දෙපතුල් සුද්දියක් වගේ සුදු කරගන්න රහස් ක්‍රම 7 ක්

health tips

එදිනෙදා ජීවිතයේ ඇති කාර්යබහුලකම නිසාම ශරීරය බොහෝ වෙහෙසට පත්වෙනවා.එහිදී ඔබේ දෙපාවලට එල්ලවන බලපෑමත් ඉතා වැඩියි. දවස පුරා එහාමෙහා ඇවිදින විට පාද  පීඩනයට ලක්වීම ,කුණුදූවිලි දූවිලි වලට නිරාවරණය වීම සහා පාදයේ සම හානියට පත්විම් වැනි ගැටලු ඇතිවෙනවා මුහුණට ලබාදෙන සත්කාර වගේම ඔබේ දෙපාවල නීරෝගි බව හා සුන්දර පෙනුම ‍රැකගැනීම කෙරෙහි ද සැලකිලිමත් විම ද එක සේ වැදගත් වන්නේ ද ඒ නිසයි. 

පාද වල නීරෝගිබව සහා සුන්දරත්වය  ‍රැකගැනීමේදි වැඩි අවධානයක් ලබාදිය යුත්තේ පාදයේ ඇඟිලි සහා දෙපතුල් වලටය. මේ ඒ සඳහා ඔබට වඩාත් හොඳ ප්‍රතිඵල ලබාදෙන උපදෙස් සහා පාද සත්කාර ක්‍රම කිහිපයකි.

  1. දෙපතුල් වියළිව තබාගන්න

පාද වල සනීපාරක්ෂාව පවත්වාගැනීමේදි වැදගත් වන මූලිකම කරුණ වන්නේ දෙපතුල් වියළිව තබාගැනීමයි. තෙතමනය යනු දිලීර වර්ග වැනි ක්ෂුද්‍රජීවීන් වර්ධනය සඳහා හිතකර පරිසරයක් වීම ඊට හේතුවයි.පාද වල එවැනි දිලීර -පුස් රෝග හටගැනීම වළක්වාගැනීමට නම් ඔබේ දෙපතුල් වියළිව තබාගැනීමට අමතක කරන්න එපා. ඒ සඳහා,

  • දෙපා වල සමට වාතාශ්‍රය ලැබිය හැකිසේ,ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් තැනූ පාවහන් පලඳින්න.
  • දින කිහිපයක් එකදිගට එකම සපත්තු යුගලක් භාවිතා නොකරන්න.
  • ස්නානය කිරීමෙන් හෝ සෝදා ගැනීමෙන් පසු තුවායකින් ඔබේ දෙපතුල් හොඳින් තෙත මාත්තු කරගන්න.
  1. පාද වල නියපොතු නිවැරදිව කෙටි වන සේ කපාගන්න.

අක්‍රමවත් ලෙස කෙටි කරන ලද නියපොතු යලි වර්ධනය නොවී සම මත ඉතිරි වී වේදනාකාරී ස්වභාවයක් ඇති කළ හැකියි. එවැනි තත්වයන් වළක්වාගැනිමට මෙම උපදෙස් අනුගමනය කරන්න.

  • පාද වල නිය සෘජු රේඛියව (කෙළින්) කෙටි කිරීම සිදුකරන්න. නිය කොන් රවුම් හැඩයකින් කැපීම නොකල යුතුයි.
  • නියපොතු වඩාත් කොටට කැපීම නිසා නියපොතු යලි වර්ධනය නොවීම, සම ඇතුලට වර්ධනය වීම හෝ ආසාදන තත්වයන් ඇතිවීම වැනි අපහසුතා ඇතිවිය හැකියි.
  • නියපොතු කැපීමේදී නියමහ (cuticle) කැපීම සිදුනොකරන්න. ටූත් පික් එකක් ගෙන එහි සම පසුපසට තල්ලු කරමින් ප්‍රවේශමින් නියපොතු කපාගන්න.
  1. පාද වල නියපොතු නීරෝගීව තබාගන්න
  • සම ඇතුලතින් වර්ධන වන නියපොතු (ingrown toenails) නිසා වේදනාව ඇති විය හැකියි. එවැනි වේදනා සමනය කරගැනීමට මේ පියවර ඔබට බොහෝ ප්‍රයෝජනවත් වේවි.
  • උණුසුම් ජලය පිරවූ බේසමක ඔබේ දෙපතුල් බහාලමින් මිනිත්තු 15-20ක් පමණ පෙ‍ඟෙන්නට හරින්න (මෙහිදී ජලය ලීටර් 1කට ලුණු මේස හැඳි 1ක් ලෙස මිශ්‍රකරගන්න).
  • නියපොත්ත දාරය යටින් ‘dental floss’ (දත් වල සිරවී ඇති දෑ ඉවත් කිරීමට භාවිතා කරන්නකි) කැබැල්ලක් තබා, එය මෘදුව ඉහළට එසවීම සිදුකරන්න.
  • විෂබීජ නාශක ඖෂධ (antiseptic) ස්වල්පයක් එම ස්ථානයේ ආලේප කරගනිමින් නියපොත්ත ආසාදන වලට ලක්වීම වැළැක්වෙන සේ බැන්ඩේජ් කරගන්න.
  • ඔබේ නියපොත්ත සුවවන තුරු මේ ක්‍රමය දිනපතා නැවත සිදුකරගන්න.
  • මෙම සත්කාරයෙන් ඔබේ ඇඟිල්ල සුව නොවී ඇති බව හෝ යම් දිලීර ආසාදනයක ලක්ෂණ පහළ වී ඇති බව දැකිය හැකි නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට කටයුතු කරන්න.
  1. ඔබේ දෙපතුල් වල පෙනුම ‍රැකගත හැකි සත්කාරයක්

දෙපතුල් වල මෘදු බව ඇතිකරගනිමින් දෙපාවල සුන්දරත්වය වැඩිකරගත හැකි ක්‍රමයක් තමයි මේ. උණුසුම් ජලය පිරවූ බේසමකට වෙනත් පෝෂක අමුද්‍රව්‍යක් මුසුකරගනිමින් සත්කාර කල හැකියි. ඒ සඳහා ලුණු, එසෙන්ෂියල් ඔයිල් වර්ග හෝ නිවසේ ඇති ආයුර්වේදීය ඖෂධ වර්ග භාවිතා කල හැකියි. එසේ අමුද්‍රව්‍ය එක්කල උණුසුම් ජලයේ මිනිත්තු 15-20ක් පමණ ඔබේ දෙපතුල් හොඳින් පොඟවාගන්න. ඉන්පසුව, foot scrub වර්ගයක් හෝ පමිස් ගලක් භාවිතා කරමින් දෙපතුල් වල ඇති වියළි සහා මැරුණු සම ඉවත්වන සේ අතුල්ලමින් පිරිසිදු කරගන්න.

  1. දෙපා වල තෙතමනය පවත්වාගැනීම වැදගත්

dimethicone, lanolin,Vaseline වැනි සම මෘදුකාරක සහා glyserine,lecithin වැනි තෙතමනකාරක  අඩංගු ක්‍රීම් වර්ගයක් භාවිතා කරන්න. නමුත්, ඇඟිලි අතර ප්‍රදේශ වල ක්‍රීම් ආලේප නොකරන්න. ඉන් දිලීර ආසාදන ඇති විය හැකියි.

  1. දෙපතුල් සම්බාහනය කරන්න.

 පාද වල තෙහෙට්‍ටුව නැතිකිරීම, පාද වල රුධිර සංසරණ ක්‍රියාවලිය ක්‍රමවත්ව වැඩිදියුණු කිරීම සහා දෙපා වල නීරෝගිබව ‍රැකගැනීම සඳහා තිබෙන හොඳම ක්‍රමය වන්නේ පාද සඳහා සම්බාහන සත්කාර ලබාදීමයි. ඒ සඳහා විශේෂ සම්බාහන උපකරණ වෙළඳපලේ මිලදී ගැනීමට තිබේ. ඒ සඳහා සරල ක්‍රමයක් ලෙස ටෙනිස් බෝලයක් හෝ කුඩා ගෝලාකාර වෙනත් වස්තුවක් භාවිතා කල හැකියි. ඔබේ පතුල යටින් බෝලය තබා පාද වල ඇඟිලි වල සිට විලුඹ දක්වා සෙමින් ඉදිරියට හා පි‍ටුපස දෙසට රෝල් කිරීම සිදුකරන්න. ගෙදරදීම සිදුකරගත හැකි සරල පාද සම්බාහන ක්‍රමයක්!