දරු ඵල ලබාදෙන බරකොකු ව්‍යංජනය

health tips

ශ්‍රී ලාංකීය ජනයා ඈත අතීතයේ සිටම ආහාරයට ගත් බරකොකු යනු බොහෝ රෝග නිවාරණය කිරීම සඳහා උපකාරී වන ඖෂධීය ශාකයකි. එනම් බරුකොකු ලෙස ද හඳුන්වන මෙම ශාකය මීවන ශාක විශේෂයට අයත් ශාකයක් ලෙස සලකනු ලැබේ. එනම් ජලය ආශ්‍රීතව හොඳින් වැඩෙන මෙම ශාකයෙහි ඉහල කෙලවර කොක්කක් සේ කැරකී තිබේ. එම නිසා බර කොකු යන නාමයෙන් මෙම ශාකය හඳුන්වයි. කෙසේ නමුදු ලංකාවේ  සබරගමු පළාතේ බර කොකු වැඩි වශයෙන් දක්නට ලැබේ. ඇතැම් ප්‍රදේශවල කැරන් කොකු ද බර කොකු ලෙස හඳුන්වනු ලැබුවද එය වර්ග දෙකකි. බරකොකු ව්‍යංජනයක් ලෙස මෙන්ම ආයුර්වේද නොයෙක් රෝග වලට ප්‍රතිකාරයක් ලෙසද භාවිතා කෙරේ. එනම් මෙහි අඩංගු ඖෂධීය ගුණය නිසාම වෙළෙඳපොළ තුළින් ද  බර කොකු මිලදී ගත හැකිය. එනම් බර කොකු වල මිනිස් සිරුරට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ. ඒ අතර විටමින් B,A,C , පොස්පරස් , තයමින් සහ ලවණ ආදී පෝෂ්‍ය පදාර්ථ අඩංගුවේ. මේ නිසා බරකොකු ආහාරයට ගැනීමෙන් ශරීරයේ නොයෙක් රෝග තත්ත්වයන් සුව කරගත හැකිය. 

බරකොකු ව්‍යංජනය සකසා ගන්නා ආකාරය : 

අවශ්‍ය ද්‍රව්‍ය :-

  • බරකොකු 
  • මිටිකිරි
  • ලුණු
  • තුනපහ,කහ, මිරිස් කුඩු
  • අමු හා වියළි මිරිස්
  • කරපිංචා 
  • රම්පෙ 
  • ගොරකා
  • ළූණු 
  • අබ 

සෝදා පිරිසිදු කර ගත් බරකොකු දළු අඟලේ කොටස්වලට කපා ගන්න.ඉන් අනතුරුව ගොරකා බික් 2 සහ ලුණු ස්වල්පයක් සහ වතුර දමා විනාඩි විස්සක් පමණ තම්බා ගන්න.හොඳින් තැම්බුණු පසු අතිරික්ත ජලය ඉවත් කරන්න.ඉන්පසු අනෙකුත් අමුද්‍රව්‍ය සියල්ල මිශ්‍ර කර මිටිකිරි යොදා බඳුනක් ලිප තබා තෙල් ස්වල්පයක් දමා රත් වූ පසු අබ ස්වල්පයක් , වියලි මිරිස් , කරපිංචා , රතුලූනු  දමා සියල්ල එක් කොට තෙම්පරාදු කරගන්න. 

බර කොකුවල අඩංගු ඖෂධීය ගුණ. 

ශරීරගත විෂ නසයි.ඈත අතීතයේ සිට ම ශරීරයේ විෂ නාශනය කිරීමට බරකොකු ආහාරයට ගෙන තිබේ. එනම් විශේෂයෙන් බල මාළු, බල හුරුල්ලන් වැනි උෂ්ණාධික ආහාර වල උෂ්ණ ගතිය සමනය කිරීමට බරකොකු ව්‍යංජනයක් ලෙස සකස් කර ආහාරයට එකතු කර ගෙන තිබේ. එනම් ගෝනුසු විෂ,සර්ප විෂ,මී මැසි විෂ ,පත්තෑ විෂ ඉවත් කිරීමට ද බර කොකු ගුණදායක බව දේශීය වෙද පොත් වල සඳහන්වේ. 

සමෙහි ඇතිවන කැසීම් සමනය කරයි.නොයෙක් හේතූන් නිසා එනම් කහඹිලියා වැනි විෂ පැළෑටි සම මත ස්පර්ශ වීමෙන් ඇතිවන කැසීම් ,රතු වීම් සමනය කිරීමට බරකොකු ශාකය ගෙන හොඳින් තලා එම ප්‍රලේපය එම ස්ථානවල ආලේප කිරීම සිදුකර තිබේ. එමෙන්ම සම ආශ්‍රිතව ඇතිවන දද, කුෂ්ඨ,පිළිස්සුමටද මෙය ප්‍රතිකාරයක් ලෙස යොදා ගත හැකිය. 

පිළිකා ඇතිවීම වළක්වනු ලබයි.වර්තමානය වන විට වයස් භේදයකින් තොරව,ස්ත්‍රි පුරුෂ භේදයකින් තොරව බොහෝ දෙනෙකුට ඇතිව තිබෙන මාරාන්තික රෝගයක් වන පිළිකා රෝග ඇතිවීම වලක්වා ගැනීමට ද බර කොකු ආහාරයට එක් කර ගැනීම ගුණදායකය. එනම් එමගින් පියයුරු පිළිකා, ගර්භාෂය ආශ්‍රිතව ඇතිවන පිළිකා වළක්වා ගත හැකිය. 

පණු රෝග සමනය කරයි. වයස් භේදයකින් තොරව පවතින පණු රෝග සමනය කිරීමට ද බරකොකු ආහාරයට ගැනීම ගුණදායකය. එනම් බරකොකුවල ඇති ප්‍රති පරපෝෂිත ගුණය මඟින් පටපණු ආදී පණු රෝග සමනය කිරීම සිදුකරයි. 

දරු ඵල ලබා දෙයි.බොහෝ දෙනෙකුට පවතින දරුඵල අහිමිවීමේ ගැටලුව සමනය කිරීමට ඖෂධයක් ලෙස බර කොකු ආහාරයට එක් කර ගැනීම ගුණදායකය. එනම් බර කොකු ආහාරයට ගැනීමෙන්පුරුෂයින්ගේ ලිංගික බෙලහීනතාවය දුරු කර ගැනීමට සහ දරුඵල අහිමි කාන්තාවන්ට එම තත්වයන් යහපත් අතට හරවා ගැනීමට මෙන්ම ගර්භාෂයේ රෝග සමනය කිරීමට ද බරකොකු  ආහාරයට ගැනීම යෝග්‍යවේ. 

ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සමනය කරයි.ඇදුම, සෙම්ප්‍රතිශ්‍යාව ආදී  ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝග සමනය කර ගැනීමට බරකොකු කොළ වියළා පුළුස්සා එහි දුම ආග්‍රහණය කිරීම යෝග්‍යය වේ. එනම් ඇදුම රෝගය සමනය කිරීම සඳහා මෙම ප්‍රතිකාරය ගුණදායකය. එනම් ඉන් ඇදුම රෝගියාගේ ශ්වාස නාල පුළුල් කර ශ්වසනය පහසු කරවයි. 

මල බද්ධය , අර්ශස් සමනය කරයි. බොහෝ දෙනෙකුට පවතින මලබද්ධය අර්ශස් රෝග සමනය කිරීම සඳහා බරකොකු ව්‍යංජනය ආහාරයට ගැනීම ගුණදායකය. එනම් බරකොකු ආහාරයට ගැනීමෙන් එහි අඩංගු තන්තු මල බද්ධය හා අර්ශස් රෝග තත්ත්වයන් සමනය කිරීම සිදු කරනු ලැබේ. එනම් මේ සඳහා මේරූ බර කොකු ආහාරයට ගැනීම ගුණදායකය. 

  • මුත්‍ර රෝග 
  • අතීසාරය 
  • අම්ල පිත්ත රෝගය 
  • උදරාබාධ 

ආදී රෝග තත්ත්වයන් සමනය කිරීමට උපකාරී වේ. නමුදු ගර්භණී මව්වරුන් බරකොකු ආහාරයට ගැනීමේ දී ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. කෙසේ නමුදු අනෙකුත් රෝග සමනය කරගැනීමට බරකොකු සතියට එක් වතාවක් හෝ ආහාරයට එක් කර ගැනීම වඩාත් සුදුසුවේ.