ලෝකය පුරාම වඩාත් ප්‍රකට ධාන්‍ය වර්ගයක් වෙන මේ බාර්ලි ඈත අතීතයේ ඉඳලම මිනිසාගේ විතරක් නෙවෙයි සතුන්ගේත් ආහාරය විදිහට ප්‍රයෝජනයට ගැනුණා .ඒත් ලාංකීය අපිට බාර්ලි තවමත් ආගන්තුක ධාන්‍ය වර්ගයක්. ඉතිහාසය ගැන කරුණු විමසා බැලුවොත් බාර්ලි කියලා කියන්නේ පෘථිවියේ වගා කරලා තියෙන ඉතාම පැරණිම ධාන්‍ය වර්ගයක්. සාමාන්‍යයෙන් බාර්ලි ගස කිරි, පාන් සහ බීර සකස් කරන්නටත්, සුප් ස්ටූ, වගේම සලාද සාදන්නටත් භාවිතයට ගැනෙනවා. සාමාන්‍යයෙන් පිසූ විට දුඹුරු පැහැයකින් යුත් රසය ගත් විට දුඹුරු සහල්වලට සමාන බවක් දක්වනවා.
තිත්ත රසයෙන් සමන්විත ශීත ගුණයක් මේ බාර්ලිවල අඩංගු වෙනවා. කොහොම වුණත් මේ බාර්ලි සතු සුවිශේෂී ගුණ නිසාම පෙරදිග පාරම්පරික වෛද්‍යවරුන් විවිධ අත් බෙහෙත් සඳහාත් මේ බාර්ලි භාවිතයට ගෙන තියෙනවා.
බාර්ලි සතු සුවිශේෂී ගුණ

කොලෙස්ටරෝල් මර්දනයට උපකාරී වෙනවා.බාර්ලි මේද රහිත ආහාරයක් වන නිසා කොලෙස්ටරෝල්වලින් පීඩා විඳින අයට ඉතාම හොඳ පානයක් විදිහට සඳහන් කරන්නට පුළුවන්. ශරීරයට අවශ්‍ය හිතකර කොලෙස්ටරෝල් වැඩි කරලා ශරීර අවශ්‍ය නැති අහිතකර කොලෙස්ටරෝල් අඩු කරනවා එහි අඩංගු ට්‍රයිග්ලිසරයිඩ් ප්‍රතිශතය ඒ සඳහා උපකාරී වෙනවා.
විශේෂයෙන්ම බාර්ලිවල කෙඳි මගින් නිෂ්පාදනය වෙන අම්ල වර්ග සතුව අහිතකර කොලෙස්ටරෝල් අඩු කිරීමේ හැකියාව තියෙනවා. මේ කෙදි බීටා ග්ලූකන්වලින් සමන්විතයි. ඒවා මළ සමග පිට කිරීමට සැලැස්වීම මගින් ඒවා මළ සමග පිට කිරීමට සලස්වනවා.
කොලෙස්ටරෝල්වලින් පීඩා විඳින ඔබට බාර්ලි උළුහාල් සමඟ තම්බා පානය කිරීම ගුණදායකයි.
මේ විදිහට අහිතකර කොලෙස්ටරෝල් අඩු වෙන නිසා හදවත් රෝගවලින් ද හොඳ ආරක්ෂාවක් සැලසෙනවා.
රුධිරයේ සීනි මට්ටම පාලනය කරනවා . සීනි හෝ පැණි එකතු නොකරන ලද බාර්ලි පානයන් ගැනීමෙන් රුධිරයේ සීනි මට්ටම වැඩිවීම පාලනය කර ගන්නට පුළුවන්. බාර්ලිවල අඩංගු ප්‍රතිඔක්සිකාරක රුධිරයේ සීනි මට්ටම අඩුකරන්නට උපකාරී වෙනවා.
කොලෙස්ටරෝල් වගේම දියවැඩියාවෙන් පෙළෙන අයටත් බාර්ලි ඇට හෝ කුඩු දවසකට 3-12 g දක්වා ප්‍රමාණයක් භාවිතා කරන්නට පුළුවන්.
මුත්‍රා ආසාදන සුව කරනවා. මුත්‍රා මගින් ශරීරයෙන් විෂ ඉවත් කරන ඩයුරටික් ලෙස ක්‍රියා කරන බාර්ලි වතුර ලොකු කුඩා සැමදෙනාටම මුත්‍රා ආසාදන සුව කරගන්නට උපකාරී වෙනවා. ඒ වගේම වකුගඩු ආශ්‍රිතව ඇතිවන ගල් සමනයටත් බාර්ලි වතුර ගුණදායකයි.
වකුගඩු හා මුත්‍රා ආශ්‍රිත වේදනා සුවකරනවා.බාර්ලි කුඩුකර වතුර දමා ලිප තබා ¼ ට සිදුවා ලිපෙන් තබා පැයක් පමණ නිවෙනතුරු හැදිගාමින් පොඩිකර පානය කරන්න.
බර අඩු කර ගැනීමට උපකාරී වෙනවා. තන්තු බහුල ආහාරයක් වන බාර්ලි ආහාර ජීර්ණය සෙමෙන් සිදු කරන නිසා ආහාර ජීර්ණය සහ පරිවෘත්තීය සමබරව පවත්වා ගෙන යන්නට උපකාරී වෙනවා. ඒ නිසාවෙන් කුසගිනි ඇතිවීම පමා කෙරෙන නිසා ආහාර ගැනීම අඩු කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.
හදවතේ නිරෝගී බව ආරක්ෂා කරනවා.බාර්ලි නියසින් කියන බී විටමිනය අඩංගු ධාන්‍ය වර්ගයක්. නියසින් හදවතේ නිරෝගී බව ආරක්ෂා කරනවා. බාර්ලි කෝප්පයකින් දෛනික නියසින් අවශ්‍යතාවයන් 14.2% සපුරා ගන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම රුධිරය කැටි ගැසීම වැළැක්වීමේ ගුණයකුත් මේ බාර්ලි සතු වෙන්වා.
ආහාර ජීර්ණ පද්ධතියේ ගැටලු සමනය කරනවා.ආහාර ජීර්ණ පද්ධතිය ශක්තිමත් කිරීමට මේ බාර්ලි වඩාත් ගුණදායක ඔසුවක්. ඒ සඳහා බාර්ලි පානයක් සාදා ගෙන දවස පුරාම ටිකෙන් ටික පානය කිරීමයි කළ යුත්තේ. මෙයින් වෙනත් ආහාර ගැනීම වැළකෙනවා. මෙය අත් බෙහෙත එදා වගේම අදටත් භාවිතා කළ හැකි සාර්ථක පිලියමක්.
මේ බාර්ලි පානය සාදා ගන්නේ බාර්ලි ඇට කෝප්ප කාලක් ජලය ලීටර් 2.5 දමා තම්බා ගැනීමෙන්. එය තරමක් සිදුනු පසුව ප්‍රවේශමෙන් පෙරා පානයට ගන්න.
මේ පානය බඩේ දැවිල්ල නසාලන්නටත් දිරවීමේ පද්ධතිය සිනිදුව තබා ගන්නටත් උපකාරී වෙනවා.
මුත්‍රා පිට කිරීමේ අපහසුතාවය දුරුකරනවා.මෙවැනි අවස්ථාවකදී බාර්ලි ඇට තැම්බූ ජලය පානය කිරීමෙන් ක්ශනික සහනයක් ලබා ගන්නට පුළුවන්.
කාන්තා රෝග බොහොමයක් සඳහා ආරක්ෂාව සලසා දෙනවා. කාන්තාවන්ට බහුලව වැළදෙන භයානකම රෝගයක් වන පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම බොහෝදුරට අවම කරන්නට මේ බාර්ලිවලට අපූරු හැකියාවක් පවතිනවා.
ආර්තවහරණය සිදුවුණු මැදිවයසේ කාන්තාවන්ට ඇතිවන කායික සහ මානසික අපහසුතා මගහරවා ගන්නට බාර්ලි පානය අතිශයින්ම වටිනා ඔසුවක්.
ගබ්සා දුරු කිරීම සඳහා උදව් වෙනවා.මේ සඳහා බාර්ලි කුඩු යම් ප්‍රමාණයකට සීනි එකතු කර ජලයේ දියකර පානය කරන්න.
රක්තහීනතාව සමනය කිරීමට උපකාරී වෙනවා. බාර්ලි වතුර හිමොග්ලොබින් නිෂ්පාදනය වැඩි කරනවා. ඒ නිසා රක්තහීනතාව ඇති අයට රතු රුධිර සෛල ගණන වැඩි දියුණු කර ගන්නට යකඩ බහුල මේ බාර්ලි ආහාරයට එකතු කරගන්න පුළුවන්.
මහා බඩවැලේ නිරෝගී බව ආරක්ෂා කරනවා.මහ බඩවැලේ ජීවත් වෙන හිතකර බැක්ටීරියාවලට බාර්ලිවල අඩන අඩංගු වන කෙඳි ඉතාම හොඳ ආහාරයක්. හිතකර බැක්ටීරියා නිපදවන මේද අම්ල මහ බඩවැලේ සෛලවලට ඉතාම හොඳ ඉන්ධනයක්. මෙමගින් මහ බඩවැල නිරෝගී වෙනවා. විශේෂයෙන්ම බඩවැල්වල ඇතිවන පිළිකා, අර්ශස් වගේ රෝග තත්ත්වයන් අවම කරගන්නට එයින් හැකියාව ලැබෙනවා.
පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරනවා.ලද බාර්ලි කෝප්පයකින් selenium 52% ක් ලබාගන්න හැකියාව ලැබෙනවා. අපේ ශරීරය කෘත්‍යයන් බොහෝමයකට උදව් වෙන සෙලනියම් පිළිකා ඇතිවීමේ බලය බිඳ දමන්නට උදව් වෙනවා. විශේෂයෙන්ම පියයුරු පිළිකා වැළකීමේ හැකියාව බාර්ලි වගේ තන්තු අධික ධාන්‍ය ආහාර ගැනීමෙන් 52% කින් පමණ අඩු කරගන්න හැකියාව ලැබෙන බව සඳහන් වෙනවා. ඒ වගේම ආමාශගත පිළිකා දුරු කරන්නටත් මේ බාර්ලි උපකාරී වෙනවා.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා. බාර්ලිවල ඇති කැල්සියම්, කොපර් සහ පොස්පරස් අස්ථි ශක්තිමත් කරන්නට දායක වෙනවා. ඒ නිසා ඔස්ටියෝපොරෝසිස් ආදී රෝග ඇතිවීම වළක්වන්නටත් ඒවා සුවපත් කරගන්නටත් මේ පානය සහය වෙනවා.
ගර්භනී මව්වරුන්ට සහ කිරිදෙන මව්වරුන්ට ඉතාම ගුණදායකයි. මේ පානයේ ඇති වේදනා නාශක ගුණය මව්කිරි දීමේදී මුල් දිනවල ඇතිවන වේදනාව සමනය කිරීමට උපකාරී වෙනවා. ඒ වගේම මව්වරුන්ගේ වගේම ළදරුවන්ගේ අජීර්ණ සහ ඒ ආශ්‍රිත ගැටලු සමනය කර ගන්නත් ගර්භනී මව්වරුන්ගේ පළමුව තුන් මාසය තුළ අත්විඳින උදෑසන අසනීප සමනයටත් ඒ සමයේ ඇතිවන මුත්‍රා ආසාදන සමනය කර ගන්නටත් මේ බාර්ලි පානය උදව් වෙනවා. ඒ වගේම දිනපතා මේ බාර්ලි පානයට ගැනීමෙන් ගර්භනී කාන්තාවන්ගේ ගර්භනීය සමයේ ඇතිවිය හැකි දියවැඩියාව වළක්වා ගන්නටත් පුලුවන්. ඒ වගේම ඒ කාලයේ ඇතිවන අධි රුධිර පීඩනය නාසයේ තදබදය අඩු කර ගන්නටත් මේ පානය ඉතාම ගුණදායකයි.
වෙනත් ගුණ
- ආහාර රුචිය වර්ධනය කරනවා.
- පිපාසය සංසිඳු වනවා.
- උණ නාශක ගුණයෙන් යුක්තයි.
- මළ හොඳින් බුරුල් කරන්නට උපකාරී වෙනවා.
- රුමැටොයිඩ් ආතරයිටීස් රෝගීන්ට ගුණදායකයි.
- රුධිරය පිරිසිදු කරනවා.
- ශරීරයට ශක්තිය ලබා දෙනවා
- බුද්ධිය වර්ධනයට උපකාරී වෙනවා.
- කටහඬ පැහැදිලි වෙනවා.
- උගුරේ විවිධ ආබාධ දුරු කරනවා.
- සමේ රෝගවලට ඉතාම ගුණදායකයි .
- පිත්තාශයේ ගල් ඇති වීමේ අවදානමෙන් මිදෙන්නට උපකාරී වෙනවා.
බාර්ලි මිලදී ගැනීමේදී තෙතමනයකින් යුක්ත බාර්ලි කිසිම අවස්ථාවක මිලට ගන්න එපා. බාර්ලි අසුරා තැබිය යුත්තේ වාතය නොයන පරිදි වසන ලද වීදුරු භාජනයකයි. උණුසුම් කාලගුණයක් පවතින විට නම් ශීතකරණයේ තැන්පත් කරන්නට පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය
- බාර්ලි කෝප්ප 1 ක්
- වතුර කෝප්ප 7-8 ක්
- ලෙමන් ගෙඩියක යුෂ
- මී පැණි මේස හැදි 1
- කුරුඳු පොත්තක්
- ඉඟුරු කැබැල්ලක්
සාදා ගන්නා ආකාරය
සෝදාගත් බාර්ලි ඇට, කුරුඳු පොත්ත සහ ඉඟුරු කැබැල්ල වතුර බදුනකට දමා විනාඩි 30 ක් පමණ හොඳින් තම්බා ගන්න.ඉන්පසුව මිශ්‍රණය පෙරා එයට මී පැණි සහ ලෙමන් යුෂ එකතු කර පානය කරන්න.
සැලකිය යුතුයි.
- බාර්ලි රුධිරයේ සීනි මට්ටම අඩු කරන නිසා සීනි අඩු මට්ටමක ඇති අය නිතර බාර්ලි ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුයි.
- ග්ලූටන්වලට ආසාත්මිකතා ඇති අය හෝ බාර්ලි ආසාත්මිකතා ඇති අය බාර්ලි පානයෙන් වැළකී සිටිය යුතුයි.
- සෙම අධික අයෙක් නිතර බාර්ලි පානයෙන් වළකින්න. බාර්ලි ඇඟ සිසිල් කරන ගුණයෙන් සමන්විත නිසා.