කට ගඳ ගැසීම බහුල ගැටලු තත්වයක්. වෛද්‍ය විද්‍යාවේදී මුඛ දුර්ගන්ධය ඇතිවීම හැලිටෝසිස් නම් තත්වය ලෙස හඳුනාගනියි.කට ගඳ ඇතිවීමට හේතුව දිව,උගුර ආශ්‍රිතව රැඳී සිටිය හැකි මුඛ බැක්ටීරියා ක්‍රියාකාරීත්වයයි.දිනපතා හොඳින් දත් මැද කට පිරිසිදු කර නොගැනීමෙන් දත් මතුපිට මැලියම් නම් සිහින් තට්‍ටුවක් බැඳීමට පටන්ගත හැකියි. මේවා දත් හා විදුරුමසට හානිකරයි.මේවා ඝනකම්ව බැඳීමෙන් නරක දුගඳක් මුඛයේ හටගත හැකියි.
කට ගඳ දුරුකරගැනීමට ස්වභාවික පිළියම් රැසක්ම තිබේ. ඒවායින් පහසු හා සරල ක්‍රම කිහිපයක් ගැනයි අද ඔබව දැනුවත් කරන්නේ.

ඇපල් සයිඩර් විනාකිරි මුවසේදුම් දියරයක් ලෙස-සාමාන්‍යයෙන් බැක්ටීරියාවන් ආම්ලික පරිසරයක නොවැඩෙයි.විනාකිරි වල ස්වභාවික අම්ලයක් වන ඇසිටික් අම්ල බහුලයි.මෙම විනාකිරි මුව සේදුම් දියරයක් ලෙස භාවිත කිරීමෙන් මුඛයේ දුගඳ ඇතිකරන බැක්ටීරියා ක්‍රියාකාරීත්වය විනාශ වී යයි.
වතුර වීදුරුවක් ගෙන ඊට ඇපල් සයිඩර් විනාකිරි මේස හැඳි 2ක් එක්කර කළවම් කරන්න.උගුරක් බැගින් කටට ගෙන තත්පර 30ක් පමණ කට පුරා සහ උගුර කළතවමින් සෝදන්න.කෙළ ගසන්න. විනාකිරි අම්ල ගතියෙන් යුක්ත නිසා ඒ සමඟම සාමාන්‍ය පරිදි දත් මැද පිරිසිදු කරගැනීමත් ඉතා වැදගත්.
තෙල් ඉරීම (oil pulling)-මුඛයේ පිරිසිදු බව පවත්වාගැනීමට භාවිත කර ඉපැරණි ඉන්දියානු උපක්‍රමයක් ලෙස මෙය හඳුන්වයි.මේ සඳහා පොල් තෙල් මේස හැඳි 1-2ක් පමණ අවශ්‍ය වේ.කටට තෙල් වත්කර මිනිත්තු 10-15ක් පමණ දිව, තල්ල හා දත් අතරින් තෙල් ගමන් කරන සේ හොඳින් කළතවන්න.පසුව කෙළ ගසා උණුසුම් වතුරෙන් කට සෝදා පිරිසිදු කරන්න.මෙසේ තෙල් වලින් කට කළතවා සෝදන විට එහි රැඳී සිටින බැක්ටීරියා ඒ සමඟ සේදී දියවී යයි.පොල්තෙල් වල මුඛ සෞඛ්‍යයට හිතකර මේද අම්ලයක් වන ලෝරික් අම්ල බහුලයි.ඒවායේ ක්ෂුද්‍රජීවීනාශක ගුණ ඉතා ඉහළයි.තෙල් ඉරීමෙන් පසු සාමාන්‍ය පරිදි දත් මැද පිරිසිදු කරගන්න. මේ ක්‍රමය සතියකට එක් වරක් හෝ දෙවරක් කරන්න.
හොඳින් වතුර බොන්න-මුඛයේ අධික වියළි බව ද මුඛ දුර්ගන්ධයට හේතුවක්.කෙළ මඟින් මුඛය ස්වභාවිකව පිරිසිදු කරයි.කෙළ නොමැති වූ විට මුඛය වඩාත් වියළී යයි.එවැනි පරිසරයක ඉතා ඉක්මනින් බැක්ටීරියා වර්ධනය වීමට පටන්ගනියි.රාත්‍රී නින්දේදී කෙළ ස්‍රාවය අඩුවීම නිසා මුඛය වියළී යයි.මුඛයේ රැඳී ඇති කෙළ පල් වන විට දුගඳ ගමයි.උදෑසන අවදි වූ විට මුඛ දුගඳ හමන්නේ මේ නිසයි.විටින් විට වතුර පානය කරන විට මුඛයේ රැඳී ඇති දෑ සේදී ගොස් පිරිසිදු හා නැවුම් වේ. . දිනපතා ලීටර් 1.5-2ක් පමණ වතුර බොන්න.

කොහොඹ කෝටු කොහොඹ කෝටු කැබැල්ලක් බුරුසුවක කෙඳි මෙන් පෑදෙන තුරු දත් වලින් සපන්න. එම කෝටු කැබල්ල දත් අතර මැද දාර කොටස් අතර එහා මෙහා අතුල්ලමින් පිරිසිදු කරන්න.කෝටු කැබැල්ලක් දෙකට පලා දිව සූරා පිරිසිදු කරගන්න.මෙය දත් මැලියම් හා බැක්ටීරියා වර්ධනය වෙමින් ඇති ඉඳුල් කොටස් ඉවත් කරගැනීමට හොඳ ක්‍රමයක්.
හොඳ කෙඳි සහිත බුරුසුවකින් දිනපතා දවසකට දෙවරක් බැගින් දත් මැදීමට පුරුදු වීම ඉතා වැදගත්.මිනිත්තු 2ක් පමණ කාලය වැය කරමින් දත්, විදුරුමස් දාර, තල්ල, දිව ඇතුළු මුඛයේ සෑම ප්‍රදේශයක්ම පිරිසිදු කරගන්න.නින්දට යාමට පෙර හා උදෑසන අවදි වී කට සේදූ පසු දිනපතාම දිව පිරිසිදු කරගන්න. මේ සඳහා tongue cleaner හෝ tongue scraper වැනි උපකරණයක් භාවිත කළ හැකියි. උගුර ආසන්නයේ දිව අග කොටස ද දිනපතාම පිරිසිදු කළ යුතුයි.