බඩ අඩුකරගන්න, ඇග හැඩ කරගන්න කවුද අකමැති. ඉතින් ඒ නිසාම අපි අද කතා කරන මේ ප්‍රස්තුතය ඔයාල හැමෝටම ගොඩක් වැදගත් වේවි. මොකද අපි අද ඔයත් එක්ක කතා කරන්නට සූදානම් වෙන්නේ කැත බඩ අඩු කරන අපූරු ආහාර වර්ග කිහිපයක් ගැන. ශරීරය තරබාරු වීම වගේම උදරය ඉදිරියට නෙරා ඒම කාන්තා පුරුෂ භේදයක් නැතිව බොහෝ දෙනෙක් පීඩා විඳින ගැටලුවක්. ඇතැම් අයගේ ශරීරය තරබාරු නොවුණත් උදරය ඉදිරියට නෙරා ඒම නිසා ශරීරය අවලස්සන වීමක් දකින්නට පුළුවන්.

ඉතින් මේ සඳහා මූලිකවම ආමාශයේ ඇතිවන බඩ පිපීමේ තත්ත්වයන් වගේම උදරයේ තෙල් තැන්පත්වීමත් හේතු වෙනවා. අපේ ආමාශයේ වාතය එක්රැස් වෙන්න ප්‍රධානම හේතුව වෙන්නේ බඩවැල්වල ජීවත් වෙන ජීර්ණ පද්ධතියේ ක්‍රියාවලින් පහසු කරවන ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාවලිය. ආමාශයේ ඇති ආහාර ජීර්ණයට අපහසු වන විට වැඩි වශයෙන් ගෑස් නිපදවීම සිදු වෙනවා.
මේ බඩේ පිපුම ඇතිවීම වළක්වා ගන්නට ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරවන ප්‍රතිඔක්සිකාරක ගුණ සහ ශරීරය පරිවෘත්තිය ක්‍රියාවලිය සහ නිරෝගී බව සඳහා අත්‍යවශ්‍ය වන ප්‍රෝටීන් සහ තන්තු අපේ ආහාර පාන අතරට ලබා ගන්නට ඕන. ඇඟ හැඩ කරන, උදරය අඩු කරන මේ වගේ ආහාර පාන ගැනීම වගේම උදරයේ මාංශ පේශීන් හොඳින් පවත්වාගෙන යන්නට අවශ්‍ය ව්‍යායාම්වල නිරතවීමත් ඇග හැඩට තියා ගන්නට උදව් වෙනවා. එවැනි ආහාර කිහිපයක් තමයි මේ.
- අලිගැටපේර
අලිගැටපේරවල වැඩි වශයෙන්ම අන්තර්ගත වෙලා තියෙන්නේ අපේ ශරීරයට හිතකර අසංතෘප්ත මේද. ඒ නිසා කොලෙස්ටරෝල් ඇතිවීමේ අවදානමක් නිර්මාණය නොවෙන නිසා ලොකු කුඩා හැමෝටම හිතකර පලතුරක් විදියට මෙය සලකන්නට පුළුවන්. විශේෂයෙන්ම අලිගැටපේර ආහාරයට ගැනීමෙන් බොහෝ වෙලාවක් යනතුරු කුසගින්නක් දැනෙන්නෙත් නැහැ. ඒ වගේම මෙහි අඩංගු හිතකර මේදය අපේ ශරීරයේ තැන්පත් වෙන්නෙත් නැහැ. ඒ නිසා අපේ ශරීරයේ බර වැඩිවීමක් සිද්ධ වෙන්නෙත් නැහැ.
- බිත්තර
බිත්තර කියන්නෙ ප්‍රෝටින් ඉතා පහසුවෙන් අපිට ලබාගන්නට හැකියාව තියෙන ආහාරයක්. උදෑසන ආහාර වේලට බිත්තර ලබා ගැනීමෙන් බොහෝ වෙලාවක් යනතුරු අපිට කුසගිනි ඇති වෙන්නේ නැහැ. බඩ පිරුණු බවක් ඇති කරවනවා. බිත්තරවල අඩංගු මේදය සහ ප්‍රෝටීන් සංයුතිය ඒ තෘප්තිමත් බව සඳහා හේතුවක් වෙනවා. ඉතින් අධි කොලස්ට්‍රෝල් මට්ටමෙන් පෙළෙන අයෙක් හැරුනහම අනෙක් පුද්ගලයන්ට බිත්තර ගැනීමේදී කිසිදු බියක් ඇති කරගත යුතු නැහැ

- ආමන්ඩ්
ආමන්ඩ් කියන්නේ අපේ ශරීරයට ඉතාම හිතකර පෝෂක බොහොමයක් ලබා දෙන නට්ස් වර්ගයක්. ශරීරයට ශක්තිය ලබාදීම, බර අඩුකර ගන්නට දායක වීම, මාංශපේශී පටක සෑදීම නියාමනය ආදී මෙකී නොකී කාර්යයන් බොහෝමයකට ආමන්ඩ් උදව්වක් වෙනවා. විශේෂයෙන්ම ආහාර සඳහා වන ගිජුකමක් එයින් වලක්වා ගන්නට පුළුවන්. නමුත් අධික ලෙස ආමන්ඩ් ආහාරයට එකතු කර ගැනීම හිතකර නොවන බව මතක තියාගන්න. ඒ නිසාම දිනකට ආමන්ඩ් අවුන්ස 1 ක් බැගින් ලබා ගැනීම වැදගත්.
- ගම්මිරිස්
ලාංකීය ජනතාව නිරන්තරයෙන් භාවිතයට ගන්නා විශේෂ ගුණ සහිත කුළුබඩුවක් තමයි කළු ගම්මිරිස්. ඔබේ ආහාර වේලට ගම්මිරිස් තේ හැඳි භාගයක් පමණ එකතු කර ගැනීමෙන් අපේ ශරීර සෞඛ්‍යයට හොඳින් පවත්වා ගන්නට හැකියාව ලැබෙනවා නව මේද සෛල සෑදීමට එරෙහිව සටන් කරන්නට උපකාරීවන පයිපෙරීන් කියන සංයෝගය මේ ගම්මිරිස්වල අඩංගු වෙනවා. ඒ වගේම ඉතා සැර ආහාරයක් වන ගම්මිරිස් අපේ ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලිය වේගවත් කරන නිසා එය අපේ ශරීරයේ මේදය ඉතා වේගයෙන් දහනය කරන්න උදව් වෙනවා.
- සෝයා
සෝයා බෝංචි තන්තු බහුල ප්‍රෝටීන් බහුල ප්‍රතිඔක්සිකාරක සහිත ඉතාම හොඳ ප්‍රභවයක්. සෝයා බොංචි ධාන්‍ය වශයෙන් ආහාරයට එකතු කර ගැනීම වගේම සෝයා කිරි නිෂ්පාදනය මගිනුත් අපේ ශරීරයට ඉතාම හොඳ පෝෂණයක් ලබා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම අධි බර ඇති පුද්ගලයන්ගේ බර අඩු කර ගැනීමටත් මේවාට විශේෂ හැකියාවක් පවතින බව සඳහන් වෙනවා.
- කොළ පැහැ එළවළු
කොළ පැහැ එළවළු පලා වර්ග ආහාරයට ගැනීම මගින් අපේ ශරීරයේ බර ඉතා හොඳින් පාලනය කර ගන්නට පුළුවන්. තන්තු බහුල අඩු කැලරි .සහිත මේ ආහාර අපේ ඉණ ප්‍රදේශය අඩු කර ගන්නටත් ශරීරයේ අත්‍යවශ්‍ය දෛනික තන්තු අවශ්‍යතාවයෙන් 20% ක් පමණ ලබා ගන්නටත් පිළිකාවලින් හොඳින් ආරක්ෂා වෙලා ඉන්නටත් උදව් වෙනවා

- සුප්
බොහෝ වෙලාවට එළවළු සුප් එකක් අපි පානයට ගන්නේ රෝගී වුණු අවස්ථාවකදී. නමුත් අපේ ශරීරයේ බර නිසි මට්ටමේ තියාගන්නට ඇග හැඩට තියාගන්නට එළවළු සුප් අතිශයින්ම වැදගත්. දිනකට අඩු කැලරි සහිත එලවලු සුප් කෝප්පයක් පරිභෝජනය කිරීම මගින් ඔබේ උදරය ඉදිරියට නෙරා ඒම නැතිකරගෙන බර අඩු කරගන්න හැකියාව ලැබෙනවා.
- ඔමේගා 3 මේද අම්ල බහුල මාළු
ඔමේගා 3 මේද අම්ල ප්‍රභවයන් වන සැමන්, මැකරල්, ටූනා ආදී මාළු වර්ග අපේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරමින් මේදය දහනය කර ශරීරයේ බර අඩු කර ඇග හැඩ කරන්නට උදව් වෙනවා. ආහාර ජීර්ණය පමා කරන්නට, ආහාරවලට ඇති ගිජු බව නැතිකර කුසගින්න ඇතිවීම පමා කරන්නටත් මාළු ඇතුළු මුහුදු ආහාරවලට විශේෂ හැකියාවක් තියෙනවා. උදරයේ මාංශ පේශීන්වලට හිතකර ප්‍රෝටීන් ඒවායේ අඩංගු වෙනවා.
- කුරුට්ට සහිත ධාන්‍ය වර්ග
- සම්පූර්ණ යොදය සහිත කිරිපිටි වෙනුවට සීනි අඩු කෝපි හෝ තේ වැනි පානයන්
- ජලය හා දොඩම් දෙහි හෝ ලෙමන් යුෂ එකතු කළ ජලය
- අඹ
- ගස්ලබු
- ලාවලු
මේ ආහාරයන් නිතර ඔබේ ආහාරයට එකතු කර ගන්නා අතරම උදරය ඉදිරියට නෙරා එන්නට බලපාන අනෙකුත් හේතු සාධකයන්වලින් ඈත්වෙලා ඉන්නටත් වග බලා ගන්නට ඕන.
සමබර ආහාර වේලක් ලබා ගැනීම එහිදී ඉතාම වැදගත්. පීට්සා, කෙටිකෑම කලින් සකස් කරන ලද මස් වර්ග, බර්ගර්, තෙල් අධික සීනි අධික පිටි අධික ආහාර ගැනීමෙන් ආදියෙන් ඔබ අනිවාර්යෙන්ම වැළකෙන්නට ඕන. ඒ වගේම මධ්‍යසාර භාවිතය, මානසික ආතතිය, ප්‍රෝටීන අඩු ආහාර ගැනීම, ශාරීරික ව්‍යායාම්වල නිරත නොවීම කියන වැරදි අඩුපාඩු මගහරවා ගත්තොත් ඔබට කැත බඩ නැතිකරගෙන ඇග හැඩ කරගන්න පුළුවන්.