කිසිම ලෙඩක් නැතිව අවුරුදු 100ත් වඩා ජීවත්විය හැකි නමුත් හැමෝම විසි කරන ආහාර 9 ක්

health tips

අපේ ශරීරය නිරෝගීව පවත්වාගෙන යාම සඳහා  අපි විවිධ ආහාර ගනු ලබනවා. අපේ දේහයට හොඳ පෝෂණයක් ලබාදෙන ශාකමය ආහාර ගැන කතා කළොත් අපි  යම් ශාකයක අල, කොළ, මල්, ගෙඩි ආදී  විවිධ කොටස් ආහාරය පිණිස ගන්නවා.  ඒ ඒ කොටස්වල අඩංගු වෙන්නේ විවිධ වූ පෝෂණ ගුණයන්. බොහෝ වෙලාවට කොළවල ගුණ ගුණවලට වෙනස් ගුණ ගෙඩි වලත්, ගෙඩිවලට වඩා වෙනස් ගුණ ඇටවලත්  ඇටවලට වඩා වෙනස් ගුණ අලවලත් පවතිනවා. නමුත් අපි පුරුදු වෙලා ඉන්නේ යම් ශාකයක ප්‍රධාන එක් අංගයක් හෝ කිහිපයක් පමණක් අපේ ආහාරයට එකතු කරගන්න.  ඒ වගේම  මේ ආහාර පිසීමේදී ඒවායෙන් ඉවත් කරන විවිධ කොටස් අපි නොදන්නවා වුණාට ඉතා ඉහළ පෝෂණීය වටිනාකමකින් යුක්තයි. නමුත් අපි බොහෝ දෙනෙක්ගේ නොදැනුවත් බව නිසාම අපේ ශරීරයේ නිරෝගී බවට හේතුවෙන ගුණයෙන් ඉහළ ආහාර කොටස් විසි කරනවා.. අද අපි සූදානම් වෙන්නේ ආහාරයට ගත හැකි වටිනා පෝෂක ගුණයෙන් යුක්ත නමුත් අපි කුණු කූඩයට දාන ඒ වගේ ආහාර කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්නට.

වට්ටක්කා ඇට වට්ටක්කා පිසින විට බොහෝ දෙනෙක් එහි පොත්ත සහ ඇට ඉවත් කර පිස ගනු ලබනවා. නමුත් වට්ටක්කා ඇට කෝප්ප භාගයක ශරීරයට දෛනිකව අවශ්‍ය වෙන මැග්නීසියම් අඩංගු වෙනවා. මේ මැග්නීසියම් හෘද රෝග, ඔස්ටියෝපොරෝසිස් සහ හිසේ කැක්කුම ආදී රෝග තත්ත්වයන් දුරු කරන්නට උපකාරී වෙන සංඝටකයක්. මේවායේ ප්‍රෝටීන් සහ යකඩත් බහුලව අඩංගුයි. ඒ නිසාම ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් පාලනය කරමින් හොඳ කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරන්නටත් වට්ටක්කා ඇට උදව් වෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ ශරීරය නැවත යථා තත්ත්වයට පත් කරන්නට රුව ලස්සනට තියාගන්නත් කුරුලෑ ප්‍රශ්නයට  සහ නින්ද නොයාමට විසඳුමක් විදිහටත් වට්ටක්කා ඇට අපේ ආහාරයට එකතු කරගන්නට පුළුවන්. වට්ටක්කා ඇට අමුවෙන් ආහාරයට ගන්නට වගේම කබලේ බැද අඹරා ව්‍යංජනයට එකතු කරන්න පුළුවන්.

කැකිරි ඇට කැකිරි පිසීමේදී වගේම පලතුරක් විදිහට ආහාරයට ගැනීමේදීත් එහි ඇට  ඉවත් කිරීම අපි හැමෝම වගේ කරන වැරැද්දක්. නමුත් කැකිරි වගේම කැකිරි ඇටවලටත් හැකියාව තියෙනවා අපේ වකුගඩුවල ගල් ඇතිවීම වලක්වන්නට. කැකිරි ඇට කබලේ බැද අඹරා කැකිරි ව්‍යංජනය රසවත් කරන්නට එකතු කරන්නට පුළුවන්. කැකිරි ඇට මුත්‍රා ගල් සෑදීම වළක්වනවා  වගේම සැදුණු ගල් කුඩු කර ඉවත් කරන්නත් උදව් වෙනවා බෝ නොවන රෝග වලින් අපේ ශරීරයට ඉහල ආරක්ෂාවක් කැකිරිය ඇටවලින් ලබා දෙනවා. ඒ වගේම නිතර මුත්‍රා පිටවීම සුවකරගන්නට කබලේ බදින ලද කැකිරි ඇට වරින් වර ආහාරයට ගැනීම සුදුසු වෙනවා. කැකිරි ඇට අඹරා ගැනීමෙන් ව්‍යංජන පිසීම සඳහා පොල් කිරට හොඳ ආදේශකයක් විදියටත් භාවිතා කරන්න පුළුවන්.

නිවිති දඬු යකඩ බහුල ආහාරයක් විදිහට සැලකෙන නිවිති කොළ සහ දළු ආහාරය පිණිස ගත්තත් නිවිති දඬු බොහෝ අය ආහාරයට ගන්නේ නැහැ. නමුත් මේ නිවිති දඬුවල  ග්ලූටමයින් නැමැති ඇමයිනෝ අම්ලය අඩංගු වෙනවා .එය සිරුරේ වර්ධනයට සහ අලුත්වැඩියා කිරීම්වලට උදව් කරනවා. ඒ නිසා නිවිති කොළ සමග දඬු ද ආහාරය සඳහා එකතු කරගත යුතුම වෙනවා.

බීට් රූට් කොල බීට් රූට් අල වගේම බීට් රූට් කොල විසි නොකර අපේ ආහාරය සඳහා එකතු කර ගන්නට පුළුවන්. බීට්රූට් කොලවල කැල්සියම්, තන්තු, විටමින් කේ සහ විටමින් ඒ යහමින් අඩංගු වෙනවා. ඒ නිසා මේ බීට් රූට් කොළ අපේ සමට ඇස්වලටත් ඉතාම හිතකරයි. එමගින් දත් සහ අස්ථි ශක්තිමත් කරනවා වගේම අස්ථි සම්බන්ධ රෝගාබාධ වලින් ද ආරක්ෂාව සලසනවා.

කොමඩු ලෙල්ල සහ කොමඩු ඇට අපි හැමෝම කොමඩු ගෙඩියක ආහාරයට ගනු ලබන්නේ එහි මදය පමණයි. නමුත් කොමඩු ලෙල්ලේ එල්සෙටරයිල් කියන ඇමයිනෝ අම්ලය අඩංගු වෙනවා  එය ශරීරයේ ක්‍රියාශීලී බව වැඩි කරන්නට මාංශ පේශිවල වේදනා දුරු කරන්නට වගේම රුධිරයේ නයිට්‍රජන් ඉවත්  කිරීමේ හැකියාවෙනුත් සමන්විතයි.

ඒ වගේම  අපි විසිකරන කොමඩු ඇටවලත් විටමින් A  සහ විටමින් සී  බහුල වෙනවා. කොමඩු ඇට විසි නොකර ආහාරයට ගැනීමෙන් ඇස්වල සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවාගෙන ඇස්වල පෙනීම වර්ධනය කරගන්නත්  සමේ  රෝග පාලනය කරගන්නත් සම නිරෝගී කර ගන්නත් උදව් වෙනවා ඒ විතරක් නෙමෙයි ශරීරයේ මේද දහනය කරමින් හදවතේ ක්‍රියාකාරීත්වය වර්ධනය සඳහා වගේම හිස කෙස් වර්ධනය කරමින් මොලයේ  සෛල වර්ධනය කරමින් මතක ශක්තියත් වර්ධනය කරනු ලබනවා ඒ නිසා කොමඩු ලෙල්ල වගේම කොමඩු ඇට පලතුරු සමඟ අමුවෙන් ආහාරයට ගන්නටත් පුළුවන්. ඒ වගේම කොමඩු ඇට තම්බා පානයට ගන්නත් පුළුවන්.

අලිගැට පේර ඇට අලිගැටපේර  මදය ආහාරයට ගෙන එහි ඇට ඉවත් ඉවතට දැම්මත් අලිගැටපේර ගෙඩියේ ඇති ප්‍රතිතිඔක්සිකාරක වලින් 70% ක්ම ඇත්තේ එහි ඇටවල. එය පිළිකා නාශක, බැක්ටීරියා නාශක සහ ප්‍රතිවෛරස ගුණයෙන් සමන්විත වෙනවා. උණ, ඉදිමුම් සහ වෛරස් රෝග පලවා හරින්නට කොලෙස්ටරෝල් මට්ටම යහපත්ව තබා තබා ගන්නටත් බර පාලනයටත් එය බෙහෙවින් උපකාරී වෙනවා.  මේ අලිගැටපේර ඇට කැබලි කර ජලය එකතු කර විනාඩි 30ක්  පමණ තම්බා තේ පානයක් ලෙස ගන්නට පුළුවන් .

පැපොල් ඇට පැපොල් ඇටවල අපේ දේහයට අත්‍යවශ්‍ය වෙන ක්ෂුද්‍ර පෝෂක බොහොමයක්ම අඩංගු වෙනවා.  පැපොල් ඇටවල අඩංගු පෝෂක අතරට ප්‍රෝටීන්, මැග්නීසියම්, තන්තු, කැල්සියම් සහ පොස්පරස් අඩංගු වෙනවා.  ඒ වගේම පොලිෆීනෝල් ෆ්ලෙවනොයිඩ් කියන සංයෝගත් අඩංගු වෙනවා. මේවා අපේ දේහයට අත්‍යවශ්‍ය වෙන ප්‍රතිඔක්සිකාරක ලෙසයි ක්‍රියා කරන්නේ. ඒ විතරක් නෙවෙයි මේ පැපොල් ඇටවල  අසංතෘප්ත මේද අම්ලයක් වෙන  ඔලෙයික් අම්ලයත් අඩංගු වෙනවා. එය දේහයේ නීරෝගී බවට විශාල දායකත්වයක් ලබා දෙනවා.

මලබද්දය, අධි රුධිර පීඩනය ආදී තත්ත්වය සමනය කරමින් දෙවන වර්ගයේ දියවැඩියාවත් පාලන්‍යට මේ පැපොල් ඇට උදව් වෙනවා. පෙනහළු වකුගඩු ආදියේ ක්‍රියාකාරිත්වය ආරක්ෂා කරමින් ශරීරයේ විෂ ඉවත් කරන්නටත් උදව් කරනවා.

නමුත්  දිනපතා පැපොල් ඇට ආහාරයට ගැනීම සහ අධිකව ගැනීම ඉතා අහිතකරයි. දරුවන් අපේක්ශාවෙන් සිටින පුරුශ පාර්ශවය සහ ගැබිණි මව්වරුන් පැපොල් ඇට භාවිතයෙන් වැළකීම සුදුසු වෙනවා.

අතීතයේදී පැපේන් එන්සයිමය අඩංගු පැපොල් ඇට පුරුෂයන්ගේ උපත් පාලන කටයුත්ත සඳහාත් භාවිතා කර තිබීම එයට හේතුවයි.

අපේ රටේ පැපොල් ඇට භාවිතය ප්‍රචලිත නොවුණත් ජපානය ආදී රටවල මේ පැපොල් ඇට සතියකට වරක් ඔවුන් භාවිතයට ගන්නවා. ඒ ගස්ලබු ඇට 4ක් හෝ 5 ක් ගෙන කුඩු කර  තේ එකකට දමා පානය කිරීම මගින්. නමුත් පැපොල් ඇට 5 ට වඩා ගැනීම අහිතකරයි.

බතල කොල බතල අල ආහාරයට ගත්තත් බතල කොළ ආහාරය පිණිස ගන්නේ ඉතාම සීමිත පිරිසක් පමණයි. නමුත් බතල කොළවල අඩංගු වෙන විටමින් අපේ සමේ සහ ඇස්වල නිරෝගි බවට අතිශයින්ම වැදගත් වෙනවා.  ප්‍රතිශක්තිය වර්ධනය කරන අතර  බතල කොළ තම්බා පානය කිරීමෙන් අක්මාව නිරෝගී කරගන්න පුළුවන්. ඒ වගේම  වමනය ,ආහාර අරුචිය  සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග තත්ත්වයන් සුවපත් කර ගන්නටත් බතල කොළ වියළා කුඩු කරගෙන තේ මෙන් පානය  කරන්නට පුළුවන්. මේ බතල කොල ව්‍යංජනයක්  මැල්ලුමක් වශයෙන් වගේම කලවම් පලාවටත් එකතු කරගන්නට පුළුවන්.

දොඩම් ලෙලි පැඟිරි කුලයේ පළතුරුවල ඇති ලෙල්ල විසි නොකර ආහාරයට එකතු කරගන්නට හැකි ආකාර බොහොමයි. ඒ හැරුණාම හොඳ විශබීජ නාශක හැකියාවක් තියෙන දොඩම් ලෙලි නිවසේ විවිධ බඩු භාණ්ඩ පිරිසිදු කරගන්නට ඇඳුම් පැලදුම්වල කහට ඉවත් කරගන්නටත් භාවිතා කරන්නට හැකියාව තියෙනවා. 

දොඩම් ලෙලි විටමින් c ,a  වගේම කැල්සියම්වලින් ද සමන්විතයි. එය සම, හිසකෙස් වර්ධන කරන්නට, ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන්නටත් සමේ  ඇතිවන කුරුලෑ ආදී ආසාදනවලින් ආරක්ෂා වෙන්නටත් හදවත් රෝගවලින් ආරක්ෂා වෙන්නටත් උපකාරී වෙනවා.  

ඒ විතරක් නෙවෙයි රුධිරයේ සීනි මට්ටම අඩු කරමින් ශරීරයේ බර පාලනයටත් උදව් වෙන මේ පැගිරි ලෙලි අධි ශීතකරණයේ තබා ආහාරවලට එකතු කරගන්නට පුළුවන්.  වියළි දොඩම් ලෙලි විනාඩි පහළොවක් වතුරේ තබා එයට මී පැණි මේස හැන්දක් එකතු කර දිනපතා පානය කිරීමෙන් ශරීර බර අඩු කර ගන්නත් පුළුවන්. පැඟිරි භාවිතයෙන් සිඳගන්නා තෙල් සමේ ගැල්වීමෙන් සම නිරෝගී වෙනවා වගේම අස්ථි සම්බන්ධ වේදනා ආදියත් දුරු කරගන්නට පුළුවන්.