කොන්ද ආශ්‍රිතව ඇතිවන වේදනාව ඉතා පීඩාකාරී වේදනාවක් වේ. එනම් මෙය බොහෝ විට මැදි වයස්වල පසුවන පුද්ගලයින්ට නිතර ඇති වන අතර තවමත් ඒ සඳහා නිශ්චිත වූ එක ප්‍රතිකාරයක් සොයාගෙන නොමැත. එනම් තවමත් මේ සඳහා භාවිතා කරන්නේ තාවකාලික සුවයක් ගෙන දෙන ප්‍රතිකාරයන්ය. අස්ථි විශාල ප්‍රමාණයක් එකතු වී කශේරුකාව හෙවත් කොන්ද සැකසී තිබේ. ශරීරය සෘජුව තබා ගැනීමට සහ චලනයන් සිදු කිරීම සඳහා කොඳු ඇට පෙළ නීරෝගීව පැවතීම ඉතා වැදගත් වේ. එනම් එම කාර්යයන් සිදු කිරීම සඳහා කශේරුකාව ආශ්‍රිතව පවතින මාංශ පේශීන් උපකාරීවේ.කොන්ද කැක්කුම ඇතිවීමට කශේරුකාව වටා ඇති මාංශ පේශීන් හා ස්නායුවල ඇතිවන අහිතකර තත්වය වැඩි බලපෑමක් ඇති කරයි.කොන්දේ කැක්කුම ඇතිවීමට බලපාන හේතු.

- වැරදි ඉරියවි
- කොඳු ඇට අතර තල්ලු වීම් ඇති වීම
- කොඳු ඇට පෙළ ආශ්‍රිතව ඇතිවන ආබාධ.
- කොඳු ඇට පෙළෙහි දිරීම්
- බරින් යුතු බෑග් රැගෙන යාම
- පසුපස ආධාරක නොමැති ආසනවල බොහෝ වේලාවක් ගත කිරීම.
- ක්‍රීඩා කිරීමේදී ඇතිවන අනතුරු
- අස්ථි ගෙවීම්/ වෙනස් වීම්
මේ ආදී හේතූන් කොන්දේ කැක්කුම ඇතිවීම සඳහා බලපානු ලැබේ. මීට අමතරව ශරීර අභ්‍යන්තරයේ ඇතිවන නිදන්ගත රෝග වල රෝග ලක්ෂණයක් ලෙසද කොන්දේ කැක්කුම ඇති වනු ලැබේ.
- ගර්භාෂය ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයන්
- රුධිර වාහිනීවල ඇතිවන වේදනාවන්
- වකුගඩු රෝග පැවතීම.
- අග්න්‍යාශය ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයන්
- ආතරයිටිස් රෝගය
- ඔස්ටියෝපොරෝසිස් රෝගය
- මුත්‍රා මාර්ගය ආශ්‍රිතව ඇතිවන ගල්
ආදී රෝග තත්ත්වයන් ඇතිවිට ද කොන්දේ කැක්කුම ඇති වනු ලැබේ. මේ නිසා කොන්දේ කැක්කුම දිගින් දිගටම පවතින්නේ නම් ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට යොමුවීම වඩාත් සුදුසු වේ.
කොන්දේ කැක්කුම ඇති වීමට බලපාන හේතූන් විවිධ පර්යේෂණ හරහා සනාථ කර ගත හැකිය.
- රුධිර සාම්පල පරීක්ෂණ
- x-ray කිරණ
- එම් ආර් අයි ස්කෑන්
- සී ටී ස්කෑන් මගින් කොන්දේ කැක්කුම ඇති වීමට හේතුව අනාවරණය කර ගත හැකිය.
මෙසේ පර්යේෂණ මගින් කොන්දේ කැක්කුම ඇති වීමට හේතුව කුමක්ද යන්න හඳුනාගෙන අනතුරුව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් කොන්දේ කැක්කුම සුව කරගත හැකිය. ඊට අමතරව කොන්දේ කැක්කුමක් ඇතිවූ විට එය සමනය කරගැනීමට නිවසේ දී කළ හැකි ප්‍රතිකාර කීපයක් පවතී.එනම් එම ප්‍රතිකාර සිදු කිරීමේදී කොන්දේ කැක්කුම ඇතිවීමට හේතුව විමසා බලා ඊට ගැලපෙන අයුරින් ප්‍රතිකාර කළ යුතුය.

අයිස් බෑග් සත්කාරය විශාල බරක් එසවූ විට ඇතිවන කොන්දේ කැක්කුම සුව කර ගැනීම සඳහා මෙවැනි අවස්ථාවක අයිස් බෑග් සත්කාරය සිදුකිරීම මගින් කොන්දේ කැක්කුම සුව කරගත හැකිය. එනම් මේ සඳහා අයිස් බෑග් එකක් ගෙන කොන්ද රිදෙන ස්ථානයේ විනාඩි පහළොවක් පමණ තැවීමෙන් පසු නැවත උනු වතුර පෙඟවූ තුවායකින් එම ප්‍රදේශය තැවිය යුතුය. දින කිහිපයක් මෙම සත්කාරය කිරීමෙන් කොන්දෙ අමාරුව සමනය කර ගත හැකිය. ඊට අමතරව මතුපිට ඝනකමින් යුතු මෙට්ටයක් මත නිදා ගැනීම සහ නින්දට යාමේදී දණහිස් දෙක අතරින් කොට්ටයක් තබා ගෙන නින්දට යාම මගින් කොන්දෙ කැක්කුම සුව කර ගත හැකිය.
සම්බාහනය කොන්දේ කැක්කුම ඇති වූ විටක බොහෝ දෙනකු නැඹුරු වන්නේ සම්බාහන ප්‍රතිකාරයන් සඳහාය. එනම් ඉන් වඩාත් හොඳ ප්‍රතිඵල අත්කර ගත හැකිය. එනම් නිල සම්භාහනය කිරීම හා විවිධ බාම් වර්ග භාවිතා කර සිදු කරන සම්බාහනය මගින් මාංශ පේශීන් වල රුධිර සංසරණය ක්‍රමවත් කර ගත හැකිය. එනම් ඉන් ඉක්මනින් කොන්දේ කැක්කුම සුව කරගත හැකිය.
ව්‍යායාම කිරීම ව්‍යායාම සිදු කිරීම මගින් කොන්දෙ අමාරුව සමනය කර ගත හැකිය. එනම් උදෑසන අවදි වූ විට කොන්දේ කැක්කුම ඇති වී තිබෙන්නේ නම් උදෑසන ව්‍යායාම සිදු කිරීම මගින් කොන්දේ කැක්කුම සුව කරගත හැකිය. එනම් එක දිගට දින කිහිපයක් ව්‍යායාම කිරීම වඩාත් සුදුසුවේ.
මානසික ප්‍රතිකාර බොහෝ දෙනකුට මානසික ආබාධ ඇති වන විට කොන්දේ කැක්කුම ඇති වනු ලැබේ. එනම් මානසික ආතතිය විෂාදය නොසන්සුන් බව ආදී මානසික සංකූලතා ඇති විටෙක මස් පිඩු තද වීම සිදුවේ. එවිට කොන්දේ කැක්කුම් ඇතිවන අතර මානසික රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමෙන් එම කොන්දේ කැක්කුම සුව කරගත හැකිය.
භෞත චිකිත්සක ප්‍රතිකාර භෞත චිකිත්සක ප්‍රතිකාර මගින් කොන්දේ කැක්කුම සුව කරගත හැකිය. එනම් විශේෂයෙන් ම වැරදි ඉරියව් නිසා ඇතිවන කොන්දේ කැක්කුම් සහ අස්ථි වලට සිදුවන හානි දායක තත්ත්වයන් හේතුවෙන් ඇතිවන කොන්දේ කැක්කුම භෞත චිකිත්සක ප්‍රතිකාර හරහා සුව කරගත හැකිය. එනම් මේ සඳහා විශේෂඥ දැනුමක් ඇති වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් සුදුසුවේ.
මෙවැනි ප්‍රතිකාරයන් සිදුකිරීම මගින් කොන්දේ කැක්කුම සුව කරගත හැකිය. මෙවැනි සත්කාර සිදු කළද කොන්දේ කැක්කුම සුව නොවන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් සුදුසුවේ.