ධාන්‍ය වර්ග අතර බොහෝ දෙනෙකු වැඩි කැමැත්තකින් ආහාරයට ගන්නා ධාන්‍ය වර්ගයක් ලෙස බඩ ඉරිඟු හඳුනාගත හැකිය. එනම් ඈත අතීතයේ සිටම බඩ ඉරිඟු ආහාරයට එකතු කරගත් ප්‍රධාන ධාන්‍ය වර්ගයකි. එනම් ඇමරිකාව නිජ භූමිය කොට ගත් ඉරුඟු වර්තමානය වන විට බොහෝ රටවල වගා කරනු ලැබේ. ඒ අතරින් ශ්‍රී ලංකාව ප්‍රමුඛ වේ. එනම් හේන් ගොවිතැන තුළ අතීතයේ සිටම ඉරුඟු වලට ප්‍රධාන තැනක් හිමිව තිබේ.
එනම් ඉරිඟු තම්බා ආහාරයට ගැනීම, පුළුස්සා ආහාරයට ගැනීම, සුප්,කෝන් ෆ්ලෙක්ස්, පොප් කෝක්, ඉරිඟු බත් ආදිය සකස් කර ආහාරයට ගැනීම සිදු කළ හැකිය. එනම් එසේ ඉරිඟු ආහාරයට ගැනීමෙන් ශරීරයට බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් ලබා ගත හැකිය. එනම්

ප්‍රෝටීන්
විටමින්
යකඩ
කාබෝහයිඩ්රේට්
පොස්පරස්
බහු අසංතෘප්ත මේදය
සෙලේනියම්
සින්ක්
පොටෑසියම්
මැග්නීසියම්
මේ ආදී වූ පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු බඩ ඉරිඟු ආහාරයට ගැනීමෙන් ශරීරයේ බොහෝ රෝග සමනය කර ගත හැකිය.
ශරීර බර වැඩි කරයි.
ශරීර බර වැඩි කර ගැනීම සඳහා ආහාරයට ගැනීමට සුදුසු ධාන්‍ය වර්ගයක් ලෙස බඩ ඉරිඟු හැඳින්විය හැකිය. එනම් බඩ ඉරිඟු වල වැඩි කැලරි ප්‍රමාණයක් අඩංගු වන හෙයින් ශරීරගත බර වැඩි කර ගැනීමට බඩ ඉරිඟු ආහාරයට ගැනීම යෝග්‍ය වේ.
අර්ශස් සඳහා
මල බද්ධය හෙවත් මලපහ පිට කිරීමට අපහසුවී මේ රෝග තත්ත්වය උග්‍ර වූ විට අර්ශස් රෝග තත්ත්වය ඇති වනු ලැබේ එනම් මෙම රෝගීන් සඳහා ආහාරයට ගැනීමට සුදුසු ධාන්‍ය වර්ගයක් ලෙස බඩ ඉරිඟු හැඳින්විය හැකිය එනම් බටහිර වල අඩංගු තන්තු ආහාර හොඳින් ජීර්ණය කර මළ බද්ධය ඇති වීම වළක්වනු ලබයි එනම් එමගින් මලපහ පිටකිරීම පහසු කරවනු ලබයි විශේෂයෙන්ම බඩවැල ආශ්‍රිත පිළිකා ඇතිවීම වළක්වා ගැනීමට හා බඩවැල් හොඳින් කර ගැනීමට බඩ ඉරුගු ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වේ.
රක්තහීනතාවය සමනය කරයි.
රුධිර ගත හිමොග්ලොබින් නිෂ්පාදනය අවම වීමෙන් ඇතිවන රක්තහීනතාව සමනය කර ගැනීම සඳහා යකඩ වලින් පොහොසත් බඩ ඉරුඟු ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් බඩ ඉරිඟු වල අඩංගු යකඩ රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය වැඩි කර රක්තහීනතාවය සමනය කිරීම සිදුකරනු ලැබේ.
ස්නායු රෝග ඇතිවීම වළක්වයි.
ස්නායු රෝග ඇතිවීම වළක්වා ගැනීමට උපකාරී වන විටමින් B ,තයමින් ,නියාසින් වැනි පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු වේ. එනම් මෙම පෝෂ්‍ය පදාර්ථ මොළය ආශ්‍රිතව ඇතිවන ඩිමෙන්ශියා සහ ඩර්මැටිටිස් වැනි රෝග ඇති වීම වළක්වා ගැනීමට ද උපකාරී වේ.
ඛනිජ ලවණ වලින් පොහොසත් ආහාරයකි.
බඩ ඉරුගු වල මිනිස් සිරුරට අවශ්‍ය ඛනිජ ලවණ රැසක් අඩංගු වේ. එනම් යකඩ, සින්ක්, පොස්පරස්, මැන්ගනීස්, මැග්නීසියම්, සෙලේනියම් ඒ අතර ප්‍රධාන වේ. එනම් මෙම ඛනිජ ලවණ වකුගඩු ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට හෘද ස්පන්දනය නිරෝගීව පවත්වා ගැනීමට අස්ථි ශක්තිමත්ව තබා ගැනීමට හා අස්ථි වල නිරෝගී භාවය පවත්වාගැනීමට උපකාරී වේ.
පිළිකා ඇතිවීම වළක්වයි.
ප්‍රතිඔක්සිකාරක වලින් අනුන ඉරිඟු පිළිකා ඇතිවීම වළක්වා ගැනීමට උපකාරී වේ.
එනම් පිළිකා ඇතිවීම වළක්වා ගැනීමට සෑම දෙනාටම පාහේ බඩ ඉරුගු ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් බඩඉරිඟු වල වටිනා ප්‍රතිඔක්සිකාරකයක් වන ෆයිටෝ රසායනිකය ද අඩංගු වේ.
හෘද රෝග ඇතිවීම වලක්වයි.
බඩ ඉරුගු ආහාරයට ගැනීමෙන් හෘද රෝග ඇතිවීමට හේතුවන කොලෙස්ට්‍රොල් පාලනය කරගත හැකිය. එනම් බඩ ඉරිඟු වල අඩංගු ඔමේගා 3 මේද අම්ල නරක කොලෙස්ටරෝල් පාලනය කිරීම සිදුකර හෘද රෝග ඇතිවීම වළක්වනු ලබයි.
අක්ෂි රෝග සමනය කරයි.
ඇස් පෙනීම වැඩි දියුණු කර ගැනීමට මෙන්ම ඇස් වල නිරෝගී භාවය පවත්වාගැනීමට බඩ ඉරුගු ආහාරයට එක්කර ගැනීම යෝග්‍ය වේ එනම් බඩඉරිඟු වල විටමින් A අඩංගු වන අතර එය ඇස් පෙනීම වර්ධනය කිරීමටත් හේතු වේ.
දියවැඩියාව පාලනය කරයි.
දියවැඩියාව පාලනය කර ගැනීම සඳහා මෙන්ම දියවැඩියා රෝගීන්ට ආහාරයට ගැනීමට සුදුසු දානෙ වර්ගයක් ලෙස ඉරිඟු හැඳින්විය හැකිය එනම් ඉරිඟු වල අඩංගු ෆයිටෝ රසායනිකය රුධිරයේ ඇති ඉන්සියුලින් පාලනය කර රුධිරගත සීනි මට්ටම ඉහළ යාම පාලනය කිරීම සිදුකරනු ලැබේ.
මීට අමතරව
ගර්භනී මව්වරුන්ට
සම පෝෂණය කිරීමට
ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ගැනීමට
ආදී වශයෙන් බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කර ගැනීමට බඩ ඉරිඟු ආහාරයට ගැනීම යෝග්‍ය වේ.
නමුත් බඩ ඉරිඟු අසාත්මිකතා ඇති කිරීමට ද හේතුවේ.
සමේ පලු මතුවීම
මිග්‍රේන් සන්ධි වේදනා
උදරාබාධ
කන් ආසාදන
නින්ද නොයාම
ආදී රෝග තත්ත්වයන් ඇති කිරීමට ද බඩ ඉරිඟු ආහාරයට ගැනීම හේතුවක් විය හැකිය.