අපි හැමෝම නීරෝගීව ජීවත් වෙන්නත් දීර්ඝායු ලබන්නත් කැමතියි නේ. ඒ වගේම තමයි පිරිමි පාර්ශවයටත් වඩා කාන්තාවන් තමන්ගේ සුන්දරත්වය ගැන වැඩිපුර හිතනවා. ඉතින් අපි අපේ ජීවිත කාලය තුළ මේ අපේක්ෂාවන් ඉටු කර ගන්නට නොයෙකුත් දේවල් කරනවා. රූපය ලස්සනට තියා ගන්නට විවිධ රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා කරනවා. මාසයකට වරක් හෝ සැලෝන් එකකට ගිහින් පේශල් එකක් ක්ලීනප් එකක් කරගන්නවා. ඒ විතරක් නෙවෙයි ලෙඩ රෝගවලින් ආරක්ෂා වී සිටින්නත් විවිධ විටමින් වර්ග ආදිය ලබා ගන්නවා. නමුත් මේ හැමදේටම අවධානය දුන්නත් අපි ආහාර ගනිද්දි දිව පිනවන ආහාර සොයා යන්නේ නම් අපේ නීරෝගි බව ගැනවත් ආයුෂ ගැන හිතලවත් නෙවෙයි නේ. රසය නිසා බඩකට පිරෙන්නට කන්නට. ඉතින් අපේ අපේක්ෂාවන් සඵල කරගන්නට අපේ යම් යම් පුරුදු බාධාවක් වෙනවා. විශේෂයෙන්ම අපි එතරම් නොසිතනා පුරුදු. ඔන්න අපි අද ඔබ සමඟ කතා කරන්නේ ආයුෂ වැඩිකර නීරොගීව ජීවත් වෙන්නට අපිට විශාල බලපෑමක් කරන පුරුදු සහ ක්‍රියාකාරකම් කිහිපයක ගැන,.නමුත් ඔබ කවදාවත් සිතන්නේ නැතුව ඇති මේ පුංචි පුරුදු මේ තරම් විශාල ප්‍රතිලාභයන් අපිට ලබාදෙන බව නම්.

නින්ද ඉලක්ක පසුපස හබා යන අපිට නොදැනුවත්වම අපේ නින්ද අපිට අහිමිවෙලා ගිහින් තියෙනවා. . වැඩිහිටියන්ගේ වගේම බොහෝ අධ්‍යාපනය ලබන දරුවන්ගේ ජීවිත ඒකාකාරීව ගෙවිලා යන්නේ කායිකව වගේම මානසිකවත් මහත් පීඩාකාරී විදියට. ඉතින් අපේ ශරීරයට මේ දේවල්වලින් මිදිලා සිරුරේ අභ්‍යන්තර අවයවවල අලුත්වැඩියා කටයුතු කර ගන්නට ශරීරයට විවේකයක් අවශ්‍ය වෙනවා. ඉතින් අපේ ශරීරයට විවේකය ලැබෙන හොඳම ක්‍රමය තමයි නින්ද කියන්නේ. වැඩිහිටි පුද්ගයෙකුට සාමාන්‍යයෙන් දිනකට පැය 6-7 ක් තරම් සුවදායි නින්දක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.
නින්දේ දී විවිධවූ රසායන ක්‍රියාවලින් අපේ දේහය තුළ සිදු වෙනවා. හොඳ නින්දක් අපේ නිර්මාණශීලිත්වය, මතකය, බුද්ධිය ආදී මොළය ඇසුරු කරගෙන පවතින සාධක බොහොමයක් වර්ධනය කරන අතරේ අක්මාව, වකුගඩු, හෘදය ආදී සෑම අවයවයකමත් පටක අලුත්වැඩියා කිරීම, විෂහරණ කටයුතු ආදී බොහොමයක් දේ සිදු වෙනවා. ඉතින් දෛනිකව අපේ දේහයට අවශ්‍ය නින්ද ලබා නොදුන්නොත් ශරීරයේ ක්‍රියාකාරිත්වයන් නිසි පරිදි සිදු වෙන්නේ නැහැ. එය ලෙඩරෝග බොහොමයකටම හේතුවක් වෙනවා.
විශේෂයෙන්ම මානසික ආතතියෙන් මිදෙන්නට හොඳම ක්‍රමය මේ නින්ද. ඒ වගේම හරි හමන් නින්දක් දෛනිකව අපේ දේහයට නොලැබීම දියවැඩියාව, අක්මාවේ විශහරණ කටයුතු අඩපණ වී අක්මාව රෝගී වීම, වකුගඩුවල අකර්මණ්‍යතා ඇතිවීම, සම, ඇස්, හිසකෙස් ආදීයේ ගැටළුවලට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒ නිසා අපිට වැළදෙන රෝග බොහොමයකටම කට පරෙස්සම් නැතිකම කිව්වට ඒ හා සමානවම රෝග බොහොමයකට මූල බීජය වෙන්නේ නින්ද නිසි පරිදි ලබා නොගැනීම.
එකම වේලාවකට නින්දට යාම, අඛන්ඩව ගැඹුරු නින්දක් ලබා ගැනීම, වගේම නිදා ගන්නා ඉරියව්වත් ඉතාම වැදගත්. දකුණු ඇලයට හැරී නිදා ගැනීමෙන් ආහාර ජීර්ණයත් ඉතා හොඳින් සිදු වෙනවා, රාත්‍රී කාලයේදී නිදි වැරීම දිවා කාලයේ නිදා ගැනීම සහ පැය 9 ඉක්මවා නිදා ගැනීමත් සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීමට බාධා කරන පුරුදු බව මතක තබා ගන්න. අක්මාවේ විෂහරණ ක්‍රියාවලියට අපි රාත්‍රීයේදී අපි ගැඹුරු නින්දක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම ඒ සඳහා සුදුසු වෙන්නේ රාත්‍රී 11 සහ 2 අතර කාලය. නමුත් මානසික ආතතියෙන් පෙළෙන අය රාත්‍රී 11 න් පසුව නින්දට යාම වරදක් නැහැ.
උදෑසන පිබිදීම උදෑසන පිබිදීමට සුදුසුම වේලාව ලෙස සඳහන් වෙන්නේ පාන්දර 4.30 සිට 5.15 අතර කාලයයි. මේ කාලය බ්‍රහ්ම මුහුර්ථය ලෙසයි දක්වන්නේ. උදෑසන ප්‍රමාද වී අවදි වෙනවට වඩා උදෑසන අවදි වී මුහුණ කට සෝදාගෙන පමා නොවී පෝෂ්‍යාදායි උදෑසන ආහාර වේලක් ගැනීම සෞඛ්‍යමත් ජීවිතයකට ඉතාම වැදගත්.මෙහිදී කෘතීම ආහාර වෙනුවට ධාන්‍යමය ආහාරයක් ගැනීම ඉතා සුදුසුයි.
විරේක කිරීම බොහෝ රෝගවලට හේතුව අපේ කට පරෙස්සම් නැතිකම විතරක්ම නෙවෙයි. අද අපිට අමතක වෙලා තියෙන විරේක නොකිරීම. එදා පැරැන්නන් මාස 3 ට වරක් විරේක කිරීමට අමතක කළේ නැහැ. එමගින් අපේ ශරීරයේ එකතුවෙලා තියෙන විෂ ඉවත්ව යනවා වගේම පණු රෝගවලටත් එයින් සහනය සැලසෙනවා. මේ සඳහා ආයුර්වේදයේ විවිධ ඖෂධ පවතිනවා. අරළු, බුළු නෙල්ලි කලං 4 බැගින් ගෙන වතුර පත අට එකට සිද පෙරා වරක් උදෑසනට පානය කිරීම හෝ ත්‍රිපලා පෙති වශයෙන් ලබාගෙන පානය කිරීමත් මගින් ඔබටත් මේ විරේක සිදු කරගත හැකියි.
වේග දරා නොසිටීම මුත්‍රා ගල්, වකුගඩු ගල්, මුත්‍රා ආසාදන, මලබද්ධය, අක්මාවේ තෙල් ආදී මෙකී නොකී බොහෝ රෝගවලට හේතුව වෙන්නේ අපේ ශරීරයෙන් පිට කළ යුතු නොයෙකුත් වේගයන් කුමන හෝ හේතුන් මත දරා සිටීමයි. විශේෂයෙන්ම මල මුත්‍රා, කුසගින්න, ඈනුම්, කැස්ස, වමනය, කඳුළු, පිපාසය, අධෝ වාතය පිපාසය ආදී වේගයන් දරා නොසිට ඒ අවස්ථාවේ පිට කිරීම දිගු කලක් නීරෝගීව ජීවත් වෙන්නට අත්‍යවශ්‍ය කාරණාවන් වෙනවා.
ආයුෂ වර්ධනය කරන ආයුර්වේද ප්‍රතිකර්ම

- නෙල්ලි රසකිඳ , ඉරමුසු, රණවරා, බෙලි මල්, පොල්පලා ආදී ඔසු පැන් පානය
- කරපිංචා, හාතවාරිය, ආදී කැඳ වර්ග සුදු ළූණු ආදිය යොදා පිළියෙල කර පානය කිරීම, හාතාවරිය කැඳ විශේෂයෙන්ම කාන්තාවන්ගේ නීරෝගී බවට අතිශයින්ම වැදගත්.
- අඹ, නෙල්ලි, කොමඩු ආදී තරුණ බව රකින පලතුරු සහ මුරුංගා, කැරට් ආදී නැවුම් එළවලු හ පලා වර්ග වැඩිපුර ආහාරයට එකතු කර ගැනීම.
- වට්ටක්කා ඇට, කැකිරි ඇට, කොමඩු ඇට කබලේ බැද ආහාරයට ගැනීම.
- දිනපතා ගොටුකොළ සහ රතු ළූණු යුශ මේස හැදි 2 ක් පානය කිරීම. මෙය සෙම අඩුකර මතක ශක්තිය වර්ධනය කර සම පැහැපත් දීර්ඝායුෂ ලබාදෙනවා.
- විනාකිරි තක්කාලි නිතර ආහාරයට එකතු කර නොගැනීම. එය සම දුර්වරණ කරන්නට සමත් වෙනවා.
- දිනකට ප්‍රමාණවත් තරම් එය පානය කරන්න. අවම වශයෙන් දිනකට ජලය ලීටර 2 ½ ක් වත් පානය කිරීමෙන් ලෙඩ රෝග විශාල ප්‍රමාණයකින් ආරක්ෂාව සලසා ගන්නට පුළුවන්.
දීර්ඝායුෂ ලබන්නට අපි එතරම් නොසිතනා නමුත් වඩා වැදගත් එදිනෙදා පුරුදු සහ චර්යාවන් හේතු වෙනවා. ඒ නිසා හැකි සෑම විටක නිවැරදි යහපත් චර්යාවන් අනුගමනයට උත්සාහ කරන්න.