කතාකරමින් සිටින පුද්ගලයාගේ මුඛයෙන් දුර්ගන්ධයක් හමන්නේ නම් එය අප්‍රසන්න අත්දැකීමක් නේද? කෙනෙකුට මෙවැනි අත්දැකීම් සෘජුවම එම පුද්ගලයාට පැවසිය නොහැකි නිසා බොහෝ අපහසුතාවන්ට පත්විමට සිදුවිය හැකියි. සාමාන්‍යයෙන් අපි මෙම තත්වය කට ගඳ ගැසීම යනුවෙන් හඳුන්වන්නෙමු. මේ සඳහා ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ මුඛයේ සිටින බැක්ටීරියායි (දත් අතර සිරවී ඇති ආහාර කොටස් මත වර්ධනය වන මෙම බැක්ටීරියාවන් නිකුත් කරන සල්ෆර් සංයෝග හේතුවෙන් දුගඳ හැමීමට පටන්ගනියි). තවද නිරාහාරව සිටින විට ආමාශයේ සිදුවන ආම්ලික ප්‍රතික්‍රියා හේතුවෙන් කටින් දුගඳ හැමීම සිදුවේ. දත් මුල් දියවීම, කට තුවාල වීම, සෙම් රෝගවලින් පෙළීම, දුම් පානය කිරීම ආදී හේතු නිස්සා ද මුඛ දුර්ගන්ධය හටගත හැකිය. හැලිටෝසිස් (Halitotis) හෙවත් මුල් බැසගත් මුඛ දුර්ගන්ධය සඳහා වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වීම ඉතා වැදගත් වේ.
මුඛ දුර්ගන්ධය හැමීම නිසා පිරිසක් අතරේ ඔබ කොන් වීමට හෝ පිළිකුලට ලක් වීමට බොහෝ විට ඉඩකඩ තිබෙනවා. එය ඔබේ පෞරුෂත්වයටත් බාධාවකි.ඉතින්, ඔබේ මුඛ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීම නොසලකා හැරිය යුතු දෙයක් නොවන බව ඔබට වැටහිය යුතුයි. ලෝක ජනගහනයෙන් ආසන්නව 25% ක් පමණ නිදන්ගත මුඛ දුර්ගන්ධය නම් බරපතල තත්වයෙන් පෙළෙයි.මුඛ දුර්ගන්ධය අවම වෛද්‍ය මැදිහත් වීමක් යටතේ සුවකළ හැකි තත්වයක් බව වෛද්‍යවරු පෙන්වාදෙනවා.කෙසේවෙතත්, මුඛ දුර්ගන්ධය හැමීම ඇතැම් සැඟවුණු සෞඛ්‍ය ගැටලු ගැන ඉඟි කරන රෝග ලක්ෂණයක් වන්නට ද බැරි නැත.එම නිසයි මෙය නොසළකා හැරීම සුදුසු නොවන්නේ. ප්‍රාශ්වාස දුර්ගන්ධය හෙවත් මුඛ දුර්ගන්ධය ගැටලුවෙන් පෙළෙන්නේ නම් වහාම දන්ත වෛද්‍යවරයෙකු හෝ ENT විශේෂඥයෙකු වෙත යොමුවී නිසි උපදෙස් හා ප්‍රතිකාර ලබාගන්න. විශේෂයෙන්ම මෙය දින 15කට වඩා කල් පවතියි නම් ඔබ එය නොසළකා හැරීම කිසිසේත් නොකළ යුතුයි.
මුඛ දුර්ගන්ධයේ ලක්ෂණ

- කටින් දැඩි අප්‍රසන්න දුර්ගන්ධයක් හැමීම ( කුණු වූ මස් ගඳක්, පිළුණු වූ හෝ වෙනත් පිළිකුල් ගඳක් ලෙස වෙනස්ව දැනිය හැකියි).
- පුද්ගලයා ආශ්වාස ප්‍රාශ්වාස කරන විට මෙය දැනේ.සමීපයේ ඉන්නා අයට ඔහු/ඇය කතා කරන විට, කිවිසින විට හෝ කහින විට එම දුගඳ දැනිය හැකියි.
වෛද්‍යවරයෙකු වෙත යොමුවිය යුත්තේ කුමන අවස්ථාවලදී ද?
මුඛ දුර්ගන්ධය සමඟ පහත සංඥා හා ලක්ෂණ නිරීක්ෂණය වේ නම් වහාම දන්ත වෛද්‍යවරයෙකු හමුවන්න.
- ප්‍රබල තීව්‍රතාවක දුර්ගන්ධයක් මුඛයෙන් හමයි නම්
- දත් හෝ විදුරුමස් මත පැහැදිලි සුදු ස්තරයක් බැඳී ඇත්නම්
- ලෝහමය රසක් කටට දැනෙයි නම්
- විදුරුමස් වලින් රුධිරය ගලයි නම්
- කටේ කෙළ ස්‍රාවය වීම අඩු වී ඇත්නම්
මුඛ දුර්ගන්ධයේ ප්‍රභේද
වෛද්‍ය විද්‍යාත්මකව එවැනි කාණ්ඩ 2ක් හඳුනාගනියි.
භෞතවේදීය මුඛ දුර්ගන්ධය (physiological bad breath) එදිනෙදා ජීවන රටාව මෙම තත්වයට හේතු වේ.අපේ ආහාර පාන පුරුදු,දුර්වල මුඛ සෞඛ්‍ය සනීපාරක්ෂාව, මත්පැන් හා දුම්කොළ පරිභෝජනය ආදී.මෙම මුඛ දුර්ගන්ධ තත්වය බොහෝදුරට යටින් පවතින සෞඛ්‍ය ගැටලු හා සම්බන්ධතා පෙන්නුම් නොකරන බවත් ජීවන හා ආහාර රටාවේ වෙනස්කම් ඇතිකරගැනීමෙන් වළක්වාගැනීමටත් හා සුවකරගැනීමටත් හැකිබව පර්යේෂණ මඟින් පෙන්වාදේ
ව්‍යාථවේදීය මුඛ දුර්ගන්ධය (pathological bad breath) ඇතැම් ක්ෂුද්‍ර ජීවින් හෝ යටින් පවතින සෞඛ්‍ය ගැටලු තත්වයන් මෙම මුඛ දුර්ගන්ධ තත්වයට හේතු සාධක වේ.මේ තත්වයට නිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයය.මෙය මුඛ හා බහිර්මුඛ ලෙස තවත් කොටස් දෙකකි.මුඛ- මුඛයේ, දත්, විදුරුමස්, දිව ,කොපුල් හා තල්ල ආශ්‍රිත ගැටලු හා රෝග නිසාබහිර්මුඛ-නාසය, අක්මාව, පෙනහළු, ආමාශය ආදී සමස්ත සිරුරේ පවතින රෝග නිසා
මුඛ දුර්ගන්ධයට හේතු

වෛද්‍යවරුන් පවසන ආකාරයට මුඛ දුර්ගන්ධය ඇතිවීමර 90%කම බලපෑම ඇත්තේ මුඛ කුහරයේ බවයි.ඉතිරි 10% බලපෑම පද්ධතිමය, යටින් පවතින රෝග හෝ සාමාන්‍ය හේතු සාධක බලපෑමෙන් ඇතිවේ.මුඛ කුහරය තුළ ආහාර කොටස්, සෛල , කෙළ හා රුධිරය ක්ෂුද්‍රජීවීන් ජිර්ණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මුඛ දුර්ගන්ධය ඇතිවේ.
පළමු කාණ්ඩයේ මුඛ දුර්ගන්ධයට හේතු
- ඇතැම් ඖෂධ
- වයස්ගත වීම
- දුර්වල මුඛ සෞඛ්‍ය සනීපාරක්ෂාව
- නිරාහාරව සිටීම
- දුම්කොළ භාවිතය
- මත්පැන් පානය
- ලූනු,සුදුලූනු වැනි ආහාර ගැනීම නිසා
දෙවන කාණ්ඩයේ මුඛ දුර්ගන්ධයට හේතු ආහාර අවශේෂ හා ක්ෂුද්‍රජීවී ඒකරාශීවිමේ ප්‍රතිඵලයක් ලෙස විදුරුමස් පහළින් දන්ත ජෛව පටලය ආසාදනය වීමෙන් මුඛ දුර්ගන්ධය හැමිය හැකියි.acute ulcerative gingivitis (වණමය දත්මුල් ඉදිමීම) හා pericoronitis (හක්කේ දත් වටා විදුරුමස් පටක ආසාදනය වීම හෝ ඉදිමීම)මෙම බලපෑම ඇති විශේෂ රෝග තත්වය දෙකකි.තවත් හේතු කිහිපයක්:
- දිවේ ක්ෂුද්‍රජීවී බහුල වීම
- මුඛයේ ප්‍රදාහය
- කෙළ ස්‍රාවය අඩුවීම
- ආහාර කොටස් හා බැක්ටිරියා කටේ සිරවීම
- අපිරිසිදු දත් කුට්ටම් පැලඳීම
- නාසයේ ආසාදන, සයිනසයිටීස්, ගැටිති හා ආගන්තුක ද්‍රව්‍ය නිසා
- ආමාශයික ආන්ත්‍රික මාර්ගයේ රෝග (හර්නියා,පිළිකා,අම්ල ප්‍රතිවාහ රෝග (GERD))
- පෙනහළු රෝග (බ්‍රොන්කයිටීස්,නියුමෝනියා,ක්ෂයරෝගය,පිළිකා)
- ගැබිණි සමයේ, ආර්තවහරණයේදි. ඔසප් සමයේදී හා ඩිම්බ නිකුත්වන කාලයේදී සිදුවන හෝර්මෝනමය වෙනස්කම්
- දියවැඩියාව,අක්මා අකරණිය,වකුගඩු අකරණිය,යුරේමියා තත්වය,රුධිර රෝග,වාත රෝග,විජලනය,උණ, වමනය හා අක්මාවේ සිරෝසිස් තත්වය වැනි පද්ධතිමය රෝග බලපෑම නිසා
- මුඛ දුර්ගන්ධය ඇතිවීම වළක්වාගැනීමට
- ඔබේ මුඛයේ මැලියම් හා උල්ලෝගම් වර්ධනය වෙමින් ඇති බව දැකිය හැකි නම් ඔබේ මුඛ සෞඛ්‍ය ගැන වැඩි අවධානයක් ලබාදීමට සැළකිලිමත් වන්න.
මුඛ දුර්ගන්ධය වළක්වාගැනීමට

- දිනකට දෙවරක් දත් මදින්න.මින් ඔබේ මුඛය හානිකර බැක්ටීරියා හා විෂබීජ වලින් ආරක්ෂා කරගත හැකියි.
- දන්ත වෛද්‍ය උපදෙස් යටතේ දත් මැදීමෙන් පසු දිනකට දෙවරක් chlorhexidine මුවසේදුම් දියරයක් භාවිත කරන්න.
- මාස 6කට වරක් හෝ දන්ත වෛද්‍යවරයෙකු වෙත ගොස් දත් පිරිසිදු කරගන්න.
- දුම් හා මත්පැන් පානයෙන් වළකින්න.
- සීනි, ලූණු,සුදුලූණු, මාලු, මස්, චීස් .වගේ ආහාර අධිකව ගැනීම සීමා කරන්න.
- එමෙන්ම,වෛද්‍යවරයෙකු වෙත යොමු වී body check-up එකක් කරගන්න.
- සෑම ආහාර වේලකින්ම පසු කට හොඳින් සෝදාගන්න.
- නිතර අතුරු ආහාර ගැනීමෙන් වළකින්න.
- දිනකට 3-4වතාවක් උණුසුම් ලුණු වතුරෙන් උගුර හා කට කලතවා සෝදන්න.
- අබ තෙල් තේ හැඳි 1ක් මදක් රත්කර ලුණු කුඩු ස්වල්පයක් සමඟ මිශ්‍ර කර විදුරුම්ස් වල ගල්වා සම්බාහනය කරන්න.මෙය දතේ සවිමත්බව හා රුධිර සංසරණය වැඩිදියුණු කරමින් විදුරුමස් නීරෝගි කරයි.
- gumpaints භාවිතයෙන් විදුරුමස් සම්බාහනය කළ හැකියි
- විටමින් C ඔබේ විදුරුමස් යථා තත්වයට පත්වීමට උපකාර කරයි. දොඩම්, ලෙමන් වගේ පලතුරු වල මෙම විටමින් බහුලයි.නිසි වෛද්‍ය උපදෙස් යටතේ මේවා අඩංගු ඖෂධ වෙළඳපොලෙන් ලබාගැනීමට ඔබට හැකියි.