ඕනෑම පුද්ගලයෙකුගේ බාහිර පෙනුම සඳහා බලපාන සුවිශේෂි අංගයක් තමයි හිසකෙස්. කාන්තාවකට හෝ වේවා පුරුෂයෙකුට හෝ වේවා තමන්ගේ පෞරුෂත්වය සහ සුන්දරත්වයට හිසකෙස් අතිශයින්ම බලපාන කාරණයක්. සාමාන්‍යයෙන් හිසකෙස් සුදුවීම වයස්ගත වීමත් එක්ක සිදුවන ස්වභාවික ක්‍රියාවලියක් වුණත් අද පාසල් යන දරුවාගේ පටන් මේ තත්ත්වය අද සුලබ ගැටළුවක් බවට පත්වෙලා .

ජානමය හේතු හැරුණාම මේ සඳහා සැලකිය යුතු හේතු බොහොමයක් තියෙනවා. ඉතින් වයස්ගත වෙන්නට කලින් වයස්ගතවීමේ එක් ලක්ෂණයක් වෙන හිසකෙස් සුදුවීමෙන් ඔබත් පීඩාවට පත්වෙලා ඇති. ඉතින් ඒ නිසාවෙන් අපි අද ඔබට කියන්න යන්නේ මේ තත්ත්වයෙන් මිදෙන්නට නිවෙසේදීම කළ හැකි ස්භාවික සත්කාර කිහිපයක් පිළිබඳව.
1.අවශ්‍ය ද්‍රව්‍ය
ගොටුකොළ මිටක්
රතුළූණු පතක්
මුගුණුවැන්න මිටක්
අමු නෙල්ලි පතක්
තල තෙල් බෝතල් භාගයක්
මේ ද්‍රව්‍ය සියල්ල සෝදා හොඳින් කොටා ගෙන තම්බා ගන්න . එසේ තම්බා ගත් මේ ද්‍රව්‍යයන්ගෙන් යුෂ පමණක් පෙරා ඉවත් කරගෙන එයට පිරිසිදු තල තෙල් බෝතල් භාගයක් එකතු කර ගන්න.මේ සියල්ල හොඳින් කකාරා එන තබා භාවිතයට ගන්න.
2.අවශ්‍ය ද්‍රව්‍ය
නෙල්ලි කුඩු
මී පැණි
දෙහි
නෙල්ලි කුඩු හිසේ ගැලවීමට අවශ්‍ය ප්‍රමාණයට ගෙන එයට මී පැණි සහ දෙහි යුෂ බින්දු කිහිපයක් එකතු කර හොඳින් මිශ්‍රකර ගන්න. මෙය හිසකෙස්වලට වඩා ආලේප කළ යුත්තේ හිස් කබලේ. ඒ ආකාරයට හිස්කබලේ මේ ආලේපය විනාඩි 45 ට වැඩි කාලයක් තබා සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න. ඒ සඳහා ෂැම්පු කන්ඩිෂනර් භාවිතා කරන්නට එපා. මේ සත්කාරය සතියකට වරක් සිදු කිරීම ප්‍රමාණවත්.
3.අවශ්‍ය ද්‍රව්‍ය
කරපිංචා කොළ සහ කොහොඹ කොල මිට බැගින්
පිරිසුදු පොල්තෙල් මිලිලීටර් 50ක්
එඬරු තෙල් මිලිලීටර් 50ක්
ඔලිව් තෙල් මිලිලීටර් 50ක්
කෝමාරිකා කෑල්ලක්
විටමින් e කරල් 3-4 ක්
උළුහාල් ස්වල්පයක්
කලදුරු ස්වල්පයක්
මේ තෙල් වර්ග තුන හොඳින් මිශ්‍රකර පිරිසිදු භාජනයකට දමා මද ගින්දරේ ලිපේ තියන්න . ඉන්පසු එයට සෝදා වියළා ගත් කරපිංචා සහ කොහොඹ කොළ ටික එකතු කරන්න. එයටම කෝමාරිකා පොඩි කෑල්ලකුත් එකතු කරන්න. ( මේ කෝමාරිකා කෑල්ල තෙල් භාජනයේ සෙමෙන් තැම්බෙන්න තියන්න. ඒත් තැලීම හෝ පොඩි කිරීම කරන්න එපා.) පසුව තෙල් භාජනයකට උළුහාල් ඇට ස්වල්පයක් සහ කලුදුරු ස්වල්පයකුත් එකතු කරගන්න.කරපිංචා කොළ සහ කොහොඹ කොළ ආදියේ පැහැය වෙනස් වෙනතුරු බැදෙන්නට හැර තෙල් එක ලිපෙන් ඉවත් කරගන්න.තෙල් ටික පෙරා ගැනීමට පෙර කෝමාරිකා කෑල්ල පොඩි නොකර ඉවත් කරගන්න .

හොඳින් නිවුණු පසු තෙල් ටික හොඳින් පෙරා ගෙන එයට විටමින් ඊ කරල් තෙල් එකතු කර කලවම් කර වියළි බෝතලයකට දාන්න. මේ තෙල් එක සතියකට දෙවරක් හෝ තුන්වරක් වරක් ඔබට භාවිතයට ගන්නට පුළුවන්.
මේ ඒ සඳහා තවත් සත්කාර කිහිපයක්.
පොකුරු වදමල් ජලය සමඟ අඹරා ආලේප කරන්න.
දුම්මැල්ල කොළ ඇල්දියෙන් අඹරා හිසේ ආලේප කරන්න.
නික කොළ, පොකුරු වද මල්, වෙනිවැල්ගැට, සැවැන්න මුල් තම්බා ගත් ජලයෙන් හිස් සෝදන්න.
කීකිරිඳිය, මුකුණුවැන්න, ගොටුකොළ එලකිරි සමග අඹරා හිසේ ආලේප කර සෝදා හරින්න.
බිත්තර කහ මදය සමග කෝමාරිකා මදය මිශ්‍රකර හිසේ ආලේප කරන්න.
දෙහි කොළ යුෂ, දෙහි යුෂ සහ පොල්කිරි හිරු එළියෙන් රත්වෙන්නට තබා හිසේ ආලේප කරන්න.
අමු නෙල්ලි දෙහි යුෂ සමග කොටා ස්නානයට පෙර හිසේ ආලේප කර සෝදා හරින්න.

ගොටුකොළ, මොනරකුඩුම්බිය, ඉරමුසු, මුකුණුවැන්න, කීකිරිඳිය, නෙළුම් අල, හාතවාරිය, පොල්පලා, කරපිංචා සහ ලුණුවිල ආදියෙන් කුමන වර්ගයකින් හෝ සාදාගත් කැඳ වර්ගයක් සතියකට දින තුනක් පානය කරන්න.
හිස්කෙස් අකලට සුදුවීම විටමින් ඌණතාවයන්, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩු වීම, පීනස ආදී රෝග තත්ත්වයන් හේතුවෙන් වුණත් ඇති වෙන්නට හැකියාව තියෙනවා. ඒ නිසා ප්‍රතිකාර කිරීමට පෙර හිසකෙස් සුදු වෙන්නට බලපාන හේතුව පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්. එවැනි අවස්ථාවක ඒ රෝග තත්ත්වයන් පාලනය සඳහා ප්‍රතිකාර ගැනීමත් අත්‍යවශ්‍ය වෙනවා.
හිසකෙස් සම්බන්ධ ගැටලුවලදී කෘතිම නිෂ්පාදන භාවිතා කරනවාට වඩා ස්වභාවික සත්කාර භාවිතා කිරීම මගින් හිසකෙස් වල ගැටළු බොහොමයක් දුරු කරගන්නට හැකියාව ලැබෙනවා.