්‍රව්‍ය හා දුම්වැටි ආදිය භාවිත කිරිම.
- ප්‍රවේණිගතව හෘදයාබාධ ඇතිවීම.
- අධික තරබාරු භාවය. යනාදී හේතු සාධක රාශියක් හෘදයාබාධ ඇතිවීම සඳහා බලපානු ලබයි.
යම් පුද්ගලයෙකුට හෘදයාබාධයක් ඇති බවට හඳුනාගත හැකි පූර්ව ලක්ෂණ කිහිපයක්ම පවතී. ඒ අතුරින් ප්‍රධානම ලක්ෂණය වන්නේ තෙහෙට්ටුව හා මහන්සිය ඇති වීමයි. විශේෂයෙන් මෙහිදී මහන්සියක් එතරම් නොදැනෙන සුළු සුළු ක්‍රියාකාරකම් වලදී පවා අධික මහන්සිය දැනීම සිදු වේ. ඊට අමතරව පහත රෝග ලක්ෂණ මගින් ද හෘදයාබාධයක් ඇති බව අඟවනු ලබයි.
- ශරීරයට දැනෙන වෙහෙස මහන්සියක් සමග පපුවේ වේදනාවක් ඇතිවීම.
- හෘද ස්පන්දන වේගය වැඩියෙන් සිදුවීම.
- ආහාර ගැනීමේදී නිතර නිතර හිරවෙන තත්ත්වයක් ඇතිවීම.
- කලන්තය හා කරකැවිල්ල ඇතිවීම.
- ඇස් ඉදිමීමට ලක්වීම.
- හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම හා හතිය තත්වයට පැමිනීම.
- හිසරදය හා කැස්ස ඇති වීම.
යනාදී රෝග ලක්ෂණ හෘදයාබාධයක් පවතින බව පූර්ව වශයෙන් පෙන්නුම් කරන ලක්ෂණ වේ. මෙවැනි ලක්ෂණ එකකට වඩා පවතින්නේ නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවට ගොස් ප්‍රතිකාර ලබාගෙන හෘදයාබාධ අවදානම දුරු කර ගැනීමට කටයුතු කළ හැකිය.
වර්තමානයේ බොහෝ පුද්ගලයින් මෙම ලක්ෂණ පැවතිය ද එය එතරම් තැකීමක් නොකරන නිසා හෘදයාබාධ වැළඳීම වැඩි වශයෙන්ම සිදු වේ. එමගින් සිදු වන මරණ ප්‍රමාණය ද ඉහළ අගයක් ගෙන ඇත.
හෘදයාබාධයක් වැළඳුනු පුද්ගලයකු පහසු ඉරියව්වකින් වෛද්‍යවරයකු වෙත රැගෙන යාම අත්‍යවශ්‍ය වේ. එහිදී වෛද්‍යවරයා රෝගියා පරික්ෂා කිරීමෙන් අනතුරුව රෝහල තුළ මාස දෙකක පමණ කාලයක් ඖෂධ ලබා දෙමින් ප්‍රතිකාර ලබාදීම සිදු කරයි.

හෘදයාබාධ රෝගීන්ට මුල් පැය 48 තුළ ඝන ආහාර කිසිසේත්ම ලබා නොදිය යුතුය. එමෙන්ම කැෆේන් අඩංගු පාන වර්ග ද සුදුසු නොවේ. සුළු දියරමය ආහාර පමණක් ලබාදීම වඩාත් සුදුසු වේ.
තුන්වන දිනය පමණ වන විට බත් මිශ්‍ර කැද සමග කුරහන් , ක්‍රැකර් වර්ග ආදිය ලබාදීම සුදුසු වේ. සිව්වන දිනය වන විට ඉහතින් ලබාදුන් ආහාර තරමක ප්‍රමාණයක් වැඩි කර ලබා දීම වඩාත් සුදුසු වේ.
ඉන්පසුව සුළු සුළු ක්‍රියාකාරකම් වල නිරත වෙමින් සංකූලතාවලින් තොරව සිටින්නේ නම් සතියකින් පමණ පසුව නිවසට යා හැකිය. එනමුත් නිවසේ දී වුව ද කිසිදු බර වැඩක් නොකළ යුතු අතර සාමාන්‍ය පරිදි විවේකයෙන් සිටීම අතිශය වැදගත් වේ.
හෘද රෝගීන් සමබල ආහාර වේලක් ලබා ගත යුතු අතර රනිල බෝග, නැවුම් එළවළු හා පළතුරු, ධාන්‍ය හා පලා වර්ග, රතු කැකුළු සහල්, ඕට්ස්, ගොරකා සුදුලූනු වැනි ආහාර පාන වැඩි වශයෙන් පරිභෝජනය කළ යුතුය.
කෙසේ නමුත් මේදය සහිත කිරි නිෂ්පාදිතයන්, බිත්තර කහ මද, අධික ලෙස තෙල් සීනි පිටි අඩංගු ආහාර, උෂ්ණාධික ආහාර භාවිතය මුළුමනින්ම නවතා දැමීම වඩාත් යෝග්‍ය වේ.
හෘදයාබාධ රෝගීන් අධික ලෙස ශරීරයට මහන්සිය දැනෙන ක්‍රියාකාරකම්වල කිසිසේත්ම නිරතවීම සුදුසු නොවේ. වෛද්‍යවරයකු විසින් නිර්දේශ කරන සුළු සුළු ව්‍යායාම් වල පමණක් නිරත වීම සුදුසු වේ. නිසි පරිදි ඖෂධ ලබා ගනිමින් විවේකය ගත ගත කිරීම මගින් හෘදයාබාධ රෝගීන්ට ඉක්මන් සුවයට පත් වීමට හැකිය.