වකුගඩු ගල් ඉවත් කරන වැඩිපුර ඉදුණු කෙසෙල් සතු ගුණ 18 ක්

health tips

ඉදුණු කෙසෙල් කියන්නේ ලොකු කුඩා හැමෝම කන්නට කැමති රසවත් වගේම ගුණවත් පලතුරක්.ඕනෑම විශේෂ අවස්ථාවකදී කෑම මේසයේ අනිවාර්යෙන්ම දකින්නට ලැබෙන මේ කෙසෙල්,  වර්ග රාශියකින්ම අපේ රටේ වගා කෙරෙනවා. ඉතින් කෙසෙල් ආහාරයට ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු කරුණු ගණනාවක්ම පවතිනවා. කෙසෙල් අපේ ශරීරයේ නීරෝගී පැවැත්මට අතිශයින්ම වැදගත් වනවා සේම කෙසෙල් භාවිතා කිරීමේදී යම් යම් අවදානම් තත්ත්වයන්ට පවා අපිට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඉතින් ඒ නිසාම කෙසෙල් කියන රසවත් පලතුර නිසි අවබෝධයකින් අපේ ආහාරවේලට එකතු කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් අද අපි ඔබට කියන්නට බලාපොරොත්තු වෙන්නේ මේ කෙසෙල් ශරීරයට හානිදායක වන ආකාරය සහ ඒ තත්ත්වයන්ගෙන් වැළකී නිසි පරිදි කෙසෙල් ආහාරයට ලබා ගත යුත්තේ කෙසේද කියන කාරණාවන් පිළිබඳවයි.

ග්‍රෑම් 100ක තරම් වන මධ්‍යයම ප්‍රමාණයේ ඉදුණු කෙසෙල් ගෙඩියක අන්තර්ගත පෝෂක ප්‍රමාණය

  •  කැලරි 89 Kcal
  • කාබෝහයිඩ්රේට් 22.8 g 
  • මේ  කාබෝහයිඩ්රේට් ප්‍රමාණයෙන්  ග්‍රෑම් 12.2 ක් සීනි විදියට අන්තර්ගත වන අතර ෆයිබර්ස් හෙවත් කෙඳි ග්‍රෑම් 2.6 ක ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා.
  • ජලය 75% වැඩි 
  • ප්‍රෝටීන් 1.1 g 
  • මේදය 0.3 g 
  • ග්ලයිසමික් දර්ශකය 42-58 
  • මේ කෙසෙල්වල ග්ලයිසමික් දර්ශකය පිළිබඳව දැන ගැනීමත් මෙහිදී ඔබට වැදගත් වේවි.විශේෂයෙන්ම ග්ලයිසමික් දර්ශකය කියන්නේ අපේ රුධිරගත සීනි මට්ටම ඉහළ නංවන්නට ඇති හැකියාව.වැඩිම ග්ලයිසමික් දර්ශකයක් ග්ලූකෝස්වල පවතින බවට සලකනු ලබනවා. ඒ අනුව කෙසෙල්වල ග්ලයිසමික් දර්ශකය 42-58 ත් අතර අගයක් ගනු ලබනවා. මේ අගය කෙසෙල් ඉදුණු ප්‍රමාණය අනුව වෙනස්වීම්වලට පත්වෙනවා.
  • ජල ද්‍රාවී තන්තු බහුල වශයෙන් අන්තර්ගත වෙයි.
  • පොටෑසියම් 400 mg 
  • විටමින් B 6 බහුල වශයෙන් අන්තර්ගත වෙනවා.
  • ඒ හැරුණාම යකඩ, විටමින් A, විටමින් B1, B2, B3, B5 නයසීන්,රයිබොෆ්ලේවින්, විටමින් C , මැන්ගනීස්, මැග්නීසියම්, සින්ක්, ෆොලේට් ආදී පෝෂකත් ඉදුණු කෙසෙල් ගෙඩියක අඩංගු වෙන තවත් පෝෂක සංඝටයන් වෙනවා.

කෙසෙල් සතු ගුණ

  • පිළිකා මර්දනය කිරීමේ හැකියාවෙන් සමන්විතයි (පියයුරු පිළිකා, මහාන්ත්‍ර  පිළිකා )
  • අධික රුධිර පීඩනයෙන් පෙළෙන අයට කෙසෙල් යුෂ ගුණදායකයි.
  • වකගඩුවල ගල් සඳහා ලබාදෙයි 
  • ආතතිය සඳහා සහනය ලබාදෙයි 
  • ආතතිය මැඩ පවත්වන්නට වැදගත් වන ටිරප්ටොපැන්ම් ඇමයිනෝ අම්ලය කෙසෙල්වල අන්තර්ගත වෙනවා.
  • ඇස්වල් පෙනීමේ දෝෂ මගහරවයි.
  • අන්ත්‍රවල සිටින හිතකර බැක්ටීරියාවලට පෝෂක සපයයි.
  • ශක්තිය ලබාදෙයි 
  • අමිල පිත්ත රෝගයට ගුණදෙයි 
  • නිරක්තියට ගුණදායකයි 
  • විශබීජ නාශක ගුණයෙන් යුක්තයි 
  • හිසකෙස් වර්ධනය කිරීමට උපකාරී වෙයි 
  • ආහාර ජීර්ණය පහසු කරයි 
  • මල බද්ධයට ගුණදායකයි 
  • අසාත්මිකතා දුරු කර ගන්නට උපකාරී වෙයි 
  • මතක ශක්තිය වර්ධනය කරයි 
  • ශරීරයේ ජල සමතුලිතතාවය ඇති කරයි 
  • ස්නායු පද්ධතිය හොඳින් ක්‍රියා කරයි.

අමු කෙසෙල් අපි කෙසෙල් ඉදුණු පසුව බහුලව ආහාරයට එකතු කර ගත්තත් අමු කෙසෙල් ඇතැම් අවස්ථාවල අපි ආහාරයට එකතු කරගනු ලබනවා. මේ කෙසෙල් අමුවෙන් ආහාරයට එකතු කර ගැනීමෙන් අපේ ශරීරයට වැඩි තන්තු ප්‍රමාණයක් ලබා ගන්නට හැකියාව පවතිනවා. එවිට අපේ සිරුරට ලැබෙන්නේ Insoluble fibers හෙවත් ජල ද්‍රාවී තන්තු විදියටයි.මේ ජල ද්‍රාවී තන්තු අපේ ආහාර ජීර්ණ මාර්ගයේ බුරුසුවක් ලෙසටයි ක්‍රියාත්මක වෙන්නේ. ආහාර මාර්ගයේ ඇති සියලුම ජීර්ණ කොටස් ආහාර මාර්ගය තුළින් ඉවත් කර ගනිමින්  ආහාර මාර්ගයේ අභ්‍යන්තරය පිරිසිදු කිරීමට මේ ජල අද්‍රාවී තන්තු අතිශයින්ම වැදගත් වෙනවා.

ඉදුණු කෙසෙල් කෙසෙල් ගෙඩියක් ඉදීමට ලක්වන විට එහි අන්තර්ගත ජල ද්‍රාවී තන්තු ප්‍රමාණය වැඩි වෙනවා.ඒ අනුව එහි අඩංගු වන පෙක්ටීන් pectin ප්‍රමාණය වැඩි වෙනවා.  එය මෘදු ස්වභාවයක් ඇති කරන්නට හේතු වෙනවා. ඒ වගේම අධික ලෙස ඉදුණු කළු ලප මතුවුණු බෙරි වුණ කෙසෙල් සාමාන්‍ය ඉදුණු කෙසෙල් ගෙඩියකට වඩා ඉහළ ගුණයකින් සමන්විතයි. නමුත් බොහෝදෙනා වැඩි වශයෙන් ඉදුණු කෙසෙල් භාවිතයෙන් ඉවත් කරනවා.නමුත් ක්ෂණිකව සිරුරේ දුර්වලතා මගහැර සිරුර ප්‍රාණවත් කරන්නට පිළිකාවලට එරෙහිව සටන් කරන්නට සුව නින්දක් ලබා ගන්නට ආදී වාසි බොහොමයක් සඳහා මේ කෙසෙල් අතිශයින්ම වැදගත් වෙනවා. ඒ හැරුණාම ඉදුණු කෙසෙල් ගත යුතු ප්‍රමාණය පිළිබඳව සැලකිලිමත්වීම නීරෝගී පැවැත්මකට අත්‍යවශ්‍යයයි.මොකද පහත සඳහන් කර ඇති අවදානම් සහගත තත්ත්වයන් එයින් ඇතිවිය හැකි නිසා.

තරබාරු පුද්ගලයන්ට අවදානම් ඇති කරයි මධ්‍යම ප්‍රමාණයේ කෙසෙල් ගෙඩියක අන්තර්ගත කාබෝහයිඩ්රේට් ප්‍රමාණය බත් කෝප්ප භාගයක ඇති කාබෝහයිඩ්රේට් ප්‍රමාණයට සමානයි. ඒ නිසා අධික ලෙස කෙසෙල් ආහාරයට ගන්නා පුද්ගලයන්ගේ ශරීරයට ලැබෙන කාබෝහයිඩ්රේට් ප්‍රමාණය ඉතා අධිකයි. මෙසේ අධික කැලරි ප්‍රමාණයක් ශරීරයට ලැබීම නිසා ශරීරයේ බර වැඩිවීමේ අධික අවදානමක් නිර්මාණය වනවා.

දියවැඩියා රෝගීන්ට නුසුදුසුයි අමු කෙසෙල් ඉදීමට ලක්වීමේදී සංකීර්ණ කාබෝහයිඩ්රේට් සරල සීනි බවට පත් වෙනවා. ඒ නිසා වඩාත් ඉදුණු කෙසෙල් ආහාරයට ගැනීම දියවැඩියා රෝගීන්ට සුදුසු වෙන්නේ නැහැ. රුධිරයේ සීනි මට්ටම එකවර ඉහළයාම පාලනය කර ගන්නට මදක් ඉදුණු කෙසෙල් ආහාරයට ගන්නට ඔවුන්ට හැකියාව පවතිනවා.කෙසෙල් තන්තු බහුල ආහාරයක් නිසා ලෙඩ රෝග බොහොමයකට ඉතා ගුණදායක වුණත් දේහ බර වැඩිවීම හා  දියවැඩියාව ආදී තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත්වී ගන්නා ප්‍රමාණය පාලනය කරගැනීම සෞඛ්‍යමත් ජීවිතයකට අත්‍යවශ්‍යයයි.