ඉන්දියාව නිජබිම කරගත් රාවණ යුගයේ සිටම දිව ඔසුවක් ලෙස සළකනු ලැබූ ඉතා වටිනා මහා වෘක්ෂ ගණයට අයත් ශාකයක් ලෙස බෙලි හදුනා ගත හැකිය. සංස්කෘත භාෂාවෙහි බිල්ලි යනුවෙන් මෙම ඖෂධීය ශාකය හදුන්වයි. යසස ,සෞභාග්‍යය,කිර්තිය, දියුණුව කැන්දන පූජනීය වෘක්ෂයක් ලෙස බෙලි පිළිගනු ලැබේ. ගෙමිදුලේ දකුණු පස සිටවිය යුතු වාසනාවන්ත ශාකයක් ලෙස ද සදහන් වේ. බෙලි ගෙඩි ඉදුණු පසු ඉතා සුවදවත් මෙන්ම රසවත් වේ. එමෙන්ම බෙලි මල් වියළා තම්බා පානය කිරීම ද ඉතා ජනප්‍රිය වූවක් වේ. බෙලි ශාකයේ සියලුම ශාක කොටස් මිනිස් ව්‍යාධීන් සමනය කිරීම සඳහා බහුලව භාවිතා කරනු ලැබේ. වසරේ සෑම කාලයකදීම ඵල ලබා දෙන නිසා “සදාඵල” යන අන්වර්ථ නාමයෙන් ද බෙලි හදුන්වයි. බෙලි යනු රසවත් ගුණදායක පළතුරක් වන්නා සේම ඖෂධීය ගුණ ද පිරි ශාකයක් වේ.
බෙලි ශාකයේ ඖෂධීය ගුණ.

- ශිත ගුණය
- විරේක ගුණය
- වාතය නසන ගුණය
- මල වියළවන ගුණය
- මිහිරි රසවත් ගුණය
බෙලි ශාකයේ පෝෂ්‍ය පදාර්ථ රැසක් ද අන්තර්ගත වේ.
- යකඩ
- කැල්සියම්
- පොස්පරස්
- විටමින් සී
- විටමින් ඒ
- ව්ටමින් ඩී
- විටමින් බී
- ප්‍රෝටීන
- රයිබොෆ්ලේවින්
- කැරොටීන්
- කාබොහයිඩ්‍රේට්
- ජලය
- නියැසීන්
- තයමින්
යනාදී පෝෂ්‍ය සංඝටක බොහොමයක් අන්තර්ගත වේ. මෙම ශාකයේ ඖෂධීය ගුණ භාවිතයෙන් සුවපත් කර ගන්නා රෝග පහත පරිදි වේ.
• විදුරුමස් දියවීම වළක්වයි. ශරීරයේ විටමින් C ඌනතාවයක් ඇති වූ විට විදුරුමස්වල ඇති රුධිර නාලිකා දුර්වල වීම සිදු වේ. එවිට විදුරුමස් දියවේ. විටමින් C ඌණතාවයක් නිසා හටගන්නා මෙම රෝගී තත්වය බෙලි ආහාරයට ගැනීමෙන් අපට වළක්වා ගත හැකිය. ඊට හේතුව බෙලි විටමින් C බහුලව අන්තර්ගත ආහාරයක් වීමයි.දිනපතා බෙලි ආහාරයට ගැනීමෙන් මෙම රෝගය ඇති වීමේ අවධානම නැති කර ගත හැකිය.
• දියවැඩියාව හා කොලෙස්ටරෝල් සදහා.බෙලි පත්‍ර යුෂ පානය කිරීමෙන් ශරීරයේ කොලෙස්ටරෝල් මෙන්ම සීනි ප්‍රමාණය ද අඩු කර ගත හැකිය. රුධිරගත සීනි ප්‍රමාණයෙන් හරි අඩක්ම අඩු කීරීමට මෙම ඖෂධය ඉවහල් වේ. දියවැඩියාව සදහා බෙලි කොළ තැම්බූ යුෂ ගම්මිරිස් ස්වල්පයක් මිශ්‍ර කර පානය කිරීම ගුණදායක වේ.
• පිළිකා වළක්වයි.බෙලි ආහාරයට ගැනීම මගින් පිළිකා ඇති වීමේ අවදානම අඩු කර ගත හැකිය. විශේෂයෙන් පියයුරු පිළිකා වැළදීමට ඇති අවදානම වළක්වයි. බෙලි වල ඇති ප්‍රතිඔක්සිකාරක සංයෝග මේ සදහා උපකාරී වේ. එසේම මෙම ප්‍රතිඔක්සිකාරක සංඝටක ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට ද උපකාරී වේ.
• අතීසාරය වළක්වයි.ඖෂධීය සංඝටක බොහොමයක් අන්තර්ගත බෙලි පළතුරේ ඇති ටැනින් සංඝටකය අතීසාරය කොළරාව ඇතුළු බෝහෝමයක් රෝග සුවපත් කිරීමට උපකාරී වේ. බෙලි ගෙඩි මදය හොඳින් වියළා කුඩු සකස් කර ගෙන අතීසාරය සදහා ප්‍රතිකාර කරනු ලබයි.
• සුදු කබර රෝගය හා ගුද මාර්ගයේ තුවාල සදහා.නොඉදුණු බෙලිවල සාරය මේ සදහා ප්‍රතිකාර කිරීමේදී භාවිත කරනු ලබයි.
• බෙලි ඖෂධයක් ලෙස නීරක්තිය ,කන් හා අක්ෂි සම්බන්ධ රෝග වලදී ද භාවිත කරනු ලබයි.
• ආයුර්වේද චිකිත්සාවන් සදහා.ආයුර්වේද චිකිත්සා මගින් රෝග සමනය කිරීමේදී සකසන කෂාය සදහා බෙලි ගසේ මුල් භාවිත කරනු ලැබේ. සුළු පස් මුල් කෂාය සකස් කිරීමේදී භාවිත කරන මූලික ඖෂධය බෙලි මුල් වේ.
• බෙලි බෝහෝමයක් රෝග සදහා ඖෂධීය පළතුරක් වේ.
1. බඩේ අජීර්ණය සුවපත් කරයි.
2. ආමාශය සැහැල්ලු කරයි.
3. මූත්‍රාශය සැහැල්ලු කරයි.
4. කෑම අරුචිය දුරු කරයි.( බෙලි කෑම රුචිය ඇති කරන වෙළෙඳපොළේ ප්‍රධාන ඉල්ලුමක් ඇති ආහාරයක් වේ. )
5. අම්ලපිත්ත රෝගය සදහා ඔසුවක් වේ.
• දැවිල්ල සහිත ඉදිමුම් සදහා.බෙලි කොළ ඇල්දියෙන් අඹරා ආලේප කිරීම මේ සදහා ගුණදායක වේ.
• මූත්‍ර දෝෂ සදහා.බෙලි මද තම්බා එම ජලය සමගම ආහාරයට ගැනීම වඩාත් ගුණදායක වේ.

• සම පැහැපත් කර හැකිලීම වළක්වයි.ඉදුණු බෙලි වට්ටක්කා මද එළකිරි සමග මිශ්‍ර කර ආලේප කීරීම සිදු කරයි.
එමෙන්ම ඉදුණු බෙලි ගෙඩියක් ගෙන ඇට ඉවත් කර බ්ලෙන්ඩර් කර එයට බිත්තර සුදු මදය හා එළකිරි ,මී පැණි ස්වල්පයක් බැගින් මිශ්‍ර කරන්න .පසුව සියල්ල හොඳින් මිශ්‍ර කර සමේ ආලේප කරන්න. මෙම ඖෂධීය සත්කාරය මගින් සම එල්ලා වැටීම වළක්වා සම පැහැපත් කරනු ලබයි.
සම පැහැපත් කර ගැනීම බෙලි භාවිත කර තවත් ඖෂධීය සත්කාරයක් සිදු කළ හැකිය. එනම් ඉදුණු බෙලි ගෙඩියක මද කුඩුකර ගත් මුංඇට සමග මිශ්‍ර කර ආලේප කිරීමෙන් ද සම පැහැපත් කරයි.
• නිතර දහඩිය දැමීම සමනය කරයි.
නිතර දහඩිය දැමීම සමනය කර ගැනීම සදහා බෙලිමල් පානය කදිම ඖෂධයක් වේ. එමෙන්ම බෙලි කටු තම්බා පානය කිරීම ද කදිම ඖෂධයක් වේ. එමගින් ශරීරයේ උෂ්ණත්වය පාලනය කරනු ලබයි. බෙලි කොළ වියළා කුඩු කර තේ මෙන් පානය කිරීමෙන් ශරීරයේ දාහය නිවාගත හැකිය.
• අර්ශස් වේදනාවන් සමනය කරයි.
මේ සදහා බෙලි මුල් තැම්බූ ජලයෙන් තැවීම ගුණදායක වේ.
• අධි රුධිර පීඩනය සමනය කරයි.
ඉදුණු බෙලි, බැබිල මුල් ,අමු ඉගුරු යනාදී ඖෂධ සමාන ප්‍රමාණයන්ගෙන් ගෙන තම්බා එම යුෂ සීනි සමග පානය කිරීම වඩාත් ගුණදායක වේ.
• කුරුලෑ ලප කැලැල් සදහා.
ඉදුණු බෙලි ,කහ, දෙහි යුෂ හොඳින් මිශ්‍ර කර මුහුණේ ආලේප කර පැයක් පමණ තබා හොඳින් සෝදා හරින්න. එමගින් කුරුලෑ ලප කැලැල් ඉවත් කර සම පැහැපත් කර ගත හැකිය.
• සෙංගමාලය සදහා
බෙලි කොළ යුෂ මී පැණි සමග පානය කිරීමෙන් මෙම රෝග තත්වය සමනය කර ගත හැකිය.
• වාත ඉදිමුම් හන්දිපත් වේදනා සදහා.
මේ සදහා බෙලි ශාකයේ මුල් සුදු ළූණූ සමග තම්බා පානය කිරීම සිදු කරනු ලැබේ.
• වමනය සදහා.
බෙලි කොළ වියළා කුඩු කර තේ මෙන් පානය කිරීම මේ සදහා ගුණදායක වේ.එමෙන්ම මෙම පානය දියවැඩියාව සදහා ද ඖෂධයක් වේ.
• හදවත සහ මොළයට හිතකර වේ.
මොළය වර්ධනය කර බුද්ධිය ධාරණ ශක්තිය වර්ධනය කරයි.එමෙන්ම මානසික සෞඛ්‍යය යහපත් ආකාරයෙන් පවත්වා ගන්නට ද උපකාරී වේ. බෙලි යුෂ පානය කිරීමෙන් හෘද රෝග අවම වේ. අමු බෙලි මද ද හෘද රෝග සදහා ගුණදායක වේ.
• දරුවන් ලැබුණු පසු මව නැහැවීම සදහා භාවිත කරනු ලබන ඖෂධීය කොළ වර්ග අතරට බෙලි කොළ ද එක් කරනු ලැබේ.
• සෙම ,ආමවාතය සදහා ඔසුවක් වේ.
අමු බෙලි මද මගින් සෙම් තත්වයන් හා ආමවාතය සමනය කරනු ලැබේ.අමු මද පෙති ගසා කබලේ බැද කුඩු කර තේ මෙන් පානය කිරීම ආමවාතය සදහා ගුණදායක වේ.
මේ ආකාරයට ඉතා වටිනා ඖෂධයක් වන බෙලි ශාකයේ ඖෂධීය ගුණ හදුනා ගත හැකිය. බෙලි බොහොමයක් රෝගයන්ට සුවය ගෙනෙන දිව ඔසුවක් වේ.
නමුත් නිදන්ගත රෝග ඇත්නම් වෛද්‍ය උපදෙස් මත බෙලි ඖෂධයක් ලෙස භාවිතා කිරීමට කටයුතු කළ යුතුය.